ගාමිණි විජය නොමියෙන සුවඳ

aruna47

Well-known member
  • ගාමිණි විජය නොමියෙන සුවඳ

    1385998_10201617394189448_1452483213_n.jpg


    ශ්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය උදෙසා තම අසමසම රංගන ප්‍රතිභාව මුසුකළා වූ ආදරණීය කලාකරුවන් දෙදෙනකුගේ සිහිපත් කිරීම් ඉකුත් දිනවල යෙදී තිබිණි. සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකා රංගධරයාණන් දැයෙන් සමුගෙන ඉකුත් 30 වැනිදාට වසර 9ක්‌ පිරුණි. තම මාතෘ භූමියේ සුවහසක්‌ මිනිසුන් ආකර්ෂණීය රංගනයෙන් සනහාලු විජය කුමාරතුංගයන් ගේ 68වැනි ජන්ම දින සමරුව 9 වැනිදාට යෙදී තිබිණි.

    එම ආදරණීය කලාකරුවන් දෙදෙනා ගැන වූ මෙම සටහන ලියන්නට සැරසෙන විට මට මගේ නිවසේ පොත් අතර තිබී අපේ රටේ ජීවත්ව සිට මියගිය විචාරකයන් කිහිප දෙනෙකු එම කලාකරුවන් දෙදෙනා ගැන ලියා තිබූ ලිපි කිහිපයක්‌ හමුවිය. ඒ ලිපිවල ඡේද කිහිපයක්‌ මීට අන්තර්ගත කිරීම කළත් එය ඔවුන් දෙදෙනා පිළිබඳ හැදෑරීමට අද පරපුරට වඩාත් ඉඩකඩ විවර වනු ඇති බව හැඟුණි.

    ගාමිණී ෆොන්සේකා මුල්වරට රඟපෑමකදී කැමරාවේ කාර්යභාරය කෙතරම් වැදගත් ද යන්න වටහා දුන්නේය. ඒ නිසා සිනමා කර්මාන්තය තුළ නළුවාට හෝ නිළියට ලැබිය යුතු ප්‍රාග්ධනය සමාජීය වශයෙන් පමණක්‌ නොව ආර්ථික වශයෙන්ද යෝග්‍ය මට්‌ටමක්‌ කරා රැගෙන ඒමට ගාමිණී පුරෝගාමී විය. ඉහළ බුද්ධිමත් ප්‍රේක්‍ෂක ස්‌තරය තුළ මෙන්ම මධ්‍යම අඩු ආදායම් ලබන ප්‍රේක්‍ෂක ස්‌තර තුළද එකසේ ජනප්‍රියත්වයක්‌ පතුරුවා ගැනීම තාරකාවකට ඉතා වැදගත් බව ගාමිණී ඔප්පු කරනු ලැබීය. "සූරයන්ගෙත් සූරයා", "හතර දෙනාම සූරයෝ", "චණ්‌ඩියා", "සොරුන්ගෙත් සොරු". "සූර චෞරයා", "යකඩයා", "ආවා සොයා ආදරේ", "සත පනහ", "කවුද රජා", "හතර දෙනාම සූරයෝ", "පරසතු මල්", "නිධානය", "සරුංගලේ", "වැලිකතර", "නොමියෙන මිනිසුන්" ආදී චිත්‍රපට බලන විට ඉතා පුළුල් විෂය ක්‌ෂේත්‍රයක්‌ ආවරණය කරයි. මේ ආවරණයේ ඇති වැදගත්කම වන්නේ ඇතැම් තාරකාවන් ප්‍රේක්‍ෂකයන් බලාපොරොත්තු වන දේ විශාල කාර්යභාරයක්‌ ඉටු කරන බවයි. එනම් රඟපෑම පිළිබඳ නව පරිමාණයක්‌ බිහි කිරීම සිනමාව දේශපාලන සන්නිවේදන මාර්ගයක්‌ ලෙස භාවිතා කිරීම, නළු නිළියන්ගේ වෘත්තීය ගරුත්වය දිනා දීම ආදිය නිසා ගාමිණී ෆොන්සේකා හුදු තාරකාවක්‌ නොවන වග ඔප්පු කළේය. රඟපෑම ස්‌ථාවර වෘත්තිය කැයි යන සමාජ පිළිගැනීම ශ්‍රී ලාංකීය රංගන කලාවට උරුම කරදීමට ගාමිණී ගේ කාර්ය භාරය බොහෝ දුරට ඉවහල් විය. ඉහතින් දැක්‌වූයේ ගාමිණී විඡේතුංග නම් විචාරකයා ගාමිණී පිළිබඳව ඈෂ්ලි රත්නවිභූෂණ සංස්‌කරණය කළ "සිනෙ සිත්" සඟරාවට ලියා තිබූ ලිපියක ඡේදයකි. මේ රටේ එතෙක්‌ පැවති රංගන ක්‍රමවේදයන්ට තාත්වික රංගනය හඳුන්වා දෙමින් සිනමාව ජන විඥණය හා බද්ධ වූ මාධ්‍යයක්‌ බවට පත් කරන්නට ගාමිණී ෆොන්සේකා සිනමාකරුවා සමත් වූවා පමණක්‌ නොව එතෙක්‌ සිනමා විෂය තුළ කතාබහට හසු නොවූ දේශපාලන සමාජ පීඩනයන් වස්‌තුගත වූ "උතුමාණනි", සාගරයක්‌ මැද වැනි චිත්‍රපට ඔහු නිර්මාණය කළේ විවිධ වාරණ බාධක හැල හැප්පිලිවලට අභියෝගාත්මකව මුහුණ දෙමිනි.


    ගාමිණි ෆොන්සේකා හා විජය කුමාරතුංග යන සිනමාවේ දැවැන්තයන් දෙදෙනාගේ මේ හමුව පිටුපස කතාව අපූර්ව සිදුවීමකි. සීතාදේවි රැම්පේඡ්, කළුදිය දහර වැනි චිත්‍රපට නිර්මාණය කළ මනික්‌ සන්ද්‍රසාගර කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණයේ විභාග වූ නඩුවකට එදා මුහුණ දුන්නේය. මනික්‌ වෙනුවෙන් සාක්‍ෂි දීමට ඔහුගේ මිත්‍ර ගාමිණී උසාවියට පැමිණ සිටියේය. ඊට නුදුරින් තවත් අධිකරණයක දේශපාලන හේතුවක්‌ මත විජය කුමාරතුංග නඩුවකට පෙනී සිට සාක්‍ෂි දුන්නේය. ගාමිණි තම සාක්‍ෂි දීමේ වාරය එනතුරු අධිකරණය ඉදිරිපිට කොරිඩෝවේ රැඳී සිටින විට මේ ලියුම්කරු ගොස්‌ විජයට ඒ බව දැන්වීය. විජය වහා ගාමිණිගේ සුවදුක්‌ විමසීමට ඔහු සිටි තැනට ආවේ තමා වෙනුවෙන් පෙනී සිටි (අද අමාත්‍යවරයකු වන) නීතිඥ නිමල් සිරිපාලද සිල්වා ඇතුළු නීතිවේදීන් ද සමගය. (ඔහු මෙහි කවයෙන් දැක්‌වේ) එම සොඳුරු හමුව මෙලෙස 'දිවයින' කැමරාවේ එදා සටහන් විය. - නාරද


    "පරසතු මල්" අධ්‍යක්‍ෂණය කිරීම තුළින් ලේකයේ වෙනත් රටවල දැනට සිටින ප්‍රතිභා සම්පන්න සිනමාකරුවන්ගෙ ගණනට එකතු වෙච්ච ශේ්‍රෂ්ඨ මිනිසකු ගාමිණී තුළින් මම දැක්‌කා. අධ්‍යක්‍ෂවරයකු වශයෙන් ඔහු තම ප්‍රථම චිත්‍රපටයෙන් මිනිසකුගේ අධ්‍යාත්මය පිළිබිඹු කළා. "පරසතු මල්" හි ශේ්‍රෂ්ඨත්වය ර¹ පවතින්නේ එහි බොනී මහත්තයාගේ චරිතය නිරූපිත විදිහ නිසයි. සම්මතයට විරුද්ධව පිරිහෙන කතානායක (Anti-Hero) චරිත තේමාවක්‌ එතෙක්‌ සිංහල චිත්‍රපටයක නිරූපනය වෙච්ච ප්‍රථම අවස්‌ථාව එයයි.

    - සිරිල් බී පෙරේරා "විසිතුර" පත්‍රය 1966 සැප්තැම්බර් 25 වැනිදා (ආතර් යූ, අමරසේනයන් සංස්‌කරණය කළ)

    මේ විචාරකයන් ඔහුගේ නිර්මාණ විවේචනය කළද ගාමිණී "පරසතු මල්" චිත්‍රපටයේ සිට උතුමාණනි, මයුරිගේ කතාව, සක්‌විති සුවය, කොටි වලිගය, නොමියෙන මිනිසුන් ආදී චිත්‍රපට දක්‌වා තම අධ්‍යක්‍ෂ භූමිකාව ශ්‍රී ලාංකීය සිනමා තිර පටය තුළ ප්‍රභාමත් කළ "මිනිසුන් අතර මිනිසකු" විය. වෘත්තීය රංගන වේදියකුට මෙරට පාර්ලිමේන්තුවේ කථානායක (රණසිංහ ප්‍රේමදාස රජයේ ඔහු නියෝජ්‍ය කතානායක විය) පදවිය දක්‌වා වගකීම් දැරීමට සුදුස්‌සකු බවට ඔහු ප්‍රථමවරට ඔප්පු කළේ මැති සබය තුළ ඇතැම් විට වියත් දේශපාලනඥයන් අභිබවා තම පුළුල් විෂය හා භාෂා දැනුම ඔස්‌සේ කළ බුද්ධිමත් තර්ක විතර්ක හා හරබර දෙසුම්වලිනි.

    විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්‌වී දින කිහිපයකට පසු කෘතහස්‌ත සිනමා විචාරක අභාවප්‍රාප්ත සිරිල් බී. පෙරේරා 1988 "විචිත්‍ර රේඛා" කලාපයට තවත් ලිපියක්‌ ලියුවේය. විජය කුමාරතුංග කලාකරුවාණන් පිළිබඳ හැදෑරීමට එහි අන්තර්ගත කරුණු බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේ. සිරිල් බී. ගේම වදන්වලින් එම ඡේද මෙලෙස පෙළගස්‌වමු.

    "විජය කුමාරතුංග ඝාතනය කොට පැය ගණනක්‌ යන්න පෙර රටපුරා වීදියක්‌ පාසා අඳින ලද දම්පාට සුදු පාට කොඩි, තැනින් තැන මෙය ලියන විටත් ඉතිරිව තිබෙනවා.

    මීගමුව අසළ වෙරළබඩ ගමක පල්ලියක සෙවණේ සිට හොරගොල්ල රත්වත්ත වලව්ව දක්‌වාත්, හන්තානේ බොළඳ කතාවක සිට "ක්‍රිස්‌තු චරිතය" දක්‌වාත්, ට්‍රොට්‌ස්‌කිවාදී ගැටවරකමේ සිට නළුකම ඔස්‌සේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දක්‌වාත් එතැන් සිට අලුත් පක්‍ෂයක්‌ පිහිටුවීමේ සිට සම්මත වම එක්‌සත් කිරීමේ චිතකය දක්‌වාත් වේදිකා රැසක රඟපෑ යුගයේ අරුම නළුවා විජයයි..."

    මීට අවුරුදු ගණනකට පෙර වෙසක්‌ දවසක සුගතදාස ස්‌ටේඩියම් පසුකොට යනකොට මම දැක්‌කා විජය කුමාරතුංගයන් වෙසක්‌ දන්සලක්‌ විවෘත කරනවා. විජය මියගියදා එතැනම පසුකොට යනකොට පරණ කුණු මෝල තිබුණු තැනට එහි වැසිකිළි හා කම්කරු තට්‌ටු නිවෙස්‌ ළඟ සුදු රෙද්දේ කළු අකුරින් ඇඳපු බැනර් එකක්‌ මම දැක්‌කා. ඒකෙ තිබුණු ශෝක ප්‍රකාශය නම් "අම්මපා හදවත පැලෙනවා විජය කුමාරතුංග මහතාට නිවන් සැප ලැබේවා·" මම හිතන්නේ ඒ රෙදි කෑල්ලේ හදවත පැලෙනවා කියන කෑල්ල දින ගණනාවක්‌ එතැන දක්‌නට තිබුණා. නවසිය හැටඅටේ සිට අසූඅට දක්‌වා පෙන්නපු චිත්‍රපට අසූඅටක විජය රඟපෑවා. ඉන් දහඅටක්‌ හොඳයි කියන්න පුළුවන්. මෙයින් අඩක්‌ අපේ රටේ හැටියට හුඟක්‌ හොඳ චිත්‍රපටය. ඔහුගෙන් සිනමාවට සිද්ධ වෙච්ච සම්මාදම මේ රටට සීමා කරනවාද... අනිත් දහඅටත් එක්‌ක ගණන් ගන්නවද? නැතිනම් ඔහුගේ සැබෑ සම්මාදම තිබුණේ අර ඉතිරිව තිබුණ චිත්‍රපට හැත්තෑවේද? ඔහු නැවත නැවත ජනප්‍රිය නළුවා බවට පත්කළේ අර හැත්තෑවයි. ඔහුට දේශපාලන වේදිකාවට මඟ පෑදුවේ අර හැත්තෑවයි. ඉතින් විජය මනින මිණුම් දණ්‌ඩ ඒකද?

    එක පැත්තකින් ජාතිවාදය, ත්‍රස්‌තවාදය, වුව ඇවිස්‌සෙද්දී ඊට විසඳුම්වලට මැදිහත් වෙමින් අනෙක්‌ පැත්තෙන් ඔහු දෙමළ කොටස්‌ සමග සමගි සන්ධාන ඇති කර ගන්නත් ඔහුගේ ජනප්‍රියත්වය බලපාන්නට හේතුව කුමක්‌ද? ඔහුගේ ආගම් පසුබිම ගැන, කුලගොත් පසුබිම ගැන, උඩරට පහතරටකම මිනිසුන් ප්‍රශ්න නොනගන්නට හේතුව කුමක්‌ද? අර චිත්‍රපට හැත්තෑවද?

    විජය පිළිබඳ හොඳම අධ්‍යයනය වන්නේ ඒ චිත්‍රපට හැදෑරීමයි. ඔහු රඟපෑ චරිත හැදැරීමයි. ඒවායේ තේමා, දෙබස්‌ හැදෑරීමයි. එය අපේ රටේ සමාජ මනස පිළිබඳ වැදගත් අධ්‍යයනයක්‌ වනවාට සැකයක්‌ නැහැ. විජය කාරිස්‌මාවේ හැදෑරීම අපේ රටේ දේශපාලන සාමාජික සංස්‌කෘතික හා මානසික තත්ත්වයක්‌ පිළිබඳ හැදෑරීමක්‌. (සිරිල් බී පෙරේරා විචිත්‍ර රේඛා 1988)

    මේ රටේ දේශපාලනය තුළ විජයගේ භූමිකාව පිළිබඳව තිබූ ආන්දෝලනය එදා සුවිශේෂ සිද්ධි දාමයකට ඉලක්‌ක වූවකි. එය කෙතරම් ප්‍රබල වීද යත් රංගන ශිල්පියකු, දේශපාලනඥයකු මෙන්ම හද බැඳ ගත් ගායන ශිල්පියකුද වූ විජය කුමාරතුංගයන් මියගිය බව දැනගත් මේ රටේ ජනතාව ලක්‌ෂ ගණනක්‌ ඔහුට බුහුමන් පුදන්නට පෝලිම්වල රැස්‌කමින් එක්‌වූයේ ඔහු කෙරේ තිබූ අසීමිත ආදරය හේතුවෙනි. සමාජ අසාධාරණයට එරෙහිව හඬ නැගූ ඔහු පුංචි මිනිසුන්ගේ සිට හැම කෙනකුම අසුරු කළේ ලෙන්ගතු බවකිනි. එබැවින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු මානව හිතවාදියකු විය. ඉහළ සැප සම්පත් පසෙකලා ඔහු දේශපාලනය තෝරා ගත්තේ ද එබැවින් බව මම දනිමි.

    ''විජය නමැති නළුවා පිළිබඳව ප්‍රකට කලා විචාරක අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමයන් වරෙක කර තිබූ සඳහන ඔහු පිළිබඳව අපූර්ව කියෑවීමකි. අපූර්ව රොමැන්ටික්‌ බවක්‌ විජයගේ රංගනයේ තිබුණා. ජීවිතය දිහා සුබවාදීව බලන ලීලාවක්‌ එහි විද්‍යමාන වුණා. මම හිතන විදියට විජය තමයි සිංහල සිනමාවේ සිටි එකම රොමැන්ටික්‌ නළුවා.''

    ඔහු ඇතැම් චිත්‍රපටවල නොමිලේ ද රඟපෑවේය. මුදලට වඩා මිනිස්‌කම ඔහු හැමවිටම අගය කළේය.

    ''මම ගීත 300 ක්‌ පමණ ගයා ඇති. එකදු ගීයක්‌වත් මම මුදලට ගායනා කළේ නැහැ. මුදලට ගී ගයන්න මගේ අපේක්‍ෂාවක්‌ නැහැ. මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණක්‌ මම ගී ගයනවා'' විජය වරෙක ලක්‍ෂ්මන් මල්ලවආරච්චි සමග පැවැති පිළිසඳරකදී බන්දුල පද්මකුමාර සංස්‌කරණය කළ ''සරසි'' පුවත්පතට කියා තිබිණි.

    ගාමිණී - විජය යනු අපේ සිනමාවේ ස්‌වර්ණමය යුගය බැබළ වූ සුවිශේෂ වූ චරිත දෙකකි. එදා ගැලරියේ සිට බැල්කනිය දක්‌වා ලාංකීය සිනමා ප්‍රේක්‍ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරුණු යුගය අපට මතකය. එම යුගවල සුපිරි තරු දෙක ඔවුන් දෙදෙනා විය. ඔවුන් දෙදෙනා වෙනුවෙන් චිත්‍රපට බහුතරයක පසුබිම් ගී ගැයූ එච්. ආර්. ජෝතිපාලයන් සුපිරි ගායකයා ලෙස නැංවූ අසමසම වාර්තාවද අපේ සිනමාවේ ස්‌වර්ණමය මතකය මේ දෙදෙනා සමගම අප හදවත් තුළ සදා ජීවමාන කරවයි.


    source fb​
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0


    source fb​
    Code:
    http://www.divaina.com/2013/10/11/cineart01.html
    :rofl::rofl::rofl: boru danna epa bola divaina ada paththare dan on line watune :rolleyes:
    fb magule aththeth naha lol liyapu ekata garu karala uge namawath dhapan divaina danna barinam :P
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    anithn un ek walin ussanawa kiyala bayila gahawuwe uba nedh? :lol:
    anthimata gaththa thana noda boruwata fb kiyala danneth ubamane
    gu puchchan kaapan anathayaa :rofl:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    Code:
    http://www.divaina.com/2013/10/11/cineart01.html
    :rofl::rofl::rofl: boru danna epa bola divaina ada paththare dan on line watune :rolleyes:
    fb magule aththeth naha lol liyapu ekata garu karala uge namawath dhapan divaina danna barinam :P


    http://www.elakiri.com/forum/showthread.php?t=1580221

    :lol::lol:kiyala wedak ne bn higannu wage anunge post copy paste karanne.liyapu eka ge nama dannawath manussa kamak ne. e unta copy rights gena kathawa :dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Code:
    http://www.divaina.com/2013/10/11/cineart01.html
    :rofl::rofl::rofl: boru danna epa bola divaina ada paththare dan on line watune :rolleyes:
    fb magule aththeth naha lol liyapu ekata garu karala uge namawath dhapan divaina danna barinam :P

    ගූ පොන්නයට හැම මගුලම FB.
    සතේ අතේ නැති හිඟන්නට පත්තරයක් ගන්න වත් සල්ලි නෑ ඒත් අනුංගෙ Evoque දාල පඩ ෂෝ :lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15719013 said:
    ගූ පොන්නයට හැම මගුලම FB.
    සතේ අතේ නැති හිඟන්නට පත්තරයක් ගන්න වත් සල්ලි නෑ ඒත් අනුංගෙ Evoque දාල පඩ ෂෝ :lol:

    එ වෙලාවෙ දිවයින පත්තරෙ අවා විතරයි :lol: මු කියනවා ෆ්බි එකෙන්ලු ගත්තෙ:lol::lol:
    හරියට මු තාත්තා කියන්න ඔන එකාට බාප්පා කියනවා වගෙ:lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15719040 said:
    දාපිය හු* සෝස් එක හරියට හු*වගන්නෙ නැතුව :angry:
    :lol::lol::lol:

    ලිපි උස්සනවා කියලා මෙ ලගදි ත්‍රෙඩ් එකකුත් දාලා බිරුවා මු:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එ වෙලාවෙ දිවයින පත්තරෙ අවා විතරයි :lol: මු කියනවා ෆ්බි එකෙන්ලු ගත්තෙ:lol::lol:
    හරියට මු තාත්තා කියන්න ඔන එකාට බාප්පා කියනවා වගෙ:lol:

    විලිසංගෙ නැති මුඩුක්කු වේ* පුතෙක් මූ :lol:
    අදහස් හොරකම කියල ත්‍රෙඩ් දාගෙන පොරටෝක් දීල ඌ කරන්නෙත් අනුංගෙ අදහස් හොරකම :lol: