අමුත්තෝ තුන්දෙනා

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    අමුත්තෝ තුන්දෙනා

    REPOST නම් මගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරනවා :shocked: :shocked: :sorry: .


    අමුත්තෝ තුන්දෙනා

    එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා "මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න." කියලා කෑමට ආරාධනා කරනවා.

    එතකොට මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා "තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවද ?" කියලා.ඒ ගෑනු කෙනා කියනවා "එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ" කියලා.

    "එහෙමනම් අපට ඇතුලට එන්න බෑ " කියලා අර ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියනවා. කොහොමින් කොහොම හරි මේ අල්ල පනල්ලේ ගෙදර මනුස්සයාත් වැඩඇරිලා එනවා.

    ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.නමුත් මේ අය කියනවා ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑකියලා.

    " ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි ? " ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා.

    "මෙයාගේ නම 'ධනය'. අනිත් එක්කෙනාගේ නම 'සාර්ථකත්වය'. මගේ නම 'ආදරය'."අමුත්තෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා. ඊට පස්සේ "ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න" කියලා කිව්වා.

    ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම යුද්ධයයි. කට්ටියම සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා.

    " අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා යයි " කියලා ස්වාමි පුරුෂයා කිව්වා.

    "නෑ නෑ ඒයි !! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ." කියලා ගෑනු කෙනා කියනවා.

    කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා. එයත් මේ කතාව මැද්දට පැනලා "ඇයි අපි 'ආදරයට' මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ. එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි " කියලා අහනවා.ඊට පස්සේ මේ අදහස හොද එකක් කියලා ආදරයට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.

    ආදරය ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් සාර්ථකත්වයයි ඊටත් පිටි පස්සෙන් ධනයයි ගේ ඇතුලට එනවා.

    ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා අහනවා.

    එතකොට එක අමුත්තෙක් කතා කතා කරලා කියනවා "ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත් දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා අනිත් දෙන්නත් එනවා. අපිට ආදරය තනි කරන්න බෑ. " කියලා.




    ------ආදර්ශය ------

    ජීවිතයක් සාර්ථක වෙන්න ආදරය කියන සාධකය අත්‍යවශයයි. ආදරය තියෙන තැන සාර්ථකත්වය නියතයි.එතැනට ධනයත් නිතැතින්ම ගලාගෙන එනවා. ඒ නිසා තමන්ගේ ජිවිතයේ ආදරයට තැනක් දෙන්න. මේ පුංචි කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයත් ඒකමයි.

    ------------------------------------------------------------------------
    BUMP සහ REP දාල යන්න කියනවා ආදරෙන්.
    එහෙනම් කාටත් ජය.
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    11.gif