සිය ධූර කාලය තුල රුපියල් පන්දාහේ නෝට්ටුව මුද්‍රණය කළ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් දහ දාහේ නෝට්ටුව මුද්‍රණය කිරීම සඳහා මේ දිනවල සැලසුම් කරමින් සිටින බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මේ පිළිබඳව සාකච්ඡා කොට මුද්‍රණ ඇණවුම් භාර දීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල එංගලන්තයට ගොස් සිටී. එංගලන්තයේ සුප්‍රකට De La Rue මුදල් නෝට්ටු මුද්‍රණ සමාගම සමග එකී නියෝජිතයන් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටී. ඒ අනුව රුපියල් දහ දාහේ නෝට්ටු ශ්‍රී ලංකාව තුල ළඟදීම සංසරණය වීමට නියමිතය.
මේ වන විට ලෝකයේ වැඩිම අගයක් ඇති මුදල් නෝට්ටුව වන්නේ සිංගප්පූරුවේ ඩොලර් දහ දාහේ නෝට්ටුවයි. මෙම ඩොලර් දහ දාහේ නෝට්ටු සීමිත ප්‍රමාණයක් මුද්‍රණය කෙරෙන අතර ඒවායේ අනුක්‍රමික අංක ලොව පුරා මුදල් හුවමාරු කරන ඕනෑම මූල්‍ය ආයතනයන් සතුවේ. නමුත් සැලසුමකින් තොරව රුපියල් දහ දාහේ නෝට්ටු මුද්‍රණය කොට මූල්‍ය වෙළඳපොළ තුල සංසරණය කළ හොත් එයින් විශාල අක්‍රමිකතා හට ගත හැකි බව මුදල් විශේෂඥයින්ගේ මතයයි. නමුත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට අවශ්‍ය වන්නේ ඔහුගේ නිල කාලය ඉකුත්වීමට පෙර රුපියල් ලක්ෂයේ නෝට්ටුවත් මුද්‍රණය කිරීම බව අපට තතු හෙලි කළ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
Code:
http://sinhala.lankanewsweb.com/news/10107-2013-10-11-11-09-03
කමෝන් Erosan කමෝන්





