දින ගෙවෙනා හැටි පෙනෙනා ජීවිතේම දැවෙනා....
ඇති හැකිනා නොම පෙනෙනා දුප්පත් ලග රැදෙනා...
නිති ඇසෙනා සිත යොමනා මනසේ කෑ ගසනා...
රට දිවෙනා මග කොතැනා විමසුම් කවි ලියනා....
ඔබෙ කතිරය මගෙ සතුටය උම්මා මයි දෙන්නේ....
ඒ උනාට දිනපු දාට හැම අමතක වෙන්නේ....
රට වැසියට වඩා ඒකෙ කැබිනට් එකෙ ඉන්නේ...
ඒ උනාට තව පට්ටං හොය හොය නිල දෙන්නේ....
කාලෙ අකාලෙට යන්නේ අද නවීන ලෝකේ...
සතුට අඩුයි දුක විතරයි බැලු බැලු අත ශෝකේ...
උද්දමනය උඩ යනවලු රොකට් එකක් වාගේ....
හදට යන්න පුලුවන් නං අනේ අපිත් ඕකේ......
මාසේ පඩිය අතට අරං රණ මොනරා වාගේ....
සුප(ර්) මාකට් දිහා බලන් පොඩි කඩේට යන්නේ...
මාසයකට කන්න බොන්න කොහොමද අර ගන්නේ....
සති දෙකකුත් ඉවර නැතුව මොනරු කපුටො වෙන්නේ.....
දෙදහස් පන්සියයක් එක මාසෙකටම ඇතිනේ...
අනේ වාසනාවන් කෝ කොහෙද එයා ඉන්නේ...
අඹු දරුවන් එක්කලා ඒ පැත්තේ රිංගන්නේ....
කාලා බීලා ඇදලා එහෙම සතුටින් හිටපන්නේ....
එකට පහක් එකට හයක් බදු පිට බදු එන්නේ....
දෙකයි පනහේ කාර් එකත් මෙහෙ විස්සට යන්නේ...
තාත්තාගෙ අපෙ සීයාගෙ වාහන සිහි වෙන්නේ....
පරණ ඒවා හොද හින්දයි අපි ඒවගෙ යන්නේ.....
රතු පාටට බෝල බෝල අළුත් කාර් යන්නේ...
අපෙ අයියලා ඒවා අරං ගෝඩ් වගේ ඉන්නේ...
පෙට්රල් මිල අවම නිසා ඇග ගැන සිතමින්නේ.....
ඒ අයියත් බස් එකේලු ඔෆිස් එකට යන්නේ....
අළුත් දෙයක් අළුත් වැඩක් හොයාගන්න හපනා.....
ජපනාටත් ලගින් යන්නෙ සිංහ පැටවු අගනා....
ගත්ත ගමං පේටන්ට් එක තව කොක්කක් වැටෙනා...
නිමැවුම්කරු අනේ අපොයි රට දාලා දුවනා......
ගල කඩලා ගල විදලා නැව් ටෝකක් පුදලා......
රවිකිංඤා රබන් ගහලා ඕපන් කලේ නටලා....
වෙනදා කොළඹ ආපු නැවම දකුණු ලකට ඇරලා.....
ආයෙත් එය මෙහෙ එන්නේ ගානකටත් විදලා.......
පියාඹලා එතෙර යන්න ආයෙ මෙහෙට එන්න.....
ගුවන් තොටක් තවත් අපිට හදලා ඇත ඔන්න...
හිතෙනකොටත් ආඩම්බර ගතට සවිය එන්න.....
ෆ්ලයිට් ගාන ලියපු කොලේ කෝ මෙහෙටත් දෙන්න...
පොඩි අඩියක් දා ගන්නට බාර් එකට යනවා...
තියෙන ප්රශ්න අමතක වෙන්නට අද නං බොනවා...
බෝතලයක් දෙන්න මල්ලි කීයක් එය වෙනවා... ?
බෝතලෙ ගානත් නැගලා මාරයා සිහි වෙනවා......
රටක දෙයක් වෙනවා නම් එය කාටත් හොදය.....
රට දියුනුව අනාගතය අප හැමටම පොදුය....
ගසා කෑම නාස්තියද අඩු කරන්න කැපය....
එවිට ඇහැකි නොවැ විදින්න ආස්චර්යෙ සිරිය...