සිම්පල් අතුරුපසක්...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සිම්පල් අතුරුපසක්...

ඔන්න අද නම් මම කියලා දෙන්න හදන්නේ පොඩි ලමයෙකුට වුනත් හදන්න පුලුවන් අතුරුපසක්...මේකනන් ගොඩාක් අය කාලත් ඇති....හදන්න දන්නවාත් ඇති....ඒත් සමහරු ඉන්නවනේ කෑම හදන්න බැහැයි කියලා හිතන අය....ඉතින් ඒ අය කෑම හදන්න උනන්දු කරවන්න හිතන් තමා මේක කියලා දෙන්නේ....අපි මුලින්ම හුඟාක් සිම්පල් දෙයක් හදලා ඉමු....ඊට පස්සේ හෙමින් ලොකු ලොකු රෙසපිස් ට්‍රයි කරමු....එහෙනන් නිවාඩු වෙලාවක මේක හදලා දෙන්න ගෙදර කට්ටියට....ගෙදර හැමොම සතුටු වෙයි...:P


ජෙලි සමග යෝගට්

අවශ්‍ය ද්‍රව්‍ය..
කැමති වර්ගයක යෝගට් 3
ජෙලි පැකට් 1(මෙ පින්තූර වල මන් අරන් තියෙන්නේ ස්ට්‍රෝබරි රස ජෙලී
උනු වතුර අඬු කෝප්ප 2. 1/2
කජු,වියලි මිදි

හදන විදිහ

මුලින්ම යෝගට් ටික භාජනයකට දාලා ගෑරුප්පුවකින් බීට් කරන්න...දැන් ඒක උඩින් කජු ටිකකුයි වියලි මිදි ටිකකුයි හැම තැනටම විසිරෙන්න දාන්න.....දැන් මේ යෝගට් භාජනේ ෆ්‍රිජ් එකට දාන්න...(.ඩීප්ෆ්‍රීසර් එකෙ එහෙම නෙමෙයි හොඳේ)
දැන් ජෙලි එක හදමු....නටන උනුවතුර අඬු කෝප්ප 21/2 කට ජෙලි පැකට් එක දාන්න ....පැනි රසට වැඩියෙන් කැමති අය ඉන්නවනන් සීනි තේ හැඳි 2 කුත් දාන්න කැමතිනන්......දැන් ජෙලි ටික හොඳට දිය කරගන්න.....දැන් ජෙලි එක නිවෙනකන් පැත්තකින් තියල තියන්න......ජෙලි එක හොඳටම නිවුනට පස්සේ අර අපි ඉස්සෙල්ල හදලා ෆ්‍රිජ් එකට දාපු යෝගට් එක උඩින් දාන්න.....දැන් සෙට් වෙන්න ආපහු ෆ්‍රිජ් එකට දාන්න.....ජෙලි එක හොඳටම සෙට් වෙන්න කලින් ඉතුරු කරපු කජු සහ මිදි ටික උඩින් දාන්න........(ජෙලි ගන්නකොට මතක තියාගන්න ෆ්‍රිජ් එකට දාලා සෙට් කරගන්න ජෙලි විතරක් ගන්න...සමහර ජෙලි වර්ග තියෙනවා ෆ්‍රිජ් එකේ දාන්න ඔනේ නැති.....ආ ....ඒ වගෙම හෙල්ත් එක ගැන හිතන අය ඉන්නවනන් ලෝ ෆැට් යෝගට් සහ ශුගර් ෆ්‍රී ජෙලි පවිච්චි කරන්න පුලුවන්....හදලා බලලා කියන්නකෝ කොහොමද කියලා එහෙනන්....):)


හදන කෑම පින්තූරත් එක්ක දාන්න කියලා උනන්දු කරපු දත් කිඹුලා මහතාටත්...පින්තූර අප්ලෝඩ් කරන්න මිසක් ත්‍රෙඩ් එකට එකතුකරගන්න දන්නේ නැති මට එම කාර්‍ය සඳහා සම්පූර්ණ සහයෝගය දුන්නු Hi Elakiri මල්ලියාටත් මාගේ ප්‍රණාමය....ඒ වගේම යට ගිහින් තිබුනු කහබත් ත්‍රේඩ් එක බම්ප් කරලා ගොඩක් එලකිරි සාමාජිකයින්ට දැකගන්න දුන්නු 5ටෙක් මල්ලියටත්....බම්ප් එකක් හෝ දමා සහයෝගය දුන් හැමොටමත් ස්තූතිවන්ත වෙමි......:)
 
Last edited:

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
user385521_pic12227_1381723174.jpg


user385521_pic12229_1381723174.jpg


user385521_pic12228_1381723174.jpg


user385521_pic12230_1381723271.jpg


user385521_pic12231_1381723271.jpg


ashmi අක්කගේ ඉල්ලීම මත ඇය විසින් ලබා ගත් මෙම ඦායාරූප මෙහි දමන ලදී...
 
Last edited:
  • Like
Reactions: luckyluke111

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕක පොටෝ එකකුත් එක්කම දැම්මනම් තවත් හොඳයි...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිට කොයින්ද ෆ්රිජ් මේ බෝඩිම් අස්සේ ඒකත් කඩෙන්ම තමා:(

    .ෆ්‍රිජ් ඔනෙ නෑ මල්ලියෝ....ෆ්‍රිජ් එකේ දාන්න ඔනේ නැති ජෙලි වර්ගයක් තියෙනවා...එක පැකට් එකේ තියෙන විදිහට හදලා යෝගට්,කජු,මිදි දාලා කන්න පුලුවන්නෙ.....හදලා බලන්නකෝ....:)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    .ෆ්‍රිජ් ඔනෙ නෑ මල්ලියෝ....ෆ්‍රිජ් එකේ දාන්න ඔනේ නැති ජෙලි වර්ගයක් තියෙනවා...එක පැකට් එකේ තියෙන විදිහට හදලා යෝගට්,කජු,මිදි දාලා කන්න පුලුවන්නෙ.....හදලා බලන්නකෝ....:)

    ටැස්ට් කොරන්න ඕන් ආයෙ ෆුඩ් සිටි යන්නත් පුළුවන්නෙ මං මාර ආසයි ෆුඩ් සිටියෙ කැෂියර් එකේ ඉදන් සල්ලි ගෙවන්න ;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටැස්ට් කොරන්න ඕන් ආයෙ ෆුඩ් සිටි යන්නත් පුළුවන්නෙ මං මාර ආසයි ෆුඩ් සිටියෙ කැෂියර් එකේ ඉදන් සල්ලි ගෙවන්න ;)

    Onna pinthura damma...balannako
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ටැස්ට් කොරන්න ඕන් ආයෙ ෆුඩ් සිටි යන්නත් පුළුවන්නෙ මං මාර ආසයි ෆුඩ් සිටියෙ කැෂියර් එකේ ඉදන් සල්ලි ගෙවන්න ;)

    :lol::lol::lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටැස්ට් කොරන්න ඕන් ආයෙ ෆුඩ් සිටි යන්නත් පුළුවන්නෙ මං මාර ආසයි ෆුඩ් සිටියෙ කැෂියර් එකේ ඉදන් සල්ලි ගෙවන්න ;)

    :lol: onna picsuth damma...