පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන පබා හා අනර්කලීගේ පැහැදිළි කිරීමෙන් රාජ්‍ය නායකයෝ සලිත වෙයි
CHOGM 2013 Anarkalli Aakarsha
ලොව දීප්තිමත් රටක් වශයෙන් ඉමහත් කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම මේ රටේ යොවුන් පරපුරට විශාල ශක්තියක් බව රංගන ශිල්පීනී සහ දකුණු පළාත් සභා මන්ත්‍රීනී අනර්කලී ආකර්ෂා මෙනවිය ප්‍රකාශ කරයි. නිදහස් හා සාමකාමී වාතාවරණයක් තුළ ඉදිරියට යන ශ්‍රී ලංකාවේදී මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සමුළුවක් පැවැත්වීම මිල කළ නොහැකි බව පෙන්වාදෙන මන්ත්‍රීවරිය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලොව ජයගත යුතු බවද ඒ වෙනුවෙන් මෙවැනි සමුළුවක් පැවැත්වීම තීරණාත්මක සාධකයක් වී තිබෙන බවද කියාසිටී.
මේ අතර ඇය පෙන්වාදෙන්නේ ලෝකයේ විවිධ ජාතීන් නියෝජනය කරන රටවල් 53ක රාජ්‍ය නායකයන්, විදේශ ඇමැතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විශාල පිරිසක් මේ සඳහා සහභාගිවන බවත් එවැනි අවස්ථාවක අපේ රට ලබාතිබෙන ප්‍රගතිය, ජනතාවගේ උනන්දුව හා උද්යෝගය මෙන්ම සංවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් සියැසින් දැකගන්නට අවස්ථාව ලැබෙන බවත්ය.
ශ්‍රී ලංකාවේ පවත්නා කර්මාන්තයන්හි නිෂ්පාදනයන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යායුතු බව පෙන්වාදෙන අනර්කලී ආකර්ෂා මෙනවිය ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින අවස්ථාවන් මෙන්ම අපේ නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය දැකගත හැකිවන බවද එය වක්‍රව අපේ රටට ලැබෙන වාසිදායක තත්ත්වයක් සහ මෙහිදී වටිනා වෙළෙඳ හුවමාරුවක් සිදුවන බවද සදහන් කරයි.
වත්මන් ශ්‍රී ලංකාවෙන් වැඩි යමක් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ට ලබා ගත හැකි බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය අපේ රටේ ස්වාභාවය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කිරීමක් අවශ්‍ය නොවන බවද මෙරටට පැමිණෙන විදෙස් නියෝජිතයන්ට මේ රටේ යහපත් වාතාවරණය, සංචාරක ආකර්ශනය, යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ජනතා සහභාගිත්වය ආදිය සියැසින් දැකගන්නට අවස්ථාව සැළසෙන බවද කියාසිටී.
රටේ ජනතාව මේ වනවිට විශාල දියුණුවක් ලබා තිබෙන අතර සමඟියෙන් සහයෝඟයෙන් කටයුතු කරන ජාතියක් වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන බව පෙන්වාදෙන මන්ත්‍රීවරිය අධ්‍යාපන, සංචාරක, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර රැසක් දියුණුවට පත්ව තිබෙන බවද එවැනි තත්ත්වයක සිටි අපේ රට එදා සිංගප්පූරුව විසින් ආදර්ශයට ගත් බවද සිහිපත් කරයි.
ලොව විශ්මයට පත්කරන සම්පත් රැසක් අපසතු බවද පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් පසුව ශ්‍රී ලංකාවට සුබදායක කාලයක් උදාවන බවද පෙන්වා දෙන ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගත හැකි බවද සිනහවට ගරුකරන, ආයුබෝවන් කියා පිළිගන්නා ජාතියක් වශයෙන් ලෝකය ඉදිරියේ ගෞරවයට පාත්‍රවන බවද සදහන් කරයි.
විශාලත්වයෙන් කුඩා රටක් වුවද ලෝක මට්ටමින් පිළිගැනීමකට ලක්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ වත්මන් විදේශ ප්‍රතිපත්තිය නිසා බව පෙන්වාදෙන
දකුණු පළාත් සභා මන්ත්‍රීවරිය ඒ නිසාම අපේ නායකත්වය ලොව සියලු රටවල පිළිගැනීමට ලක්ව තිබෙන බවද ඒ තත්ත්වය අපේ රටට වැදගත්වන බවද ප්‍රකාශ කරයි
CHOGM 2013 Upeksha Swarnamali
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොතිබිණි. කොටින්ම එයට සහභාගීවන නායකයන්ටද අවබෝධයක් තිබුනේ නැත. නමුත් පසුගියදා දිනමිණ පුවත්පත මඟින් පොදු රද මඩුලු සමුළුව ගැන අනර්කලී ආකර්ෂා හා උපේක්ෂා ස්වර්ණමාලි විසින් කළ පැහැදිළි කිරීම් නිසා මෙරටට පැමිණීමට සිටි රාජ්‍ය නායකයන්ට ඒ ගැන මනා අවබෝධයක් ලැබී ඇත.
එපමණක් නොව මේ වෙන්නේ මොකක්දැයි උඩ බිම බලා සිටි ශ්‍රී ලාංකික ජනතාවටද මනා අවබෝධයක් ලැබී ඇත.
ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් පූචානම් දොඩමින් සිටි කැනඩාවේ අගමැතිවරයා මෙම පැහැදිළි කිරීම් සමඟ තමා ගත් තීරණය වෙනස් කරමින් ඒ පිළිබඳව ලංකාවෙන් සමාව ඉල්ලා නිවේදයක්ද නිකුත් කර තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට කැනඩාවේ අගමැතිවරයා නොපැමිනෙන බැව් කලින් දන්වා තිබු නිසා මෙම උත්සවය සඳහා හැකිතාක් මුදල් අරපරෙස්සමෙන් පාවිච්චි කරනා රජය විසින් පළමුව සිදුකර තිබුනේ ඔහුගේ කෑම පිඟාන කපා දැමීමයි. ඒ අනුව ඔහු වෙනුවෙන් වැඩිපුර පිඟානක් නැවත වෙන්කිරීමට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර තිබේ.
ලංකාවෙන් වැඩි යමක් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ට ලබා ගත හැකි බව අනර්කලී පවසා තිබීම නිසා බොහෝ රාජ්‍ය නායකයන්ගේ එකම පැතුම ලංකාව බවට පත්වී ඇත.
වැඩි යමක් කෙසේ වෙතත් තම රටේ එදා වෙල ගැටගහගන්න වත් ලංකාවෙන් යමක් ලැබුනොත් ඇති යනුවෙන් ඔවුන් සිතන්නට පටන්ගන තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලයට ඇමරිකාව අයත් නොවූවද මෙම හේතුව නිසා වැටී ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට ඇමරිකාවද පොදු රාජ්‍ය මණ්ඩලයට බැඳිමට ඉල්ලුම්පතක් යවා තිබේ.
උපේක්ෂාගේ නිවේදයත් සමඟ 18 වන සංශෝදනයේදී 18 යනු ඉලක්කමක් යන්න පමණක් දැන සිටි උපේක්ෂා ස්වර්ණමාලි ලබා ඇති හසල දැනුම ගැන ලෝව පුරා රාජ්‍ය නායකයෝ ප්‍රීති ප්‍රමෝදයට පත්ව සීටී.
ආගන්තුක සත්කාරය අතින් ලෝකයේ ඉදිරියෙන් සිටින ජාතියක් ලෙස උපේක්ෂාගේ නිවේදයේ තිබෙන නිසා ස්වාසලන්තයේ රජුද මෙහි පැමිණීමට කඩිමුඩියේ සූදානම්ව සිටින්නේ තම බිරින්දෑවරුන් දුසිමෙන් නොලැබුණු සත්කාරයක් ගැනීමටය.
මෙම සමුළුව නිසා රටේ යොවුන් පරපුරට විශාල ශක්තියක් වන බව අනර්කලී විසින් පැවසීම නිසා රටේ තරුණ පිරිස් මෙම සමුළුව අවසන් වනතෙක් ඇඟිලි ගනින්නේ ශක්තියක් ලබාගැනීමටය. බොහෝ දෙනා පුරුෂ ශක්තිය වර්ධනය වීමක්ද බලාපොරොත්තුවෙන් සිටී.
පබා හා අනර්කලී විසින් යථාර්තවාදී දෘෂ්ටිකෝණයෙන්, මධ්‍යස්ථ විචාරයෙන්, විචාර බුද්ධියෙන්, තුලනාත්මකව පවසා ඇති මෙම කරුණු නිසා ඔවුන්ගේ දුර දක්නා නුවණ ගැන ශ්‍රී ලාංකික ජනතාව ඉමහත් සතුටට පත්ව ඇත. මෙම පැහැදිළිකිරීම අනුව සමුළුවෙන් පසු ලංකාව කේතුමතී නුවරක් අවට පත්වේයැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටී..

Source Sinhaya Reader