අද ගෙදර එද්දි පොඩි මෑන්[අවු;1.8] කාක්කො එලවනවා.ගෙදරින් කෑම දාන නිසා කාක්කො දෙමලිච්චො පොල්කිච්චො ලේන්නු එනවා ඒව කන්න.හිතුවෙ එහෙම දාල කන්න ඇවිත් කියලයි.කාක්කොන්ගෙ ලඟටම ගිහින් එලෙව්වා.මම පොඩ්ඩව උස්සගෙන ගියා ගෙට.ඇඟ හෝදන්න තුවාය ගන්න එළියට යනකොට එක ගාලකෝට්ටියයි. කාක්කොයි දෙමලිච්චොයි පොල්කිච්චොයි ලේන්නුයි සේරම එක හඬින්......
පොඩිත්ත හිටපු තැනින්මයි සද්දෙ.කෙසෙල් ගස් දෙකක් තියෙනව එතන.වහලෙන් ලේනෙක් වැටිලවත්ද කියල හිතල ගිහින් බැලුව.මොකුත් නෑ.කෑ ගැහිල්ලෙ අඩුවකුත් නෑ.ඉවරයකුත් නෑ. තව බලද්දි හැඩේට දරන ගහගෙන ඉන්නව. පුදුම බේරිල්ලක් කොල්ලනේ ඒකනම්.
වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ මට. කල යුතු දේ නොකර ඌව අයින් කරන්නත් අමාරුයිනෙ.ඉන්පස්සෙ කෙසෙල් ගස් දෙකත් කපලම දැම්ම.
කුරුල්ලො වෙනදට වඩා සද්දෙ වැඩිනම් ටිකක් හොයල බලාපල්ල කොල්ලනෙ. උන් අපට පණිවිඩයක් ඒ දෙන්නෙ.ඇත්තටම උන් නොහිටියනම් මට ඌව පේන්නෙවත් නෑ.බල්ලො බලල්ලු උනත් එහෙමයි යාලුවනේ.කවදාවත් උන්ට වෙනස්කම් කරන්නත් එපා.
මගෙ ජීවිතේ මම ලබපු හොදම අත්දැකීමක් මේක.උඹලා හැමෝටමත් වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ. බුදු සරණයි හැමෝටම.

පොඩි එකාගේ වෙලාව හොදයි...... 