ගල්තැටියේ පුච්චන පොල් රොටී
මමත් මේක අහම්බෙන් දැක්කේ. ඔයාලත් පානදුර - රත්නපුර (450 බස් පාර) පාරේ යනවානම් නිකන් පොඩ්ඩක් නැවතිලා රස බලලා යන්න. වෙනසක් දැනෙයි අනිවාර්යයෙන්ම...
මෙතන හවස 2:00 ඉදන් රොටී පුච්චනවා. රොටි සහ තේ විතරයි තියෙන්නේ. විශේෂය තමයි මේ රොටී ගල් තැටියේ පුච්චන්නේ. ඇත්තටම රසයි... එක අමුතු රසක් කිවුවොත් නිවැරදියි. කට පිච්චි පිච්චි කන්න පුළුවන්. මොකද රොටී තියෙන්නේ ගල් තැටිය උඩමයි. ඉතින් ඕනි වෙලාවක උනුයි. කොහොම උනත් ඒ වෙලාවේම තමයි රොටිය හදලා දෙන්නේ.
තව දෙයක්... මේ රොටිය කන්න දෙනවා මරු කොච්චි සම්බෝලයක්. කන් දෙකෙන් දුන් එනවා සැරට. තව ඉතින් කොච්චි සුවද ගැන කියන්න ඕනි නැහැනේ. දන්නෝ නම් දනිති.
තව තියනවා උණු උණු ඉගුරු ප්ලේන්ටී. රොටී දෙකයි ඉගුරු ප්ලේන්ටියයි බඩට දා ගත්තානම් පැය 4 ක් 5ක් කටේ රස තියනවා. අයෙ බඩගිනිනම් වෙනවා බොරු. අත්දැකීමෙන් මේ කියන්නේ.
ස්ථානය ගැන කියනවා නම්... පානදුරේ ඉදලා හොරණ පහුකරලා රත්නපුරේ පැත්තට එනකොට තියනවා පතිනි මෑණියන්ගේ දේවාලයක් (ඇල්ලේ දේවාලය)... ඒක පහු කරලා ටිකක් දුර එනකොට ලොකු වංගුවක් එක්ක තමයි පාරේ වම් අත පැත්තේ මේ තැන තියෙන්නේ. බෝඩ් එක පේනවා. ඒ හරියට කියන්නේ "එල්ලාවල" කියලා.
රොටියක් රුපියල් 30.00 (2013- ඔක්තෝම්බර්)
ප්ලේන්ටියක් රුපියල් 10.00
අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙන යන්න...

Last edited:

පොඩි කඩයක්දෝ... මීටර් නෑනේ... 