මාරි~බිස්කට්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ලොකු පොඩි හැමෝම ඉතින් දන්න බිස්කට් එකක්නේ මේ මාරි බිස්කට්. ලෝකේ හැමෝම දන්නවා මේ නමින්. ඒත් මේ බිස්කට් එකට ලොකු ඉතිහාසයක් තියනවා.

    marie-biscuit-500x500.jpg


    මේ බිස්කට් එක හැදෙන්නේ 1874 එංගලන්තේ "පීක් ෆ්රියාන්ස්" කියන බිස්කට් කොම්පැනියෙන් එවකට එඩින්බරෝ ආදිපාදී වරයාගේ හා රුසියාවේ මරියා අලෙක්සන්ද්‍රනොවා කුමරියගේ විවාහ උත්සවය හේතුවෙනුයි. මේ මාරි බිස්කට් එවකට හැඳිනුවේ මරියා කියලා. පස්සේ යුරෝපයේ හා ආසියාවේ ව්‍යාප්තියත් සමගම මාරි බිස්කට් උනා. මාරි බිස්කට් ගොඩක්ම ප්‍රසිද්ද උනේ තේ පානය කරන වෙලාවේ තේ එකේ ඔබාගෙන කෑමේ හැකියාව නිසා. එවකට යුරෝපයේ දුෂ්කර කාල වල මාරි බිස්කට් දුප්පතාගේ ආහාරය උනා ප්‍රධානයෙන්ම ස්පාඤ්යේ තිබුන සිවිල් යුද්දයත් සමග.

    Thomas_Benjamin_Kennington_001.jpg

    "පීක් ෆ්රියාන්ස්" බිස්කට් කොම්පැනියේ දැන්වීමක්

    Daughter_of_Alexander_II_Grand_Duchess_Maria_Alexandrovna_1870_by_Sergei_Levitsky.jpg

    රුසියාවේ මරියා අලෙක්සන්ද්‍රනොවා කුමරිය

    Alfred-sachsen-coburg-gotha.jpg

    එවකට එඩින්බරෝ ආදිපාදී ඇල්ෆ්‍රඩ් සශෙන් කොබුර්ග් ගොතා

    මාරි බිස්කට් වල ප්‍රධාන මිශ්‍රණය වන්නේ තිරිඟු පිටි, සීනී, එළවලු තෙල් හා වැනිලා රසකාරකයයි. යුරෝපයේ හා ආසියාවේ ව්‍යාප්තියත් සමගම එක එක රටවල් වලත් මාරි බිස්කට් නිෂ්පාදනය ඇරඹුනා නමුත් නමේ වෙනසක් උනේ නෑ. මාරි බිස්කට් තවත් ප්‍රසිද්ද උනේ බිස්කට් පුඩින් සෑදීමට ලේසි නිසා.

    මේ අනික් රටවල් වල මාරි බිස්කට්

    munchee-tikiri-marie-biscuits-80g.jpg


    GamMarias+004.jpg


    kraft-tiger-marie-biscuits-320g.jpg


    5_19.png


    mcvities%20marie%20200gm-500x500.jpg


    Marie+biscuit+chocolate+log+%252810%2529+%2528800x625%2529.jpg

    බිස්කට් පුඩින්

    ඔන්න ඉතින් මීළග මාරි බිස්කට් පැකට් එක ගන්නකොට මේ ත්‍රෙඩ් එක මතක් කරලා අනික් අයටත් කියලා දෙන්න මාරි බිස්කට් එකේ ඉතිහාසේ. :yes::yes::yes: