•ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    •ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•

    •▬•ඕනෑ එකක්•▬•

    මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ?
    ගැහැණිය : ඕනෑ එකක්
    මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද?
    ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ,ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා
    මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු?
    ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවනිද?
    මිනිසා : එහෙනම් කොත්තු අරන් ගිහින් කමුද?
    ගැහැණිය : පිස්සුද අනේ...බඩේ අමාරුවක් හදා ගන්නද?
    මිනිසා : ඉතින් එහෙනම් මොනවද කන්නේ? ඔයාම කියන්නකෝ..
    ගැහැණිය : ඕනෑ එකක්


    •▬•ඕනෑ දෙයක්•▬•

    මිනිසා : ඉතින් දැන් අපි මොකද කරන්නේ?
    ගැහැණිය : ඕනෑ දෙයක්
    මිනිසා : එහෙනම් අපි ෆිල්ම් එකක් බලමු? කාලෙකින් එකක් බලන්නත් බැරි උනානේ.
    ගැහැණිය : ෆිල්ම් බලන්න බෑ අනේ...කාලේ නාස්තියක්
    මිනිසා : එහෙනම් අපි බීච් එක පැත්තේ යමුද?
    ගැහැණිය : බීච් එකට යන්න/? මේ ගිනි අවුවේ?
    මිනිසා : එහෙනම් අපි මාර්කට් එක පැත්තේ ගිහින් ගෙදරට බඩු ගේමුද?
    ගැහැණිය : අද මාර්කට් යන්න බෑ අනේ,හෙට යමු.
    මිනිසා : ඉතින් එහෙනම් මොකද කරන්නේ? ඔයාම කියන්නකෝ...
    ගැහැණිය : ඕනෑ දෙයක්


    •▬•ඔයාගේ කැමැත්තක්•▬•

    මිනිසා : එහෙනම් අපි දැන් ගෙදර යමුද?
    ගැහැණිය : ඔයාගේ කැමැත්තක්
    මිනිසා : එහෙනම් අපි බස් එකක නැගලා ගෙදර යමු
    ගැහැණිය : බස් වල යන්න බෑ අනේ...ජරාව... අනිත් එක සෙනගත් වැඩී...
    මිනිසා : එහෙනම් අපි කැබ් එකක යමු
    ගැහැණිය : ඔය පොඩි දුරට මොකටද අනේ කැබ්? අපරාදේ...
    මිනිසා : හ්ම්ම්ම්...එහෙනම් අපි ඇවිදගෙන යමු නේද? වැඩි අවුවකුත් නෑනේ...
    ගැහැණිය : ඇවිද ගෙන යන්න බෑ...මට බඩගිනී
    මිනිසා : එහෙනම් අපි දැන් මොකද කරන්නේ?
    ගැහැණිය : ඔයාගේ කැමැත්තක්
    මිනිසා : අපි මොනවා හරි කමුද?
    ගැහැණිය : ඕනෑ එකක්
    මිනිසා : මොනවද කන්නේ?
    ගැහැණිය : ඕනෑ දෙයක්


    •▬•ඕනේ වෙලාවක•▬

    පෙම්වතා : මම ඔයාට කීයටද කෝල් කරන්න ඕනි?
    පෙම්වතිය : ඕනේ වෙලාවක
    පෙම්වතා : ඒත් ගිය පාර උදේ මම කෝල් කලාම ඔයා ආන්ස්වර් කලේ නෑනේ
    පෙම්වතිය : මම නිදි එතකොට
    පෙම්වතා : එදාම 11ට විතර කෝල් කලාමත් ආන්ස්වර් කලේ නෑනේ
    පෙම්වතිය : ඒ වෙලාවේ මම අම්මා එක්ක ෂොපින්
    පෙම්වතා : 3ට විතර ගත්තාමත් ආන්ස්වර් කලේ නෑ
    පෙම්වතිය : ඒ වෙලාවේ මට ගොඩාක් මහන්සි...මම ටිකක් නිදා ගත්තා...
    පෙම්වතා : එතකොට 5ට ආන්ස්වර් නොකලේ?
    පෙම්වතිය : මම කාටුන් එකක් බල බල හිටියේ
    පෙම්වතා : එතකොට මම රෑ වෙලා ගත්තාම ඇයි ආන්ස්වර් නොකලේ?
    පෙම්වතිය : එතකොට මම පාඩම් කරනවා
    පෙම්වතා : හ්ම්ම්...එහෙනම් ඔයාම කියන්නකෝ ඔයාට ලේසි වෙලාවක් කෝල් කරන්න.
    පෙම්වතිය : ඕනේ වෙලාවක




    ------------------------------------------------------------------------------------
    මගේ කලින් POST වලට හොද ප්‍රතිචාර ලැබුනා.. :yes:
    නොබලපු අයට මෙන්න ලින්කු....:D


    http://www.elakiri.com/forum/showthread.php?t=1581961
    http://www.elakiri.com/forum/showthread.php?t=1581894
    http://www.elakiri.com/forum/showthread.php?t=1581734
    http://www.elakiri.com/forum/showthread.php?t=1581307


    හොයාගත්තේ ආපු email එකකින්.. ;) Repost ද දන්නෙ නෑ.. එහෙනම් සොරි වේවා :oo: හොඳයි වගේනම් කොට්ටක් පනින්න රෙපකින් දමල ගහලා යන්න.. ;) :yes:
     
    Last edited:
    • Like
    Reactions: Pathumlk

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    28a57w8.jpg
     

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    Menna mage GF sirawatama aththa..

    oya kawadada mawa meet wenna puluwan?oya kamati dawasaka, ehenam heta? apo ba heta mn loku ammalage gedara yanawa.oyata koheda yanna ona?oyata kamati tanaka. api gallface yn. apo ba awwai.oyata monada kanna ona?oya kamati deyak.ehenam kottu?apo ba me kottu kana welawakda?sahallu kamak? ehenam rice? apo ba, sahallu kamak. ehenam itin sahalluwata piduru tamai dennatama kanna wenne.hikz.kello ohommai.e vihiluwak hode. ;):lol::lol: