Love Syndrome - ආදර රෝගය

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලව් සින්ඩ්‍රෝම් ගැන දන්නවද.? දන්නේ නැත්නම් කියවලා දැන ගනිල්ලා.. මට ලැබුණු ඊ ලිපියක ඉංග්‍රීසි පරිවර්ථනයක්.. හැබැයි මගේ ඉංග්‍රීසී දැනුමේ තරමට හාත්පසින්ම අප්‍රබංශයක් ලියවේවිද දන්නේ නෑ..:D

    hwl3.jpg


    1. රෝගයට හේතුව : තවම හොයාගෙන නැතිලු (දෙයියෝ තමයි දන්නේ )

    2. රෝගය වැළ‍ඳෙන වයස : යොවුන් අවදිය. අධ්‍යයනයන් මගින් හොයාගෙන තියෙනවාලු වයස 25 වෙනකන් තත්වය ඉතාමත් දරුණුයි කියලා හැදුනොත් නම්.


    iw4p.jpg



    3.රෝග අවධානම් සාධක : ප්‍රධානම දේ තමයි වයස

    මීට අමතරව;
    • සහ අධ්‍යයාපනය (ඒ කිව්වේ මිශ්‍ර පාසල් ක්‍රමය )
    • ජංගම දුරකතන
    • චිත්‍රපට ( අර නිල් පාට එව්වා නෙමෙයි හොඳේ )
    • ෆේස් බුක්, ස්කයිප් වැනි සමාජ ජාල වෙබ් අඩවි

    4. රෝගය ක්‍රියාත්මක වෙන ආකාරය : ශරීරයේ බහු අවයව අකර්මණ්‍යය වීමක්ලු වෙන්නේ. ඒ කිව්වේ අක්මාව, වකුගඩුව, හදවත් වගේ එව්වා එක පාර හරියට වැඩ කරන්න ගන්නේ නැතිලු. :cool:


    uc5e.jpg


    5.රෝගී ලක්ෂණ :
    මේ රෝගියාට දැනෙන දේවල් :
    • පපුව නිකන් හිරවෙන්න ගන්නවලු. හැබැයි ඒ හිරවෙන එක පපුවේ කැක්කුමක් ආවම හිරවෙන හිරවිල්ල නෙමෙයිලු හරි ජොලිලු.
    • කෑම අරුචිය එහෙම තියෙනවලු
    • නින්ද යන්නෙත් නැතිලු හරියකට
    • දවල් සිහින දැකීමට හුරුවෙනවලු
    • කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති තරමට කම්මැලි වෙනවලු
    • භයානකම දේ තමයි මෙච්චර කලක් හොඳට හිටපු එකා/එකී කවි කාරයෙක් වෙන්න ගන්නවලු

    මේ දොස්තරට රෝගියාගෙන් පෙනෙන දේවල්ලු :
    • තනියම හිනා වෙනවලු
    • ඇස් දෙකේ කණීනිකා ලොකු වෙලාලු තියෙන්නේ
    • කම්මුල් සෝස පාටයිලු - විශේෂයෙන් ගෑණු ළමයින්ගෙන්
    • දරුණුම දේ කියන්නේ වෙද නලාව තියලා හදවතේ සද්දේ ඇහුවම "ලබ්-ඩබ්" වෙනුවට "ලව්-ඩබ්" කියලලු ඇහෙන්නේ


    jp5w.jpg



    6. ප්‍රතිකාර : කසාදයක් බන්දලා දෙන එකලු 100% ක් ම සාර්ථක ප්‍රතිකාරය. නමුත් ඔය කොහේ හරි එකක් සෙට් වෙන එකලු තාවකාලික ප්‍රතිකාරය. වයස අඩුවෙන් රෝගය වැළදෙන තරමට රෝගයෙන් ඇතිවෙන අතුරු ආබාධ තවත් වැඩියිලු. :cool:


    7. රෝගය වැලැක්වීම : රෝගය වැළඳීම වැලැක්වීමට කැති, පොලු, වේවැල් පාවිච්චි කරලා කිහිපවරක් උත්සාහ කරන්න පුලුවන්ලු. නමුත් ලෝක ආදරවන්තයින්ගේ සංගමය හොයාගෙන තියෙනවලු රෝගය වැළඳීම ඔය වයස් සීමාව තුල අනිවාර්‍යය අංගයක් බවත් ඒ නිසා රෝගය නැවැත්වීම කළ නොහැකි දෙයක් බවත්. ඒ වගේම රෝගය නැවැත්වීමට පියවර ගැනීම රෝගය තවත් වැඩි වෙන්න හේතු වෙනවලු.:P

    4liq.jpg



    කලින් ගිහින් තියෙනම් සොරි වෙන්න ඕනේ.? ඔබටත් මේ රෝගය කීවරක් වැළඳී තිබේද.? :P
     
    • Like
    Reactions: ashmi

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Oka deyyange ledak wage eka paarak hadunain passe thamuneg angen ekata prathishakthiyak generate wenawalu neda? :rolleyes:
    habai weak eunta keepa wathaawak hadenawalu :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේ නෑ බං සහෝ සිරාවට මේල් එකක් ට්‍රාන්ස්ලේට් කරලා දැම්මේ.. උස්සපු තැනක් තියෙනම් පෙන්නහන් මටත් බලාගන්න.. :angry::angry:

    නොදකින්..
    අඩේ මං අදහස් කරේ හොරකන් කරපු එකක් කියලා නෙමේ බං... :baffled: :baffled:
    නූල උස්සලා දෙන්න (bump කියන එකට, අපරාදේ.. උඩට කියලා ගහන්න තිබ්බේ.. ) අදහසින්..
    මලා .. අයියූ සල්ලී...
    :angry: :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නොදකින්..
    අඩේ මං අදහස් කරේ හොරකන් කරපු එකක් කියලා නෙමේ බං... :baffled: :baffled:
    නූල උස්සලා දෙන්න (bump කියන එකට, අපරාදේ.. උඩට කියලා ගහන්න තිබ්බේ.. ) අදහසින්..
    මලා .. අයියූ සල්ලී...
    :angry: :angry:

    ආහ් එහෙනම් අවුලක් නෑ බං.. ගනන් ගන්න එපා.. :sorry::sorry:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    පපුව නිකන් හිරවෙන්න ගන්නවලු. හැබැයි ඒ හිරවෙන එක පපුවේ කැක්කුමක් ආවම හිරවෙන හිරවිල්ල නෙමෙයිලු හරි ජොලිලු.

    mekanam aththa. ogollonta eka wela nadda? :eek:

    තනියම හිනා වෙනවලු
    ඇස් දෙකේ කණීනිකා ලොකු වෙලාලු තියෙන්නේ


    mekath :love:
     
    Last edited: