ලව් සින්ඩ්‍රෝම් ගැන දන්නවද.? දන්නේ නැත්නම් කියවලා දැන ගනිල්ලා.. මට ලැබුණු ඊ ලිපියක ඉංග්‍රීසි පරිවර්ථනයක්.. හැබැයි මගේ ඉංග්‍රීසී දැනුමේ තරමට හාත්පසින්ම අප්‍රබංශයක් ලියවේවිද දන්නේ නෑ..
1. රෝගයට හේතුව : තවම හොයාගෙන නැතිලු (දෙයියෝ තමයි දන්නේ )
2. රෝගය වැළඳෙන වයස : යොවුන් අවදිය. අධ්‍යයනයන් මගින් හොයාගෙන තියෙනවාලු වයස 25 වෙනකන් තත්වය ඉතාමත් දරුණුයි කියලා හැදුනොත් නම්.
3.රෝග අවධානම් සාධක : ප්‍රධානම දේ තමයි වයස
මීට අමතරව;
4. රෝගය ක්‍රියාත්මක වෙන ආකාරය : ශරීරයේ බහු අවයව අකර්මණ්‍යය වීමක්ලු වෙන්නේ. ඒ කිව්වේ අක්මාව, වකුගඩුව, හදවත් වගේ එව්වා එක පාර හරියට වැඩ කරන්න ගන්නේ නැතිලු.
5.රෝගී ලක්ෂණ :
මේ රෝගියාට දැනෙන දේවල් :
මේ දොස්තරට රෝගියාගෙන් පෙනෙන දේවල්ලු :
6. ප්‍රතිකාර : කසාදයක් බන්දලා දෙන එකලු 100% ක් ම සාර්ථක ප්‍රතිකාරය. නමුත් ඔය කොහේ හරි එකක් සෙට් වෙන එකලු තාවකාලික ප්‍රතිකාරය. වයස අඩුවෙන් රෝගය වැළදෙන තරමට රෝගයෙන් ඇතිවෙන අතුරු ආබාධ තවත් වැඩියිලු.
7. රෝගය වැලැක්වීම : රෝගය වැළඳීම වැලැක්වීමට කැති, පොලු, වේවැල් පාවිච්චි කරලා කිහිපවරක් උත්සාහ කරන්න පුලුවන්ලු. නමුත් ලෝක ආදරවන්තයින්ගේ සංගමය හොයාගෙන තියෙනවලු රෝගය වැළඳීම ඔය වයස් සීමාව තුල අනිවාර්යය අංගයක් බවත් ඒ නිසා රෝගය නැවැත්වීම කළ නොහැකි දෙයක් බවත්. ඒ වගේම රෝගය නැවැත්වීමට පියවර ගැනීම රෝගය තවත් වැඩි වෙන්න හේතු වෙනවලු.
කලින් ගිහින් තියෙනම් සොරි වෙන්න ඕනේ.? ඔබටත් මේ රෝගය කීවරක් වැළඳී තිබේද.?

- සහ අධ්‍යයාපනය (ඒ කිව්වේ මිශ්‍ර පාසල් ක්‍රමය )
- ජංගම දුරකතන
- චිත්‍රපට ( අර නිල් පාට එව්වා නෙමෙයි හොඳේ )
- ෆේස් බුක්, ස්කයිප් වැනි සමාජ ජාල වෙබ් අඩවි
4. රෝගය ක්‍රියාත්මක වෙන ආකාරය : ශරීරයේ බහු අවයව අකර්මණ්‍යය වීමක්ලු වෙන්නේ. ඒ කිව්වේ අක්මාව, වකුගඩුව, හදවත් වගේ එව්වා එක පාර හරියට වැඩ කරන්න ගන්නේ නැතිලු.

5.රෝගී ලක්ෂණ :
මේ රෝගියාට දැනෙන දේවල් :
- පපුව නිකන් හිරවෙන්න ගන්නවලු. හැබැයි ඒ හිරවෙන එක පපුවේ කැක්කුමක් ආවම හිරවෙන හිරවිල්ල නෙමෙයිලු හරි ජොලිලු.
- කෑම අරුචිය එහෙම තියෙනවලු
- නින්ද යන්නෙත් නැතිලු හරියකට
- දවල් සිහින දැකීමට හුරුවෙනවලු
- කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති තරමට කම්මැලි වෙනවලු
- භයානකම දේ තමයි මෙච්චර කලක් හොඳට හිටපු එකා/එකී කවි කාරයෙක් වෙන්න ගන්නවලු
මේ දොස්තරට රෝගියාගෙන් පෙනෙන දේවල්ලු :
- තනියම හිනා වෙනවලු
- ඇස් දෙකේ කණීනිකා ලොකු වෙලාලු තියෙන්නේ
- කම්මුල් සෝස පාටයිලු - විශේෂයෙන් ගෑණු ළමයින්ගෙන්
- දරුණුම දේ කියන්නේ වෙද නලාව තියලා හදවතේ සද්දේ ඇහුවම "ලබ්-ඩබ්" වෙනුවට "ලව්-ඩබ්" කියලලු ඇහෙන්නේ

++