iphoneඋයි androidඋයි compare කරනවා කියන්නේ හරියට ජපන් බයික් එකකුයි ඉන්දියන් බයික් එකකුයි compare කරනවා වගේ වැඩක්.
අවුරුද්දකට ඉන්දියන් බයික් සැහෙන්න එනවා.
pulser, apache, karisma වගේ highend ඒවත් එනවා.
හැමෝම ලග තියනවා, හැමෝම පදිනවා.
එත් අවුරුද්ද යද්දී ලෙඩ දෙනවා.
ගත්ත අලුත තිබුන ගතිය නැහැ.

පෙට්‍රල් කරන්නේ නැහැ , කඳු අදින්නෙත් නැහැ.

තියනවයි කිව්ව පට්ට performance වලින් බාගයක් වත් නැහැ.
ගානකට දීල දාන්න හොද 2nd hand මාකට් එකක් නැහැ.
එත් honda බයික් එකක් එන්නේ කාලෙකට පස්සේ.
එකක් අවුට් වුනාම හැමෝම එක ගැන කතා වෙනවා.
ටිකක් ගණන්. එත් ගත්තොත් ගත්තමයි.
ලෙඩ අඩුයි, කාලෙත් එක්ක performance අඩු වෙන්නේ නැහැ.
ඕකම තමයි iphone / android අතරෙත් තියෙන්නේ.
මම මිට අවුරුදු 3කටත් කලින් ගත්තු (2010 oct) iphone4 එක තාම බබා වගේ මගේ ලග තියනව.


ios7 නුත් දාල පොඩ්ඩක්වත් stuck නොවී වැඩ.
එත් එක්කම අවුට් වුන galaxy s2 එකක් මල්ලිට අරන් දුන්න.
ඒක අවුරුද්දක් වත් පාවිච්චි කරන්නේ නැතුව හෙන අඩුවට විකුනන්න උනා අවුල් යන හින්ද.