කතන්දර කාරයා විසින් පුක
යනු කුණු හරුපයන් නොවෙන බව අති සාර්ථක විදියට ඔප්පු කළා. ඒ අතරම "පයිය"
යැනු පැසට කියන තවත් නමක් විනා කුණු හරුපයක් නොවෙන වග කෝරලේ මහත්මයා විසින් මෑතකදී අති සර්ථකව ඔප්පු කරන ලැබුවා. අද බඩා මාමා පෙන්නන්න යන්නේ "පක"
කියන්නෙත් කුණු හරුපයක් නොවෙන වග. මේකට අදාල කර ගන්නෙත් පරණ කතාවක්මයි.
සාමාන්‍ය පෙළ සිංහල පන්තියකට බඩා ගියේ මාස කීපයක් විතරයි. ඒ කාලයේදී, (1992 දී හරිද?) වෙච්ච කතාවක් තමයි මේ. බඩා ගේ සිංහල පන්තිය කුඩා පන්තියක්. අර ගොඩක් පන්ති වල වගේ පිරිමි ළමුන්, ගැහැණු ලමුන් දෙපැත්තෙන් ඉඳ ගන්න ගතිය මේ පන්තියේ තිබුණේ නෑ. ඔක්කොම ඉඳ ගත්තේ එක ගොඩේ. මේ නිසා බොහොම කිට්ටු සම්බන්ධයක් සිසුන් අතර තිබුණා. ඒ නිසාම පන්තියේ දෙන කුඩා විවේකයේදී ගේන කෑම එහෙම බෙදා ගෙන කන්නත් පුරුදු වෙලා හිටියා.
එක දවසක් ගුරුතුමා අපට ඉගන්නුවේ "මිනර්වා" නාට්‍ය ශෛලිය ගැන. මිනර්වා ශෛලියේ එක ලක්ෂණයක් තමයි ලිඛිත භාෂාව නාට්‍යයට භාවිතා කර ගැනීම. ඒ නිසා එදා අපි කතා කළේ "මිනර්වා" ශෛලියෙන්. "උඹ ගෙදර ගියාද?" කියන එක මිනර්වා ශෛලියෙන් අහන්නේ "ඔබ නිවෙසට සපැමිණියාද?" කියලයි. කරුමෙට වගේ එදා බඩා ගාව තිබුනේ අඹ ගෙඩියක්. බඩා ගේ සමීප මිත්‍රයා ගාව තිබුනෙත් එහෙම එකක්. බඩා ලඟ හිටපු කෙල්ලෙක්ගෙන් ඇහුවා "සොයුරිය, නුඹට අවැසි ඔහු අත ඇති පකද? මා අත ඇති පකද?"
(ඒ වෙලාවේ අපි දෙන්නගෙන් කවුරුවත්ම සාක්කුවේ අත් දාගෙන නම් හිටියේ නෑ!). නොහිතූ විදියට අපේ මිතුරිය "ඩිම්" වෙලා ගිහින් මේ අවනඩුව ගුරුතුමට කියා සිටියා.
තුන්දෙනාම එක තැනකට කතා කරපු ගුරුතුමා මුලින්ම කතා කළේ කෙල්ලට.
"ළමයා "පක්" කියල කියන්නේ ගෙඩි වලට. "තිබෙන ඇත්දළ පමණ පක් ඇති කෙහෙල් කැන ය" කියල බුත්සරණේ තියෙනව. "ඉක්බිති නුග පක් සමූහයක් වැනි වු දෝ හෝ නො හොත් බඳු වද මල් ඇති රියක් වැනි වු සුගත් පොරෝනා සිවුර රත් පළසකින් ඇත් කුඹක් වසන්නාක්හු මෙන්" කියල සද්ධර්මරත්නාවලියේ තියෙනවා. ඒක සිංහල වචනයක්. හිතේ කුනු තියා ගත්තම ඔහොම වෙනවා"
එහෙම කියල කෙල්ලව එළවලා දැම්මා.
අපි දිහාවට හැරුණු ගුරුතුමා "තොපේ කුණු කටවල් මම දන්නවා. මේ සැරේ බේරුණා කියල මතක තියා ගනිල්ලා" කියල එලවලා දැම්ම මිසක කිසිම දඬුවමක් ලබා දුන්නේ නෑ.
Source - BadaMama's blog
යනු කුණු හරුපයන් නොවෙන බව අති සාර්ථක විදියට ඔප්පු කළා. ඒ අතරම "පයිය"
යැනු පැසට කියන තවත් නමක් විනා කුණු හරුපයක් නොවෙන වග කෝරලේ මහත්මයා විසින් මෑතකදී අති සර්ථකව ඔප්පු කරන ලැබුවා. අද බඩා මාමා පෙන්නන්න යන්නේ "පක"
කියන්නෙත් කුණු හරුපයක් නොවෙන වග. මේකට අදාල කර ගන්නෙත් පරණ කතාවක්මයි. සාමාන්‍ය පෙළ සිංහල පන්තියකට බඩා ගියේ මාස කීපයක් විතරයි. ඒ කාලයේදී, (1992 දී හරිද?) වෙච්ච කතාවක් තමයි මේ. බඩා ගේ සිංහල පන්තිය කුඩා පන්තියක්. අර ගොඩක් පන්ති වල වගේ පිරිමි ළමුන්, ගැහැණු ලමුන් දෙපැත්තෙන් ඉඳ ගන්න ගතිය මේ පන්තියේ තිබුණේ නෑ. ඔක්කොම ඉඳ ගත්තේ එක ගොඩේ. මේ නිසා බොහොම කිට්ටු සම්බන්ධයක් සිසුන් අතර තිබුණා. ඒ නිසාම පන්තියේ දෙන කුඩා විවේකයේදී ගේන කෑම එහෙම බෙදා ගෙන කන්නත් පුරුදු වෙලා හිටියා.
එක දවසක් ගුරුතුමා අපට ඉගන්නුවේ "මිනර්වා" නාට්‍ය ශෛලිය ගැන. මිනර්වා ශෛලියේ එක ලක්ෂණයක් තමයි ලිඛිත භාෂාව නාට්‍යයට භාවිතා කර ගැනීම. ඒ නිසා එදා අපි කතා කළේ "මිනර්වා" ශෛලියෙන්. "උඹ ගෙදර ගියාද?" කියන එක මිනර්වා ශෛලියෙන් අහන්නේ "ඔබ නිවෙසට සපැමිණියාද?" කියලයි. කරුමෙට වගේ එදා බඩා ගාව තිබුනේ අඹ ගෙඩියක්. බඩා ගේ සමීප මිත්‍රයා ගාව තිබුනෙත් එහෙම එකක්. බඩා ලඟ හිටපු කෙල්ලෙක්ගෙන් ඇහුවා "සොයුරිය, නුඹට අවැසි ඔහු අත ඇති පකද? මා අත ඇති පකද?"
(ඒ වෙලාවේ අපි දෙන්නගෙන් කවුරුවත්ම සාක්කුවේ අත් දාගෙන නම් හිටියේ නෑ!). නොහිතූ විදියට අපේ මිතුරිය "ඩිම්" වෙලා ගිහින් මේ අවනඩුව ගුරුතුමට කියා සිටියා. තුන්දෙනාම එක තැනකට කතා කරපු ගුරුතුමා මුලින්ම කතා කළේ කෙල්ලට.
"ළමයා "පක්" කියල කියන්නේ ගෙඩි වලට. "තිබෙන ඇත්දළ පමණ පක් ඇති කෙහෙල් කැන ය" කියල බුත්සරණේ තියෙනව. "ඉක්බිති නුග පක් සමූහයක් වැනි වු දෝ හෝ නො හොත් බඳු වද මල් ඇති රියක් වැනි වු සුගත් පොරෝනා සිවුර රත් පළසකින් ඇත් කුඹක් වසන්නාක්හු මෙන්" කියල සද්ධර්මරත්නාවලියේ තියෙනවා. ඒක සිංහල වචනයක්. හිතේ කුනු තියා ගත්තම ඔහොම වෙනවා"
එහෙම කියල කෙල්ලව එළවලා දැම්මා. අපි දිහාවට හැරුණු ගුරුතුමා "තොපේ කුණු කටවල් මම දන්නවා. මේ සැරේ බේරුණා කියල මතක තියා ගනිල්ලා" කියල එලවලා දැම්ම මිසක කිසිම දඬුවමක් ලබා දුන්නේ නෑ.

Source - BadaMama's blog

සහෝ කුණුහරුප කියන්න එපා public forum වල. 