මේව බිස්නස් ද? හොර වැඩ ද?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    ටිකක් වෙලාව අරන් කියවල බලන්න. සමහර විට මේ දේ ගැන ඔබටත් කෙනෙක් පැහැදිලි කරල ඇති, ඔබ මේ ව්‍යාපාරයේ යෙදෙනවත් ඇති. මෑතකදී ම‍ට මේ සිද්ධිය වුනා.
    මගේ හිතවතෙක් දුරකතනයෙන් කතා කලා. "මචං, බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා... වෙලාවක කෝල් එකක් දීල වරෙන්. හෙට අනිද්දම. මං දැනට බිස්නස් එකේ ඉන්නවා. උඹටත් චාන්ස් එකක් මේක."

    මම මේ දවස්වල ගහන්නේ අමුම හද්ද රෝලකි. ඒත් යාලුවගේ වචනය සලකා කතා කිරීමට ගියෙමි.

    මොහු මාව එම ව්‍යාපාර ස්ථානයටම ගෙන ගියේය. තැන පිළිවෙල ය. එහිදී මා හා ටිකක් ආගිය තොරතුරු විමසූ මිතුරා ටික වේලාවකින්, ව්‍යාපාරය ගැන හරිම තොරතුරු ලබා ගැනීමට කෙනෙක් වෙත යොමු කලේය.

    යාලුවා මට කතා කරද, බිස්නස් ටෝක් එක දෙන්නෙ මේ අලුත් පොර ය. මන්ද යත්, උගේ මාකටිං කට ටිං ටිං වගේ නිසාය. සිරා බුලට් එකකි. පොයින්ට් එකට කතා කරයි. ඔහුට අනුව අනුන්ට කඹුරා පඩියක් ගෙන කාර් එකක් ගන්නට ආත්ම ගණනක් යයි. ඇත්ත! මෙවන් අනේක තර්ක නිසා ඇත්තටම ඔහුගේ කතාව සිත්ගනියි.

    මේක තමයි බිස්නස් එක.
    "මල්ලි ඔයා මුලින්ම අපි ලග රෙජිස්ටර් වෙන්න. ඒකට අපේ භාණ්ඩයක් ගන්න ඕන. ප්‍රශ්නයක් නෑ මොකද ඔයා ගන්න භාණ්ඩෙ ඔයාට වටිනවා." (මෙය විදුලි උපකරණයකි)
    "ඕක අරන් මාස දෙකක් ඔයා පාවිච්චි කරන්න. ඒ ගමන් අනිත් අයට මේ ගැන කියන්න."
    (එතකොට මං දාපු සල්ලි???)
    "මාස දෙකේ ඔයා වෙනුවෙන් කම්පැණිය වැඩ කරනවා.. ඔයාට තියෙන්නෙ අලුත් අයව සිස්ටම් එකට අදුන්නල දෙන්න. ඒ අලුත් අය ඔයා හරහා රෙජිස්ටර් වෙද්දි ඔයාට අපි ගෙවිමක් කරනවා. ඒ අය තව කට්ටිය අදුන්නල දෙද්දි එයාලටත් ගෙවනවා, ඒ අතරෙ ඔයාගෙ ආදායම තව වැඩිවෙනවා. කල් ගියාම මල්ලිට සල්ලි එන්නෙ නිකං, නිකං!"
    නිකං සල්ලි නම් පොරෝ පාරක් තිබුනත් ලැබෙන්නෙ නැත. එයටද මහන්සියක් යයි. තවමත් මට ප්‍රශ්නයක් ඇත.

    "එතකොට අයියා රෙජිස්ටර් වෙන්න කීයක් ඕනද?" (මේ වනාහි මාගේ වන්ස් ඉන් අ ලයිෆ්ටයිම් ආයෝජනයයි)
    ඒ ගැන මාගේ මිතුරා කීවේය. පොතේ හැටියට බිස්නස් කරන්න නම් 60,000ක් ගෙවා මං සෝලා පැනල් එකක් ගත යුතු වේ. එයින් LED ලාම්පු 4ක් දැල්විය හැක. ෆෝන්, ලැප්ටොප් චාජ් කල හැක. එහෙත් මට ඇත්තටම මේවා අවශ්‍ය නැත. මසකට 2000ක් බිල් ගෙව්වත් මට හිරු බලයෙන් ලයිට්, ෆෝන් පාවිච්චි කරන්නට අවශ්‍ය නොවේ. නමුත් බිස්නස් කිරීමට නම් මම මෙය මිලදී ගෙන, අන් අයටද මිලදී ගැන්විය යුතුය. මම ව්‍යාපාරයට එක් කරන සාමාජිකයෙක් නිසා සමාගම මට 7500ක් ගෙවනවාය. ඒ අයුරින් මට 4 දෙනෙක් දක්වා එකතු කරගත හැක. පසුව ඒ සාමාජිකයන්ගේ අනු සාමාජිකයන් නිසාද මට පොඩි කොමිස් ලැබේ.

    මට 60,000ක් නැත. තිබුනානම් මම එදා කුඩයක් නැතුව වැස්සේ දුවගෙන ඒ වැඩේට යන්නේද නැත. ත්‍රීවිල් එකකින් ඒ ටික යන්නට මට තිබුණි. "අයියෙ හැටදාහ තමයි කේස් එක, මට සල්ලි ටිකක් එකතු උනාම එන්නද?"
    "මල්ලි, සල්ලි මෙච්චර කල් හම්බ කරලත් ඉතුරු උනේ නැත්තම් ඉස්සරහටත් නෑ ම තමයි :P ඔයාට දවස් දෙකක් දෙන්නම්. කාගෙන් හරි ඉල්ලල ටික දවසක් රෝලක් ගහන්න."
    ණය වීම සහ ණය දීම මා අකමැතිම මාතෘකා දෙකකි. කවුද මට ණය දෙන්නෙ? ගෙවන්න බැරි උනොත් මොකෝ වෙන්නෙ? 60,000 කවර් කරන්න කොච්චර කල් යයිද? මේ ප්‍රශ්ණ වලට උත්තර ඇත්තේ මාගේ හිතවතුන් වන, මම ඉදිරියේදී සමාගමට අදුන්වා දෙන අලුත් කස්ටමර් ලා ලගය.

    දැන් මට දන්න අය කියන්න. මේ මනුස්සයා මට ප්ලෑන් එක කියද්දිත් මට මේකෙ පිරමිඩ් ස්වභාවයක් දැනුනා. මේක ඇත්තටම පිරමිඩ්ද? (අර මාකටිං පොර විස්තර කල වේලාවෙදී "මල්ලි මේව ඉලීගල් නෙවෙයි, පිරමිඩ් නෙවෙයි" කියා කියු බවද මතක් කලයුතු වේ)

    දන්නා කියන කෙනෙක් වේ නම් නූල පොහොසත් කරන්නටද, නොදන්නා කෙනෙකු අමාරුවේ නොවැටී සිටීමේ බලාපොරොත්තුවෙන්ද පළ කලෙමි. එලකිරි නීති පද්ධතියට පටහැනි තොරතුරක් පළවූයේ නම් සමාව අයැදිමි. සාකච්ඡාවට විවෘතයි!
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Owa okkoma pyramid scheames machan.. eka eka kaaleta eka eka widiyata enawa. always the top guy wins.. latter loses.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Athatama owa pyramid ma tama .ekata manushika muhunuwarak dila .:P owata ahu una un innawa ubata mole tiyenawa:D
     
    • Like
    Reactions: nOoB_SL

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උබ ඔකේ සල්ලි දැම්මොත් උබට ජීවිත කාලෙම business එක අයිති එකාට බැන බැන තමයි ඉන්න වෙන්නේ. :rolleyes:
     
    • Like
    Reactions: nOoB_SL

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඔය කාලකන්නින්ට නම් අහුවෙන්න එපා.. මගෙත් යාලුවෙක් දවසක් එන්න කියල මමත් ගිය. මම යනකම්ම ඌ කිවූවේ නැහැ මොකක්ද කාරනවා කියල. ඌ මගේ හොද යාලුවා නිසා මමත් ගියා., මටත් මවල පෙන්නුවේ සුරංගනා ලෝකයක්. නිකන් ඉදන් සල්ලි හොයන විදිය.. උන්ට සමහර උන් අහුවෙනවා. මම නම් අහු උනේ නැහැ.. මම ගියේ විහාරමහා දෙවි පාර්ක් එක ලග එකකට. එතනට ගිය තව අය ඉන්නවනම් කියපල්ලා කතාව.
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    හැමෝම කියන්නෙ එරෙන සීන් එකක් කියල තමයි නේ. :rolleyes:
    ඔව් මං වැඩෙන් ශේප් උනා. තව බලමු මේ බිස්නස් පොට් එක සෙට් වෙච්ච අය ඉන්නවද කියල. නැති වෙන්නත් බෑ හැබැයි :rolleyes:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔය කාලකන්නින්ට නම් අහුවෙන්න එපා.. මගෙත් යාලුවෙක් දවසක් එන්න කියල මමත් ගිය. මම යනකම්ම ඌ කිවූවේ නැහැ මොකක්ද කාරනවා කියල. ඌ මගේ හොද යාලුවා නිසා මමත් ගියා., මටත් මවල පෙන්නුවේ සුරංගනා ලෝකයක්. නිකන් ඉදන් සල්ලි හොයන විදිය.. උන්ට සමහර උන් අහුවෙනවා. මම නම් අහු උනේ නැහැ.. මම ගියේ විහාරමහා දෙවි පාර්ක් එක ලග එකකට. එතනට ගිය තව අය ඉන්නවනම් කියපල්ලා කතාව.

    මං ගිය තැන ගැන තව ටිකක් ඉදල කියන්නම්කො. කාටවත් ඒ කියන්නෙ සෙතක් වෙලා නෑ නේ? තව අය ඉන්නවනම් අපිව දැනුවත් කරන්න. :yes:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :P:P dapan machan ooka hena profit
    අපි දෙන්නම දන්න යාලුවෙක් තමයි මට අඩගැහුවෙ. hena profit නම් ඌ තව මාස 3,4 කින් කාර් එකේ යන්නැතැයි හෝන් පාරක් ගහල ;)
    බලමු!
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය කාලකන්නින්ට නම් අහුවෙන්න එපා.. මගෙත් යාලුවෙක් දවසක් එන්න කියල මමත් ගිය. මම යනකම්ම ඌ කිවූවේ නැහැ මොකක්ද කාරනවා කියල. ඌ මගේ හොද යාලුවා නිසා මමත් ගියා., මටත් මවල පෙන්නුවේ සුරංගනා ලෝකයක්. නිකන් ඉදන් සල්ලි හොයන විදිය.. උන්ට සමහර උන් අහුවෙනවා. මම නම් අහු උනේ නැහැ.. මම ගියේ විහාරමහා දෙවි පාර්ක් එක ලග එකකට. එතනට ගිය තව අය ඉන්නවනම් කියපල්ලා කතාව.

    ඕක තමයි ම්ම කිව්වේ... උබට පුලුවන් නම් ඔය පාක් එක ලගට යන එකා නොවී එතනට මිනිස්සු ගෙන්නන එකා වෙන්න උබ ගොඩ. අනිත් උන් උබට නිකන්ම සල්ලි හම්බ කරලා දෙනවා. සූදුව කියන්නේ නරක දෙයක් නෙමෙයි කොල්ලනේ.. මහ බෑන්කුවත් සූදු කෙලිනවා.. මේකේ ඉන්න උන් referral links වලින් කරන්නේත් සූදුවක් .හෑබෑයි ඉතින් ඔලුව ටිකක් තියේන්න ඕන.. නෑත්තන් අනතයි :D
     

    dishanwis

    Well-known member
  • ඔය කාලකන්නින්ට නම් අහුවෙන්න එපා.. මගෙත් යාලුවෙක් දවසක් එන්න කියල මමත් ගිය. මම යනකම්ම ඌ කිවූවේ නැහැ මොකක්ද කාරනවා කියල. ඌ මගේ හොද යාලුවා නිසා මමත් ගියා., මටත් මවල පෙන්නුවේ සුරංගනා ලෝකයක්. නිකන් ඉදන් සල්ලි හොයන විදිය.. උන්ට සමහර උන් අහුවෙනවා. මම නම් අහු උනේ නැහැ.. මම ගියේ විහාරමහා දෙවි පාර්ක් එක ලග එකකට. එතනට ගිය තව අය ඉන්නවනම් කියපල්ලා කතාව.


    best life kiyana company eikada bro matath oka set wela thiyenawaa thawama habai lankawee oka run wenawaa eiketh oya gihen thama okkoma explain karannee eiya la nam kiyannee tv peper add walata yana salli ithuru wenawaa eiwaa nisaaa profit eikak thiyenawa :confused:thawaa ayaa set karanna onee eitha kota apita podi ganak habbenawaa eikak hambenawaa kiyaa math oken nam berunaa thama yaluwaa nam set kara gannaa hadanawaa pyramid nemelu habai eiwaageee :baffled::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea wage hora wadak giya kalekata issara. Solar panal newe, furniture buy karanna thibune. Athana wanchavak une furniture normal prize ekata wadiyen a aya vikunuwe. Anika furniture avasya nowana ayatath aniyam andamakin vikinenawa. Aka nisa pahadiliwama eka wanchavak vage. But mea solar panel case eka tikak venas vage mata penne. [1] Srilankans la solar panal use karanna purudu veema hodha deyaki. But Mea aya meva vikunanne normal value ekata vadiyen nam athana vanchawak thiyenna puluwan. Anika quality eka bala nam ethakotath vanchavak venna puluwan. [2]Ath a aya solar panel vikunanne normal value eken good quality eken nam methana waradak penna naha netha? Solar panel sell karanavanam pamanai.
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඕක තමයි ම්ම කිව්වේ... උබට පුලුවන් නම් ඔය පාක් එක ලගට යන එකා නොවී එතනට මිනිස්සු ගෙන්නන එකා වෙන්න උබ ගොඩ. අනිත් උන් උබට නිකන්ම සල්ලි හම්බ කරලා දෙනවා. සූදුව කියන්නේ නරක දෙයක් නෙමෙයි කොල්ලනේ.. මහ බෑන්කුවත් සූදු කෙලිනවා.. මේකේ ඉන්න උන් referral links වලින් කරන්නේත් සූදුවක් .හෑබෑයි ඉතින් ඔලුව ටිකක් තියේන්න ඕන.. නෑත්තන් අනතයි :D

    :shocked::shocked:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    best life kiyana company eikada bro matath oka set wela thiyenawaa thawama habai lankawee oka run wenawaa eiketh oya gihen thama okkoma explain karannee eiya la nam kiyannee tv peper add walata yana salli ithuru wenawaa eiwaa nisaaa profit eikak thiyenawa :confused:thawaa ayaa set karanna onee eitha kota apita podi ganak habbenawaa eikak hambenawaa kiyaa math oken nam berunaa thama yaluwaa nam set kara gannaa hadanawaa pyramid nemelu habai eiwaageee :baffled::yes:[/B]

    :yes::yes: