සම්පත්_අත්තටගේ නැවතත් කරලියට

33000lk
අ.පො.ස සාමන්‍යය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 න් 19 ක්ම විභාගයට පෙර ලබාගෙන සිසුන් වෙත ලබාදුන් සම්පත් අත්තටගේ කලක් බන්ධනාගාරගතව පසුව ඇප මත නිදහස් විය.
ඔහුට විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබාදුන් විභාග දෙපාර්තමේන්තුවේ සේවෙයෙහි යෙදුනු ඔහුගේ ගෝලයා මේවනවිට වැඩතහනමට ලක්ව සිටී.
ඇප මත නිදහස් වීමෙන් අනතුරුව සම්පත් අත්තටගේ සිය ප්‍රතිරූපය ගොඩනැගීමේ ප්රයන්තයක යෙදුනු අතර ඒ සඳහා බොදුබල සේනාවේ අවසරයකින් තොරව ඔවුන්ගේ ප්රචාරක පුවරු සකස්කොට එහි අනුග්‍රාහකත්වය තමන් විසින් දරන ලදැයි පෙන්වා ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමේ සැලසුමක්ද පසුගියකාලයේ ඔහුවිසින් දියත්කොට තිබුණි.
මේවන විට 2014 උපකාරක පන්ති සඳහා ඔහු ප්රචාරක ව්‍යාපෘතියක් ආරම්භකොට ඇති අතර එයට සහය දී ඇත්තේ සම්පත් අත්තටගේ ගේ හිතවතෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ සොහොයුරාගේ නාලිකාව විසිනි.
එයට අමතරව දුමින්ද සිල්වා මැදිහත්ව පසුගියදා කොලොන්නාවේ සංවිධානය කරන ලද සාමන්‍යයපෙළ සම්මන්ත්‍රණය උදෙසා විද්‍යා ගුරුවරයා ලෙස ගෙන්වා තිබුනේ සම්පත් අත්තටගේ ය.
මෙලෙස විභාග ප්‍රශ්න පත්‍ර වංචා නඩුවක සැකකරුවකු සාමන්‍යපෙළ සම්මන්ත්‍රණයක් සඳහා ගෙන්වීම පිලිබඳ ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන දෙපාරතමේන්තුව ට පැමිණිලි කර ඇතිඅතර ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ එය අධ්‍යාපන අමාත්‍යංශය විසින් පැවැත්වූ එකක් නොවන බවත් එය එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පැවැත්වූ වුවක් යනුවෙනි.

33000lk



did u read this article?

