චාමරට ඇප..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,984
    46,336
    113
    චාමරට ඇප

    බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද (19) නියෝග කර තිබේ.
    ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයදුම සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.

    පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පෙරවරු නවයට පමණ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

    ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වර්ෂයේ දී පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපොළ පණත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,283
    113
    කෑගල්ල
    බඩ තඩියා ඡන්දෙට ගහපු කොන්ත්‍රාත්තුව ඉවර ඇති පොන්නයා, හරි විදිහට ගේමක් ඇද්දනම් රාජ්ය සේවයම අවුල් ජාලයක් කරන්න තිබ්බා. එහෙම කරලත් ජෙප්පෝ ඡන්ද ලක්ෂ විස්සක් පරාදයි... :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: nppcheguevara

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,410
    25,621
    113
    උන් නීති උපදෙස් පිට තමයි හොරකම් කරන්නේ.... එව්වා වෙනස් කරන්න නේද iphone මාලුමාමලා ආවේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    චන්දෙ බලල නඩුවක් දැම්මා! ඇතූලට දැම්මා! එත් සීට් එක පැරදුනා! අපොයි ලපෙයා!
     
    • Haha
    Reactions: kasun090354t