ප්‍රකෝටිපති_ධම්මික

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ප්‍රකෝටිපති_ධම්මික

    probedammi.jpg


    සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධම්මික පෙරේරා ධනවතකු බවට පත් වූයේ වාසනා මහිමය නිසාම නොවේ. එය ක්‍රමවත්ව සකස්‌ කෙරුණු වැඩ පිළිවෙළකි. 1999 දී ඔහු 32 වනවියේ පසුවන විට ඉතා වැදගත් ආර්ථික මාර්ගෝපදේශකයෙක්‌ ඔහුට හමු වෙයි. ධම්මික මේ මාර්ගෝපදේශකයා සමග එක්‌ව විසි අවුරුදු ව්‍යාපාරික සැලැස්‌මක්‌ සකස්‌ කර ගත්තේය. එහි අරමුණ වුණේ වසර 2019 වන විට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශ 12 ක ප්‍රමුඛයා බවට ඔහු පත්වීමය. මේ වන විට එකී ව්‍යාපාරික අංශවලින් 9 ක ප්‍රමුඛයා ලෙස ධම්මික කටයුතු කරයි. සංචාරක ව්‍යාපාරය බැංකුකරණය සහ ඇඟලුම් ව්‍යාපාරය මේ ව්‍යාපාරවලට අයත්ය. ඔහුගේ Royal Ceramics Lanka ආයතනය වසර 2010 දී හොඳම ආසියානු ශාන්තිකර සමාගම් 200 න් එකක්‌ ලෙස Forbes Asia සඟරාව විසින් ලැයිස්‌තු ගත කර තිබුණි. එහි වාර්ෂික ආදායම ඒ වන විට ඩොලර් බිලියනයකට ස්‌වල්පයක්‌ අඩු විය.

    අද ධම්මික පෙරේරාගේ ව්‍යාපාර රාජධානියට ශ්‍රී ලංකා කොටස්‌ වෙළෙඳ පොළේ ලැයිස්‌තු ගත සමාගම් 23 ක්‌ අයත් ය. එය කොටස්‌ වෙළෙඳ පොළේ අලෙවි වන සමස්‌ථ සමාගම් සමූහයෙන් 8% කි. ඔහු මේ වන විට සිය ව්‍යාපාරික හස්‌තය තායිලන්තය, ඉන්දුනීසියාව, ජපානය, එක්‌සත් රාජධානිය සහ වෙනත් රටවල් දක්‌වා ව්‍යාප්ත කර තිබේ. එකී ජාලය තුළ සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 62000 කි. කැනඩාවේ වොලල්මාට්‌ සමාගමට ඔහු භාණ්‌ඩ සපයයි. එසේම 'ලීවයි ස්‌ට්‍රොස්‌ගේ' ලීවයිස්‌ ඩෙනිම් සමාගමට ඔහු රෙදි සපයයි. මීට අමතරව ඩොලර් බිලියන ගණනක වත්කමක්‌ ඔහුට එකතු කරන පෞද්ගලික කැසිනෝ ව්‍යාපාරයක්‌ද ධම්මික සතුව තිබේ. ඔහුගේ සමාගම් සමූහය නිසි ලෙස බදු ගෙවයි.

    ධම්මික පෙරේරාගේ සරල කාර්යාලය කොළඹ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් ගොඩනැඟිල්ලේ 29 වන තට්‌ටුවේ පිහිටා ඇත. එය ලංකාවේ උසම ගොඩනැඟිල්ලයි. මේ කාර්යාලය සුඛෝපභෝගී විධායකයකුගේa දර්ශනීය කාමරයක්‌ නොවේ. එය ආයෝජන කාර්යාලයකි. ඔහු මේ කාර්යාලයේ සිට විවිධ ආයතනවල බහුතර කොටස්‌ මිලට ගෙන නිකම්ම ඒවායේ ප්‍රධානියා බවට පත්වෙයි. ඊළඟට එම ආයතනයට නායකත්වය දීම සඳහා සුදුසු කළමනාකරුවන් සොයා ගන්නා ඔහු ඉදිරි ගමන සඳහා ඔවුන්ට එම ආයතන භාරකරයි.

    ධම්මික පෙරේරාගේ කාර්යාලය තුළ ඇත්තේ රාමුකර එල්ලූ ඡායාරූප දෙකක්‌ පමණි. ඉන් එකක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඔහු අතට අත දෙන පින්තූරයයි. " ත්‍රස්‌තවාදය පරාජය කිරීමට පුළුවන් වුණේ ඔහුට විතරයි." ධම්මික කියයි. ජනාධිපතිතුමා දැනටමත් රටේ ප්‍රමුඛ තනතුරු කිහිපයකට ධම්මික පත් කර තිබේ. කලකදී ඔහු ලංකා ආයෝජන මණ්‌ඩලයේ සභාපති විය. එය 2010 දීය. මේ කාලයේදී ශ්‍රී ලංකාව තුළට ඩොලර් 50000 ට වඩා ගෙනවුත් ආයෝජනය කිරීමට හැකි ඕනෑම කෙනකු සමග කතා කිරීමට ඔහු සුදානමින් සිටියේය.

    ධම්මික පෙරේරාගේ ජීවිත කතාව පටන් ගන්නේ ලෝක ඉතිහාසයේ සිටින ඇතැම් ධනවතුන්ගේ ජීවිත කතාව මෙන් වැරහැලිගොඩවල් සහ දුප්පත් කම අතරින් නොවේ. ඔහුගේ මුත්තා ඔහු උපන් පයාගල විසූ ධනවත්ම මිනිසාය. මේ ධනවතාට ප්‍රදේශයේ කුඹුරු ඉඩම් බොහෝමයක්‌ම අයත්ව තිබුණි. ධම්මිකගේ පියා සිල්ලර කඩ වෙළෙන්දෙකි. ඔහුගේ මව ගුරුවරියක වන අතර ධම්මිකට මුදල් කළමනාකරණය සහ ජීවන කුසලතා පිළිබඳ පුහුණුව සපයන ලද්දේ ඇය විසිනි. වයස අවුරුදු 11 දී ධම්මිකගේ අම්මා මසකට ඔහුට රුපියල් 300 ක්‌ දීමට පටන් ගත්තාය. එතැන් සිට වසර 8 ක්‌ තිස්‌සේ ධම්මිකට පාසල් ගාස්‌තු ආහාරපාන සඳහා යන වියදම් දරන්නට සිදු වූයේ මේ මුදලිනි. ආයෝජකයකු වශයෙන් ඔහු ජීවිතය පටන් ගනිමින් කොළඹ පිහිටි තම මාමාගේ කඩේ ඉදිරිපිට බඩු විකුණූ පේමන්ට්‌ වෙළෙන්දෙකුට සුළු පොලියක්‌ මත මුදල් ණයට දෙයි. ඉන් පසු ඔහු ජැක්‌පොට්‌ යන්ත්‍ර කිහිපයක්‌ මිලට ගෙන ඒවායින් ආදායම් උපයන්ට පටන් ගනී. 1987 වන විට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ක්‍රමයෙන් උග්‍රවීමට පටන් ගත් අතර මොරටුව විශ්වවිද්‍යාලයේ ඔහු හදාරමින් සිටි උපාධි පාඨමාලාවද කඩා කප්පල් වේ. අනතුරුව තාක්‍ෂණික කටයුතු පුහුණු වීම සඳහා ඔහු තායිවානයට යයි. තුන්මසකට පසු ආපසු ලංකාවට එන ධම්මික ජැක්‌පොට්‌ යන්ත්‍ර නිෂ්පාදනය කර අලෙවි කිරීමට පටන් ගනී. මේ සඳහා පිහිටුවන ලද කුඩා කම්හලේ අධීක්‍ෂක ලෙස සිය 17 හැවිරිදි සහෝදරයා වන හරීන්ද්‍රගේ සේවය ලබා ගැනීමට ඔහුට හැකි වේ. (ඔවුන්ගේ බාල සහෝදරයා වන අනුරුද්ධ ඒ වන විට 15 හැවිරිදි වූ අතර අද ධම්මිකගේ ව්‍යාපාරවල සේවය කරයි. ධම්මිකට සහෝදරියකද සිටී) 1993 දී ධම්මික සූදු ව්‍යාපාරයට අවතීර්ණ වෙමින් සිය පළමු වන කැසිනෝව විවෘත කරයි. මේ දිනවල ඔහු සූදානම් වෙන්නේ ක්‌වීන්ස්‌බරි රිසෝට්‌ ඇන්ඩ් කැසිනෝ නමින් තට්‌ටු 4 ක්‌ උස කාමර 500 සමන්විත දැවැන්ත ව්‍යාපාරයක්‌ ගොඩනැඟêමටය. අද වන විට ඔහු ජැක්‌පොට්‌ මැෂින් සාදන්නේ නැත. තම කැසිනෝවලින් ලැබෙන ලාභය තම සමස්‌ථ ව්‍යාපාරවලින් ලැබෙන ලාභයෙන් 3% ත් 4% ත් අතර ප්‍රමාණයක්‌ බව ඔහු පෙන්වා දෙයි.

    ඔහුගේ ව්‍යාපාරික නියමුවා ඔහුට හමුවන්නේ 1999 දීය. ඒ විශිෂ්ට පුද්ගලයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත නදීම් උල් හක්‌ ය. ව්‍යාපාරික ලෝකය තුළ හැසිරෙන හැටිත්, කළහකාරි විය යුතු ප්‍රමාණය ගැනත් නදීම් උල් හක්‌ විසින් ධම්මික පෙරේරාට උගන්වන ලදී. අනතුරුව ජර්මනියේ ණFඋ බැංකුවේ පැවැති පුහුණු සැසියකට ධම්මික පෙරේරා යෑවීමට නදීම් උල් හක්‌ කටයුතු කරයි. මේ ගමන යන ධම්මික ආපසු එන්නේ මුදල් කළමනාකරණය කරන ආකාරයත් අවදානම් මගහැරීමත් ප්‍රගුණ කොටය.

    ඉන් පසු එකමේසයක හිඳගන්නා උල් හක්‌ සහ ධම්මික පෙරේරා විසි අවුරුදු ව්‍යාපාරික සැලසුම පිළියෙල කරයි. ඒ සැලසුමෙන් තව ඉතිරිව ඇත්තේ වසර 6 ක්‌ පමණි. ඒ අතර ඒ සැලසුමට අදාළ අංශ 12 කින් අත්පත් කර ගැනීමට ඔහුට තව ඉතිරිව ඇත්තේ අංශ 3 ක්‌ පමණි. ඒවා නම් සෞඛ්‍ය අංශය, රක්‍ෂණ අංශය සහ ටෙලිකොම් වෙළෙඳපොළයි. මේ තුළින් පළමු දෙක ඔහු දැනටමත් සැලසුම් කර තිබේ. එහෙත් ඉතා ඉක්‌මනින් වෙනස්‌ වන තාක්‍ෂණයක්‌ තිබෙන ලෝකයක ටෙලිකොම් ව්‍යාපාරය කෙබඳු විය යුතුද යන්න ගැන ඔහු තවදුරටත් සොයා බලමින් සිටී.

    සංචාරක ව්‍යාපාරයට ආයෝජනය කර තිබෙන ධම්මික පෙරේරා සතුව සුඛෝපභෝගී නිවාඩු නිකේතන සහ හෝටල් තිබෙන අතර ඒවා සතු සමස්‌ථ කාමර ගණන 600 කි. ඉදිරියේදී තවත් කාමර 1200 ක්‌ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හදුන්වා දීමට ධම්මික කටයුතු කරනවා ඇත. ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුල් වතාවට පසුගිය වසරේදී සංචාරකයන් දසලක්‍ෂයක්‌ රට තුළට පැමිණීමේ අත්දැකීම වින්දේය. 2016 වන විට මෙහි එන සංචාරකයන් ගණන විසිපන්ලක්‍ෂයක්‌ වනු ඇති බවත් 2020 වන විට එම ගණන ස්‌ථීර වශයෙන් පනස්‌ ලක්‍ෂයක්‌ වන බවත් ධම්මික කියයි.

    තම සාර්ථකත්වය ගැන ධම්මික පෙරේරා තුළ ඇත්තේ ආඩම්බරයකි. අද ඔහුට හිමි රෝයල් සෙරමික්‌ ලංකා සමාගම වසර 2000 වන විට, එනම් ඔහු එම සමාගම බාරගැනීමට පෙර, උපයමින් සිටියේ අවුරුද්දකට ඩොලර් ලක්‍ෂ 4 ක්‌ පමණි. එහෙත් මේ වසරේ මාර්තු 31 න් අවසන් වූ මුදල් වර්ෂය තුළ එම සමාගම අපේක්‍ෂිත ආදායම ඩොලර් දසලක්‍ෂ 127 වන අතර එයින් ඩොලර් දසලක්‍ෂ 18 ක්‌ම ලාභ වශයෙන් වාර්තා කෙරෙනවා ඇත. ඔහු සභාපතිධූරය දරන සම්පත් බැංකුව වසර 2007 වන විට ඩොලර් දසලක්‍ෂ 10 ක ලාභයක සිට ඩොලර් දසලක්‍ෂ 41 දක්‌වා ලාභයකට ප්‍රවිශ්ට විය. අවුරුදු 135 ක්‌ පැරණි ව්‍යාපාරික සමාගමක්‌ වන හේලීස්‌ සමාගමේ කොටස්‌ මිලට ගැනීමට පටන් ගත් ඔහු අද එහි ලොකුම කොටස්‌ කරුවාය. මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වන දා වන විට එම සමාගම 12 මාසයක්‌ තුළ ලැබූ ආදායම ඩොලර් මිලියන 615 ක්‌ විය. ධම්මිකගේ ලොකුම කොම්පැණිය හේලීස්‌ය. 2009 යේ මාර්තු 31 වන විට මේ සමාගමේ ලාභය ඩොලර් 28 ලක්‍ෂය තෙක්‌ ඉහළ ගියේය. ඔහු හේලීස්‌ අධ්‍යක්‍ෂක මණ්‌ඩලයට එක්‌ වන විට එහි වාර්ෂික ආදායම වූයේ ඩොලර් විසිපන්ලක්‍ෂයක්‌ පමණි.

    ධම්මිකගේ 'දකුණු අත වන්නේ' ඔහුට කිසිම නෑකමක්‌ නැති නිමල් පෙරේරාය. ඔහු නිමල් පෙරේරා හමුවන්නේ වසර 2000 දී පෑන්ඒෂියා බැංකුව මිලට ගැනීමේදීය. 54 හැවිරිදි නිමල් පෑන්ඒෂියා බැංකුවේ සේවය කරමින් සිටියදී එහි කොටස්‌ මිලදී ගත යුතු ආකාරය ධම්මිකට කියා දුන්නේය.

    ධම්මිකගේ පළමුවැනි 'හෝල්ඩින් සමාගම' වැලිබල් fiනෑන්ස්‌ය. ඔහු සතු සමාගම් හතක භාරකාරත්වය දරණ වැලිබල් සමාගම වසර 2011 දී සීමාසහිත පොදු සමාගමක්‌ බවට පත් විය. වැලිබල් 2, වැලිබල් 3, වැලිබල් 4 සහ වැලිබල් 5 යනුවෙන් තවත් සමාගම් හතරක්‌ පිහිටු වීමට ඔහු අපේක්‍ෂා කරයි. එයින් සමාගම් 3 ක්‌ ඔහුගේ 13 හැවිරිදි දියණියටත් දස හැවිරිදි සහ හත් හැවිරිදි පුතාටත් දීම ඔහුගේ අපේක්‍ෂාවයි. "ඒවායේ හිමිකරුවන් ඔවුන් නමුදු ඒවා කළමනාකරණය කරන්නේ වෘත්තිකයන්ය." ධම්මික කියයි. මෙවිට ඉතුරු වන වැලිබල් සමාගම් දෙක මගින් උපයන සියලු ලාභ පුන්‍ය කටයුතු සඳහා යෙදීම මේ බෞද්ධයාගේ අදහසය. 1999 සිට ඔහු භාවනාව ප්‍රගුණ කර තිබේ. භාවනාව මගින් ලබාගත් චිත්ත ඒකාග්‍රතාව හරහා අරමුණු සාක්‌ෂාත් කර ගැනීමට හැකි වූ බව ඔහු විශ්වාස කරයි. මත්පැන් පානය නොකරන ඔහු චිත්‍රපට බැලීමට කැමති නැත. ඔහු කාර්වලට ප්‍රියකරන අතර ඒවා මර්සීඩීස්‌ බෙන්ස්‌ රථ පමණක්‌ම විය යුතුය. ඔහුට බෙන්ස්‌ රථ 6 ක්‌ තිබේ. මෙතෙක්‌ එදා ගත කළ ජීවිතය තුළ ඔහුට අයත්ව තිබෙන්නේ අතේ බඳින ඔරලෝසු දෙකක්‌ පමණි. ඒ දෙකම Rolex ඔරලෝසුය.

    ධම්මික පෙරේරාගේ වත්කම ඩොලර් දසලක්‍ෂ 550 ක්‌ බව වාර්තා වී තිබේ.


    probe1.jpg


    සෝලි කැප්ටන් සහ රුසී කැප්ටන්

    ජෝන්කීල්ස්‌ සමාගමේ වැඩිම කොටස්‌ හිමි ව්‍යාපාරික පවුල වන්නේ සෝලිකැප්ටන් සහ රුසි කැප්ටන්ය. ඔවුන්ගේ කොටස්‌ වෙළෙඳ පොළ වත්කම ඩොලර් මිලියන 185 කි. පියා වන සෝලිකැප්ටන්ගේ වයස අවුරුදු 80 වන අතර පුතා වන රුසීගේ වයස අවුරුදු 48 කි.

    හැරී ජයවර්ධන

    ස්‌ටසෙන් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ලෙස 1977 දී ව්‍යාපාරික ජීවිතය පටන්ගත් 71 හැවිරිදි හැරී ජයවර්ධන ඩෙන්මාර්කයේ කලාව, විද්‍යාව සහ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් එරට දෙවන මර්ගරීත් රැජන වෙතින් නයිට්‌ පදවිය ලැබූ සිංහල ප්‍රකෝටිපතියෙකි.

    හැරී සෙල්වනාදන් සහ මනෝ සෙල්වනාදන්

    කාසන් කම්බබැච්, බුකිට්‌ දරා, ඇතුළු සමාගම් කිහිපයක හිමිකරුවන් වන හැරී සහ මනෝ, පාම්තෙල්, බීර නිෂ්පාදනය සහ හෝටල් ව්‍යාපාරය යනාදියෙහි නියුක්‌තය. හැරීට වයස 64 ක්‌ වන අතර මනෝට වයස 66 කි. ඔවුහු ඉන්දීය සම්භවයක්‌ ඇති සංක්‍රාමික පෙළපතකින් පැවතෙන්නෝය.

    ලෝකප්‍රකට Forbes ව්‍යාපාරික සඟරාව ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්‌තුවට ශ්‍රී ලාංකිකයන් හයදෙනකුගේ නම් පසුගියදා ඇතුලත් කළේය. මේ ලිපිය ඒ පිළිබඳව එම සඟරාවේ පළවූ ලිපියක සංක්‍ෂිප්ත සිංහල හැඩගැස්‌මයි.



    source:Forbes
    පරිවර්තනය අනුර සොලමන්ස්‌
    divaina


     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    probedammi.jpg

    ඔහු කාර්වලට ප්‍රියකරන අතර ඒවා මර්සීඩීස්‌ බෙන්ස්‌ රථ පමණක්‌ම විය යුතුය. ඔහුට බෙන්ස්‌ රථ 6 ක්‌ තිබේ.





    කෝටිපති ව්‍යාපාරිකයෙකු CHOGM බෙන්ස් රථ 4ක් මිලට ගැනීමේ සුදානමින්





    පසුගිය කාලයේ පොදුරාජ්‍යය මණ්ඩලීය සමුළුවට ගෙන ආ නවීනතම බෙන්ස් රථ ගැන බොහෝ කතා බහට ලක්වූ අතර ඒවා ප්‍රයෝජනයට ගැනීමෙන් අනතුරුව මැති ඇමතිවරුන්ට ලබා දීමේ සුදානමක්ද එකල තිබුණි.

    නමුත් ජනාධිපතිවරයා සමුළුව අවසන් වීමෙන් අනතුරුව පැවසුවේ එම බෙන්ස් රථ නැවත විකිණීම සඳහා නැවතත් අදාලා සමාගමට යවන ලෙසයි.

    ඒ අනුව එම බෙන්ස් රථ හතරක් එකවර මිලදී ගැනීම සඳහා මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් ඉලීමක් රජයේ ඉහල නිලධාරියෙකු වෙත ලැබී ඇත.

    එම බෙන්ස් රථ මිලදී ගැනීමට අවශ්‍යය බව එම ව්‍යාපාරිකයා විසින් රජයේ ඉහල නිලධාරියා හට දැන්වූ විට ඔහු පවසා ඇත්තේ එක් මෝටර් රථයක් තුන්කෝටි පනස් ලක්ෂයක් පමණක් වන බවය.

    එයට පිළිතුරු ලෙස එම ව්‍යාපාරිකයා පවසා ඇත්තේ "මේවා රාජ්‍යය නායකයෝ ගමන්ගත්ත වටිනාකමක් තියෙන වාහන..ඒක හින්ද මම කැමතියි වාහන හතරක්ම ගන්න..." යනුවෙනි.

    ඒ අනුව එම ව්‍යාපාරිකයාට වෙඩි නොවදින නවීන බෙන්ස් S400 Hybrid රථ හතරක් මිලදී ගැනීමට ලක්ෂ 1400 පමණ වැයවනු ඇත.
    33000lk
    :cool:



     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :yes:awulak naha.kisima irisiyawak naha.eth rathupas wala kare katha wade.salli thibbata manussakama naha wage.:confused:

    කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා බං .. උබේත්, මගේත් උගේත් එහෙමයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා බං .. උබේත්, මගේත් උගේත් එහෙමයි

    mokak?ado ubage athi mage naha.ada wenakan balu kukketawath waraddak karala naha do.udaw karala athi bada ginne idan.habayi e udaw ganna un udaw gannakan witharai.eeta passé okkoma amathakai.eka athakata dammikaya hari.lankawe inna un kisima kelehigunayak nathi jathiyak.:yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    3 ක්‌ ඔහුගේ 13 හැවිරිදි දියණියටත්


    අනේ දෙවියනේ මට මෙයාව සෙට් කොරල දෙන්න ...,,,..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    දම්මික එයාගේ කම්පනි වල වැඩකරන අයට හොදට ගෙවනවා එකතමා මෙයාට හරියන්නේ
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,288
    113
    SLT එකට කෙල වෙන්න වැඩේ කරන්න තියෙන්නෙ.අපිව හූරන් කනවට

    එහෙත් ඉතා ඉක්‌මනින් වෙනස්‌ වන තාක්‍ෂණයක්‌ තිබෙන ලෝකයක ටෙලිකොම් ව්‍යාපාරය කෙබඳු විය යුතුද යන්න ගැන ඔහු තවදුරටත් සොයා බලමින් සිටී.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :cool:

    මේ වගේ අයගෙ ජීවිත වලින් අපිට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.
    අශෝක් පතිරගේත් (softlogic) මම කැමතිම චරිතයක්.:yes:


    TFS +6
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rathu pas wala heli industry eke job karala sahena minisun pramanayak ema industry eke job karala jivath una bava amathaka karanna epa. Country ekak pradana vasayen develop vanne industries walin.