රජ හොරු

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    543942_612336575492766_576546851_n.jpg

    මේ දිනවල ලංකාවේ තිරගත වන අලූත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට අනුව ශ්‍රී ලංකාවේ සාරය උරා බොන රජහොරු බවට පත්වී ඇත්තේ රට පාලනය කරන රාජපක්ෂ පවුලය. රාජපක්ෂ පවුල විසින් චීන ව්‍යාපෘතිවලින් කොමිස් ගිලින ආකාරය රජීව් ශර්මා විසින් 2012 ඔක්තෝබර් මස 25 වෙනි දින www.southasiaanalysis.org/node/1022 නම් වෙබ් අඩවිය මගින් අනාවරණය කර ඇත. රජීව් ශර්මා අනාවරණය කරන ආකාරයට චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සෑම ආයෝජනයකින්ම රාජපක්ෂ පවුලට 10% - 15% ත් අතර කොමිස් මුදලක් හිමිවේ. 2015 වන විට පවුලට ලැබීමට ඇති ස්ථාවර කොමිස් මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8 ත් අතර ප්‍රමාණයකි. මෙම කොමිස් ගිලගැනීම සඳහා වූ රාජපක්ෂ පවුලේ වෙනම සමාගමක් ගොඩනගාගෙන ඇත. ඒ ගේට්වේ ඉන්ඩස්ටී්‍රස් නම් සමාගමකි. මෙම සමාගමේ සභාපතිවරයා වන්නේ ප්‍රභාත් නානායක්කාරය. මෙම ව්‍යාපාරයේ අනෙක් පාර්ශ්වකරුවා වන්නේ ඩිල්ෂාන් වික්‍රමසිංහය ඩිල්ෂාන් වික්‍රමසිංහ යනු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරෙකු වන නිශාන්ත වික්‍රමසිංහගේ පුතාය. නිශාන්ත වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වරයාය. රාජපක්ෂ පවුලට අයත් මෙම ව්‍යාපාරයේ තවත් කොටස්කරවෙකු වී ඇත්තේ බන්දුල වීරවර්ධන නමැති පුද්ගයෙකි. බන්දුල වීරවර්ධන යනු ශ්‍රී ලංකාවේ ඉපිද බි්‍රතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙකි. ඩිල්ෂාන් හා ප්‍රභාත් යන දෙදෙනාට අයත් සමාගමක් ලෙස පිහිටුවා ඇති තවත් ආයතනයක් වන්නේ ඇසෙට් නෙට්වර්ක් පුද්ගලික සමාගම හා ඇසෙට් හෝල්ඩින් පුද්ගලික සමාගම යන සමාගම් දෙකය. ඇසෙට් හෝල්ඩින් සමාගම් මැදිහත්වීම මත සිදුකරන ත්‍රිකුණාමල වරාය හා ජැටිය ව්‍යාපෘතිය සඳහා බිලියන පහක මුදල් වැයකර ඇත. ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමද ඉහත ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත. අක්කර 1200 ක් පුරා විහිදුන මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 02 ආයෝජනයක් ලෙසද හැඳින්වේ. අදියර තුනකින් නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාගැනීමට 2011 පෙබරවාරි 23 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇත. රජීව් ශර්මාගේ ලිපියට අනුව රාජපක්ෂලා විසින් ලොවපුරා ප්‍රබල සමාගම් සමග එක්ව ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. ඉන් එකක් වන ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමය. මෙම මූල්‍ය සමාගම මිචෙල් ගෘෘප් ඕස්ටේ්‍රලියා සැල්වා කෝපරේෂන්, ඇසෙට් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන උප සමාගම් 04 කින් යුක්තය. මෙහි මුදල් ලබාගැනීමේ ප්‍රමුඛ කාර්ය කර ඇත්තේ ප්‍රභාත් නානායක්කාරය. ඒ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මතය. චීනය සමග මේ සැඟවුණු ගනුදෙනු ආරම්භ කර ඇත්තේ 2005 බන්දුල වීරවර්ධනගේ මාර්ගයෙනි. ආරම්භය චන්ද්‍රිකා ආණ්ඩුව තෙක් දිවයයි. එවකට චීන සමාගම් සමග කටයුතු කළ ශ්‍රී ලංකා නියෝජිතයා වූයේ බන්දුල වීරවර්ධනය. ඔහු ගනුදෙනු කළ සමාගම බහමා සෙල්වීර ටේ්‍රඩින් ලිමිටඩ්ය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග මොහු චීන සමාගමක් සමග කෙලින්ම සම්බන්ධ වී ඇත. මොහුගේ නමින් චීන සබඳතා ගොඩනගා ගත්තද පසුව ඔහුට එම කාර්යයෙන් ඉවත්කොට එම කාර්ය සඳහා ප්‍රභාත් නමැත්තා පත්කොට ඇත. මොහු මෙම ව්‍යාපාර ඇරඹීමට පෙර ප්‍රභාත් නානායක්කාරට තිබී ඇති වත්කම් ප්‍රමාණය සේවකයන් 200 ක් සේවය කළ zමවුටන්් ජීන්Z නම් තේ වත්තය. මේ වන විට ගණනය කළ නොහැකි තරම් වත්කම් ප්‍රමාණයක් ප්‍රභාත් නානායක්කාර නමට ඇත. චීන ආයෝජන මත පාලම් හා මාර්ග ඉදිකිරීමේදීද ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී ඇත්තේ ප්‍රභාත් හා ඩිල්ෂාන් සංයෝගයය. රාජපක්ෂ පවුලේ සමාගම් හරහා රාජපක්ෂ පවුලට පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ චීන ව්‍යාපෘතිවලින් කොමිස් මුදල් ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. හම්බන්තොට වරායෙන් අමෙරිකානු ඩොලර් මිලියන 360 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඩොලර් මිලියන 200 කි. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 252 කි. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.5 කි. ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතියෙන් කොමිස් කොපමණද යන්න සඳහන් කර නැත. ඒ අනුව 2005 - 2015 කාලය තුළ බිලියන 1.2 සිට බිලියන 1.8 ක් දක්වා වූ කොමිස් මුදලක් රාජපක්ෂ පවුලට ලැඛෙන්නේ චීන ආයෝජනවලින් පමණකි. ශර්මා සඳහන් කරන්නේ චීනය විසින් මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලට කොමිස් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ තමන් සතුකර ගැනීමටය. කුරහන් සාටකගේ ග්‍රාමීය ආරෝපණයේ හයියෙන් බලයට ආ මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් හඳුන්වා ඇත්තේ සර්වපිත්තල පාලනයක් ලෙසය. ලැජ්ජාසහගත පවුල් පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් සමකර ඇත්තේ ලෝකයේ සිටි දූෂිතම පාලකයන් වන සුකර්තෝ, බූතෝ හා මුගාබේගේ පාලනයටය. පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ විසින් ආශ්චර්ය ලෙස ශ්‍රී ලාංකිකයන්ට පෙන්නූයේ හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මොරගහකන්ද ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ යන ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවේ තවත් පරම්පරා ගණනක් ණය කාරයන් බවට පත්කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිවලින් 10% - 15% ත් අතර මුදලක් ගොස් ඇත්තේ රාජපක්ෂලාගේ සාක්කුවලටය. කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පැවැරුණේද චීනයටය. එයින් ලැබූ කොමිස් මුදල කොතෙක්ද යන්න ශර්මා විසින් අනාවරණය කර නැත. එම ලිපිය කටුනායක අධිවේගී මාර්ගය තැනීමට පෙර සකස්වූවක් බැවිනි. රටේ ජනාධිපතිවරයා ලෙස 2005 දී මහින්ද රාජපක්ෂට බලය ලබාදුන්නේ කප්පරක් බලාපොරොත්තු ඇතිවය. බලයට පත්වූ වහාම මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද්දේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමෙරිකාවේ සිටි තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමය. ඉන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිස්වූ වහාම එම මන්ත්‍රීධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන ලද්දේ තම සොහොයුරා වන බැසිල් රාජපක්ෂය. ඔහුගේ වැඩිමල් සොහොයුරා වන චමල් රාජපක්ෂ කථානායකාවරයා ලෙස පත්කරනු ලැබිණි කථානායකගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහා ඇමැතිවරයා ලෙස පත්කෙරිණ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. එම මැතිවරණයෙන්ම ඔහුගේ පවුලේ ඥාතියෙකු වන හේමාල් ගුණසේකරද පාර්ලිමේන්තුවට ගත්තේය. ඒ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ භාර්යව වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරා වන අ. පො. ස. සාපෙළවත් සමත් නැත ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරිණ. වර්තමානයේ ප්‍රධාන රාජ්‍ය ආයතන බොහෝමයක ප්‍රධාන තනතුරු දරන්නේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ය. ශ්‍රී ලාංකිකයන්ගේ හිස මත යෝධ ණය බරක් පටවමින් රාජපක්ෂලා රට ගිලින ආකාරය ශ්‍රී ලාංකිකයන්ට නොතේරුණාට විදේශිකයන්ට එය හොඳින් පෙනීගොස් ඇත. මාධ්‍යවේදී රජීව් ශර්මා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ මකර සෙවනැල්ලට හසුවී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂලාගේ සර්ව පිත්තල ලෝකයට රැවටී ඇති නිසාය.
    - ජනක විජේගුණතිලක -
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැන්නම් ටික ටික තේරෙණවා වගේ කට්ටියට
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රජ්ජුරුවෝ;15985749 said:
    on the way. what's ur 20? :P
    බලපං සංකල්පයක් විදියට සුදු වෑන් කියන එක මිනිස්සුන්ට කා වද්දලා තියෙන විදිය.කට ඇරියොත් ඉවරයි. නැතත් කොහොමත් ඉවර වෙයි.
     
    May 19, 2013
    1,864
    81
    0
    බලපං සංකල්පයක් විදියට සුදු වෑන් කියන එක මිනිස්සුන්ට කා වද්දලා තියෙන විදිය.කට ඇරියොත් ඉවරයි. නැතත් කොහොමත් ඉවර වෙයි.
    සුදු වෑන් සීන් එක බොරුවක් නෙවෙයි. lrrp සුදු වෑන් වලින් එන්නේ.
     
    Last edited:
    මහ එකා සර්ව පිත්තලයි කියලා මට නන් තේරුනේ ගිය පාර ජනාධිපතිවරණයෙදී.... අපේ වයසක් උන්දැලට ඕක නොතෙරිච්ච එක ඉතින් මේ රටෙ ඉස්සරහට ඉපදෙන්න ඉන්න එවුන්ගෙත් මහම පාප කර්මයක්. නැත්තන් ඉතින් ඉපදෙන්න ඉන්න එවුන් හැම එකෙක්ම දැනටම ලක්ෂ 3ක ණය කාරයෙක් වෙයි යෑ..... ආශ්චර්ය තමා.... erozan එහෙම පේන්න නෑ නේ :P:P
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    චීන පටස්;15988172 said:
    මහ එකා සර්ව පිත්තලයි කියලා මට නන් තේරුනේ ගිය පාර ජනාධිපතිවරණයෙදී.... අපේ වයසක් උන්දැලට ඕක නොතෙරිච්ච එක ඉතින් මේ රටෙ ඉස්සරහට ඉපදෙන්න ඉන්න එවුන්ගෙත් මහම පාප කර්මයක්. නැත්තන් ඉතින් ඉපදෙන්න ඉන්න එවුන් හැම එකෙක්ම දැනටම ලක්ෂ 3ක ණය කාරයෙක් වෙයි යෑ..... ආශ්චර්ය තමා.... erozan එහෙම පේන්න නෑ නේ :P:P

    මේව්වගේ ඇත්ත නැත්ත කෙසේ වෙතත්. රටේ ප්‍රධාන ධාරාවේ ගමන් මග පේනවා මේකෙන්.මහින්දානන්දගේ බිරිද පොලිසි ගිහිංලු මිනිහගෙන් ජීවිත තර්ජන තියේ කියලා. මහාපරිමාන ඉදිකිරීම් වලින් රටට ගලන මුදල් පේනන නෑනේ. තියෙන එකාට උතුරන්න තියෙනවා. ඌ බෙන්ස් එස් ක්ලාස් 4ක් එකවර ලක්ෂ 1400 ක් ගෙවලා ගන්න කැමතියි.නැතිඑකාට පාන් වත් නෑ.ආස්චර්‍ය බොලව්
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Owa monawada bn!!!

    Udde dinuwa...
    Polawata dana gahala vanda..
    High way haduwa..
    Vearayawal haduwa..
    Air ports haduwa..
    Viduli bala gara haduwa..
    Satellites ahasata yauwa..
    Cricket grounds haduwa..
    Colaba varya loku kara.. diya kadanayak haduwa..
    Line 2ke highways haduwa..
    1200 dimana dunna..
    Sarama adinawa..
    Uda raula thiyenawa..

    Minissu ath 2ka ekathu karala vadinawa... :p:p:p


    ..................................................​
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    අ. පො. ස. සාපෙළවත් සමත් නැත ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරිණ.

    :eek::sorry: adenawa mata.. yako AL maths karala pass welath api gedara freelancing karanne
     

    Similar threads