නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා
මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
ගායනය - කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්
සංගීතය - කසුන් කල්හාර

negative pappe........................
ගායනය - කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්
සංගීතය - කසුන් කල්හාර


මම්ත් ආසයි දොදොල්,මස්කට් කන්ඩ.....
ඔන්න අපිත් ආවෝ...දැන් තමා ගමනක් ගිහිල්ලා ආවේ![]()