Trade Forex with ලක්ෂාන්[copy & paste]

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලක්ෂාන් elakriye දාන්නෙ නැති නිසයි මම මේක දැම්මෙ.

    මගේ Forex Trading කතාව!


    මේ කතාව පටන් ගන්නේ 2009 A/L කරලා ගෙදර ඉන්න දවස් වල. පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණා අනිත් අය කරන දේම කරන්නේ නැතිව මමම මගේම මොනවහරි පටන් ගන්න ඕනේ කියන එක. ඉතින් මගේ trader life එක මුලින්ම පටන් ගත්තේ කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජකයෙක් විදිහටයි. ඒත් කවුරුත් හිතපු නැති විදිහට 2011 වසර මැද ඉඳන් කොටස් වෙළඳපොල කඩාගෙන වැටෙන කොට මේකෙන් ගොඩ යන්න බෑ කියලාත් ගොඩ යන්න පුළුවන් වෙන මොකක් හරි system එකක් හොයා ගන්න ඕනේ කියලාත් හොඳටම තේරුණා.


    ඉතින් දෙතුන් පාරක් හිතන්නේ නැතුව Forex Trading ලෝකෙට අත තිබ්බේ ඒ දවස් වල වෙන කරන්නම දෙයක් තිබුනේ නැති නිසයි. සුබ මොහොතින් වැඩේ පටන් ගත්තේ 2011 ඔක්තෝබර් මාසේ. කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලින් ලැබිච්ච රුපියල් 25000ක් සම්පත් web card එක හරහා තැන්පත් කරලා තමයි Forex seen එක පට්ටාන්ගත්තේ.

    කොල්ලා හිතුවේ Fundamental Analysis, Technical Analysis පාවිච්චි කරලා කොළඹ කොටස් වෙළඳපොළේ හොඳට කරක් ගහලා ලක්ෂ 2-3ක් හොයලා තිබ්බ මට Forex නම් මොනවාද කියලා! මුල දවස් වල හොඳට trade කළා. Account Balance එක $287ක් වෙනකල් ඉහළ ගියා. ඒත් මම Forex ගැන හිතාගෙන හිටපු විදිය වැරදියි කියලා තේරුම් ගන්න වැඩි දවසක් ගියේ නෑ.

    එදා වැහිබර බදාදා දවසක්. Trade කරන්න computer එක ඉස්සරහින් වැඩි වෙනකොට පුංචි චකිතියකුත් නොතිබුණාම නෙවෙයි. Leverage කියන්නේ දෙපැත්ත කැපෙන මුවහත් පිහියක් කියලා හරියටම දන්නේ නැති වුණාට, news announcements වලින් price action එකට කරන්න පුළුවන් බලපෑම ගැන ලොකු අවබෝධයක් නැති වුනාට, සරලවම කියනවනම් forex trading වලදී risk එක කියලා කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැති වුණාට එදා මම දැම්මේ 0.1 lot order එකක්. Currency Pair එක EURUSD. මුලදී ලෙසටම profit! ඒත් ඒක පටන් ගත්තේ එක පාරටම! තත්පර 2-3යි ගියේ! Account එකෙන් 50 USD ඉවරයි. ඒ දවස් වල risk එක නොදැන හිටපු මගෙන් ඇයි, stop loss දාලා තිබුනේ නැද්ද කියලා අහලා වැඩක් නෑනේ! දාලා තිබ්බේ නෑ ඉතින්. මොකද මාගේ analysis ගැන තිබුනේ ඒ තරම්ම ලොකු විස්වාසයක්.

    කොහොම හරි ඒ move එක මගේ account එකෙන් $100ක් උදුරා ගන්න කල් මම බොහොම අසරණව බලන් හිටියා. මම හිතුවේ මෙච්චර පහළට ආපු නිසා දැන් මේක අනිත් පැත්තට හැරිලා ගිහින් මට break-even ව trade එක close කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මගේ අවාසනාවට (දැන්නම් හිතෙනවා මගේ වාසනාවට කියලා, මොකද, මම අද ඉන්න තත්වයට එන්න මඟ පෑදුවේ මේ වගේ මුල දවස් වල කරපු ගොන්කම්, බුරුකම් වලින් ඉගෙන ගත්ත පාඩම් කියලා දැන් මම දන්නා නිසා) ඒක එහෙම වුනේ නෑ. EURUSD දිගෙන් දිගටම පහළට ගියා. Green candle එකක් දකින හැම මොහොතේම මම හිතුවේ දැන් හැරෙයි දැන් හැරෙයි කියලා. එදා රෑ වෙනකල් මම සිය දහස් වාරයක් මැරී මැරී ඉපදුණා. නිදාගන්න ගියෙත් මේ seen එක මතක් කර කර. මේ trade එක ගොඩ දාලා දෙන්න කියලා දෙවියන්ට කිය කිය මුළු රෑම හිටියේ අවදියෙන්. විටින් විට නැගිටලා ගිහින් computer එක on කරලා මොකද වෙලා තියන්නේ කියලා බලන්නත් කටයුතු කළා.

    ඊළඟ දවසේ උදේ පාන්දරම වෙන්න තියෙන දරුණුම ඛෙදවාචකය සිදුවුණා. Account එක ඉවරයි. එකේ ආයේ ගන්න දෙයක් නෑ. ඉතිරි වෙලා තිබුණේ $27යි. එදා තමයි මම ඉගෙන ගත්තේ Forex Trading වල තියෙන margin call/stop out limits ගැන. එදා ඒ negative move එක පට්ට strong. Pips 300කට වඩා විශාලයි. කොහොමද buy order එකක් නැතුව sell order එකක් දාලා තිබුණා නම්. :O

    අද නම් මතක් වෙනකොටත් හිනා යනවා. බොක්කෙන්ම Forex Trading කරන ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මේ වගේ අවස්ථා වලට අනන්තවත් මුහුණ දීලා ඇති.

    කිසිම ගුරුවරයෙක් නැතුව, අන්තර්ජාලය සහ මංතුමාවම ගුරුකොට සලකමින් ඒ විදියට පටන් ගත්ත ගමන ගැන අද වෙනකොට තියෙන්නේ මාරම ආඩම්බරයක්. මීට මාස 6කට විතර කලින්, දෙපයින් හිටගෙන කොන්ද කෙලින් තියාගෙන "මම දිගින් දිගටම සාර්ථක Forex Trader කෙනෙක්" කියලා කියන්න පුළුවන් තත්වයට පත් වුණා.


    එහෙම වුණේ නිකන් ඉඳලා නම් නෙවෙයි. ගොඩක් පොත් කියෙව්වා. website, blog site පීරුවා, Courses follow කළා. Webinars වලට attend වුණා. Trading Psychology සහ market එකේ මම කවුද, මට තියෙන තැන මොකද්ද කියලා ඉගෙන ගත්ත එක තමයි Forex Trading Life එකේ මගේ turning point එක වුණේ.

    මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි!
    Forex Trader කෙනෙක් විදියට සාර්ථකත්වය තියෙන්නේ පොත් වලවත්, Trading Systems වලවත්, Signals වලවත්, Courses වලවත් නෙවෙයි. Forex Trader කෙනෙක් විදියට සාර්ථකත්වය තියෙන්නේ තමන් තුලමයි.

    දැන් මම හදන්නේ Forex Trade කරන්න කැමති ගොඩක් අය නිතරම අහන ප්‍රශ්න කීපයකට උත්තර දෙන්නයි.


    මට "මම දිගින් දිගටම සාර්ථක Forex Trader කෙනෙක්" තත්වයට ළඟාවෙන්න වැය වුණ කාලය?

    • දින 609යි [2009 සැප්තැම්බර් - 2013 ජුනි]
    මට මෙච්චර කාලයක් ගියේ ගුරුවරයෙක් නැතුව තනියම හැමදෙයක්ම trial-an-error ඉගෙන ගන්න සිදුවෙච්ච නිසයි. ඒ හින්දා real forex trader කෙනෙක් වෙන්න ඕනෙම නම් තමන් කියන්නේ මොකද්ද කියලා හොඳින්ම දන්නා, ඒ දේ නිතිපතා ක්‍රියාවෙන්ම practice කරන mentor කෙනෙක් හොයාගන්න. Robotsලා, Get Rich Quick Trading Systems, රු. 5000ට Forex Trading උගන්වන Guruලා,Trading Signal Services පස්සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා.

    දැනට භාවිතා කරන Forex Broker කවුද?
    Swing Trading/Position Trading සඳහා HotForex
    Scalping සඳහා Exness

    Deposits/Withdrawals කරන්නේ කොහොමද?
    මම පාවිච්චි කරන්නේ Skrill සහ Neteller. ඒ ගැන වැඩි විස්තර දැනගන්න මේ සටහන කියවන්න.

    Trade කරන Currency Pair එක?
    EUR/USD විතරයි.

    Trade කරන්න භාවිතා කරන indicators මොනවාද?
    මම discretionary trader කෙනෙක්. එහෙමත් නැතිනම් Price Action Trader කෙනෙක්. Trade කරන්න indicators පාවිච්චි කරන්නේම නැති තරම්. ඉඳලා හිටලා බැලුවොත් බලන්නේ RSI විතරයි. ඒත් ගොඩක් දුරට divergence එකක් තියෙනවානම් හඳුනා ගන්න විතරයි.

    එක Trade එකකට Risk කරන උපරිමය?
    1%-2%

    Forex Trading විතරයිද කරන්නේ?
    නැහැ. මම මේ දවස් වල Binary Options Trading අත්හදා බලනවා. ඒ ගැන දැනගන්න ඕනේ නම් මේ සටහන කියවන්න!

    සාර්ථකව Forex Trade කරන්න කොච්චර Capital එකක් තියෙන්න ඕනේද?
    මම නම් කියන්නේ $1000ක් වත් නැතුව enter වෙන්න හිතන්නවත් එපා කියලා

    ඒත් ඉගෙන ගන්න Trade කරනවා නම් capital එක අදාළ වෙන්නේ නෑනේ. Demo Account එකක් open කරලා වැඩේ පටන් ගන්න පුළුවන්.

    පාවිච්චි කරන Economic Calender එක මොකද්ද?
    මේ 3ම පාවිච්චි කරන්න පුළුවන්.

     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Forex Tradersලාට තවත් Income එකක්!

    අද කියන්න හදන්නේ ඔයා සිරා Forex Trader කෙනෙක් නම් trade කරලා ඔයා හොයන profits වලට අමතරව ඔයාගේ Trading Volume එක, එහෙමත් නැතිනම් lot size එක මත තවත් සැලකිය යුතු income එකක් හොයන්න පුළුවන් විදිහක් ගැනයි. ඒ කියන්නේ trade එක loss වුණත් profit වුණත් Trade Size එක අනුව ඔයාට ලැබෙන්න ඕනේ ගාණ set වෙනවා.


    මේ අවස්ථාව අපිට ලබා දෙන්නේ CashBackForex.com හරහායි. ඔයාට කරන්න තියෙන්නේ CashBackForex වල register වෙලා, ඒ site එකේ list කරලා තියෙන brokersලා අතරින් කැමති broker කෙනෙක් එක්ක එයාලා දීලා තියෙන instructions වලට අනුව account එකක් හදන්න විතරයි. ඊට පස්සේ ඔයාට කැමති විදියකට paypal, skrill, check හරි bank transfer එකක් හරහා හරි ඔයාගේ rebate payments ගන්න පුළුවන්. CashBackForex වල තියෙන ලොකුම වාසිය තමයි ඔයාගේ දැනට තියෙන trading account එක අයිති broker එයාලගේ broker list එකේ ඉන්නවනම් ඒ account එකකට වුණත් rebates ගන්න try එකෙක් දෙන්න පුළුවන් වීම. මමත් මගේ පලවෙනි broker account එකෙන් rebates ගත්තේ ඒ විදිහටයි.
    මේ අයගේ Live Support Service එක ඇත්තටම හොඳයි. මගේ account එක ලින්ක් කරන්න ඒ අය මාර support එකක් දුන්නේ.

    Rebates වලින් කොච්චර විතර හොයන්න පුලුවන්ද?

    Forex Rebates ගැන ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට, නොසලකා හැරියාට සාමාන්‍යයෙන් දවසකට 1 Round Turn Lot එකක් trade කරන කෙනෙකුට මාසෙකට $50 USD සිට $300 USD දක්වා හොයන්න පුළුවන්.ඔයාගේ forex broker මත තමයි ඒක රඳා පවතින්නේ.

    උදා:
    ඔයාගේ broker InstaForex නම්,
    ඔයා දවසකට Round Turn Lots 1 ක් Trade කරනවා කියලා හිතුවොත්!

    Rebates වලින් මාසිකව ඔයාට ලැබෙන අතිරේක අදායම =
    1.3 (Pips Rebate per Round Turn Lot) x 10 (පිප් එකක අගය) x 1 (Round Turn Lots per day) x 21 (Trading Days per Month)
    = $273

    ඉතින් දවසකට lot 1කට ඔහොම නම් lots ගණන වැඩි වෙනකොට return එක කොහොමද?
    අපි මේ හැදුවේ මාසෙකට නේ! අවුරුද්දකට බැලුවොත් කොහොමද?

    ඔයාට කොච්චර income එකක් ලබන්න පුලුවන්ද බලන්න මේ CashBack Estimator Tool එක පාවිච්චි කරන්න.
    ඒ කියන්නේ මෙච්චර කල් ඔයා මේ සල්ලි නොසලකා හැරලානේ ඉඳලා තියෙන්නේ. ;)

    මෙහෙම Rebates ගන්න ගියොත් spread එකට, trading commissions වලට මොකක් හරි බලපෑමක් වෙනවද?

    කොහොමටවත් නැහැ!
    Rebates ගත්තා කියලා spread එකටවත් අනිත් trading conditions වලටවත් කිසිම වෙනසක් වෙන්නේ නෑ.

    CashBackForex වල list කරලා නැති brokersලාගෙන් rebates ගන්න විදිහක් තියෙනවද?

    ඔව්! පොඩ්ඩක් support එකට කතා කරලා බලන්න. සමහර වෙලාවට set වෙන්නත් පුළුවන්.

    CashBackForex වල තියෙන Payout Methods මොනවාද?

    Paypal - $1 Minimum, No Fees
    Skrill - $10 Minimum, No Fees
    Check - $50 Minimum, No Fees
    Bankwire - $200 Minimum, $40 Fee per Transaction
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good post machan. Oyage kathawa kiyewwama threnawa amaruwen forex igena gena oya goda giya kiyala. Welldone! Anik ayatath support ekak denna.
    Good luck machan!
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    lakshanraja

    Member
    Nov 13, 2013
    24
    7
    3
    Colombo
    අම්මට සිරි! දැන් තමයි මම මේක දැක්කේ!

    යකෝ! සරදියෙල්! උඹ මේ post එහෙම්ම copy-paste කරලනේ!

    එළ එළ!
    එහෙනම් දිගටම උඹ ඕක කරගෙන යන්න. :D

    ඒත්, අඩුම ගානේ copy කළේ කොහෙන්ද කියලා link එකවත් දාපන්!
    නැත්තන් මම පවුනේ! :P
     
    • Like
    Reactions: sachith19920726

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    owk9h3pg329f214fg.jpg
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ara post eke reference links anam manam ho gaala ban...
    filter karala dapaan...
    marenne ona neda henta machan??
    com eke dihama balagena ra nidi maragena??
    :S
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අම්මට සිරි! දැන් තමයි මම මේක දැක්කේ!

    යකෝ! සරදියෙල්! උඹ මේ post එහෙම්ම copy-paste කරලනේ!

    එළ එළ!
    එහෙනම් දිගටම උඹ ඕක කරගෙන යන්න. :D

    ඒත්, අඩුම ගානේ copy කළේ කොහෙන්ද කියලා link එකවත් දාපන්!
    නැත්තන් මම පවුනේ! :P

    :yes::rofl::P ref දාන්න හොඳ නෑනෙ බන් මේකෙ.;)


    forex කරල කෙළවුනාද බන් බුරන්නෙ?:P

    එළකිරි
    6420847.gif


    9Y7qmQ3.png


    6420847.gif
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මගේ ජොබ් එක නැතිවෙලා දැන් මාස තුනයි. marry කරලා මාස අටයි.
    නොයෙක් දේවල් කරන්න උත්සහ කළා පහුගිය කාලේ.

    මානසිකව හොඳටම වැටිලා ඉන්නේ

    උඹට පින් සිද්දවෙයි මට මේකට උදවු කරපන් මචන් ....!

    උඹ ඉගෙන ගත්ත tutes, web sites මොනවාද. මට උඹ තරන් වත් risk එකක් ගන්න බැරි මට්ට්ටමක දැන් ඉන්නේ

    ඒත් කොහොම හරි ගොඩ එන්න ඕනේ. ඇන ගන්නේ නැතුව වැඩේ කරන්න support එකක් දියන් ....!
     
    • Like
    Reactions: mldarshana

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මගේ ජොබ් එක නැතිවෙලා දැන් මාස තුනයි. marry කරලා මාස අටයි.
    නොයෙක් දේවල් කරන්න උත්සහ කළා පහුගිය කාලේ.

    මානසිකව හොඳටම වැටිලා ඉන්නේ

    උඹට පින් සිද්දවෙයි මට මේකට උදවු කරපන් මචන් ....!

    උඹ ඉගෙන ගත්ත tutes, web sites මොනවාද. මට උඹ තරන් වත් risk එකක් ගන්න බැරි මට්ට්ටමක දැන් ඉන්නේ

    ඒත් කොහොම හරි ගොඩ එන්න ඕනේ. ඇන ගන්නේ නැතුව වැඩේ කරන්න support එකක් දියන් ....!

    :sorry::yes::yes::cool: දන්න ඕනම දෙයක් කියල දෙන්නම් මචෝ