uba mage show walata enna na neda dan![]()

මම ආසම ගීතිකාවජේසු රජාණෙනි ඔබ වටලා
බාල සමාජය පෙම් වඩලා
සාදු දිදී සිරි හද පුදලා
පාද සිපා සැනසීම දෙමූ
පාද සිපා... පාද සිපා...
පාද සිපා සැනසීම දෙමූ
පුංචි අපෙන් වන පව් නොබලා
ලෝක රසින් වන පව් නොබලා
පාප අපෙන් ඔබ වෙන් නොවෙලා
ජේසු ඔබේ දෙනු මැන සරණේ
ජේසු ඔබේ... ජේසු ඔබේ...
ජේසු ඔබේ දෙනු මැන සරණේ
සෑම දිනේ තුරුලට වඩලා
සෑම සෙනේ කරුණා පාලා
සෑම පිනේ රස පෙන්වාලා
ජේසු ඔබේ හද දන් දෙන්නේ
ජේසු ඔබේ... ජේසු ඔබේ...
ජේසු ඔබේ හද දන් දෙන්නේ