A/L Fail ද. Come Here

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    දැන් හැමතැනම කතා වෙන්නේ මේපාර අපෝස උසස් පෙල විභාගෙන් පලවෙනියා දෙවනියා තුන්වෙනියා ගත්ත ලමයි ගැන නේ. සතුටුයි සතුටුයි අපි හැමෝටම. ඒ අයට අපි හැමෝගෙන්ම සුබපැතුම් සහ ආශිර්වාදය ලැබෙනවා. දැන් මෙතනින් AL කතන්දරේ ඉවරද ? නැ නැ. AL කලේ ඒ තුන් හතරදෙනා විතරක් නෙවේනේ. තව හෙන සෙට් එකක් කලානේ. කෝ ඒ අය. මොකද වුනේ ඒ අයට ??

    අපි බලන්න ඕන ඔය වගේම බලාපොරෝත්තු තියාගෙන විභාගෙ කරලා බලාපොරොත්තු වුන ප්‍රතිඵලය නැතිව ගිය අපේ නංගිලා මල්ලිලා සහ විභාගෙ ඇනගත්ත නංගිලා මල්ලිලා ගැන. උන්ට මොකද කරන්න කියන්නේ. ගගේ පනින්නද ? ගාමන්ට් වල රස්සාවට යන්නද ? බඩ තඩි මුදලාලි කෙනෙකුට නංගිලාව බන්දලා දෙන්නද ?

    අනේ තෝව හැදුවට වඩා හොදයි පොඩි හරක් පැටියෙක් හදාගත්තනම් කියලත් සමහර අම්මලා තාත්තලා කියනවා ඇති නේද.. මල්ලියේ AL results කොහොමද . අපේ පුතා කැම්පස් ගිහින්ද. අපේ දුව ගෙ results කොහොමද කියල ගෙදරට ටැලිපෝන් කෝල්ස් ගෝනි ගණන් එනව ඇති නේද . කරන්න දෙයක් නැ මල්ලියේ නංගියේ. කණේ ඇබ දෙකක් හරි ගහගෙන පාඩුවෙ ඉන්න වෙනවා. ඔයාලට විතරක් නෙවේ. මීට අවුරුදු 4 කට 5 කට විතර කලින් AL කරපු මට වුනත් ඔය island 1, 2 ,3 ගැන TV එකේ දකින දකින හැම වෙලේම මට මාර දුකක් එනවා. ඒක නිසා ඔය වගේ දවස් වල මම TV එක බලන්නේ නැහැ. විශේෂයෙන් ප්‍රවෘත්ති බලන්නෙම නැ. කෑම කන්න ගියාම ගෙදර අයගේ කතා වලට කන බත් පත පොලොවේ ගහන්න හිතෙයි. කරන්න දෙයක් නැහැ. කාගෙන යන්න. මානසිකව වැටෙන්න එපා. මල්ලිලා ටික බොන්න යන්න එපා. හොද යාලුවෙක් දෙන්නෙක් හම්බවෙලා පොඩි රවුමක් දාලා එන්න ‍කොහේහරි trip එකක් වගේ ඔය මානසිකත්වයෙන් මිදෙන්න. අපේ අම්මත් මට බලු බැනුම් බැන්නා. ඒත් අපේ තාත්තා තමයි හයියට හිටියේ ඕන මගුලක් කියලා.

    මම මේ කතා කරන්නේ AL results බලලා අවුල් ගිය සහ ෆේල් වුන අපේම සහෝදර සහෝදරියන් වෙතටයි ඒ වගේම ඇති පදම් විදයම් කරන්න අම්මලා තාත්තලාට සල්ලි නැති අයටයි. . අම්මලා තාත්තලට ගෝනි ගනන් සල්ලි තියෙන සහ AL හොදට ගොඩ දාගත්ත අය මේක නොබැලුවට කාරි නැහැ. AL හොදට ගොඩ දාගත්ත අය අනිත් අයව පාච්චල් කරනවා එහෙම නෙවෙයි හරිය.

    AL fail වීම / results අඩු වීම නම් හිතට ලොකු අවුලක් තමා. අවුරුදු 3ක් හෝ 4ක් ඇතැම්විට 5 ක් විතර මහන්සිවෙලා කරපු දේ වතුරේ ගියා වෙන්න පුලුවන්. ඔය මානසිකත්වය මේ ලියන මමත් හොදට දන්නවා . මොකද මමත් AL තුන් පාරක් කරපු කෙනෙක්. :D නමුත් මානසිකව වැටෙන්නේ නැතුව හිතලා ගත්ත තීරණ නිසා අද දෙයියනේ කියලා ඉංජිනේරු සිහිනයක මම තුන් වන වසරට පාතැබුවා විතරයි. මම මල්ලියේ නංගියේ පලවෙනි පාර Maths ‍ෆේල්. දෙවෙනි පාර CSS, දෙවෙනි පාර result එකෙන් මම කැම්පස් නම් දැම්මේ නැහැ. NDT දාන්නත් කල් මදි වුනා. කටුනායක IET (TTI) සහ මට්ටක්කුලියේ HNDE අයදුම් කලා. කටුනායක IET (TTI) වලින් මම ආසකරපු filed එක නොලැබුන නිසා මම HNDE ගිහින් දැන් electronics & Telecommunication eng 3 වන වසර‍ට යන්න ඔන්න මෙන්න. මම මේ කිවුවේ Maths කරපු කෙනෙක් විදියට. ඒ අතර මම ආයෙත් AL කලා. ඒත් C3 යි තිබුනේ. උන්නු හැටියට මලා මදිද කියලා මම HNDE ම ගියා. ඒ වගේම මගේ පොඩි කාලේ ඉදල තිබුන ආසාව වුන IT වලිනුත් ඉදිරියට ගියා. මම මගේ පලමු IT උපාධිය ලබන වසරේ ඉවර කරනවා. දෙවන IT උපාධිය 2015 දි වගේ ඉවර කරනවා. මම සතියෙ දවස් 7 ම කාර්යබහුල කෙනෙක්. ලබන සතියේ තියෙන අපේ විභාග වලට පාඩම් කරන ගමන් මේක ලියන්නේ මේක ලියන්නම ඕන කියලා හිතුන නිසා.

    මගේ ගැන කියන්න නෙවේ මම මේක ලියන්නේ. මානසිකව වැටිලා ඉන්න කෙනෙකුට අත්වැලක් දෙන්න ලියන්නේ.

    ඔයා 1st shy කරලා fail/results අඩු වුන අයෙක් නම් මගේ අදහස නම් නැවත වරක් exam කරන එක හොද වෙයි කියලයි. මොකද තව අවුරුද්දක් ගියාට කමක් නැ කියලයි මම හිතන්නේ. 1st shy ඇණගත්ත ගොඩක් දෙනෙක් හිත හදාගෙන දෙවෙනි පාර ගොඩ යනවා. ( ඒත් මට නම් බැරි වුනා. අපි මෝඩද කොහෙද :P )
    දෙවෙනි වතාවට කරද්දි ආයෙත් පන්ති යනවා නම් සමහර විට ගුරුවරු මාරු කරන එක හොද වෙන්නත් පුලුවන්. නරක වෙන්නත් පුලුවන්. මොකද සමහර සර්ලා ගේ රිද්මය සමහර අයට සෙට්වෙන්නේ නැහැ. ඒ වගේමයි කලින් පාරට වැඩිය හොදට තේරෙන ගතියක් තියෙන්න class උනත් සෙට් වෙන්න පුලුවන්.
    මම maths කල නිසා මට revision සෙට් වුන ගුරුවරු නම් මනෝජ් සෝලංගආරච්චි. ප්‍රසන්න බද්දෙවිතාන සහ නිලන්ත ජයසූරිය.
    සෝලංගආරච්චි සර් ලගට යනකොට නම් මම පරක්කු වැඩියි 3rd shy පෙබරවාරි ගියේ..ඉක්මනට එයාගෙ style එකට හුරුවෙන්න අමාරු වුන නිසා මම තනියෙන් maths ටික ඇදගත්තා. පේපර්ස් කලා. කොහෙද වැඩක් වුනේ නැහැ. මම 2nd shy වගේ එයා ගාවට ගියා නම් සමහර විට මගේ ජීවිතෙත් මීට වැඩිය ගොඩ දාගන්න තිබුනා කියල හිතුනා. ඒවයින් වැඩක් නැ දැන්.
    ලොකු වට පන්ති දාගන්න එපා . දවස් 3ක් උපරිම පන්ති දාගත්තාම ඇති. අනිත් දවස් 4 ම පාඩම් කරන්න පුලුවන් නේ. එහෙම කිවුවම අනිත් දවස් හතර පැය 24 ම පාඩම් කරන්න එපා. පිස්සු හැදෙයි. කාලසටහනක් සකස් කරගන්න. TV එක බලන්න. facebook පාරක් දාන්න. යාලුවෙක් දෙන්නෙක් මුණ ගැහෙන්න යන්න. අනිවාර්යෙන් ම තමන්ගෙ සතිය කොහොමහරි plan කරලා ඒ වැඩ ටික ගානට කරගන්න. තනියෙන් පාඩම් කරන්න කම්මැලි නම් කුහක නැති එකම බෝට්ටුවෙ ඉන්න යාලුවො දෙතුන් දෙනෙක් සෙට් කරගන්න. ගැනු පිරිමි බේදයක් නැ..අනේ මන්දා.. ඒක තමන්ගෙ කැමැත්තක්.

    class යනකොටත් බලන්න ඔය සමහර පොඩි පොඩි පන්ති කරන සර්ලා ඉන්නවා ඔය ලොකු පන්ති වලට වැඩිය මාර වැඩ ගොඩක් කරනවා. පුලුවන් තරම් ලග තැන් වල පන්ති හොයාගන්න. මට නම් කෙල වුනේම හෙන දුර පන්ති දාගත්ත එක. මම පන්ති ගියේ ගම්පහ. උදේ 5 ට විතර බස් එක ගන්න 4 ට වත් නැගිටින්න ඕන. මේ මොන මල කරදරයක්ද කියල හිතුන වාර අනන්තයි. එන්න යන්න පැය 4ක් විතර කොහොමත් බස් එකේ තමා හිටියෙ. 2nd/3rd shy කරන අය පුලුවන් තරම් paper class වලටම යනවා නම් හොදයි. theory වගේ දේවල් ඉතින් දැන් ඉක්මනින් මතක් කරගන්න පුලුවන්නේ. ඔය ගෙවල්වලට ඇවිල්ලාත් class කරන අයත් ඉන්නවා. පුලුවන් තරම් papers ම කරවගන්න කාගෙන් වුනත් කමක් නැ. ඔය ගෙවල් වලට ඇවිල්ලා class කරන එකේ වටිනාකම තියෙන්නේ එයාගෙන් අපිට අවුල් තියෙන තැන් ආයෙ ආයෙ අහගන්න පුලුවන්. ලමයි 1000 ක් විතර ඉන්න පන්තියක ඔය වගේ දෙයක් කරගන්න ටිකක් අමාරුයි. අර මම කලින් කියපු යාලුවො කීපදෙනෙක් එකතු වෙලා ඒ වගේ සර් කෙනෙක්ව ගෙදරකට ගෙන්න ගත්තත් පාඩු නැ මම දකින විදියට

    ඒකාකාරි වගේ ගතියක් දැනෙනවා නම් ඔය රටේ තියෙන හොද Spoken English පන්තියක් වගේ බලල තනියෙන් යන්නේ නැතිව අර කලින් මම කියාපු ජාතියෙ යාලුවො සෙට් එකක් එක්ක යන්න. වල බහින්න නෙවේ. ඕව තියෙන්නේ දවසක උදේ පැය 3ක් 4ක් වගේනෙ. සතියටම එක දවසකින් පැය 3ක් 4ක් නාස්ති වුනාට එතරම් අවුලක් නැ. ආතතිය වගේ මිදෙන්න මේක හොදයි. පොඩ්ඩක් එලියට බැහැල එන්න. ඒකාකාරි බව අඩුවෙයි. හැබැයි ඒක අවස්ථාවක් කරගෙන දවස තිස්සෙම රවුම් ගහල මල් කඩල සෙල්ලම් කලොත් නම් තේරුමක් නැතිවෙයි .

    ෆෝන් පාවිච්චි කරනකොට ටිකක් සරල එකක් පාවිච්චි කරන්න ගන්න. phone එකේ වැඩ කෑලි වැඩි වෙන තරමට ඒකට අපේ හිත යන එක නවත්තගන්න බැ. ඒක smartphone එකක් නම් තවත් අජූතයි. ඔය අවුරුද්දකට දෙකකට පට්ටගහන්න චයිනිස් ෆෝන් එකක් අරගන්න පුලුවන්නම්. phone බාවිතයෙන් ඉවත් වෙන්න කියල කියන්නේ නැ. එහෙම කලොත් ලෝකෙන් තනි වුනා වගේ දැනෙයි.

    උපන්දා සිට කන්න බොන්න අදින්න දීලා සලකපු ගෙදර මිනිස්සුත් යක්කු වගේ පෙනෙයි මුල් කාලෙදි. අයියා අක්කා ඇනුම් පද කියයි. මූ නටපු නාඩගමකුත් නැ බෙරේ පලුවකුත් නැ කියලා. මේ දවස් වලටත් සමහරුන්ට පලු යන්න බනිනවා ඇති නේ. ඒ තියෙන තරහටම නෙවේ. ඉතින් ඕක ඒ අයත් හිතන් ඉන්නවා නේ හොද ප්‍රතිපල බලාගෙන. මොකද අපේ අම්මල තාත්තලට යහමින් මුදල් හදල් තියෙනවනම් අපි මේ AL කරන්නෙ නැනෙ. ඉතින් ඒ අයගෙ දෝෂාරෝපණ යම් දුරකට සාධාරණයි. මාත් ඔය බැනුම් අහල තියෙනවා අනන්ත. ඒවට එරෙහි වෙලා ගෙදර මිනිස්සුත් එක්ක තරහ වෙන්න යන්න හොද කාලයක් නෙවේ මේක. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න එක ඇගට ගුණයි. මොකද ආයි පාරක් විභාගෙ කරනකොට පන්ති සල්ලි ඉල්ලගන්න වෙන්නේ ඒ අයගෙන්ම තමා :D

    1st shy අඩු results තියෙන නමුත් AL pass අය කැම්පස් (maths අය NDT/HNDE/IET ත් අයදුම් කරන්න) අයදුම් කරන්න ආවම පුලුවන් විදියට ඒවට අයදුම් කරන්න. සමහර වෙලාවට පට්ට අවස්ථා සෙට් වෙනවා ( බෝට්ටු ). ඒක නිසා අනිවා ඒ වැඩේ කරන්න. ඒක විද්‍යා ගණිත කලා වාණිජ හැමෝටම එක විදියට තමා.

    ඔයා දෙවෙන/තෙවන වතාවට AL කරලා fail/results අඩු වුන අයෙක් නම් සමහරවිට ඔයා දැන් මාර විදියට හිතෙන් වැටිලා ඇති . අවුලක් නැ. මාත් වැටිල හිටියෙ. මම දැන් කොහොමහරි පාස් වුන නිසා ඒක ලොකුවට මම ගණන් ගත්තේ නැ. මොනවහරි කරගන්න පුලුවන් නේ කියල හිත හදා ගත්තා. ඔයාලත් 2nd/3rd shy කරලා යන්තන් හරි ගොඩ ගිහිල්ලා නම් අනිවාර්යෙන්ම දැන් කැම්පස් අයදුම් කරන්න පුලුවන් විදියට. maths කරපු අය මම කලින් කියපු විදියටත් කරන්න.

    2nd shy අය ආයෙත් AL කරන්න බැ වගේ නම් ඒවගේම 3rd shy එකත් අවුල් නම් තමන්ට පුලුවන්, තමන් වෙන්න කැමති කවුරුදැයි කියල හොදට හොයල බලල ඒ පැත්තට පැනගන්න උත්සාහ කරන්න. ඕන තරම් අවස්ථා දැන් තියෙනවනේ. රජය පිලිගත්ත තැන් ගොඩක් තියෙනවනෙ. විද්‍යාපීඨ තියෙනව ඒවට ගියාම ගුරු පත්වීමක් ගත හැකි. රසායනාගාර සහායක වගේ රැකියා ආවස්ථාත් තියෙනව ගෙදර තත්වය අවුල් වගේ නම්. රජකම ලැබුනත් වැඩක් නැහැ තමන් ඒකට කැමති නැත්නම්. මගේ යාලුවො ටික එහෙ ගියා. මාත් යනව කියල රොත්ත පිටින් නාකි බල්ලො කොලඹ යනව වගේ පාඨමාලා පටන්ගන්න එපා. හිතල බලන්න තමන්ගෙ හීන හැබෑ කරගන්න පුලුවන්ද කියල ඔය කරන්න යන පාඨමාලාවෙන් හෝ එහෙම නැත්නම් තමන් අනුන්ගෙ හීනෙක කොටසක් වෙන්න යනවද කියලා.

    මගෙ යාලුවෙක් හිටිය . මිනිහ commerce කලේ. AL ත් යාන්තමට නෙවේ සාමාන්‍ය තරමකට ගොඩ දාගත්තා 1st shy එකේම. කැම්පස් ගියේ නැ. ඔය එක එක පාඨමාලා තියෙන්නේ වාණිජ අංශයෙන්. අන්න ඒව තුන හතරක් කලා. මිනිහ මුල් කාලෙම AAT එකත් කරගෙන තිබුනෙ. දැන් නම් හොද තත්වෙක ඉන්නවා කියලයි ආරංචිය. තව යාලුවෙක් හිටිය. මිනිහ maths කරලා fail වුනා මට මතක විදියට. ආයි AL කරන්න ගියෙ නැ. මිනිහා කලා QS diploma එකක්. ඒක කරලා තැනකට පැනගත්තා. දැන් මේ වෙනකොට පොරට අවුරුදු 3, 4ක experience තියෙන QS කාරයෙක්. මිනිහත් සැහෙන හොද තැනක ඉන්න බවයි ආරංචිය. සමාවෙන්න ඕන මම Art ගැන කියන්න නම් දන්නේ නැහැ. මම මේක ලියන්නේ පොදුවේ හැමෝවම දිරිමත් කරන්න පුලුවන් වෙයි කියල හිතලා.

    maths කරලා s3 දාගත්ත අයට - පුරුවෙ කරපු කරුමෙකට හරි උබලා අද යන්තම් හරි maths කරලා ගොඩ ගිහිල්ලා කියන්නේ උබලගෙ අනාගතේ ගොඩ කියන එකයි. හොයලා බලන්න. AL S3 දාගෙන අනාථ වෙලා ඉන්න maths කරපු එකෙක් වත් නැතිව ඇති. යන්න ඕන තරම් පාරවල් තියෙනවා . ජීවිතේ එකෙන්ම සාර්ථක කරගන්න පුලුවන්.

    AL fail වුනා කියන්නේ ජීවිතේ ඉවර වුනා කියන එක නෙ‍වේ. දුකක් දැනෙයි. ටික දවසයි. ජීවිතේ හරියට අරඹන්න ආයෙමත්

    අපේ පවුලේ දරුවෙකුට ඉන්නේ මම විතරයි. මට දුකක් කියන්න අඩන්න සහෝදර සහෝදරියෙක් නැහැ. තාම ගැනු ලමයෙක් හොයාගෙනවත් නැ දුක වත් කියන්න. :P මට වැරදුන වෙලාවක මමම කල්පනා කරල ගොඩ ආපු අවස්ථා බොහෝමයි. මම අරන් තියෙන තීරණත් මම තනියෙන් හිතලා අරන් තියෙන තීරණ. අද මම ඉන්න තත්වයට මම එන්න ඕන කියලා මම තීරණය කරලා තියෙන්නේ මීට අවුරුදු කීපයකට කලින්. තව අවුරුදු කිපයකට පසුව මම කොහොම මොනවද කරන්න ඕන කියල මම අද තීරණය කරනවා. තමන්ගෙ ජීවිතය යන්නන් වාලෙ හෝ එක එක්කෙනාට අවශ්‍ය ආකාරයට නෙවේ තමන්ට ඕන විදියට සැලසුම් කරගන්න

    කොහොම හරි කරලා ලබන සැරේ exam ගොඩ දාගෙන මට PM එකක් දාන්න. මේ කතන්දරය ලියපු එකේ සතුට මට ලැබෙන්නෙ අන්න එතකොටයි :yes:

    තව මතක් වෙන වෙන පාරට මේක update කරන්නම්. ඔබ සියලු දෙනාටම ජය

    [FONT=Arial, Helvetica, sans-serif]PHYSICS[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]S[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]CHEMISTRY[/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif]COMBINED MATHEMATICS[/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif]COMMON GENERAL TEST[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]078[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]GENERAL ENGLISH[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]B[/FONT]​
    Summary Z - Score
    0.0872
    District Rank
    924
    Island Rank
    13441

    me result 1 tyagena ayema karana 1 wadak tyeida aya??:confused:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    A/l maths

    kiyanna thiiba okkoma wage uda kiyala thiyanawa. mamath A/L maths kale first time fail. medawaswala icbt eke electronic degree eka karanawa. mata degree ekata nam final year ekata witharak 580000 wage yanawa:(:(. habai final year ekata enna man karapu okkotama 50,000 yanna natuwa athi. ekenuth man gedarin gatte 20,000 wage aniktika man ma hoyagatta.:yes::yes: degree eka karanne job ekak karana gaman. dawas 7ma medawswala wada ekale ehemea kalanam a/l nothing
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    1st shy results madi una aye ayeth karana eka thama honda.net eke kale nasthi karana eka adu karanna.yaluwoth ekka wada karanna.honda revision class 3k hoyaganna subjects 3ta.
    inadala hitala film ekak ehema baluwata kamak ne :P
    mat maths kale 1st shy ccs rank 232da koheda...mesare B 3i rank 72...
    2ds0qqt.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    [FONT=Arial, Helvetica, sans-serif]PHYSICS[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]S[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]CHEMISTRY[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]S[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]COMBINED MATHEMATICS[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]S[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]COMMON GENERAL TEST[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]078[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]GENERAL ENGLISH[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]B[/FONT]​
    Summary Z - Score
    0.0872
    District Rank
    924
    Island Rank
    13441

    me result 1 tyagena ayema karana 1 wadak tyeida aya??:confused:

    ඔයා 1st shy නම් ඔය කලේ. තව පාරක් කලානම් හොදයි
    එහෙම නැත්තම් කම්මැලි වගේ නම් NDT/HNDE/IET වලට apply කරලා බලන්න. chance එකක් ලැබෙන්නත් පුලුවන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ela ela man beluwe tho ara zero theory uganwana eka gawata yawanna ehema try ekakda kiyala... Gd post

    lol අපි එහෙම කරනවද බන්. මම ආයෙ ඒ පැත්තෙ යන්න ඉන්නෙ මේ අවුරුද්දේ :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    1st shy results madi una aye ayeth karana eka thama honda.net eke kale nasthi karana eka adu karanna.yaluwoth ekka wada karanna.honda revision class 3k hoyaganna subjects 3ta.
    inadala hitala film ekak ehema baluwata kamak ne :P
    mat maths kale 1st shy ccs rank 232da koheda...mesare B 3i rank 72...
    2ds0qqt.jpg

    elakiri kollo :yes:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    mamath 2012 AL kala ban 3A(commerce) campus set une na,dan mage yaluvanta campus selection letter eka ava kiuvahama matath asai ban aye al karanna
    masa 7i tiyenne, karanavada nadda kiyala kalpana karanne :sorry::sorry::sorry:
     
    Last edited:

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මමත් තුන් පාරක් කළා maths වලින්. අන්තිම පාර C C S දාගත්ත. වටේ පිටේ කස්ටිය කියපු ඒවා නම් වැඩක් නෑ කතා කරලා. මරාගෙන මැරෙන්න හිතුනා. තවත් අවුල උනේ අක්කල දෙන්න medical college හින්ද. අක්කල ගියාට මට පුලුවන්ද බන්. මගුල :angry::frown:. අන්තිමට BIT ඒක කරන්න පටන් ගත්ත. ඊට පස්සෙ OUSL එකේ computer engineering කරන්න පටන් ගත්ත.දැන් තුන් වෙනි අව්රුද්ද. maths කරලා කෙල වෙලා ඒත් engineer කෙනෙක් වෙන්න ආසාව තියනවා නම් සහ කැපවීම උපරිමෙන් තියෙනවනම් මේ පැත්තටත් වරෙල්ල. නැත්නම් එහෙම එන්න එපා වැඩක් නෑ පලවෙනි අවුරුද්දෙන්ම හැලෙනවා. ජයවේවා.....!
    OUSL ඒක ගැන දැනගත්තේ අන්තිමට බන් නැත්නම් පලවෙනි පාර කරපු ගමන්ම එනවා.දැනුයි කරපු මෝඩකම් තේරෙන්නෙ. :confused:
     
    • Like
    Reactions: cala94

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    a/l කියන්නේ ජිවිතේම නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත.
    අද තියෙන වෙන වෙන අවස්ථා අනුව ඒ ලෙවල් නැතත් තැනකට එන්න පුලුවන්. ඒ ලෙවල් වලින් විශ්ව විද්‍යාලයට යන එක කෙසේ වෙතත් ලයිට් කනු නැතුව රිසල්ට් එකක් ගොඩදාගන්න එක වැදගත්.
     
    අමතක වෙනකන් ටිකක් පිස්සු වගේ තියෙනවා.
    ලිදේ පනින්න හිතෙනව. ගෙදරින් පැනල යන්න
    හිතෙනවා. ඒ දවස් ටිකේ දෙන දෙයක් කාලා වෙන දෙයක්
    බලන්න ඉදලා පියවි සිහිය ආවට පස්සේ කල්පනා කරන්න
    ඕන දැන් කොහොමද වැටුන වලෙන් ගොඩ එන්නේ කියලා.