Higher National Diploma In Engineering - Application to academic year 2013 / 2014

nishanvck

Junior member
  • Mar 22, 2011
    49
    22
    8
    kandy
    ස්වරලත් ඉංජිනේරුවන්ගේ තෝතැන්න - HNDE
    1497730_647682921945066_1895857855_n.jpg


    සුවහසක් වූ පැතුමන් පොදි බැඳන් අනාගතයට පෙරමන් තනන ඔබේ මනසට පුංචි අරුණැල්ලක් ලෙසින් ඉංජිනේරු සුභ සිහිනයේ පෙරමග දකින්නට මෙලෙසින් අප ඔබට අත්වැලක් වන්නෙමු.

    වසර 27ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ 15 උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (Higher National Diploma In Engineering) පාඨමාලාව දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයට ස්වරලත් ඉංජිනේරුවන් බිහි කරන ප්‍රමුඛතම පාඨමාලාවයි. එංගලන්තයේ බෝල්ටන් සරසවියේ ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයක් වන මෙය B-TEC (Business & Technological Education Council) නිර්ණායක පදනම් කරගනිමින් 1986 වර්ෂයේ දී වසර තුන හමාරක පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස මෙරට ස්ථාපනය කරන ලදී. එතැන් පටන් නව යුගයකට පෙරමන් තැබුවා වූ අපගේ HNDE පාඨමාලාව සුවහසක් වූ දැයේ දරුවන්ගේ ඉංජිනේරු සිහිනය මුදුන්පත් කරමින් වත්මන් ඉංජිනේරු ක්ෂේත්‍රය තුල අනභිභවනීය වූ නාමයක් දිනා ඇති සුවිශේෂී පාඨමාලාවකි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (Sri Lanka Institute Of Advanced Technological Education – SLIATE) මගින් HNDE පාඨමාලාවේ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.

    වත්මන් ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රය තුල පවත්නා වූ තරඟකාරී ස්වභාවයට උරදීමට හැකි පෞර්ෂත්වයෙන් හා දැනුමෙන් හෙබි පරිපූර්ණ වෘත්තිකයෙකු ලෙසින් කොළඹ 15 උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව හැඳින්විය හැක. [/COLOR]


    උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුලත් වීමට තිබිය යුතු සුදුසුකම් :-

    ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරූ සුවහසක් වූ සිසුන්ගේ ඒකායන අභිප්‍රාය වනුයේ ඉංජිනේරුවෙකු ලෙසින් අනාගතය කරා පියනැගීමය. එසේ ඉංජිනේරු සිහිනය මුදුන්පත් කරන උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (HNDE) පාඨමාලාවට ඇතුලත් වීමට තිබිය යුතු මූලික සුදුසුකම වන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී ගණිත අංශයෙන් එක් වරකදී සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා තිබීමය. එහෙත් පාඨමාලාවට ඇතුලත් වීමට විශ්වවිද්‍යාල ප්‍රවේශයේ පරිසාධන ලකුණු මට්ටම (z - score) ඉක්මවා තිබිය යුතුය. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්‍ය සුදුසුකමක් වේ.

    උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (HNDE) පාඨමාලාවේ ව්‍යුහය :-

    උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (HNDE) පාඨමාලාව විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු හා යාන්ත්‍රික ඉංජිනේරු යන අංශ තුනෙන්ම ක්‍රියාත්මක වන අතර ඒවායේ උප අංශ පහත පරිදි වේ.

    Electrical & Electronic Engineering

    • Power Electrical Engineering
    • Electronics And Telecommunication Engineering
    • Computer Hardware And Networking Engineering

    Civil Engineering

    • Buildings & Structural Engineering
    • Highway And Railway Engineering
    • Water Supply And Water Treatment Engineering



    Mechanical Engineering

    • Production Engineering
    • Automobile Engineering
    • Refrigeration And Air Conditioning Engineering
    • Marine Engineering

    තවද 2012 වර්ෂයේ සිට උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවට සමගාමීව උසස් ජාතික ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමාව (Higher National Diploma In Quantity Surveying) හා උසස් ජාතික ගොඩනැගිලි සේවා ඉංජිනේරු ඩිප්ලෝමා (Higher National Diploma In Building Services Engineering) පාඨමාලාව යන පාඨමාලා දෙක අලුතින් හඳුන්වා දෙන ලදී.


    වැඩහල් හා විද්‍යාගාර පහසුකම් :-

    කොළඹ 15 උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන භූමිය තුල වැඩහල් (Workshop) 10ක් හා විද්‍යාගාර (Laboratory) 12 ක් ස්ථාපිතව ඇත.

    Workshop Facilities

    • Plumbing And Pipe Fitting Workshop
    • Automobile Workshop
    • Carpentry Workshop
    • Welding Workshop
    • Machine Workshop
    • Electrical Machine Workshop
    • Electrical Installation Workshop
    • Refrigeration And Air Conditioning Workshop
    • Basic Mechanical Workshop
    • Masonry Workshop

    Laboratory Facilities

    • Thermodynamic & Engineering Mechanics Laboratory
    • Concrete & Soil Testing Laboratory
    • Material Testing Laboratory
    • Electronic And Telecommunication Laboratory
    • Marine Laboratory
    • Survey Laboratory
    • Mechatronic Laboratory
    • CNC Laboratory
    • Fluid Technology Laboratory
    • Hydrology Laboratory
    • Highway And Railway Engineering Laboratory
    • Water And Environment Laboratory


    උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව සඳහා දැනට ලැබෙන නිදහස් වීම් හා වරප්‍රසාද :-

    කොළඹ 15 උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය තුල HNDE පාඨමාලාව සාර්ථකව හදාරා නිම කරන ශිෂ්‍යයෙකුට විශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳීමට ලැබෙන බව පාඨමාලාව හදාරන සිසුන් වශයෙන් ඔබට සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.

    බ්‍රිතාන්‍ය ඉංජිනේරු ආයතන සභාව (Council Of Engineering Institution – UK) මගින් පවත්වනු ලබන විභාගයේ පළමු අදියර (CEI – Part 01) නිදහස් වීම.
    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදී උපාධියේ (B.Tech Engineering) අදියර 3 හා අදියර 4 හි විෂයන් කිහිපයක් නිදහස් වීම.
    වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (University Of Vocational Technology) තාක්ෂණවේදී උපාධිය (B.Tech) සඳහා සුදුසුකම් ලැබීම.
    ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනයේ ඉංජිනේරු විද්‍යාලයේ (College Of Engineering Insitution Of Engineers Sri Lanka) සහතික පත්‍ර පාඨමාලාව සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම හා උසස් ඩිප්ලෝමාව (Advanced Diploma) සඳහා ඇතුලත් වීමේ සුදුසුකම් ලැබීම.
    ශ්‍රී ලංකා ස්වරලත් ඉංජිනේරුවන්ගේ ආයතනයේ (Insitution Of Incorporated Engineers Sri Lanka) සාමාජිකත්වය ලබා ගැනීම හා එහි විභාග වලට පෙනී සිටීමට හැකියාව ලැබීම.
    IIESL සාමාජිකත්වය ලැබීමෙන් පසු වයඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරණ උපාධි පාඨමාලාවට ඇතුලත් වීම සදහා සුදුසුකම් ලැබීම.
    HNDE යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව සාර්ථකව නිම කල සහ IIESL සාමාජිකත්වය ලබාගත් සිසුන් හට කොළඹ විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන කළමණාකරණ (Production Management) උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබීම.
    බ්‍රිතාන්‍ය, මලයාසියාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, නවසීලන්තය, රුසියාව වැනි රටවල් හි ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල රාශියක ඉංජිනේරු උපාධියේ අවසන් වසර සඳහා ඇතුලත් වීමට හැකියාව ලැබීම.
    ශ්‍රී ලංකාව තුල පුද්ගලික විශ්වවිද්‍යාල වල අවසන් වසරට ඇතුලත් වීමට සුදුසුකම් ලැබීම.

    මෙවන් වූ සුවිෂේශී ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඔබගේ සිහිනය සැබෑ කර ගැනීමට ඔබටත් අවස්ථාව ඇත. එය නිදහස් රටක නිදහස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වශයෙන් අප ලබන භාග්‍යක් වන අතර මෙවන් වූ වරප්‍රසාද සහ මෙවන් වූ පහසුකම් කිසිම පාඨමාලාවක අන්තර්ගත නොවන බව සහතික ලෙසම කිව හැකිය.

    උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය,
    කොළඹ 15.


    Higher National Diploma In Engineering - Application to academic year 2013 / 2014 Gazette has been Released.

    Download application
    http://www.hndelk.com/p/home/#

    gazette
    http://www.hndelk.com/application/upload/files/Gesat.pdf
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    විශ්වවිද්‍යාල ප්‍රවේශයේ පරිසාධන ලකුණු මට්ටම (z - score) ඉක්මවා තිබිය යුතුය

    me mokadda bn? :confused: