සමලිංගික ප්‍රේමය මරණයකින් කෙලවර වූ හැටි

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    සමලිංගික ප්‍රේමය මරණයකින් කෙලවර වූ හැටි

    සමලිංගික ප්‍රේමය මරණයකින් කෙලවර වූ හැටි

    prew-img-agalawaththa.jpg

    යුධ හමුදාවේ සිට පලා ආ හමුදා සෙබලියන් දෙදෙනෙකු ඇතිකරගත් අසම්මත ප්‍රේමයක් දුරදිග යාම හේතුවෙන් මාතර කනංකේ ප්‍රදේශයේ උණුසුම්කාරී වාතාවරණයක් ගොඩ නැගී ඇත. මෙම හමුදා සෙබලියන් දෙදෙනා යුධ හමුදාවේ සිටියදී ප්‍රේමයෙන් වෙලී ඇතිඅතර ඔවුන් දෙදෙනාට දෙදෙනා නැතුවම බැරිවී ඇත.

    මේ හේතුවෙන් ඔවුන්ගේම ජීවිතයක් ආරම්භ කිරීම සඳහා එම සෙබලියන් දෙදෙනා හමුදාවෙන් පැනවිත් කනංකේ පුහුල්හේන ප්‍රදේශයේ සිල්ලර කඩයක් ආරම්භ කොට දිවිගෙවා ඇත. මාතර කනංකේ යනු එක් හමුදා සෙබළියකගේ ගම වන අතර අනෙක් හමුදා සෙබළිය අගලවත්ත බෙල්ලන පදිංචිකාරියකි. ඇය 26 හැවිරිදි වන අතර පෙනුම පිරිමියෙකුට සමානය.

    ඔවුන් දෙදෙනාගේ පවුල් බර කරට ගන්නේ අගලවත්තේ තරුණිය විසිනි. ඒ අනුව සිල්ලර කඩයේ ආදායම , කුලී වැඩ කොට උපයා ගත් මුදලින් එම සෙබලියන් දෙදෙනා එකිනෙකාට ආදරයෙන් කල් ගතකොට ඇත. තම දියණිය තවත් හමුදා සෙබළියක් සමග අසම්මත ආකාරයෙන් දිවිගෙවන බව දැනගත් මාතර තරුණියගේ පවුලේ උදවිය එයට විරුද්ධ වී ඇත.

    මේ අතරතුර මාතර සෙබළියගේ නැගණිය අවරුදු 20 ක මාතර තරුණයෙකු හා විවාහ වී ඇත. එම තරුණයා මෙයට පෙර වයස හතලිහක කාන්තාවක් විවාහ කරගෙන සිටි අයෙකි. කෙසේ හෝ එම තරුණයා අගලවත්තේ හමුදා සෙබළිය හා සිය විවාපත් බිරිඳගේ අක්කා වන මාතර සෙබළිය යන දෙදෙනා සමගම සම්බන්ධතා පැවැත්වීම සඳහා මාතර පුහුල්හෙන ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත.

    එම සම්බන්ධතාවයෙන් පසු අගලවත්තේ සෙබළිය සමග එම තරුණයා ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන විවාපත් බිරිඳද අතහැර බෙල්ලන වීබැද්දගොඩ ප්‍රදේශයේ නිවෙසක පදිංචි වීමට ගොස් ඇත.

    මේ බව දැනගත් මාතර සෙබළිය සහ ඇයගේ මව එයට දැඩි ලෙස විරුද්ධත්වය පලකොට තිබේ. එයින් කෝපයට පත් අගලවත්තේ සෙබළිය බදුරලිය පාරේ අලෙවිසලකින් රුපියල් 210 ක මුදලක් දී ඇසිඩ් කුප්පියක් මිලට ගෙන ඇයගේ මාතර ප්‍රේමවන්තයා සමග යතුරු පැදියෙන් මාතර සෙබළියගේ මහ ගෙදර වෙත ගොස් මාතර සෙබළිය හා ඇයගේ මවට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට ඇත.

    මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් මව වන මීගමගේ දයාවතී (57) නමැති තැනැත්තිය කොළඹ ජාතික රෝහ‍ලේදී මිය ගොස් ඇත. ඝාතනයෙන් අගලවත්තේ සෙබළිය ගලවාගැනීම සඳහා ඇයව විදේශීය රටකට යැවීම සඳහා ඇගේ මව විසින් විදේශීය ගමන් බලපත්‍ර සකස් කොට අදාළ ඒජන්සියට මුදල් ගෙවා තිබේ.

    මේ සැකකාරිය වසන් කිරීමට කටයුතු කිරීමේ චෝදනාවට සැකකාරියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙන අතර අගලවත්තේ සෙබලියද පසුගිය 24 වනදා රාත්‍රියේදී පොලීසියට කොටුවිය.

    ඇය එසේ කොටු වුයේ ඕමන්ත බටහෙන් විටිය කැලේ දින තුනක් ආහාර නොමැතිව සැඟවී සිටීමෙන් අනතුරුවය.

    ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ජායාරූප කිහිපයක් පහතින් බලන්න

    agalawaththa-1.jpg

    agalawaththa-2.jpg

    agalawaththa-3.jpg

    සැඟවී සිටියදී ඇතිවූ තුවාල කැළැල් පච්චයක් ආකාරයෙන් මකා තිබු අන්දම

    Source : 33000
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හමුදාවෙන් පලාවිත් නිවසක්‌ කුලියට ගෙන
    සැඟවී සිටි සෙබළියෝ දෙදෙනා දැලේ
    එක්‌ කතක්‌ පිරිමි වෙස්‌ගෙන ඉඳලා

    ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

    යුද හමුදවෙන් පලාගිය යුද හමුදා සෙබළියන් දෙදෙනකු ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයේ කුලී නිවසක එකට ජීවත්වෙමින් සිටියදී ඉමදුව පොලිසිය මගින් පෙරේදා (30 දා) අත්අඩංගුවට ගෙන ඇත.

    විසි දෙහැවිරිදි වියේ පසුවන මෙම හමුදා සෙබළියන් දෙදෙනා කෝදාගොඩ හා දික්‌වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියෝ වෙති. මෙම යුවතියන් දෙදෙනා යුද හමුදාවට කාන්තා සෙබළියන් ලෙස බැඳී ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. යුද හමුදාවේදී ද මෙම සෙබළියන් දෙදෙනා එකම බළකායක සේවයකොට ඇත.

    පළමුව හමුදාවෙන් පලාගොස්‌ ඇත්තේ කෝදාගොඩ ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළියයි. ඊට පසු දික්‌වැල්ලේ පදිංචි හමුදා සෙබළිය හමුදාවෙන් පලාගොස්‌ ඇත. පසුව මේ යුවතියන් දෙදෙනා කෝදාගොඩ පදිංචි යුවතියගේ නිවසේ පදිංචිව සිට ඇත. මොවුන් දෙදෙනා මෙම නිවසේ පදිංචිව සිටින අතරේ එයට දෙමව්පියන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබේ.

    ඔවුන් දෙදෙනා එම නිවසින් පලවාහැර තිබේ. ඉන්පසු මෙම යුවතියන් දෙදෙනා ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයෙන් මාසිකව රුපියල් 2500 ක මුදලකට නිවසක්‌ කුලියට ගෙන එහි පදිංචිව සිට ඇත. මාස අටක්‌ තිස්‌සේ මෙම නිවසේ මොවුන් පදිංචිව සිට ඇත.

    කෝදාගොඩ පදිංචි යුවතිය පිරිමි අයකු මෙන් ප්‍රදේශයේ තැන් තැන්වල කුලී වැඩ කොට ඇත. දික්‌වැල්ලේ යුවතිය කෑම උයා පිහා ගනිමින් නිවසේ සිට ඇති අතර කෑම බීම ඇඳුම් පැළඳුම් ආදිය පිරිමි වෙස්‌ගෙන සිටි යුවතිය ගෙනැවිත් දී ඇත. එම යුවතිය කොටකලිසමකින් හා ටීෂර්ටයකින් සැරසී නිවාසවල තීන්ත ගෑම, වතුවලව වැඩ ආදී කුලී වැඩ කොට මුදල් උපයාගෙන ඇත.

    ප්‍රදේශවාසීන්ද සිතා ඇත්තේ මෙම යුවතිය පිරිමි අයකු බවය. ඇගේ හැසිරීම හා කරන කියන වැඩ අනුව කාන්තාවක්‌ කියා හඳුනා ගැනීම ගම්වාසීන්ටද අපහසුවී ඇත. මොවුන් දෙදෙනා මෙම කුලී නිවසේ එකට දිවිගෙවා ඇත.

    මේ අයුරින් මෙම යුවතියන් දෙදෙනා එකට ජීවත්ව ඇත්තේ කුමන හේතුවකටද යන්න පිළිබඳ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. හමුදාවෙන් පලායැම සම්බන්ධයෙන් මෙම තරුණියන් දෙදෙනා ඉමදුව පොලිස්‌ මුරපළ මගින් අත්අඩංගුවට ගෙන අහංගම පොලිසියට භාරදී තිබේ.

    මෙම යුවතියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ඉමදුව පොලිස්‌ මුරපළේ ස්‌ථානාධිපති උ. පො. ප. ගාමිණී ශාන්ත, පො. සැ. 22206 ජනසිරි, පො. කො. 674 අශෝක, කා. පො. කො. 3541 යන නිලධාරීහු ද එක්‌වූහ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1589393
    ආශ්චර්ය තමා
     
    Onna Oya thread eka thama math hoya hoya hitye. Man danagatta ohoma magulak wei kiyala