### වැඩ ලේසි කර ගන්න make them easy ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### වැඩ ලේසි කර ගන්න make them easy ###

    මුලින්ම කියනවා ඔක්කොටම සුබ නත්තලක් සහ අලුත් අවුරුද්දක් කියලා....

    අන්න අයෙත් ආවා ත්රෙඅඩ් එකක් අරගෙන,..
    අද කියන්න යන්නේ වෙනමම දෙයක්..
    අපේ එදිනෙදා වැඩ පහසු කර ගන්න විදි ටිකක් තමා අද කතා කරන්න යන්නේ...
    මේ ඔක්කොම අත්දැකීම් හා නෙත්දැකීම වලින් එකතු කර ගත්ත ඒවා..

    If+it+was+this+easy+id+let+them+do+more_f07e7f_4901801.jpg



    01. තමන්ගේ ID card, passport, birth day certificate, school leaving certificate, AL/ OL/ Higher studies results sheets මේ හැම එකෙන්ම පොටෝ කොපි 3 ගානේ ගහ ගන්න.... ගන්න ලොකු file එකක්... මේ ඔක්කොගෙම පොටෝ කොපි සෙට් එක ගානේ එකට දාල එක ගෙදර අල්මාරියේ දාල තියන්න..... අනිත් පොටෝ කොපි ටිකත් file එකකට දාල තියාගන්න..
    අල්මාරියට දාපු file එක ගන්නේ බැරිම උනොත් විතරයි... අනිත් හැම වෙලේම අනිත් file එකෙන් ගන්න....

    easy-button.jpg



    02. තමන්ගේ උප්පැන්න සතියේ, විවාහ සතියේ orignal කොපි ටිකක් හැමවෙලම ලග තියා ගන්න.... AG office එකෙන් ගන්න පුළුවන්... පොඩි ගානයි යන්නේ..... හදිස්සියකට වටිනාකම් කියල නිම කරන්න බැ....


    its-easy.jpg



    03. තමන්ගේ පාස්වර්ඩ් , user name පුළුවන් තරම් web browser එකේ save නොකර ඉන්න.... crack කරලා දාපු password manager software පුළුවන් තරම් නොදා ඉන්න....
    හොදම දේ excel file එකක් හදලා එකට ඔක්කොම user name , password ටික දාන්න... දැන් excel file එකට හොදට මතක තියෙන password එකක් දාන්න.. password දාන කොට open කරන්න සහ edit කරන්න යන දෙකටම ටික් දාල password දාන්න.....





    04. කොහේ හරි යන කොට ලේන්සු දෙකක් අරන් යන්න.. විශේෂයෙන් බස් වල යනකොට... කුණු පිහදා ගන්න ලේන්සු දෙක මදි උනොත් ඇරෙන්න වැඩි නම් වෙන්නේ නැ,,, ඒවගේම තව ගොඩාක් දේවල් වලට ලේන්සු වැදගත් වෙනවා....


    handkerchief_Irish.jpg



    05. බස් එකේ යනකොට මාරු සල්ලි ටිකක් බග් එකේ පොකට් එකකට දාගෙන යන්න... මොකද 93 ටිකට් එකකට 100ක් දුන්නම ඉතුරු සල්ලි බහිද්දී ගන්න කියනවා... එකෙක් වත් රුපියල් 7 ඉල්ලන්නේ නැ,,, ඊට වැඩ හොදයි මාරු සල්ලි ටිකක් බග් එකේ දාල තියා ගන්න....

    United_States_money_coins.jpg



    06. දුර ගමනක් යනවා නම් බස් එකේ විකුණන වඩේ, බනිස් නොකා ඉන්න එක තමා හොදම... වඩේ එහෙම 7-8 පාරක් බැදපුවා වෙන්න පුළුවන්.. ඒ නිසා බස් එකට නගිද්දී වතුර බෝතලයක්, පැකට් කරපු බනිස් ගෙඩියක්, බිස්කට් පැකට් එකක් අරන් නගින්න.....


    images



    07. බස් එකේ දුර ගමන් යන අය bag එකේ දාගන්න පුළුවන් පොඩි කොට්ටයක් මහා ගන්න,,, ෂපාන් එකේ වීදුරුවට තියලා නිදා ගන්න පුළුවන්.....


    images



    08. පුළුවන් තරම් phone එකේ තියෙන contacts වල බැකප් තියා ගන්න... මොකද phone එකේ වටිනා කමට වඩා contacts වල වටිනාකම බොහෝ වෙලාවට වැඩි.....


    iphone-contacts-icon.jpg


    09. පුළුවන් හැම වෙලේම වර්ග දෙකක (mobitel, dialog, hutch, etisalat) සිම් කාර්ඩ් දෙකක් තියා ගන්න.... දුර ගමන් ගියාන සිග්නල් නැති වෙනවට, සල්ලි ඉවර වෙනවට හොදම විසදුම එක.....

    sri-lanka-telecom-mobitel.jpg



    10. තමන්ට කොච්චර හොද phone එකක් තිබ්බත් පුළුවන් නම් nokia 1280, 1100 වගේ phone එකකුත් තියා ගන්න... දුර ගමන් ගියාම නැත්නම් charge කර කර තමා ඉන්න වෙන්නේ....

    201209132232059455.jpg



    මේ මට වෙච්ච දේවල් වලින් මම ඉගෙන ගත්ත දේවල්....
    තව උබල දන්නා මේ වගේ ඒවා ගොඩක් ඇති...
    පුළුවන් තරම් ඒවා මෙතන දාන්න....
    හැමෝටම වැදගත් වෙයි...
    එහෙනම් අපි කැපුනා...

    මම ටිකක් එකතු කරන්නම් තරහක් නැත්නම්

    1.මම නම් ඔරලෝසුවේ විනාඩි 5ක් වැඩියෙන් වෙලාව තියලා තියෙන්නේ.ඒ නිසා ගොඩක් දේවලදි වෙලාවටම යන්න පුලුවන්

    2.පර්ස් එකේ අස්සක නිතර නෙත නොගැටෙන තැනක රුපියල් 500 ක් වත් හංගලා තියාගන්න එක වටිනවා.සමහර වෙලාවට ඒක මාර ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

    3.බස් එකකට නැග්ගම බෑග් එක පිටේ එල්ලගෙන ඉන්න එකත් හොඳ නෑ.ඒ තමුන්ගේ වටිනා කියන බඩු ගල් වෙන්න පුලුවන්.හොඳම දේ ගලවලා තමුන්ගේ පැත්තට කරලා අල්ලගන්න එක.



    Bye.gif

     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ටිකක් එකතු කරන්නම් තරහක් නැත්නම්

    1.මම නම් ඔරලෝසුවේ විනාඩි 5ක් වැඩියෙන් වෙලාව තියලා තියෙන්නේ.ඒ නිසා ගොඩක් දේවලදි වෙලාවටම යන්න පුලුවන්

    2.පර්ස් එකේ අස්සක නිතර නෙත නොගැටෙන තැනක රුපියල් 500 ක් වත් හංගලා තියාගන්න එක වටිනවා.සමහර වෙලාවට ඒක මාර ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

    3.බස් එකකට නැග්ගම බෑග් එක පිටේ එල්ලගෙන ඉන්න එකත් හොඳ නෑ.ඒ තමුන්ගේ වටිනා කියන බඩු ගල් වෙන්න පුලුවන්.හොඳම දේ ගලවලා තමුන්ගේ පැත්තට කරලා අල්ලගන්න එක.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    RePost බුවා;16078342 said:
    TOZC492.png


    :baffled::baffled::baffled: උබට වැරදුනාද? හිතල කැපුවද?
    කොහොම හරි මගෙන් 10ක්...

    affa very sorry machan.weradeemak ban wela tiyenne.:sorry::sorry::sorry:heta mama umbata + rep dennam kepunu aewata hariyanna.