Pati thadha karaganilla

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    1524734_696104343763473_1013060461_n.jpg

    1474506_10202816821883185_1237149669_n.jpg


    :angry::angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,841
    113
    නොරොච්චෝල බලාගාරයට
    මුහුදු ජලයෙන් දැඩි හානි


    රුපියල් කෝටි ගණනක්‌ වැයකර ගොඩ නැගූ නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීයව විනාශ වී යැමේ තත්ත්වයකට පත්ව ඇතැයි විදුලි බල මණ්‌ඩලය අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

    බලාගාරයේ සිසිල්කරණ පද්ධතිය හරහා එහි යන්ත්‍ර සූත්‍ර තුළට මුහුදු ජලය ඇතුළු වීමෙන් මෙම විනාශය සිදුව තිබේ.

    විදුලි බල මණ්‌ඩලය තුළ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු මාෆියාව මුළුමනින්ම මෙම විනාශයට වගකිවයුතු බව විදුලි බල මණ්‌ඩලය සේවකයෝ සඳහන් කරති.

    නොරොච්චෝලේ බලාගාරය භාරව මීට ටික කලකට ඉහත රාජකාරි කළ සාලිය පණ්‌ඩිතරත්න නමැති ඉංජිනේරුවරයකු බලාගාරයේ කටයුතු මනා ලෙස පවත්වාගෙන යමින් ජාතික විදුලි පද්ධතියට එහි දායකත්වය එක්‌ කිරීමට වෙහෙසී ක්‍රියා කරනු ලැබිණි.

    එසේ තිබියදී විදුලි ඉංජිනේරු මාෆියාවේ වැඩපිළිවෙළට අනුව එම ඉංජිනේරුවරයා ඉවත් කර වෙනත් අයකුට නොරොච්චෝල බලාගාරයේ පාලනය භාර කෙරුණු අතර බලාගාරයේ විනාශයද ඒ සමගම ආරම්භ වූ බවද සේවක පිරිස්‌ පවසති.

    මේ මොහොත වන විට චීන ජාතික පිරිසක්‌ පැමිණ නොරොච්චෝලේ බලාගාරය බේරා ගැනීමේ මෙහෙයුමක්‌ අරඹා ඇතත් එයද ව්‍යර්ථ වෙමින් පවතින බව සඳහන් වේ.

    පසුගිය කාලයේ විදුලි ඉංජිනේරු මාෆියාවේ අත්තනෝමතික බව හමුවේ කුකුලේගඟ ජල විදුලි බලාගාරයේ ටර්බයිනයක්‌ද මුළුමනින්ම විනාශ වී ගිය අතර එය යථා තත්ත්වයට පත් කිරීමට මේ මොහොත වන තුරුත් නොහැකිව තිබේ.

    මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්‌ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (උත්පාදන) වික්‍රමසේකර මහතාගෙන් අප කළ විමසීමකදී අදාළ සිසිල්කරණ පද්ධතියේ මුහුදු ජලය කාන්දුවීමක්‌ සිදු වන බව ඒ මහතා සඳහන් කළේය.

    යම් නළයක සිදුව ඇති පිපුරුමක්‌ නිසා එසේ සිදුවන බවට හෙළි වී තිබෙන බවද කී ඒ මහතා මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරෙන බවද පැවසීය.



    දිවයින