My Long waited 10,000 POST in EK !!!

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Mini Statistics
    Age
    30
    Join Date
    10-26-2006
    Total Posts
    9,999
    avatar8239_1.gif

    Still i can remember the 1st day i join to Elakiri.com Family. That was the year i left Sri Lanka and I was so along and elakiri.com been a family to me. Thanks a lot for that ekakiri.com
    It took me more than 7 Years to achieve my 10,000 milestone POST .
    It's not been easy to hang around such a long time without all of you guys help and support. I've seen so many changes during this time. Lot of love one's left the site & lot of new members join the site. I think that's the universal truth, correct ?

    " EVERY THING CHANGE... NOTHING REMAINS WITHOUT CHANGE.... "

    STILL I CAN REMEMBER SOME OLD MEMBERS WHICH WAS SO CLOSE TO ME, SUCH AS
    NIKINI, PARIS, MALKAVI, SACHI ; ASTA ; සුදු මහත්තයා .
    I wish they also will rejoin with this Beautiful Ekakiri Family


    Special thanks to GTRZ and Admin Staff for up & running Elakiri.com




    enjoy some jokes as a new year gift from me :yes::yes::yes::yes:

    මිනී මැරුමක්

    රහස් පරීක්ෂක තනතුරක් සඳහා වූ සම්මුඛ පරීක්ෂණයක අවසන් වටය සඳහා සෙනරත්, දාබරේ සහ අමල් තේරුණි. අමල් මුලින් ම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවට පමුණුවනු ලැබීය.

    “කවුද යේසුස් ක්‍රිස්තුන් වහන්සේව මැරුවේ?”

    පරික්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා අමල් ගෙන් ඇසීය.

    “රෝමන්වරු.” අමල් ඍජුව පිළිතුරු දුන්නේ ය. ඔහුට ස්තුති කළ පරීක්ෂණ මණ්ඩලය අනතුරුව දාබරේ කැඳවීය. ඉහත පැණයම ඔහු වෙත ද යොමු කෙරිණ.

    “ජුදාස්වරු තමයි එතුමා මැරුවේ.” දාබරේ වහා පිළිතුරු දුන්නේ ය. අනතුරුව කැඳවනු ලැබුවේ සෙනරත් ය. සුපුරුදු පැනය ඔහු වෙතද යොමු කෙරිණ. පිළිතුරු දීමට පෙර මඳක් වේලා සිතුවිල්ලක නිමග්න වූ හේ අනතුරුව මෙසේ ඇසීය.

    “ඒ ගැන හිතන්න මට ටිකක් කල් දෙන්න පුළුවන් ද?”

    “හොඳයි. හෙට උදේ 9.00 ට ඇවිත් අපව හමුවෙන්න” සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඔහුට සමුදෙමින් කීවෝ ය.

    “සම්මුඛ පරීක්ෂණයේදී මොකද වුණේ?” පාසල ඇරී තම දියණිය ද සමඟ ගෙදර පැමිණ සිටි ඔහුගේ බිරිය ගෙට ගොඩවත් ම සෙනරත් ගෙන් ඇසුවා ය.

    “මට හිතෙන විදියට වැඩේ හරි. මිනී මැරුමක් ගැන හොයන්ඩ මට භාර දුන්නා. හෙට ඒක කොහොම හරි ඉවරයක් කරන්ඩ ඕනෙ” සෙනරත් සතුටින් කීවේ ය.


    තාත්වික රංගනය

    තම හැකියාවන් පිළිබඳව අධිතක්සේරුවකින් නිතර දෙවේලේ කථාබහ කරන නාට්‍ය ශිල්පියකු වූ කීර්ති තම මිතුරකු වූ ප්‍රියන්ත සමඟ මෙසේ කීවේ ය.

    “මගෙ අලුත් නාට්‍යයෙ මම මැරෙන ජවනිකාවෙදි ප්‍රේක්ෂකයො මාර විදියට මූඩ් ගහලා අඩන්ඩ පටන් ගන්නව නෙ...”

    “ඇත්තට...? එහෙම වෙන්ඩ පුළුවන් ද?”

    “මොකෝ බැරි බං. අපි අන්තිමට නාට්‍යය පෙන්නපු දවසෙ මම මැරෙන සීන් එක කළායින් පස්සෙ ඒක දැකලා මගෙ ‍රක්ෂණ නියෝජිතයා, මගෙ ජිවිත රක්ෂණ වන්දි මුදල අපෙ හාමිනේට ගෙවලනෙ” කීර්ති ඔළුව අතගාමින් කීවේ ය.



    කොහොමත් දිනුම්

    සුගත් තම ඇල්ශේෂන් බල්ලා සමඟ කාඩ් ගැසීමට පුරුදු වී සිටියේ ය.

    “ඈ බං උඹේ බල්ලට ඔය කාඩ් කුට්ටමේ කොළ අඳුරගන්ඩ පුළුවන්ද?” චන්ද්‍රසේන සුගත්ගෙන් ඇසීය.

    “මොකෝ බැරි? ඌ හොඳට අඳුරනවා. ඒ වුණාට හැමදාම දිනන්නෙ මම? සුගත් කීවේය.

    “ඒ කොහොමද උඹම දිනන්නෙ?” චන්ද්‍රසේන පුදුම වෙමින් ඇසීය.

    තුරුම්පු නොලැබුණාම ඌ බුරනවා. එතකොට මම දිනුම්. ඒ කියන්නෙ ඌ බුරනකොට මම දිනුම්. තුරුම්පු ඌට ගියාම මම හෙමිහිට තුරුම්පුවක් දෙකක් හොරෙන් ගන්නවා. එතකොටත් ඌ බුරනවා. ඒ කියන්නෙ මම දිනුම්” සුගත් පැහැදිලි කළේ ය.

    එඩ්වඩ් චන්ද්‍රසිරි
    Sours by Silumina