පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට

    මෙරට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දළ වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි ය. ඉංගිරිසින්ගෙන් ලබාගත් මේ අධ්‍යාපනය රැකියාව සමග බැඳී ඇත. අධ්‍යාපනය පිළිබඳ බොහෝ ප්‍රශ්නවලට මුල අධ්‍යාපනය රැකියා සමග බැඳී තිබීම ය. ළමුන් පාසල්වලට ඇතුළත්කිරීම, පහේ ශිෂ්‍යත්වය, විශ්වවිද්‍යාල ප්‍රවේශය හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු ආදී ප්‍රශ්න සියල්ල අධ්‍යාපනය හා රැකියාව අතර ඇති කරුමක්කාර සම්බන්ධය සමග ගැට ගැසී ඇත. අධ්‍යාපනඥයන් තම රැකියාව වෙනුවෙන් මොන බොරු දෙසා බෑවත් සියයයට අනූනමයක් නොව එයටත් වඩා වැඩි පිරිසක් ඉගෙන ගන්නේ හොඳ යැයි කියන සමාජ වැදගත්කමක් ඇති රැකියාවක් කිරීමට මිස දැනුම ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් හෝ ඊනියා පූර්ණ මිනිසුන් වීමේ බලාපෙරොත්තුවෙන් හෝ නො වේ.

    බටහිර රටවල මෙය ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය ඒ රටවල ආර්ථිකය විසින් ඇතිකෙරෙන රැකියාවලට පුහුණු කිරීම සඳහා සැකසී ඇති බැවිනි. එහෙත් අප වැනි රටවල එසේ නො වේ. අපේ අධ්‍යාපනය කලින් ම සකස් කෙරී ඇත. ඒ බොහෝ දුරට බටහිර අනුකරණයකි. අප රැකියා ඇතිකරන්නේ ඉන්පසුව ය. එය ද අතනින් මෙතනින් කෑලි එල්ලූ මෙරටට නොගැලපෙන ආර්ථිකයක් හා ඊනියා සංවර්ධනයක් ඉලක්ක කරගනිමිනි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ඇති නමුත් සමාජයවත් ආණ්ඩුවවත් ඒ පිළිගැනීමට තවමත් සූදානම් නැත. බොහෝ විට කෙරෙන්නේ විසඳුම ලෙස ඉංගිරිසි කලිසමට ( ඇඳුමට - මෙය චීන ද ඉංගිරිසි ද යන පඬිකතා අවශ්‍ය නො වේ) අණ්ඩ දැමීම, කෑලි එල්ලීම, පමණ ය. එයින් ප්‍රශ්නය තවත් අවුල් වෙයි.

    ප්‍රාථමික අධ්‍යාපනයෙන් කෙරෙන්නේ දරුවන්ට ඉතා සංයුක්ත දැනුමක් තොරතුරු ලෙස ලබා දීම ය. එහි වියුක්ත බවක් නැතිවා නො වේ. අකුරු කියවීම හා ලිවීම වුව ද තරමක් වියුක්ත ය. ශබ්දයක් සංකේතයකින් නිරුපණය කිරීම සු්‍රළු වශයෙන් වුව ද වියූක්ත ක්‍රියාවකි. ඇතැම් සිසුනට අකුරු කියවීම ද ප්‍රශ්නයක් වන්නේ එබැවිනි. අංක ගණිතය කෙසේ වුවත් එයටත් වඩා වියුක්ත ය. සිසුන් සෑහෙන සංඛ්‍යාවකට අංක ගණිතය අමාරු වීම පුදුමයක් නො වේ.

    හයවැනි ශ්‍රේනියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනයට වඩා විශ්ලේෂණයට තරමක් බර අධ්‍යාපනයකි. එහි වියුක්ත බව වැඩි ය. එහෙත් ඔරොත්තු නොදෙන්නක් නො වේ. එසේ වුවත් වියුක්ත චින්තනය අසීරු සිසුහු මේ අවස්ථාවේ දී අධ්‍යාපනයෙන් සමුගනිති. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයේ ගණිතය බොහෝ සිසුන්ට අසීරු ය. බොහෝ සිසුහු ගණිතයෙන් අසමත් වෙති. බටහිර විද්‍යාව දිගට ම හැදෑරීමට බලාපොරොත්තු නොවන සිසුන් සඳහා වියුක්ත බව අඩු ගණිත නිර්දේශයක් සකස් නොකරන්නේ එයින් ඒ සිසුන්ගේ සමාජ වැදගත්කම අඩුවන්නේ යැයි සිතන බැවින් ද? ඒ සිසුන්ට තමන්ට හැකි ගණිතයකින් සමත්වීමට ඉඩ නොදී වියුක්ත බවින් වැඩි ගණිතයකින් අසමත් කිරීමෙන් ඔවුන්ගේ සමාජ වැදගත්කම වැඩිවන්නේ ද?

    උසස් පෙළ දී වියුක්ත බව තවත් වැඩිවෙයි. සෞන්දර්ය විෂය වුව ද හැදෑරෙන්නේ වියුක්ත පසුබිමක ය. ප්‍රායෝගික පරීක්‍ෂණ නොවන්නට ගීතයක් ගැයීමට, චිත්‍රයක් ඇඳීමට නොහැකි සිසුන් වුව ද චිත්‍රකලාවේ ඉතිහාසය, එනම් බටහිරයන්ට සාපේක්‍ෂව ලියැවුණු ඉතිහාසය බටහිර විචාරය ආදී කරුණු දැනගෙන අදාළ විෂයයන්ගෙන් උසස් පෙළ සමත්වනු ඇත. අනෙක් අතට හොඳින් වියුක්ත ව සිතීමට හැකි එහෙත් ප්‍රායෝගික ව පරීක්‍ෂණ කිරීමට අසමත් සිසුන්ට බටහිර විද්‍යාවේ ප්‍රායෝගික පරීක්‍ෂණවලින් අසාධාරණයක් සිදුවෙයි.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී වියුක්ත බව තවත් වැඩිවෙයි. බුදුදහමෙහි සමාජ දර්ශනය වැනි බුදුන්වහන්සේවත් සිතී යැයි කිව නොහැකි බටහිර පට්ටපල් බොරුවලට විශ්වවිද්‍යාලවල දී ලැබෙන වැදගත්කම වැඩිවෙයි. කිසිම ශ්‍රද්ධාවක් නැති බෞද්ධ සංස්කෘතිය පිලිබඳ උපාධිධාරීන් බිහිවන්නේ එවැනි පසුබිමක ය. විශ්වවිද්‍යාලයෙහි දී වියුක්ත බව වැඩිවුවත් උසස් පෙළ දී තිබූ විචාරශීලී බව ගිලිහෙයි. නිර්මාණශීලී බව මොට වෙයි. ප්‍රශ්නපත්‍ර සකස් කරනු ලබන්නේ ගුරුවරුන් විසින් වීම හේතුවෙන් සහ ගුරුවරුන්ට නිර්මාණශීලීව ප්‍රශ්නපත්‍ර සකස්කිරීමට නොහැකි බැවින් වියුක්ත බව ද කටපාඩම් කිරීමෙන් ලබාගත හැකි අවස්ථාවක් උදාවෙයි. පංති සාමාර්ථ ලබාගත් බොහෝ උපාධිධාරීන්ට ඇත්තේ කටපාඩමින් ලබාගත් වියුක්ත අධ්‍යාපනයකි. එයටත් වඩා අභාග්‍යයක් තිබිය හැකි ද? ඔවුහු ආකෘතික උගත්තු වෙති.

    ඉතා කෙටියෙන් නමුත් මේ වෙනස්කම් මෙහි සඳහන් කළේ පහේ ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් පුහුණු කරන සිසුන් තෝරාගැනීම සඳහා සුදුසු පරීක්‍ෂණයක් නොවන බව කීමට ය. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණය ගැන ද කිව යුත්තේ එය ය. සුපශාස්ත්‍ර පර්යේෂණකරුවකුට සිසුන්ගේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, උසස් පෙළ ප්‍රතිඵල හා විශ්වවිද්‍යාල උපාධි ප්‍රතිඵල අතර සහසම්බන්ධයක් තිබේ දැයි ඊනියා පර්යේෂණයකින් දැනගත හැකි ය.

    එක් එක් අවස්ථාවල දී ඒ ඒ අවස්ථාවේ රාමුවට හැඩගැසීමට හැකි සිසුවෝ ඒ ඒ අවස්ථාවේ දක්‍ෂ යැයි නම් කෙරෙති. ප්‍රාථමික පාසලේ දක්‍ෂකම් පෙන්නුම්කර උසස් යැයි සම්මත පාසල්වලට ඇතුළත්වන සිසුන්ගෙන් යම් පිරිසක් දිගින් දිගට ම තම දක්‍ෂකම රැකගැනීමට අසමත් වෙති. එයට නව පාසල් පරිසරයට හැඩගැසීමට නොහැකි වීම ආදී වෙනත් හේතූන් ද, තිබිය හැකි නමුත්, ප්‍රාථමික අධ්‍යාපනයේ හා ද්විතීයික තෘතීයික අධ්‍යාපනවල අතර ඇති වෙනස ද එහි දී බලපාන බව පැහැදිලි ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය විචාරයට තෝතැන්නක් නොවන බව මම අත්දැකීමෙන් ම දනිමි. එහි දී බොහෝ විට දක්‍ෂතා පෙන්වන්නෝ අදාළ ආකෘතියට හැඩගැසීමට හැකි වූවෝ ය. යමකු දක්‍ෂයකු වන්නේ යම් පරිසරයකට ආකෘතියකට සාපේක්‍ෂව ය.

    ඊනියා පර්යේෂණ හා එහි ප්‍රතිඵල ලෙස ලැබෙන පශ්චාත් උපාධි ගැන කීමට ඇත්තේ වඩාත් ශෝචනතය කතාවකි. එංගලන්තයේ, අමෙරිකාවේ, බටහිර යුරෝපයේ හා නැගෙනහිර යුරෝපයේ ආචාර්ය උපාධිවලට පුහුණු කිරීමේ දී යොදාගන්නා විධික්‍රම එකිනෙකින් වෙනස් වෙයි. එහෙත් එහි පොදු බවක් ද ඇත. මුලික වශයෙන් ගත්කල පශ්චාත් උපාධිවලින් කෙරෙන්නේ බටහිර රටවලට ඇති ප්‍රශ්නවලට එතෙක් තමන් දන්නා (නිර්මාණය කරගත්) දැනුම ඇසුරෙන් විසඳුම් සෙවීම ය. එහෙත් එය ද නොකෙරෙන, උපාධි නිබන්ධනයට හුදු දත්ත එක්රැස්කිරීම් පමණක් කෙරෙන අවස්ථා ද ඇතැම් විට දැකිය හැකි ය.

    කාල් පොපර් විසින් කියන ලද ආකාරයේ අසත්‍යකරණ එහි දී නො සිදුවෙයි. එමෙන් ම ආචාර්ය උපාධිවලට හෝ ඊනියා පර්යේෂණ මත ප්‍රදානය කෙරෙන විද්‍යාපති, ශාස්ත්‍රපති, දර්ශනපති ආදී උපාධිවලට හෝ ඉදිරිපත් කෙරෙන නිබන්ධවලින් දැනුමට ප්‍රදානයක් කෙරෙන්නේ යැයි කීම ද වැදගත් කම රකින බොරුවක් පමණකි. ගැටළු විසඳීම් හැරෙන්නට ඉන් සිදුවන ඊනියා ප්‍රදානයක් නැත. ඇතැම් නිබන්ධවලින් කෙරෙන්නේ කලින් සඳහන් කළ ආකාරයට දත්ත එක්රුස්කිරීම් පමණකි.

    කෙසේ වෙතත් මේ නිබන්ධන ඉදිරිපත් කිරීමේ ආකෘති වෙයි. අවශ්‍ය වන්නේ ආකෘතිය අනුව දත්ත රැස්කර, ඇතැම් විට ගැටළුවක් විසඳා නිබන්ධය ලිවීම ය. එහි දී නිර්මාණශීලීත්වය ප්‍රථම උපාධි මට්ටමෙන් ද පහතට වැටෙයි. වැදගත් වන්නේ ආකෘතිය ය. මේ සූපශාස්ත්‍ර පර්යේෂණ ය. සූපශාස්ත්‍රයේ දී ඒ ඒ අවස්ථාවෙහි දී කළ යුත්තේ කුමක් දැයි පොතේ සඳහන් කෙරී ඇත. නිබන්ධ ඉදිරිපත් කිරීමට වැඩ කෙරෙන්නේ ද ඒ අයුරෙන් ය. අද ඊනියා පර්යේෂණ විධික්‍රම (research methodology) යනුවෙන් ඉගැන්වෙන්නේ මේ සූපශාස්ත්‍ර ක්‍රමවේදය ය.

    ඊනියා පර්යේෂණ පත්‍රිකාවලින් ද සමස්තයක් ලෙස ගත්කල දැනුමට කෙරෙන ප්‍රදානයක් නැත. ආකෘතියට අනුව දත්ත රැස්කර ආකෘතික විශ්ලේෂණයක් මගින් ඊනියා නිගමනවලට එළඹීම මෙහි දී ද සිදුකෙරෙයි. එහෙත් මේ දත්ත රුස්කිරීම් හා ගැටළු විසඳීම් මගින් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නිර්මාණය කිරීමට දක්‍ෂයන්ට ඇතැම් විට කල්පනා කිරීමට අවස්ථාව උදාවෙයි. ඔවුහු බොහෝ විට අනෙක් අයගේ දත්ත හා විසඳුම්වල යම් පරස්පර දකිති. ඒ පරස්පරවලට විසඳුම් නිර්මාණය කිරීම නම් දැනුම නිර්මාණය කිරීමකි.

    එහෙත් එලෙස දැනුම නිර්මාණය කරන්නෝ විරල වෙති. ඔවුහු ග්‍රීක යුදෛවු ක්‍රිස්තියානි චින්තනයෙහි කිමිදුණු අය වෙති. එසේ නොමැතිව කළ හැකි නිර්මාණයක් නැත. බටහිර අධ්‍යාපනයෙන් බටහිර රටවල එවැන්නෝ ද බිහිකෙරෙති. ඔවුන් සමහර විට විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පරීක්‍ෂණවල දී එතරම් දක්‍ෂතා නොපෙන්වූ අය ද විය හැකි ය. එහෙත් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එවැන්නන් සොයාගැනීම ප්‍රශ්නයක් නො වේ. ඇල්බට් අයින්ස්ටයින් එවැන්නෙක් විය.

    අපේ රටෙන් එලෙස බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කරන්නන් බිහි නොවන්නේ අපට ඒ චින්තනය ආගන්තුක බැවිනි. අපෙන් බිහිවන්නේ පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධිය ආදිය ඉහළින් සමත්වන්නන් පමණකි. මෙරට ජනමාධ්‍ය එවැන්නන්ට විශාල ප්‍රචාරයක් ලබාදෙන්නේ අපට අදාළ රාමුවල එවැනි ආකෘතික දක්‍ෂයන් මිස දැනුම නිර්මාණය කරන්නන් බිහිකර ගැනීමට නොහැකි බැවින් විය හැකි ය. කෙසේ වෙතත් මෙරට සිංහල බෞද්ධ චින්තනයෙහි වුවත් දැනුම නිර්මාණය කරන්නන්ට සමාජ වැදගත්කමක් හිමි නො වේ. එනම් සමාජය විසින් එවැන්නෝ එලෙස නො පිලිගැනෙති. එයට හේතුව මහාවිහාරික සම්ප්‍රදාය විසින් දැනුම නිර්මාණය කිරීමට වැටකඩුළු බැඳ ලැබ තිබීම ය.

    මේ කරුණු අපට වැදගත් වන්නේ ගැලීලියෝගේ බොරුව තේරුම් ගැනීමට යෑමෙහි දී ය. මහාචාර්ය අමරතුංග මහතාට ගැලීලියෝගේ බොරුව අවබෝධ වීමට ඉඩක් නැත්තේ ඔහු මෙරට ආකෘතික රාමු අධ්‍යාපනයෙන් බිහිවූවකු බැවිනි. එමෙන් ම ඔහු මහාවිහාර සම්ප්‍රදායේ පතාක යෝධයකු වූ බැවිනි. ගැලීලියෝ නිවුටන් හෝ අයින්ස්ටයින් හෝ මෙන් සුසමාදර්ශී වෙනසක් කළ අයෙක් නො වූහ. එහෙත් ඔහු නව චින්තනය මත පදනම් ව රාමු වෙනසක් සිදු කළේ ය.

    අප පසුගිය සතියේ සාකච්ඡා කළේ මේ රාමු වෙනස ය. ඒ වෙනස සමග ඔහු බටහිර විද්‍යාවේ අත්තිවාරම ද දැමී ය. ඒ අත්තිවාරම අන්කිසිවක් නොව ප්‍රත්‍යක්‍ෂය නොවූ වියුක්ත පට්ටපල් බොරු ගෙතීම ය. දැනුම ප්‍රත්‍යක්‍ෂය නොවූ කල, සංයුක්තය නොවී වියුක්තය වූ කල, බොරු ගෙතීම අමාරු කාර්යයක් නො වේ. අමාරු කාර්යය වනුයේ සංගත ව බොරු ගෙතීම ය. ගැලීලියෝ බොරුව සංගත කිරීම සඳහා එතෙක් පැවති රාමුව වෙනුවට වෙනත් රාමුවක් ඉදිරිපත් කළේ ය. පොල් ගෙඩිය අල්ලපු වත්තේ නොවැටී ගහ මුල වැටෙන්නේ ඇයි ද යන්න ඔහු තේරුම් කළේ රාමුව වෙනස් කිරීමෙනි.

    නලින් ද සිල්වා
     
    Last edited:
    • Like
    Reactions: Persius

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    අංගුලිමාල;16141121 said:
    මං හිතුවෙ මූ මොලේ තියන එකෙක් කියල. බලද්දී මූ පට්ට හරකෙක් නෙ.
    :rofl:
    ඇයි බන් එහෙම කිව්වේ ? :oo::oo::oo::oo::oo::P:P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    මිනිහට ඉවසීමක් නම් නැ.. නගිනවා නහුතෙට් පොඩ්ඩ බැරි වෙද්දි..
    වයසට ගියහම ඔහොම තමා බන් .හැබැයි මිනිහා කියලා තියෙන දේයින් අපිට ආයෙත් හිතන්න දෙයක් තියෙනවා කියලා තමා මට නම් හිතෙන්නේ :yes::yes::yes::yes::yes:
     
    ඇයි බන් එහෙම කිව්වේ ? :oo::oo::oo::oo::oo::P:P:P:P

    මචං නිකං බලහං ලෝක ජනගහනයෙන් සිංහල ඉන්නෙ කොච්චරද කියල. සීයට දශමයක් වත් නෑ. ඉතින් අපිට පුළුවන් ද තනියම මේ ගමන යන්න? අපි කැමතියි ජාතිය ඉහල යනවට. නමුත් ඇත්ත තිත්තයි. සුද්ද හඳට ත් ගිහින්. අපේ උන් තාම සුද්දගේ අධ්‍යාපනේ එපා කියනවා. කසාය බොමු ඉංග්‍රීසි බෙහෙත් එපා කියනව.
    ලෝක සමුළුවලදී දෙමලු ඉඳන් පිළිවෙලට අරිනවා තියන හැම හිලේම. අපි වෙනුවෙන් කතා කරන්න එකෙක් නෑ. ඇයි ඉංග්‍රීසි අධ්‍යාපනේ එපා නෙ. අපි ලංකාවේ.
    අපේ උන්ට ගණන් බැරි උන්ට හරියට උගන්නන්න කෙනෙක් නැති හින්ද. ඉස්කෝලේ යන්න බැරි හින්ද. දුප්පත් හින්ද. තව මෙහෙම ඒ අධ්‍යාපනේ එපා කියල කියද්දී තවත් මෝඩ වෙනවා. දුප්පත් වෙනවා.
    දැන් කියපල්ලා අහවල් රජ්ජුරුවො ඉද්දි කරපුවයි බයිලා. මම ජාති ද්‍රෝහියෙක්.:yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    අංගුලිමාල;16141198 said:

    මේකයි මචං ..උඹ කියන කතන්දරේ ඇත්තක් තියෙනවා .හැබැයි අපිට මෙතන හිතන්න යමක් තියෙනවා මචං .ඒ තමා සුද්දගේ අධ්‍යාපනය නේ මෙච්චර කල් අපි කලේ .හැබැයි මේ වෙනකම් වත් අපේ එකෙක්ටවත් නොබෙල් තෑග්ගක්වත් ගහන්න බැරි උනානේ ? ඒ මොකද ? අපිට සුද්දගේ චින්තනයට ෆිට් වෙන්න බැරි නිසා .ඒකට හේතුව තමා අපේ අධ්‍යාපනය නිර්මාණය කෙරිලා තියෙන්නේ උපතින් යමෙක්ට අහිමිවන සමාජ වරප්‍රසාද යම් කාලයකින් ලඟාකරගන්න .ඉතිං එකේන් වෙන්නේ ඉතා සුළුතර පිරිසක් තමන්ගේ සුභසිද්ධිය ලඟා කරගන්නවා .ea කියන්නේ තමන්ට වැඩක් කරගන්න එකතමා කරන්නේ ,,හැබැයි එකේ ගැටළුවක් නැහ .මොකද කවුරුත් දියුණුවෙන්න ඕනේ හිටියට වඩා .හැබැයි උඹකිව්වා වගේ ජාත්‍යන්තර සමුළුවලදි ගේම අදින්න නම් හෝ හඳට යන්න නම් හෝඅ කියන කාරනාවලදි එකී කාරණා සාක්ෂාත් කරගන්න මේ අධ්‍යාපනය දැනුම නිර්මාණය කරන්නන් පිරිසක් හැදෙන විදියට සකස් කරන්න ඕනේ .
    …සුද්දාගේ අධ්‍යාපනය කියලා මෙතන කියන්නේ මචං සුද්දා අපිට දීපු අධ්‍යාපනය මිසක් උන්ගේ රටේ තිබ්බ අධ්‍යාපන ක්‍රම වේදය නෙමේ .ඒ කිව්වෙ උන්ගේ විධික්‍රම යොදලා උන් අපේ පද්ධතිය අප්සට් කරන්න ක්‍රමයක් හැදුවට උන්ගේ රටේ ඒ ක්‍රම නැහැ .බලපන් අපේ රටේ අධ්‍යාපන ක්‍රම වේදය අද තියෙන එංගලන්තේ තියෙනවද කියලා ? මොකද ඒ රටවල් වල උන් දැනුම නිර්මාණය කරන්නන් අධ්‍යාපන ප්‍රතිසංස්කරන සිද්ධ කරන කොට අපේ රටේ අය ඒ ක්‍රමේම යොදාගෙන වරප්‍රසාද පසුපස යන්නන් බිහිකරන අධ්‍යාපනයක් බිහි කරනවා .ඒකයි මචං මෙතන කියලා තියෙන්නේ සුද්දාගේ ක්‍රමවේදය උනත් අපේ රටේ ආර්ථ්කය ඔප් නංවන්න ,සමාජය ඔප්නංවන්න යොදාගත්තානම් ප්‍රශ්නයක් නැහැ .ඒකට කියන්නේ අවෂෝශණය කරගන්නවා කියලා .ඒත් මෙතන අපි කරන්නේ අනුකරණයක් .එකේන් කවදාවත් අපේ රට හැදෙන්නේ නැහැ .මෙච්චර කල් වුණේ එකනේ බන් .එදා හිටපු රජවරු ඊජිප්තුවේ පිරමීඩ කොපිකරලා වෙහෙර විහාර දාගැබ් ගැහැව්වේ නැහැ නේ .අපේම ක්‍රමයක් අනුගමනය කරානේ .හැබැයි වෙනත් රටවල් නිර්මාන විධික්‍රම යම් යම් වශයෙන් අවෂෝශනය කරගෙන තියෙනවා .
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    ජොනී බට්ට;16141286 said:
    ඕක පොඩ්ඩක් කෙටියෙන් දාපන්කෝ :(
    මුල ඉඳන් ටිකක් වගේ මැදට වෙනකම් කියවපන් ..මුළු කතාවෙම හරය සෙට් වේවී :yes::yes::yes::yes:
     
    සුද්දගෙ අධ්‍යාපනේ කරා කිව්වට හරියට කරේ නැහැනේ. යන්තම් ඒක ෆෝම් වීගෙන එද්දී බණ්ඩාරනායක උන්නැහේ ඒක විකෘති කරානේ පැලැන්තියේ මට්ටම තියාගන්න. නොබෙල් තෑග්ග ගන්න අපේ අධ්‍යාපන ක්‍රමය හැදෙනකම් හිටියේ නැහැනේ. දැන් බලපන් ඔය සිංහල මගුලට කලින් ඉගෙන ගත්තු මිනිස්සු අද කොහෙද කියල. ඒ මිනිස්සු පිටරටවල හොඳින් ඉන්නව. උන් කරන දේවල නම ඒ රටට. සුද්දට දොස් කියනවා නම් සුද්ද කියපු දේ ඒ විදිහටම කරලා වැරදුනොත් දොස් කියන්න ඕන. නැතුව ඌ කියල ගිය ගමන් අපේ උන් පිස්සු කෙල්ල ඒකටයි මේකටයි දෙකටම නැති අධ්‍යාපන ක්‍රමයක් හදල වන කරගෙන දැන් දොස් කියන එක වැරදියි.

    වැරැද්ද සුද්දගෙ ක්‍රමයේ නෙවෙයි. අපේ උන් ඒක කරපු ක්‍රමයේ. අදත් ලංකාවේ ළමයි දාන්න දඟලන්නෙ සුද්ද හදපු ඉස්කෝල වලට. නැත්නම් ඒවා අනුකරණය කරලා හදපු ඉස්කෝල වලට. ඒක තමයි ඇත්ත. ඇත්ත තිත්තයි. ඕල්කට් තුමා ආනන්ද විද්‍යාලය හැදුවේ බෞද්ධ ළමයින්ටත් ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න.

    අපේ අය දාගැබ් හැදුව ඒක ඇත්ත. නමුත් ඒක නැතිවෙලා ගොඩක් කල්. දැන් අපිට ගොඩ යන්න තියෙන්නෙ ලෝකෙ එක්ක ඉස්සරහට ගිහින් මිසක් වෙන විදිහකට නෙවෙයි. අපි බොහොම අඩු ප්‍රමාණයක් ඉන්නෙ.

    අනික ග්‍රීක් සංස්කෘතිය අපිට වඩා පහල නෑ. ඉහල උනොත් මිසක්. කියන්නං වාලේ සුද්දට බනින උන් මිසක් ඇත්ත දන්න උන් එහෙම කියන්නෙ නෑ. ක්‍රි.පු.5 වෙනි සියවසේ බුදු හාමුදුරුවො බන කියද්දී එහෙ ඊස්කිලස් ශෝකාන්ත නාට්‍ය ලිව්වා. සොක්‍රටීස් දෙවියො නෑ කියල එහෙ තරුණ පරපුරට කිව්වා. ලංකාවේ අනුරාධපුර රාජධානිය හැදෙද්දී එහෙ පාතිනොන් (Parthenon)හැදුව. ඊට සියවස් දහයකට කලින් ට්‍රෝජන් යුද්ධය ඇති වුනා. නැව් දාහක් අරන් ග්‍රීක් මිනිස්සු යුද්දෙට ගියා. අනුරාධපුර හදන්න කලින් ක්‍රීසුස් රජතුමා පර්සියාව ආක්‍රමණය කරා.

    මම ජාති ද්‍රෝහියෙක්:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    අංගුලිමාල;16141802 said:

    උඹේ ඔය ඉස්කොල කතාව එක්ක මම එකඟ වෙනවා ...මොකද මේ රටේ ඉස්සර කාලේ ඉහළින්ම වැජඹුන ඉස්කොල කියන එව්වා ඔක්කොම ක්‍රිස්තියානි ඉස්කෝල(රාජකීය ,තොමස් ,තර්ස්ටන් වැනි පාසල් ) .ඒ කාලේ ඒ ඉස්කොල වලට යන්න නම් එක්කෝ ඉහළ පැලැන්තියක වෙන්න ඕනේ .අන්න එසේ නොවන බෞද්ධ අයට යන්න තමා ආනන්ද ,නාලන්ද ,ධර්මරාජ වගේ පාසල් ඕල්කට් තුමා නිර්මාණය කලේ .ඒව්වා බෞද්ධ පාසල් කිව්වට තිබ්බේ බෞද්ධ අධ්‍යාපනයක් නෙමේ .අර ක්‍රිස්තියානි ඉස්කොල වල දෙන අධ්‍යාපනයම තමා .වෙනස තමා ඒ ඉස්කොලෙට යන එවුන්ගේ උප්පැන්නේ ආගම බෞද්ධ .හැබැයි ඒ බෞද්ධ පාසල් වලට ගමේ එවුන්ට යන්න පුළුවන් වුනේ නැහැ .ඔය හේතුව නිසා තමා කන්නන්ගර මහත්ත්යා හැදෙව්වේ මධ්‍යමහා විද්‍යාල කියලා ජාතියක් .ඒකේ අරමුණ උනේ රාජකීය විද්‍යාලයේ තියෙන මොඩල් එක ගමේ දරුවන්ට ලබා දෙන්න .ඉතිං එකේ ලබා දූන්නෙත් අර කිව්ව අධ්‍යාපනයම තමා .වෙනස වුනේ එව්වට අහිංසක ගියේ ගමේ ළමයි .පස්සේ අතරින් පතර එක එක නම් වලින් හැදිච්ච ඉස්කොල වල යාන්ත්‍රනය රාජකීය අනුකාරක යාන්ත්‍රනය තමා .රාජකීය විද්‍යාලයේ යාන්ත්‍රනය උනේ එංගලන්තේ පබ්ලික් ඉස්කූල්ස් මොඩල් එක .ඉතිං කොපි කිරීමේ දාමයේ උඩින්ම ඉන්නේ රොයල් එක .ඉතිං අද වෙනකම් රාජකීය කේන්ද්‍රීය පාසල් අධ්‍යාපනයක තමා අපේ රටේ අධ්‍යාපනය තියෙන්නේ . ඒ වගේම තමා මේ විභාග කියලා ජාතියක් තියලා අද වෙනකම් කලේ මේ රටේ ඇතිවෙච්ච කළු සුද්දන්ගේ පැලැන්තියේ පැවැත්ම තහවුරු කරන්න ගෝල බාලයන් පිරිසක් පෙරාගන්න එක .එහෙම පෙරිලා එන අයට ඒ කිව්ව කළුසුද්දන් ගේ අධ්‍යාපන යාන්ත්‍රනයෙන් විෂේශ වරප්‍රසාද දුන්නා .ඒ කළුසුද්දන්ට අවශ්‍ය වුණේ උනේ උන්ගේ පවුල්වල පරම්පරාවල් වල පැවැත්ම තහවුරු කිරීමට රූකඩ ටිකක් බිහි කරගන්න මිසක් රට විද්‍යාත්මක හා තාක්ෂනික වෂයෙන් ඉස්සරහට ගෙනියන්න නෙමේ .අන්න ඒ කිව්ව අරමුන පෙරදැරිව ගිය නිසා තමා අපේ රටේ මිනිස්සු අද මෙහෙම අනික් රටවල් වල වහල්ලු වගේ ගිහින් කිච වෙලා ඉන්නේ .ඒක මොන කෙනාට උනත් පොදු දෙයක් ,මොකද මෙහෙන් අපි මහ ලොකු කරගෙන විද්‍යාඥයෝ කියලා පම්පෝරි ගැහැව්වට ..ඒ රටවල් වලින් උන්ට නිසි පිළිගැනීම දීලා නැහැ .කරලා තියෙන්නේ ඉගෙන ගත්ත ප්‍රමාණයට සරිලන වැටුපක් දීලා උන්ගේ රටේ දියුණුවට ඕන කරන මිනිස් ශ්‍රම ප්‍රමාණය සපුරාගන්න එක .තවත් විදියකින් කිව්වොත් අපේ වගේ රටවල් වලින් උපාධිගහලා පිට රට ගිහින් රස්සාවක් කරනවා කියන්නේ එක්තරා විදියකින් ඒ අදාළ රටට වහල් සේවය කරනවා වගේ තමා .ඉතිං මේ පජාත ක්‍රමේ වෙනස් වෙනකම් අපිට කිසිම දියුණුවක් නැහැ .මොකද මේ රටේ දැන්තියෙන්නේ සුද්දා හදපු කළුසුද්දෝ විකෘති කරපු අධ්‍යාපන ක්‍රමයක් .සුද්ඩා පටන් ගත්ත ක්‍රමේටම තිබ්බා නම් මීට වඩාපොඩ්ඩක් වෙනස් වෙන්න තිබුණා තත්වේ :yes::yes::yes::yes::yes::yes:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273

    :yes::yes::yes::yes::yes:

    කියල තියෙන ඒව නම් අවුලක් නෑ.ඒ උනත්,

    ඊඩිපස්වල කියවෙන ශෝකාන්තය මිනිස්සු රසවිදිද්දි බුදුරජාණාන්වහන්සේ ශෝකාන්තය නැති කරන හැටි කියල දුන්න.

    සොක්‍රටීස් දෙවියො නෑ කියල කියද්දි බුදුරජාණන්වහන්සේ දෙවියන් කියන්නෙ කවුද ඊට අමතරව ඉන්න ජීවින් කවුද කියල කියල දුන්න.

    සොක්‍රටීස් දෙවියන් නෑ කිව්වට කොහොමද එහෙම වෙන්නෙ කියල කිව්වෙ නැති නිසා ඒක වැදගත් උන් නෑ මෑතක් වෙනකන්.බුදුහාමුදුරුවො දෙවියන් ඉන්නව ඒවුනාට ඒගොල්ලන්ට තියෙන බල මොනවද කියල කිව්ව නිසා දාගැබ් බුද්ධ ප්‍රතිමා හැදුන බුදුන්වහන්සේ වන්දනා කරන්න.

    උබ ට්‍රොජන් නුවර පිළිගන්නව නම් රාම රාවණ ගැන අනිවාර්යෙන් පිළිගන්නව ඇතිනේ.මොකද දෙකම කවි වලනෙ තිබ්බෙ මෑතක් වෙනකන් ඒකෙ තියෙන ඒව හැබැහියින් දැක්කම ඒව පිළිගන්නව රාවණ ගැන තියෙන සාක්ශි කිව්වම බොරු කතා කියනව ඔතන විතරයි වෙනසක් තියෙන්නෙ.
    ඒකෙ තියෙන ඒව කියෙව්වම මෙහෙමත් කියන්න පුළුවන්නෙ.
    රයිට් සහෝදරයන්ට කලින් රාවණ රජතුමා අහසින් ගියා කියන එකත් පිළිගන්න වෙනව.

    වචනයක් දෙකක් ලිව්වට උබ ජාතිවාදියෙක් වෙන එකක් නැතුව ඇති බන්
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඕන එකටයි එපා එකටයි ආගම ඇදගෙන දඟලන්නෙ නැතුව වැඩක් බලාගනින් බන්. ඕවත් අපිට වෙලාවකට හෙනයක් වෙනව.:dull:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ඕන එකටයි එපා එකටයි ආගම ඇදගෙන දඟලන්නෙ නැතුව වැඩක් බලාගනින් බන්. ඕවත් අපිට වෙලාවකට හෙනයක් වෙනව.:dull:
    කොහොමද ඉතින් ටික දවසකට පස්සෙ නෙ.
     
    Last edited:

    සුද්දගෙ අධ්‍යාපනේ කරා කිව්වට හරියට කරේ නැහැනේ. යන්තම් ඒක ෆෝම් වීගෙන එද්දී බණ්ඩාරනායක උන්නැහේ ඒක විකෘති කරානේ පැලැන්තියේ මට්ටම තියාගන්න. නොබෙල් තෑග්ග ගන්න අපේ අධ්‍යාපන ක්‍රමය හැදෙනකම් හිටියේ නැහැනේ. දැන් බලපන් ඔය සිංහල මගුලට කලින් ඉගෙන ගත්තු මිනිස්සු අද කොහෙද කියල. ඒ මිනිස්සු පිටරටවල හොඳින් ඉන්නව. උන් කරන දේවල නම ඒ රටට. සුද්දට දොස් කියනවා නම් සුද්ද කියපු දේ ඒ විදිහටම කරලා වැරදුනොත් දොස් කියන්න ඕන. නැතුව ඌ කියල ගිය ගමන් අපේ උන් පිස්සු කෙල්ල ඒකටයි මේකටයි දෙකටම නැති අධ්‍යාපන ක්‍රමයක් හදල වන කරගෙන දැන් දොස් කියන එක වැරදියි.

    :yes::yes::yes::yes::yes:

    කියල තියෙන ඒව නම් අවුලක් නෑ.ඒ උනත්,

    ඊඩිපස්වල කියවෙන ශෝකාන්තය මිනිස්සු රසවිදිද්දි බුදුරජාණාන්වහන්සේ ශෝකාන්තය නැති කරන හැටි කියල දුන්න.

    සොක්‍රටීස් දෙවියො නෑ කියල කියද්දි බුදුරජාණන්වහන්සේ දෙවියන් කියන්නෙ කවුද ඊට අමතරව ඉන්න ජීවින් කවුද කියල කියල දුන්න.

    සොක්‍රටීස් දෙවියන් නෑ කිව්වට කොහොමද එහෙම වෙන්නෙ කියල කිව්වෙ නැති නිසා ඒක වැදගත් උන් නෑ මෑතක් වෙනකන්.බුදුහාමුදුරුවො දෙවියන් ඉන්නව ඒවුනාට ඒගොල්ලන්ට තියෙන බල මොනවද කියල කිව්ව නිසා දාගැබ් බුද්ධ ප්‍රතිමා හැදුන බුදුන්වහන්සේ වන්දනා කරන්න.

    උබ ට්‍රොජන් නුවර පිළිගන්නව නම් රාම රාවණ ගැන අනිවාර්යෙන් පිළිගන්නව ඇතිනේ.මොකද දෙකම කවි වලනෙ තිබ්බෙ මෑතක් වෙනකන් ඒකෙ තියෙන ඒව හැබැහියින් දැක්කම ඒව පිළිගන්නව රාවණ ගැන තියෙන සාක්ශි කිව්වම බොරු කතා කියනව ඔතන විතරයි වෙනසක් තියෙන්නෙ.
    ඒකෙ තියෙන ඒව කියෙව්වම මෙහෙමත් කියන්න පුළුවන්නෙ.
    රයිට් සහෝදරයන්ට කලින් රාවණ රජතුමා අහසින් ගියා කියන එකත් පිළිගන්න වෙනව.

    වචනයක් දෙකක් ලිව්වට උබ ජාතිවාදියෙක් වෙන එකක් නැතුව ඇති බන්

    ට්‍රෝජන් යුද්දේ තිබ්බ තැන ඒ වගේම ඒකට සම්බන්ධ නොයෙක් පුරා වස්තු හොයාගෙන තියනවා. කවියෙන් විතරක් නෙවෙයි. දඬු මොනරේ කෑලි හොයා ගත්ත නම් ඒකත් තිබුන කියල විශ්වාස කරපන්. මම කිව්වෙ ග්‍රීක් සංස්කෘතිය පහත් කරන්න එපා කියල. ඉන්දියාවේ තිබුන ඒවයි රාවනා රජ්ජුරුවොන්ගේ දඬුමොනරෙයි ගැන නෙවෙයි.
    බුදු හාමුදුරුවො කිව්ව එකෙයි සොක්‍රටීස් කිව්ව එකෙයි ඊස්කිලස් කිව්ව එකෙයි තිබුනේ මොනවද කියල ඒ ඒ අයගේ අනුගාමිකයෝ තමන් ට කැමති විදිහට පිළිගනියි. ඒත් ග්‍රීක් ලෝකේ ඉතා ඉහල සාහිත්‍යයක් ඒ කාලේ තිබ්බ කියන එකයි මම කිව්වේ. උඹ බෞද්ධ හින්ද බුදු හාමුදුරුවෝ ගැන කතා කරපන්. තව කෙනෙක් අනිත් අය ගැන කියයි. ඒත් මැද ඉඳල මේවා දිහා බලද්දී ග්‍රීක් සංස්කෘතිය විවේචනය කරනවා නම් ඒක වැරදියි.

    (ඊඩිපස් ලිව්වෙ ඊස්කිලස් නෙවෙයි. සොෆොක්ලීස්. ඊස්කිලස් තමයි විධිමත් ශෝකාන්ත නාට්‍යයේ මුල්ම පුරුක.)
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උඹේ ඔය ඉස්කොල කතාව එක්ක මම එකඟ වෙනවා ...මොකද මේ රටේ ඉස්සර කාලේ ඉහළින්ම වැජඹුන ඉස්කොල කියන එව්වා ඔක්කොම ක්‍රිස්තියානි ඉස්කෝල(රාජකීය ,තොමස් ,තර්ස්ටන් වැනි පාසල් ) .ඒ කාලේ ඒ ඉස්කොල වලට යන්න නම් එක්කෝ ඉහළ පැලැන්තියක වෙන්න ඕනේ .අන්න එසේ නොවන බෞද්ධ අයට යන්න තමා ආනන්ද ,නාලන්ද ,ධර්මරාජ වගේ පාසල් ඕල්කට් තුමා නිර්මාණය කලේ .ඒව්වා බෞද්ධ පාසල් කිව්වට තිබ්බේ බෞද්ධ අධ්‍යාපනයක් නෙමේ .අර ක්‍රිස්තියානි ඉස්කොල වල දෙන අධ්‍යාපනයම තමා .වෙනස තමා ඒ ඉස්කොලෙට යන එවුන්ගේ උප්පැන්නේ ආගම බෞද්ධ .හැබැයි ඒ බෞද්ධ පාසල් වලට ගමේ එවුන්ට යන්න පුළුවන් වුනේ නැහැ .ඔය හේතුව නිසා තමා කන්නන්ගර මහත්ත්යා හැදෙව්වේ මධ්‍යමහා විද්‍යාල කියලා ජාතියක් .ඒකේ අරමුණ උනේ රාජකීය විද්‍යාලයේ තියෙන මොඩල් එක ගමේ දරුවන්ට ලබා දෙන්න .ඉතිං එකේ ලබා දූන්නෙත් අර කිව්ව අධ්‍යාපනයම තමා .වෙනස වුනේ එව්වට අහිංසක ගියේ ගමේ ළමයි .පස්සේ අතරින් පතර එක එක නම් වලින් හැදිච්ච ඉස්කොල වල යාන්ත්‍රනය රාජකීය අනුකාරක යාන්ත්‍රනය තමා .රාජකීය විද්‍යාලයේ යාන්ත්‍රනය උනේ එංගලන්තේ පබ්ලික් ඉස්කූල්ස් මොඩල් එක .ඉතිං කොපි කිරීමේ දාමයේ උඩින්ම ඉන්නේ රොයල් එක .ඉතිං අද වෙනකම් රාජකීය කේන්ද්‍රීය පාසල් අධ්‍යාපනයක තමා අපේ රටේ අධ්‍යාපනය තියෙන්නේ . ඒ වගේම තමා මේ විභාග කියලා ජාතියක් තියලා අද වෙනකම් කලේ මේ රටේ ඇතිවෙච්ච කළු සුද්දන්ගේ පැලැන්තියේ පැවැත්ම තහවුරු කරන්න ගෝල බාලයන් පිරිසක් පෙරාගන්න එක .එහෙම පෙරිලා එන අයට ඒ කිව්ව කළුසුද්දන් ගේ අධ්‍යාපන යාන්ත්‍රනයෙන් විෂේශ වරප්‍රසාද දුන්නා .ඒ කළුසුද්දන්ට අවශ්‍ය වුණේ උනේ උන්ගේ පවුල්වල පරම්පරාවල් වල පැවැත්ම තහවුරු කිරීමට රූකඩ ටිකක් බිහි කරගන්න මිසක් රට විද්‍යාත්මක හා තාක්ෂනික වෂයෙන් ඉස්සරහට ගෙනියන්න නෙමේ .අන්න ඒ කිව්ව අරමුන පෙරදැරිව ගිය නිසා තමා අපේ රටේ මිනිස්සු අද මෙහෙම අනික් රටවල් වල වහල්ලු වගේ ගිහින් කිච වෙලා ඉන්නේ .ඒක මොන කෙනාට උනත් පොදු දෙයක් ,මොකද මෙහෙන් අපි මහ ලොකු කරගෙන විද්‍යාඥයෝ කියලා පම්පෝරි ගැහැව්වට ..ඒ රටවල් වලින් උන්ට නිසි පිළිගැනීම දීලා නැහැ .කරලා තියෙන්නේ ඉගෙන ගත්ත ප්‍රමාණයට සරිලන වැටුපක් දීලා උන්ගේ රටේ දියුණුවට ඕන කරන මිනිස් ශ්‍රම ප්‍රමාණය සපුරාගන්න එක .තවත් විදියකින් කිව්වොත් අපේ වගේ රටවල් වලින් උපාධිගහලා පිට රට ගිහින් රස්සාවක් කරනවා කියන්නේ එක්තරා විදියකින් ඒ අදාළ රටට වහල් සේවය කරනවා වගේ තමා .ඉතිං මේ පජාත ක්‍රමේ වෙනස් වෙනකම් අපිට කිසිම දියුණුවක් නැහැ .මොකද මේ රටේ දැන්තියෙන්නේ සුද්දා හදපු කළුසුද්දෝ විකෘති කරපු අධ්‍යාපන ක්‍රමයක් .සුද්ඩා පටන් ගත්ත ක්‍රමේටම තිබ්බා නම් මීට වඩාපොඩ්ඩක් වෙනස් වෙන්න තිබුණා තත්වේ :yes::yes::yes::yes::yes::yes:

    උඹේ කතාවේ ඇත්තක් තියෙනවා ,ඒත් නව නිර්මාණ කරන්න ඕනේ තරම් කුසලතාව තියෙන මිනිස්සුන්ට ඉස්සරහට යන්න දෙනවට වඩා හොරු මංකොල්ලකාරයෝ ස්ත්‍රී දුෂකයෝ ඉස්සරහටම ගිහිල්ලා තියෙන්නේ,අර සිංදුවකුත් තියෙන්නේ නිස්සෝ සුදුස්සෝ යටකොට කොස්සෝ වැඩ දෙනවා යමරෙට සෙතක් වෙයිද එහෙම රටක ඕයි කියලා ; මම නම් කියන්නේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්ණේ ඔතන තියෙන්නේ ,අධ්‍යාපනයක වටිනාකම් ප්‍රයෝජනය ගන්න දන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගත්ත මිනිහෙක් විතරයි ,පාර්ලිමේන්තුවේ එහෙම එවුන් ඉන්නේ මම හිතන්නේ අතේ පයේ ඇඟිලි ගානට
    අනික් එක අපේ එවුන් සුද්දගෙන් ගත්තේ බේබදුකම ,බොරු මානෙයි විතරයි ,වෙලාවට වැඩ කිරීම වැඩක් පිරිසුදුව නිවැරදිව කිරීම වගේ හොඳ දේවල් ගත්තේ නෑ
    රටේ ඉන්න උඩ මිනිස්සු හැදෙන්න ඕනේ බන් පහළ ඉන්න එවුන් හැදෙන්න ,නැත්තම් අර කකුළුවාගේ කතන්දරේ වගේ තමා
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    අංගුලිමාල;16142232 said:
    ට්‍රෝජන් යුද්දේ තිබ්බ තැන ඒ වගේම ඒකට සම්බන්ධ නොයෙක් පුරා වස්තු හොයාගෙන තියනවා. කවියෙන් විතරක් නෙවෙයි. දඬු මොනරේ කෑලි හොයා ගත්ත නම් ඒකත් තිබුන කියල විශ්වාස කරපන්. මම කිව්වෙ ග්‍රීක් සංස්කෘතිය පහත් කරන්න එපා කියල. ඉන්දියාවේ තිබුන ඒවයි රාවනා රජ්ජුරුවොන්ගේ දඬුමොනරෙයි ගැන නෙවෙයි.
    බුදු හාමුදුරුවො කිව්ව එකෙයි සොක්‍රටීස් කිව්ව එකෙයි ඊස්කිලස් කිව්ව එකෙයි තිබුනේ මොනවද කියල ඒ ඒ අයගේ අනුගාමිකයෝ තමන් ට කැමති විදිහට පිළිගනියි. ඒත් ග්‍රීක් ලෝකේ ඉතා ඉහල සාහිත්‍යයක් ඒ කාලේ තිබ්බ කියන එකයි මම කිව්වේ. උඹ බෞද්ධ හින්ද බුදු හාමුදුරුවෝ ගැන කතා කරපන්. තව කෙනෙක් අනිත් අය ගැන කියයි. ඒත් මැද ඉඳල මේවා දිහා බලද්දී ග්‍රීක් සංස්කෘතිය විවේචනය කරනවා නම් ඒක වැරදියි.

    (ඊඩිපස් ලිව්වෙ ඊස්කිලස් නෙවෙයි. සොෆොක්ලීස්. ඊස්කිලස් තමයි විධිමත් ශෝකාන්ත නාට්‍යයේ මුල්ම පුරුක.)
    රාම රාවණ කතාවට සම්බන්ධ ගොඩක් දේවල් රූමස්සල
    උස්සන්ගොඩ, රිටිගල වගේ දේවල් පේන්න තියෙන නිසා තමා ඒකත් පිළිගන්නෙ.

    ඕව් ඒක හරි ඒක ඔය දිගටම් එකම විදිහට තිබ්බ දෙයක් සමහර දේවල් අපිට හොයා ගන්නවත් නෑ.

    නාට්‍ය ගැන මම දන්නෙ නෑ බන් වැඩිය මම කියවල තියෙන එකක් ඔය ඊඩිපස් ඒක නිසා ඒක කිව්වෙ මම කියවපු හොද පොතක් ඒක ඒකයි ඒක මතක තිබ්බෙ.ඒක තමා අන්තිම වෙච්ච නාට්‍ය කියල මම අහල තිබ්බ.
    කොයි එකක්වත් හොද නෑ කියන්න බෑ මොකද ඒව ඒ ඒ කලාප වල මිනිස්සුන්ට ගැලපෙන්නයි හැදුනෙ.අපිට ඒව හැම තැනටම එකම විදිහට යොදා ගන්න බෑ.අපිට අනුගත වෙන්න පුළුවන් අපි ජීවත් වෙන කලාපයට අපිට ගැලපෙන විදිහට ඉස්සර ඉදල ආපු දේට විතරයි.ඒක තමා ඔය නලීන්ද සිල්ව මහත්තය හැම වෙලේම කියන්නෙ.

    සිංහලයගෙ තිබ්බ තාක්ෂණය හොයා ගත්තත් ඒක ගිහින් වෙන කොහෙට හරි ඇප්ලයි කරාම එතනට 100%ක් ම හරි යන්නෙ නෑ.

    තමන්ගෙ පැවතගෙන ආපු දේ දියුණු කර ගත්ත අයට විතරයි මේ පේන්න තියෙන දේවල් වල හැටියට ඔළුව කෙලින් කරන්න ඉන්න පුළුවන්.
    ජපානය ,චීනය, එංගලන්තය,රුසියාව ඕව ඔක්කොම තමන්ගෙ දේවල්නෙ අලුත් ඒවත් එක්ක එකතු කරල පාවිච්චි කරන්නෙ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙතුමා කියලා තියෙන කතාව ඇත්ත. ලංකාවේ තියෙන්නෙ දැනුම හොයාගෙන යන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි.හොඳ ජොබක්, සමාජ තත්වයක් හොයාගන්න ලමයව යොමු කරණ අධ්‍යාපන ක්‍රමයක්
    බයෝ වලින් ඒ ලෙවල් කරන්නේ ඩොකෙක් වෙන්න, මැත්ස් කරන්නේ ඉන්ජෙක් වෙන්න. හොඳ පඩියක් තියෙන රස්සාවක් හොයාගන්න.ආන්ඩුවේ කැම්පස් එකකට බැරි වුනොත් ප්‍රයිවට් එකකට ගිහිල්ලා හරි ඒ දේ කරගන්නමයි හැමෝම බලන්නේ. ඇත්තටම අලුත් දෙයක් කරන්න හිතන, උවමනාව තියෙන කෙනෙක්ට අපේ අධ්‍යාපන ක්‍රමය හරි නෑ. අපේ රටේ experimental fields වලට තැනක් නෑ. :confused::confused: මට තේරුණ විදියට නම් මෙතුමා කියලා තියෙන්නේ ( වැල් බයිලා ටික අයින් කරාම ) දැනුම හොයාගෙන යන, අලුත් විදියට හිතන, අලුත් දේවල් කරන්න ලමයි යොමු වෙන විදියේ අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕන කියලා :eek::eek: