සමාජයේ වරදින් පාරට වැටුණු තරුණියෝ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සමාජයේ වරදින් පාරට වැටුණු තරුණියෝ

    සමාජයේ වරදින් පාරට වැටුණු තරුණියෝ
    003%2819%29.jpg

    009%285%29.jpg



    රාත‍්‍රියට කොළඹ කොටුවට එන කොල්ලන් සුද්ධ කරන රෑ සමනළියන් ගැන පසුගිය සතියේ රසවිතෙන් කතා කළෙමු. පළවූයේ කතාවක් දෙකක් වුවත් එවැනි කතා බොහෝය. අතිශයින් ජනාකීර්ණ කොළඹ කොටුවේ පාළු ස්ථාන ද එමටය.

    වීදි ගණිකාවන් වැඩියෙන් ඉන්නා ස්ථාන අතර කොළඹ කොටුව මුල් තැනට එන බව කියති. රාත‍්‍රියේ ද එය වැඩි වනවා මිස අඩු නොවේ. වීදි ගණිකාවන් වී සිටින ඇතැම් තරුණියන් ඒ තැනට පත් වූ ආකාරය දෙස බැලූ විට ඔවුනට ඇත්තේ අමිහිරි අත්දැකීම් ඇති ඉතිහාසයකි.

    කොළඹ කොටුවේ රාත‍්‍රියට සැරිසරන වීදි ගණිකාවන් දෙතුන් දෙනකුගේ අත්දැකීම් කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරමු.

    මුලින්ම හමුවූයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගමක තරුණියකි. සිය පෙම්වතා මාර්ගයෙන් ගණිකා වෘත්තියට පිවිසුණු බව ඇය කියන්නීය.

    මට දැන් අවුරුදු 27. මම ඉස්කෝලේ දහය වසරේ වගේ ඉන්දි උසස් පෙළ ලියපු අයියා කෙනෙක් එක්ක යාළු වුණා. හැමදාම ඉස්කොලෙ ඇරෙන වෙලාවට එයා එනවා. සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. මට ඒ හතරයි. බී දෙකයි ඉතිරි ඒවා සී. මට නීතීඥවරියක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා මං උසස් පෙළ කලා කරන්න පටන් ගත්තා.

    මං පන්ති ඇරෙන වෙලාවට අයියා එනවා. ඇවිත් කතා කර කර ඉදලා යනවා. මම දොළහ වසරෙන් 13 වසරට වගේ එනකොට දවසක් අයියා පන්ති පටන් ගන්න වෙලාවට අපේ පන්තිය ගාවට ඇවිත් හිටියා. එයා කිව්වා අපි අද කතා කර කර ඉන්න කොහෙට හරි යමු කියලා. මං කිව්වා පන්ති ඉවර වෙලා යමු කියලා. පන්ති ඉවරවුණාම වෙලා මදි අදට විතරයිනේ යමු කියලා කිව්වා. අයියගේ පැරැුත්තට මමත් හා කිව්වා.

    අයියා ත‍්‍රීවිලර් එකක ඇවිත් හිටියේ. මාවත් දාගෙන එයාගේ යාළුවකුගේ ගෙදරට ගියා. එහේ අයියාගේ වයසේ වගේ පිරිමි ළමයි දෙතුන් දෙනෙක් හිටියා. එයාලා එක්ක ටිකක් කතා කර කර ඉදලා අයියා මාවත් එක්කගෙන එහේ කාමරයකට ගිහින් දොර වැහුවා. අපි පැයක් එක හමාරක් විතර ඒකේ හිටියේ. එතැනදි වෙන්න ඕනේ ඒවා ඔක්කොම වුණා. අයියා බලෙන් මොනවත් කළේ නෑ. මගෙත් කැමැත්තෙන් තමයි ඔක්කොම වුණේ.

    ඊට පස්සේ අපි ඒ ගෙදරින් ආවා. මගදි මම ඇඬුවා මට බයයි. ප‍්‍රශ්නයක් වෙන් නැතිවෙයි නේද කියලා. අයියා කිව්වා කිසි දේකට බය වෙන්න එපා, හැමදාම මාත් එක්ක ඉන්නවා කියලා. ඊට සතියකට විතර පස්සේ අයියා කිව්වා ආයේ අපි යමු කියලා. දැන් වෙන්න මොනවත් නැහැනේ. ඉදින් මාත් හා කිව්වා. අයියා එදා වගේම මාත් එක්ක ත‍්‍රීවිල් එකේ ගියා. ටිකක් දුර ගිහින් අයියා කිව්වා හදිසි වැඩක් තියෙනවා විනාඩි පහකින් එන්නම් මට ඒ ගෙදරට යන්න කියලා මම ගියා.

    එහේ මං යද්දි තවත් ගෑනු ළමයෙකුත් හිටියා. ගිහින් විනාඩි දෙක තුනකට පස්සේ එදා අයියාගේ යාළුවා කියපු කෙනා මං ගාවින් වාඩි වුණා. වාඩි වෙලා මගේ විස්තර ඇහුවා. ටිකක් කතා කර කර ඉදලා එයා මගේ අතින් අල්ලාගෙන කිව්වා නංගි අපි කාමරේට ගිහින් ටිකක් කතා කර කර ඉමුද කියලා. මං අත ගසලා දැම්මා. එතෙන හිටපු අනිත් ගෑනු ළමයා කිව්වා නංගි ඔයාගේ අයියගේ යාළුවනේ කමක් නෑ, ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ යන්න කියලා. මං බෑ කියද්දි බලෙන් එක්කන් ගියා. අයියා එද්දි ඔක්කොම වෙලා ඉවරයි. අයියගේ යාළුවා මගේ අතට රුපියල් පන්සියක් දීලා කිව්වා නංගි ඕකෙන් පොත් ගන්න කියලා. අයියා කිව්වා සල්ලි ගන්න කියලා. පස්සේ මට තේරුණේ අයියාගේ දැනුම්වත් කමින් මේක වෙලා තියෙන්නේ කියලා.

    ඕවගේ තව දෙතුන් වතාවක් එයා මාව රවට්ටලා දෙතුන් කෙනෙක් අතට යැව්වා. මම ඉස්කෝලේ ගමන නතර කරලා ගෙදරින් පැනලා ආවා. ඒත් අයියා මාව බැන්දේ නෑ. ආයේ ගෙදරට යන්නත් බැරි නිසා එක එක තැන්වල නැවතිලා ඉඳලා තමයි කොළඹට ආවේ.

    මෙහෙදි කස්ටර්මර් කෙනෙක් හම්බුණාම අපි යනවා කොහේ හරි. මං මේක කරන්නේ රෑට විතරයි. දවල්ට පිටකොටුවෙ කඬේක වැඩ කරනවා ඇය කීවාය.
    ඇයට අරමුණක් නැත. වැඩි බලාපොරොත්තුවක් ද නැත. හිත යට සඟවාගත් අඳුරු අතීතයක වේදනාව ඇතිව සැහැල්ලූවෙන් දිවි ගෙවීමට උත්සාහ කරන්නීය. මොන අඳුරු මතක තිබුණත් ඇය දැන් වීදි ගණිකාවක් වී හමාරය. දිනකට පස් හය දෙනකුගේ අතින් අතට යන්නීය.

    මෙවැනි තරුණියන් රැසක් රෑ කොළඹ සැරි සරන බව ඇය කීවාය.

    රෑ කොළඹ සැරිසරන ඊළග තරුණිය රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගමක පදිංචිකාරියකි. වයස අවුරුදු 34ක කතක වන ඇය දෙදරු මවකි. සැමියා හැර ගිය පසු බියගම රැකියාවකට ආ ඇය ගණිකාවක වී ඇත්තේ වැඩිපුර මුදල් සොයන්නට ගොසිනි.

    මම සාමාන්‍ය පෙළ විතරයි කළේ. අවුරුදු 18 ඉවර වෙද්දිම බැන්දා. අපි යාළු වෙලා බැන්දේ. එයා ගාමන්ට් එකක වැඩ කරපු කෙනෙක්. අවුරුදු 23 වෙද්දි මට පුතාලා දෙන්නම හම්බුණා. අපි හොදින් හිටියා. ඒත් ඊට අවුරුදු තුන හතරකට පස්සේ පවුලේ පොඩි පොඩි ප‍්‍රශ්න වෙලා මහත්තයා මාව දාලා ගියා. ඊට පස්සේ කන කර බඩු උකස් කරලා ළමයි දෙන්නට කෑම කිරිපිටි ගත්තා. පස්සේ කරන්නම දෙයක් නැති තැන අපේ අම්මලට ළමයි දෙන්නා බලා ගන්න දාලා මං බියගම ආවා.


    008%287%29.jpg


    බියගම ගාමන්ට් එකක් හොයා ගෙන ඒකේ වැඩට ගියා. බියගම පැත්තේ බෝඩිමක නැවතිලා හිටියේ. සතිය ඉවර වුණාම ගෙදර යනවා. ඉඩක් ලැබුණු හැම වෙලේම ළමයි දෙන්න බලන්න ගෙදර ගියා. වැඩ කරපු තැනිනුත් ලොකු පඩියක් හම්බුණේ නෑ. බෝඩිම් ගාස්තුයි, කෑම බීම වලටයි ගියාම වැඩි ගාණක් ඉතුරු කර ගන්න බැරි වුණා.

    අපේ බෝඩිමේ ඉන්න තවත් කෙනෙක් කිව්වා මේකෙන් හරියට ඉතුරුවක් කර ගන්න බැහැනේ. ඒ නිසා මේ රස්සාව කරන ගමන් තවත් මොනවා හරි කරමු කියලා.

    ඊට පස්සේ තමයි මේක පටන් ගත්තේ. වැඩ ඇරිලා කොටුව පැත්තට එනවා. කස්ටමර් කෙනෙක් හම්බුණාම කොහෙට හරි යනවා. දෙතුන් දෙනෙක් එක්ක හිතවත්වෙලා දෙතුන් දාහක් හොයාගෙන පිටකොටුවෙම තැනක නවතිනවා. දැන් බෝඩිම එහේ. අයේ උදේට ගාමන්ට් යනවා.

    මම එළිවෙනකම්ම ඉන්නේ නෑ. මගේ දවසේ ගාන හම්බුණාම යනවා. මේ සල්ලිවලින් තමයි ළමයි ඉස්කෝලේ යවන්නේ. උගන්වන්නේ. කන්න බොන්න දෙන්නේ. ගෙදර කවුරුත් මං මොකද කරන්නේ කියලා දන්නේ නෑ. ඇය කීවාය.

    රෑ කොළඹ තවත් දෑ ලබන සතියේ රසවිතෙන්.

    005%288%29.jpg
    මහ බස් පොළ

    016%281%29.jpg
    රෑ කොළඹ දර්ශන


    02%28548%29.jpg

    ලංකාදීප
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මොන සමාජයේ වරදක්ද ??? මුන්ට මේ මෝල කර වෙලා කරන්න ඕන ඒවා ඔක්කොම කරගෙන දැන් එනවා බබා පාට් දාන්න...කෙල්ලෙක් වුනාමත් කොන්ද පන තියෙන්න ඕන...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොන සමාජයේ වරදක්ද ??? මුන්ට මේ මෝල කර වෙලා කරන්න ඕන ඒවා ඔක්කොම කරගෙන දැන් එනවා බබා පාට් දාන්න...කෙල්ලෙක් වුනාමත් කොන්ද පන තියෙන්න ඕන...
    තනියම ගෑනුන්ට ලන්කාවෙ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන්ද බලන්න මුලින්ම ගෙදර ඉන්න ගෑනු ටික පාරට දාපන්. එතකොට තේරෙයි. :cool::cool:
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    තනියම ගෑනුන්ට ලන්කාවෙ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන්ද බලන්න මුලින්ම ගෙදර ඉන්න ගෑනු ටික පාරට දාපන්. එතකොට තේරෙයි. :cool::cool:

    ලංකාව තාමත් ඉන්දියාව ගානට වැටිලා නෑ බන්..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාව තාමත් ඉන්දියාව ගානට වැටිලා නෑ බන්..
    එහෙමද හිතාගෙන ඉන්නෙ? ලන්කාවෙ ගෑනියෙක්ට පාරෙ යන්න පුලුවන් තත්වයක්ද තියෙන්නෙ? ලන්කාවෙ ගෑනියෙක්ට ටිකක් හරි රැකිලා ඉන්න පුලුවන් පිරිමියෙක් ලඟ ඉන්නකන් විතරයි. ඉන්න හිටින්න තැනක් නැතුව හව්හරනක් නැතුව ගියාම කොයි ගෑනිත්/පිරිමියත් නරක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මේ නීතිය උඹලගෙ ගෙදර උන්ටත් පොදුයි. අපිටත් එහෙමයි.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    තනියම ගෑනුන්ට ලන්කාවෙ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන්ද බලන්න මුලින්ම ගෙදර ඉන්න ගෑනු ටික පාරට දාපන්. එතකොට තේරෙයි. :cool::cool:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankawe education system eke varadak thiyenava. Education system ekath mea valata vaga kiyanna ona. Education system eke PURE SIDE EKA VADI. APPLIED SIDE EKA ADUI. For example --Japan wala Grade 6 wala child kenekuta Radio ekak hadanna puluwanlu. Ath Srilankawe Grade 6 wala child kenekuta ehema puluwandha ? Akai Applied side eka adui kiyanne. Ape Grade six wala kastiya scholarship eka pass kiyala single athal ekak aragena innava. Scholarship eka pass unath Japan wala vage Radio ekak hadanna puluwandha, samahara vita card board boru radio ekak hadai. Ekath baha.