සාද සිරිය අදුර පුරා
විසිරී බබලවන්නේ........
ඒ සුන්දර මිහිරි සමය
හිත මන්මත් කරන්නේ...
නිමක් ඉමක් නැති සුන්දර
ආදරයකි දැනෙන්නේ...
මටත් හොරෙන් මගේ හිතේ
ඔයා තමයි මැවෙන්නේ.......
අහක බලන් ඉන්න විටදි..
ඔබේ දිහා බලන්නේ...
හදිස්සියෙන් හෝ ඔබ යලි..
මගේ නෙතට ගැටෙන්නේ...
අකමැත්තෙන් වුවත් දෙනෙත්..
ඔබගෙන් දුර ඇදෙන්නේ...
යලිත් වරක් ඔය සුදු වත
දැක ගන්නයි හිතෙන්නේ....
මීවිත මුළු සිරුර පුරා
අමුතු රටා මවන්නේ...
ඒ රිද්මෙට මියැසි ලොවේ
පද මාලා ගැයෙන්නේ....
මත් බඹරෙක් විලස නොවෙයි
මා මෙලෙසින් බලන්නේ...
ඔය දෙනුවන් ඉවත බලා..
ඇයි මගෙ හිත දවන්නේ.....
විසිරී බබලවන්නේ........
ඒ සුන්දර මිහිරි සමය
හිත මන්මත් කරන්නේ...
නිමක් ඉමක් නැති සුන්දර
ආදරයකි දැනෙන්නේ...
මටත් හොරෙන් මගේ හිතේ
ඔයා තමයි මැවෙන්නේ.......
අහක බලන් ඉන්න විටදි..
ඔබේ දිහා බලන්නේ...
හදිස්සියෙන් හෝ ඔබ යලි..
මගේ නෙතට ගැටෙන්නේ...
අකමැත්තෙන් වුවත් දෙනෙත්..
ඔබගෙන් දුර ඇදෙන්නේ...
යලිත් වරක් ඔය සුදු වත
දැක ගන්නයි හිතෙන්නේ....
මීවිත මුළු සිරුර පුරා
අමුතු රටා මවන්නේ...
ඒ රිද්මෙට මියැසි ලොවේ
පද මාලා ගැයෙන්නේ....
මත් බඹරෙක් විලස නොවෙයි
මා මෙලෙසින් බලන්නේ...
ඔය දෙනුවන් ඉවත බලා..
ඇයි මගෙ හිත දවන්නේ.....


