රැකියාව / ජීවිතය / අනාගතය

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රැකියාව / ජීවිතය / අනාගතය


    මම නම් එලකිරියට මෙම්බර් කෙනෙක් විදිහට අලුත් උනාට මෙක ගොඩ කාලෙක ඉදන් බලනවා. ඉතින් හිතුනා ඔගොල්ලො එක්ක දෙයක් බෙදාගන්න ඕනා කියලා.

    අද අපි ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමා අපි කරන රැකියාවේ තෘප්තිමත් නැති එක. එක්කො රැකියාවක් සොයා ගැනීමට ඇති අපහසුව. මේ කාරනා වලට බලපාන හේතු කීපයක්ම තියෙනවා.




    success-dream-work-win-cycle-arrows-learn-repeat-story-30361386.jpg



    මෙහෙම පටන් හන්නම් කො

    අපි දන්නවා රැකියාවක තෘප්තිමත් බාවය ප්‍රාදාන වශයෙන් රදා පවතින්නේ අපේ හැකියාවන්/ රැකියා ස්ථානය / මුන ගැසෙන පිරිස් - සාමුහික හැගීම සහ ලැබෙන පඩිය මත.


    මුලින්ම කලයුත්තෙ තමුන්ගෙ උපන් හැකියාව අදුරගන්න එක.

    ඒ හැකියාවෙන් ලගවෙන්න පුලුවන් උපරිම ස්ථානයත් අදුරගන්න ඔනා.

    ඊටපස්සෙ කරන්න ඔන තමුන්ගෙ හැකියාවඉ අර කලින් අපි අදුරගත්තු ස්ථානයයි යා කරගන්න එක .
    ( අපි ගොඩ දෙනෙක්ට වරදින්නේ ඔන්න ඔතන තමා. හැමෝම දොස්තරලා/ ඉන්ජිනේරුවො වෙන්න පොරකන ලොකෙක තමුන්ගේ හැකියාවන් අදුරගෙන අර පෙර කියපු රැකියාවලට වඩා කීප ගුනයකින්ම පඩි ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා.)

    සමහරු ඉන්නවා කාගේවත් යටතේ වැ ඩකරන්න අකමැති . එහෙම කෙනෙක් තමුන්ගේ හැකියාවන්වලට අනුව වි‍යාපාරිකයෙක් වීම තමා නුවනට හුරුම දේ.(මෙන්න මෙතනත් අපි වරද්දගන්නවා. ආයතනයක ප්‍රධානියෙක් ගෙන බැනුම්ක් දෙකක් ඇහුව පලියට හිතන්න එපා තමුන් රැකියාවක් කරන්න නුසුදුසුයි .තමුන්ගේම දෙයක් සල්ලි දාල පටන්ගන්නවා කියලා. මොකද ඔබ වියාපාර වලට දක්ෂයෙක් නොවෙයි නම් (වාසනාවත් ටිකක් තියෙන්න ඔනා ඔබ කරගන්න හදන්නේ ලොකු විපතක්.


    මතක තියාගන්න. බොහෝඅ විට ඔබ පෙර කී බැනුම අහන්නට ඇත්තේ. ඔබේම කම්මැලිකම නිසා/ වගකීම් පැහැර හැරපු නිසා හරි වෙනයම් නීති කඩ කිරීමක් නිසා වෙන්න පුලුවන්. වෘතීය ජීවිතේ නිවැරදි මාවතකට ගන්න දෙන එහෙම උපදෙසක් කවදාවත් රැකියාව දාල ගෙදර එන හේතුවක් කරගන්න එපා:no::no:.


    අනික මතක තියාගන්න.තමුන් කැපවීමෙන් වැඩ කරලා තමුන්ගේ උපරිමය කරද්දිත් ගෙවනේ අඩු පඩියක් නම් .හොදට හොයලා බලන්න.තමුන්ගෙ හැකියාවට අදාල රැකියාවට උපාරීම වැටුප් ගෙවන තැනක් දෙකක් හරි මේ ලොකේ කොහේම හරි තියෙනවා. :):)

    තමුන් තමුන්ගේ වැඩකරන පරාසය උපරිමයි නම් .ඒ වගේ තැනකට අයදුම් පතක් යොමුකරන්න/ යන්න බය වෙන්න ඔන නැහැ:).


    තමුන් අවන්කවම හිතලා බලනකොට තමුන්ටම තෙරෙනවානම් තමුන් එ රැකියාවට සාධාරනයක් ඉටුකරන්න තරම් දෙයක් කරගෙන නැහැ කියලා( අධයාපනික / වෘතීය සුදුසුකම් / පලපුරුද්ද ) මුලින්ම ඒවා සම්පූර්න කරගන්න උත්සහ කරන්න.


    අවන්කවම මේ ලොකේ ලෙසියෙන් සල්ලි හම්බ කරන ක්‍රම නැහැ. හම්බ කරන ක්‍රමේ ලේසි වෙන්නේ ඒක තමුන්ගේ හැකියාවට ගැලපුනොත් විතරයි:).



    පොඩි හරි දෙයක් ගත්තානම් ඒ ඇති...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata nan tiyenne ekama awulai ban I'm an introvert i don't like to talk a lot,gossip or being with lot of people but i have to fake it...jobak karanakota mata tiyena ekama awula tama eka..:)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    mata nan tiyenne ekama awulai ban I'm an introvert i don't like to talk a lot,gossip or being with lot of people but i have to fake it...jobak karanakota mata tiyena ekama awula tama eka..:)



    ඔයා නිහඩ ,ගුප්ත චරිතයක් නම් බොහෝ විට නිර්මාණශීලි ඇති. හැබැයි ඉස්සරහට හොද මිනිස්සු ටිකක් දැන ඇදිනගෙන තියාගන්න එක කෝකටත් හොදයි. තමුන්ට උදව්වක් වෙයි. :):)