Colombo new Look - Outer circle Phase1 Kottawa to Kaduwela

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ශ්‍රී ලංකාවේ මේ වන විට තිබෙන දිගම ගුවන් පාලමෙන් යුත් කොළඹ පිටත වටරවුමේ අධිවේගී මාර්ගය පළමු අදියර 8 පස්‌වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ. අදියර තුනකින් වැඩ නිමකිරීමට නියමිත කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ කොට්‌ටාව පිවිසුමේ සිට කෙරවලපිටිය දක්‌වා ඉදිකෙරෙන අතර කෙරවලපිටියේදී කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරේ.

    high700.jpg


    පළමු අදියරට අයත් කොට්‌ටාව අන්තර් පිවිසුමේ සිට කඩුවෙල දක්‌වා කිලෝ මීටර් 11 කින් යුත් කොටස අද 8 දා ජනාධිපතිවරයා අතින් විවෘත කෙරේ.

    මෙම කොටස කිලෝ මීටර් 3.3 කින් යුත් දිගු ගුවන් පාලමකින් යුක්‌ත වන අතර එය මේ වන විට ලංකාවේ තිබෙන දිගම ගුවන් පාලම වෙයි. මෙම අධිවේගී මාර්ගයේ දෙවන සහ තෙවන අදියර යටතේ ඊටත් වඩා දිගින් යුත් ගුවන් පාලම් දෙකක්‌ ඉදිවන අතර 2017 වැඩ නිමවීමට නියමිත තුන්වන අදියර යටතේ කිලෝ මීටර් 5.9 කින් යුත් මෙරට ඉදිවන දිගම ගුවන් පාලම ඉදිවීමට නියමිත බව මහා මාර්ග හා වරාය ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා පැවැසීය.

    කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (ජයිකා) රුපියල් බිලියන 27 ක ණය ආධාර යටතේ ඉදිකර ඇත.

    දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව සිට මාතර ගොඩගම දක්‌වා කිලෝ මීටර් 32.25 ක්‌වූ කොටස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    ඒ අනුව ලබන 15 වැනිදායින් පසුව දක්‌ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර සිට කඩුවෙල දක්‌වා පැය එකහමාරක්‌ වැනි කෙටි කාලයකින් ළඟාවීමට අවස්‌ථාව උදාවනු ඇත.


    Kotta+-Kaduwela-+Highway-+33000lk-+(1).jpg


    Kotta+-Kaduwela-+Highway-+33000lk-+(2).jpg


    Kotta+-Kaduwela-+Highway-+33000lk-+(4).jpg


    Kotta+-Kaduwela-+Highway-+33000lk-+(5).jpg


    Kotta+-Kaduwela-+Highway-+33000lk-+(6).jpg


    Kotta+-Kaduwela-+Highway-+33000lk-+(7).jpg


    Kotta+-Kaduwela-+Highway-+33000lk-+(8).jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,416
    16,097
    113
    එළ එළ..ලස්සනයි..ඒත් ඕක මහින්ද මහ සේනාවක් එක්ක ගිහින් ඕපන් කරාට අපේ රටේ වැඩ කරන පිට රටවල වැඩ කරලා ලංකාවට සල්ලි එවන හැම මනුස්සයෙකුගේම දාඩිය මහන්සිය ඕකට ගෑවිලා තියෙනවා..මුලින්ම ඒ මිනිස්සුන්ට respect කරන්න ඕන..වැඩේ කියන්නේ චන්දෙ ලං වෙනකන්ම හිටියනේ ඕක open කරන්න..මහින්ද අසරණ මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය තමන්ගේ වාසියට හරවාගෙන තියෙන එක ගැන දුකයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ චන්දෙත් ගොඩ දාගත්තා එහෙනම්

    එළ එළ..ලස්සනයි..ඒත් ඕක මහින්ද මහ සේනාවක් එක්ක ගිහින් ඕපන් කරාට අපේ රටේ වැඩ කරන පිට රටවල වැඩ කරලා ලංකාවට සල්ලි එවන හැම මනුස්සයෙකුගේම දාඩිය මහන්සිය ඕකට ගෑවිලා තියෙනවා..මුලින්ම ඒ මිනිස්සුන්ට respect කරන්න ඕන..වැඩේ කියන්නේ චන්දෙ ලං වෙනකන්ම හිටියනේ ඕක open කරන්න..මහින්ද අසරණ මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය තමන්ගේ වාසියට හරවාගෙන තියෙන එක ගැන දුකයි..

    :baffled: :dull: ආස්චර්ය
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    owa koheda bn high way owa express way aduma gane high way kiyala board akakwath gahala na...ubalawa rawattane onna ohomai....