කල්‍යාණි රන් පිවිසුම හෙට ජනතා අයිතියට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම හෙට (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

    මෙම නව කැලණි පාළම “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    2012 වසරේදී පාලම ඉදිකිරීමේ මූලික සැලසුම් සකස් කර එවකට ජනපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2013 වසරේ ශක්‍යතා අධ්‍යනය අවසන් කර 2014 වසරේදී අදාළ ගිවිසුම් අත්සන් කර ඇත.

    ඉන් අනතුරුව පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කර තිබේ.

    කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාළම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වෙයි.

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

    කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380ක් වන අතර පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කර ඇත.

    පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර තිබේ.

    ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ( JICA ) මූල්‍යදායකත්වය මත මෙම පාලම ඉදිකර තිබේ.

    මේ අතර ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන නව කැලණි පාළම් ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර තිබීමත් විශේෂත්වයක්.

    මෙසේ රෝපණය කරන ශාක වෙත නොකඩවා ජලය සැපයීම සදහා භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.

    මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගඟේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර නව කැලණි පාළම විදුලි ආලෝකකරණය කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.


    AVvXsEgdH0MItjuj72FEg27M7NHnNfRCzchahEcOuvukx-Gl1ZwX24kUGyBtv2meyRn377Hn_e375s1N-gDP-aEeZro3q_Vjxfrd0LVDm9-ro2HNIb6WnvjiAp_JQxZLxVja0VM5DFx7jrRtLzOQUjSjtDiB4hDWPEmCJL5YvtfgIKUrSpefdqFb1MYRpB6egw
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඕක චයිනීස් නෙමේ නේද. පවුලට උන ගැනෙයි ද දන්නෙ නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    👍👍




    මේක මැප් එකේ තියෙන විදිහට ඉමේජ් එකක් නැද්ද?
    හෙටින් පස්සෙ යද්දි මේක උඩින් යන්න ගිහින් කොහෙන මතුවෙයිද දන්නෑ...
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,502
    113
    Matale
    👍👍




    මේක මැප් එකේ තියෙන විදිහට ඉමේජ් එකක් නැද්ද?
    හෙටින් පස්සෙ යද්දි මේක උඩින් යන්න ගිහින් කොහෙන මතුවෙයිද දන්නෑ...
    දෙතුන් පාරක් ට්‍රයි කරලා බලපං. අපි හැම දෙයක්ම ඔය විදිහටනේ ජීවිතේ කළේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    ලස්සනට තියේනෙ

    👍👍




    මේක මැප් එකේ තියෙන විදිහට ඉමේජ් එකක් නැද්ද?
    හෙටින් පස්සෙ යද්දි මේක උඩින් යන්න ගිහින් කොහෙන මතුවෙයිද දන්නෑ...
    එක පාරක් එක්සෑම් එකකට ටයිම් තියල ගිහින් හයිවේ එකට වැරදි එන්ට්‍රන්ස් එකකින් දැම්මනෙ. ඉදපු ප්‍රොපෙස හොද නිසා නැති උන පැය බාගෙ එපා නන් ලියන්න දෙනව කියල දුන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔයාව නිකං පුරුද්දට වගේ quote වුණේ... ඔයාට මේක අදාල නෑ...😂
    දෙතුන් පාරක් ට්‍රයි කරලා බලපං. අපි හැම දෙයක්ම ඔය විදිහටනේ ජීවිතේ කළේ
    වෙරි හෙල්ප්ෆුල් මචෝ...😂
    ලස්සනට තියේනෙ


    එක පාරක් එක්සෑම් එකකට ටයිම් තියල ගිහින් හයිවේ එකට වැරදි එන්ට්‍රන්ස් එකකින් දැම්මනෙ. ඉදපු ප්‍රොපෙස හොද නිසා නැති උන පැය බාගෙ එපා නන් ලියන්න දෙනව කියල දුන්න.
    හපොයි....😲😲