අළුගෝසු තනතුර ආයෙමත් හිස්
වධක තනතුර හෙවත් අළුගෝසු තනතුර සඳහා අලුතින් බඳවා ගත් පුද්ගලයා ද සේවය හැර ගොස් තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරතන පල්ලේගම මහතා කියා සිටියේ අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ඉදිරිපත් කර ඇති බවයි.
තමා සිය පුහුණු කාලසීමාව තුළ වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම් ගස දැකීම හේතුවෙන් කම්පනයට පත් වු බව ඔහු අදාළ ලිපියේ සඳහන් කර තිබේ.
එම කම්පනය නිසා තවදුරටත් මෙම තනතුර දැරීමට තමාට නොහැකි බව පවසමින් මෙම ඉල්ලා අස්වීම සිදුකරන බවට එම ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන්ය.
මීට පෙර ද මෙම අළුගෝසු තනතුර සඳහා තෝරා ගනු ලැබු පුද්ගලයින් දෙදෙනෙකු නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ද එම තනතුරෙන් ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබිණි.
linked
http://sinhala.adaderana.lk/news.php?nid=41693

. 