හම්බන්තොටින් (විතරක් නෙමෙයි පළාත් දෙකෙන්

හම්බන්තොටින් (විතරක් නෙමෙයි පළාත් දෙකෙන්

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
mr-gadaffi


හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ඉතා වැදගත් සංඥාවකි.

2009 පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව එහි ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය 10%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී තිබේ.

අවසන් වශයෙන් පැවැත්වුණු ප්‍රධානතම මැතිවරණය වූ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුව දිස්ත්‍රික්කයේ ආසන හතෙන් පහක් ම දිනා ගත් අතර විපක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන දෙකක් පමණි. විපක්ෂයෙන් ආසන දිනා ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණි. සරත් ෆොන්සේකාගේ පක්ෂය සමග සන්ධානගතව තරග කළ ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් දිනා ගැනීමටවත් බැරි විය.

මෙවර මැතිවරණයේදී ආණ්ඩුව සමස්ත ආසන සංඛ්‍යාව වන 14න් අටක් දිනා ගනිද්දී විපක්ෂය හයක් දිනාගෙන තිබේ.

2009 පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවතියේ ආසන 12ක් පමණි. ආණ්ඩුවට එයින් අටක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයට තුනක් ද ජනතා විමුක්ති පෙරමුණට එකක් ද හිමි විය.

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සිය ඡන්ද ප්‍රතිශතයන් හා ආසන සංඛ්‍යාව වැඩි කරගෙන තිබේ.

තැපැල් ඡන්ද ප්‍රතිඵලයත් සමස්ත ඡන්ද ප්‍රතිඵලයත් අතර වෙනසින් පෙන්නුම් කරන්නේ රජයේ සේවයේ යෙදී සිටින මධම පංතික කොටස් අතර ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී නොමැතිමුත්, සෙසු බලවේග අතර තත්වය වෙනස් බවයි.

මෙසේ සිදු වනනේ ආණ්ඩුවේ 'සංවර්ධන' වැඩසට‍හනේ නාභියෙහි ය. රාජපක්ෂ පවුලේ බලකොටුවෙහි ය. ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂගේ බල ප්‍රදේශයේ ය.

මාතර දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය සලකා බැලූ විට ආණ්ඩුවට ආසන දෙකක් අහිමි වී තිබේ. කලින් ආසන 18කින්12ක් හිමි කරගෙන සිටි ආණ්ඩුවට මෙවර හිමි වී තිබෙන්නේ ආසන 17කින් 10ක් පමණි. ඡන්ද ප්‍රතිශතය ද 9%කින් පමණ පල්ලම් බැස තිබේ.

සියලු දිස්ත්‍රික්කවල මෙවැනි පල්ලම් බැසීමක් අපේක්ෂා කළ හැකි අතර කොළඹ දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකි වනු ඇත. (Update: ආණ්ඩුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් ද, කලුතර දිස්ත්‍රික්කයෙන් තිබුණු ආසනයක් ද අහිමි වී තිබේ.එසේ වන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසන සංඛ්‍යාව දෙකකින් වැඩි වී තිබියදී ය. )

(Update: කොළඹ නගරයේ ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට තරු පෙන්වන එකකි. සුළුතර දෙමළ ජනයා වැඩිපුර ජීවත් වන ප්‍රදේශවල ආණ්ඩුව තුන්වන තැනට වැටී ඇත.)

(Update: ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු ආසන සංඛ්‍යාව ආසනයකින් වැඩි වෙද්දී ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව 27 සිට 23 දක්වා අඩු වී තිබේ. ඡන්ද ප්‍රතිශතය 12%කින් පමණ අඩු වී තිබේ.)

(Update: කොළඹ දිස්ත්‍රික්කයේ මුළු ආසන සංඛ්‍යාව දෙකකින් අඩු වෙද්දී ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව හතකින් අඩු වී තිබේ. කොළඹ දිස්ත්‍රික්ක‍යෙන් ආණ්ඩුව බෝනස් ආසන ද ඇතුළුව ආසන 18ක් දිනා ගනිද්දී ‍විපක්ෂය ආසන 22ක් දිනාගෙන තිබේ. ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බිඳ වැටීම 12%කට වැඩි ය.)

ආණ්ඩුව මෙම ප්‍රතිඵලය ලබන්නේ නිදහස්, ස්වාධීන මැතිවරණයකින් නො වීම ද විශේෂ ය. මේ ප්‍රතිඵලය ලැබෙන්නේ සමස්ත රාජ්‍ය යන්ත්‍රය ම සිය වාසිය වෙනුවෙන් යොදා ගැනීමෙන් අනතුරුව වීම සලකා බැලූ විට ඇත්තෙන් ම සමස්ත ප්‍රතිඵලයේදී ආණ්ඩුව පරාද බව පැහැදිලි ය.

විපක්ෂය මෙම ප්‍රතිඵලයෙන් තේරුම් ගත යුතු කරුණක් වන්නේ අනාගත ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීම දුෂ්කර නො වන බවයි.
 
  • Like
Reactions: wasangaama

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මගේ ත්‍රෙඩ් එකෙ හරි නේද ජනාධිපතිවරණයක් තිබුනොත් අනිවා ඩෙෆා මහින්ද පරාදයි :) මීට වැඩිය උද්යෝගයක් එතකොට එනව

    මොනව උනත් හම්බන්තොට මිනිස්සු මහ කුහකයි බන් මහින්ද හැම රෙද්දම කලේ එහෙටනෙ එත් මෙහෙම නම් ඉතින් අනිත් පැති ගන කතා කරල වැඩක් නැ

    මහින්දට එරෙහි වූ මාතර http://www.elakiri.com/forum/showthread.php?t=1607320
     
    මගේ ත්‍රෙඩ් එකෙ හරි නේද ජනාධිපතිවරණයක් තිබුනොත් අනිවා ඩෙෆා මහින්ද පරාදයි :) මීට වැඩිය උද්යෝගයක් එතකොට එනව

    මොනව උනත් හම්බන්තොට මිනිස්සු මහ කුහකයි බන් මහින්ද හැම රෙද්දම කලේ එහෙටනෙ එත් මෙහෙම නම් ඉතින් අනිත් පැති ගන කතා කරල වැඩක් නැ

    මහින්දට එරෙහි වූ මාතර http://www.elakiri.com/forum/showthread.php?t=1607320
    කළගුණ නොදත් ජාතියක්:angry::rolleyes:;)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පිස්සු පුසා;16454951 said:
    කළගුණ නොදත් ජාතියක්:angry::rolleyes:;)


    දැන් බලපන් SriLankan,Mihin Lanka, Port Authority, Air Ports ඔය හැම එකේම ඉන්නේ හම්බන්තොට උන් :lol::lol:
     
    දැන් බලපන් SriLankan,Mihin Lanka, Port Authority, Air Ports ඔය හැම එකේම ඉන්නේ හම්බන්තොට උන් :lol::lol:
    :lol::lol::lol::lol:අට පාස් නැති බෝක්කු උඩ රස්තියාදු උන එවුනුයි ගෙවල් වලට නාකි උන බඩු කෑලි ටිකයි:P:P
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    minissunta dan me anduwa epa wela tiyenne.ewnata balapanko ada 7ta itn news walata kiyawi anduwa athi vishista jayagrahanayak labuwai kiyala.

    එහෙම කිව්වේ නැත්නම් හෙට උන්ගේ රස්සාවල් ගහල යනව බන් :lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mewatanam sahenna Ridei Chande dunnu ayata :P ;)
    eelangata maha mathi waranaye seat godak me wage ganna puluwan nam hodai :)

    JVP saha SF hoda prathi paththi genalla chanda dunnu nati minissunge akarshanaya ganna baluwanam tawa lesiy :)