මෙහි පලවන කථා මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවා වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක්.... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.
වේටර් වරයා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.
මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි තරුණයෙක්.... වියපත් ස්වාමිපුරුෂයා අමතා..
"මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"
වියපත් තැනැත්තා - " අනේ එපා... "
තරුණයා - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "
වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ....
සාමාන්‍යයෙන් කාන්තා පාර්ශව කියන කතාවක් තමයි, ඒගොල්ලන්ගේ යාලුවො තමයි හොදම කට්ටිය කියලා.
මේක කියවන්නකෝ. බලන්න පිරිමි අයගේ යාළුවෝ කොච්චර හොදද කියලා. කැපුවත් පාවලා නම් දෙන්නේ නෑ.
නෝනගේ යාළුවෝ
ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල මහත්තයා නෝනාගෙන් අහනවා.
එතකොට නෝන කියනව එයා (කාන්තා)යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
මහත්තයා, නෝනගේ හොදම (කාන්තා)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ නෝන ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
10 දෙනාම නෝන ඒගොල්ලොත් එක්ක හිටියේ නෑ කියනවා..!
මහත්තයගේ යාළුවෝ
ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල නෝනා, මහත්තයාගෙන් අහනවා.
එතකොට මහත්තයා කියනව එයා (පිරිමී) යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
නෝන, තමන්ගේ මහත්තයාගේ හොදම (පිරිමී)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ මහත්තයා ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
5 දෙනෙක්ම කියනවා මහත්තයා ඒගොල්ලොත් එක්ක තමයි ඊයේ රාත්‍රියේ හිටියේ කියල.
ඉතුරු 5 දෙනාම කියනවා ඊයේ රෑ විතරක් නෙමෙයි, තාමත් මහත්තයා ඉන්නේ ඒගොල්ලොත් එක්ක කියලා !!!
බලන්න කොච්චර හොද යාළුවොද නේ...??!!



