හිනා_හිනා..

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මෙහි පලවන කථා මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවා වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.​

    ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක්.... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ ‍මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.

    වේටර් වරයා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.

    මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි තරුණයෙක්.... වියපත් ස්වාමිපුරුෂයා අමතා..

    "මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"

    වියපත් තැනැත්තා - " අනේ එපා... "

    තරුණයා - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "

    වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ....

    සාමාන්‍යයෙන් කාන්තා පාර්ශව කියන කතාවක් තමයි, ඒගොල්ලන්ගේ යාලුවො තමයි හොදම කට්ටිය කියලා.
    මේක කියවන්නකෝ. බලන්න පිරිමි අයගේ යාළුවෝ කොච්චර හොදද කියලා. කැපුවත් පාවලා නම් දෙන්නේ නෑ.

    නෝනගේ යාළුවෝ

    ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල මහත්තයා නෝනාගෙන් අහනවා.
    එතකොට නෝන කියනව එයා (කාන්තා)යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
    මහත්තයා, නෝනගේ හොදම (කාන්තා)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ නෝන ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
    10 දෙනාම නෝන ඒගොල්ලොත් එක්ක හිටියේ නෑ කියනවා..!

    මහත්තයගේ යාළුවෝ

    ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල නෝනා, මහත්තයාගෙන් අහනවා.
    එතකොට මහත්තයා කියනව එයා (පිරිමී) යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
    නෝන, තමන්ගේ මහත්තයාගේ හොදම (පිරිමී)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ මහත්තයා ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.

    5 දෙනෙක්ම කියනවා මහත්තයා ඒගොල්ලොත් එක්ක තමයි ඊයේ රාත්‍රියේ හිටියේ කියල.

    ඉතුරු 5 දෙනාම කියනවා ඊයේ රෑ විතරක් නෙමෙයි, තාමත් මහත්තයා ඉන්නේ ඒගොල්ලොත් එක්ක කියලා !!!

    බලන්න කොච්චර හොද යාළුවොද නේ...??!!

    poem_zps7de0b847.jpg

    thathtcic_zpsef450119.jpg

    download_zpscde8ce6d.jpg
     
    • Like
    Reactions: asylum and ccmh

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    2mceo3o_zps1974a2a6.jpg

    මේකත් ප්‍රසිද්ධ පොලිස් කතාවක්…… ඒ වුනාට මේකේ කියවෙන කතාව අදටත් අදාල හින්දා මේක දාන එකේ වැරද්දක් නෑ මම හිතන්නේ……

    දවසක් පොලීසියට බැ‍ඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ… අන්න ඒකකට)

    දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්‍රශ්ණ අහනවලු….. ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම ප්‍රශ්ණයක් “ කව්සිළුමිණ ලියුවේ කවුද ? ” (පැහැදිලි කිරීමයි: කව්සිළුමිණ කියන්නේ පරණ පොතක්. මමත් ඒක ලීවේ කවුද තියා ඒක දැකලවත් නෑ)

    දැන් මේ පොර උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු…… පොලිස් අධිකාරිත් ලඟදී සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා “හදිස්සියක් නෑ හෙමිහිට කල්පනා කරලා කියනවකෝ” කියලා……

    මේ අතර පොලිස් අධිකාරිවරයට විනාඩි 5කට විතර කාර්යාලයෙන් එලියට යන්න වුනා….. පොර යන ගමන් එතන එලියේ හිටපු රාළහාමි කෙනෙකුට කථාකරලා (අර සිල්වා රාළහාමිගේ ජාතියේ පුරාණ ඩයල් එකක්) කීවා “මම එනකන් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කව්සිළුමිණ ලියුවේ කවුද ? කියලා අහල තියාගන්නවා” කියලා…..

    දැන් විනාඩි 5කින් පොලිස් අධිකාරිවරය ආපහු එනවා… එතකොට පොර තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දකින දර්ශනය මෙහෙමයි……..

    අර කොල්ලා පුටුවත් පෙරලගෙන හතරගාතේ දාලා බිම වැටිලා ඉන්නවා…… රාළහාමි එතනම ආඩම්බර තාලෙට උඩු රැවුල කරකව කරකවා ඉන්නවා…….

    අපිට වගේම මේක දැකලා ලොක්කටත් මඤ්ඥං හින්දා ඇහුවා “මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ” කියලා….. එතකොට අර රාළහාමි උත්තර දෙනවා……

    “සර්…. සර්ලත් නිකන් මේ පොරවල් හුරතල් කරනවනේ…… මම දෙකයි ඇන්නේ මේකා යස අගේට ඔය පිළිගත්තේ කව්සිළුමිණ ලීවේ ඌ කියලා………..
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala

    LOL :lol: