සරදියෙල්ගෙන් චන්දිමාල්ට.........
උඹ හිච්චි කොල්ල වෙන්නෙ උඹේ අම්මටනෙ බන්. මේ ලංකාවෙ ඉන්න එවුන් උඹත් එක්ක ක්රිකට් ගහන් උන් ඒව ගැන හිතන්නෙ නෑ. මොකක් ගැනද හිතන්නෙ නැත්තෙ කියල හිතනවද බන්? මේකයි චන්දිමාලයො, මේ ලංකාවෙවත් එහෙමත් නැත්නම් ක්රිකට් ගහන කිසිම රටක්වත් කවදාවත් තරඟාවලියක් මැද්දෙ තමන්ගෙ නායකයා අයින් කරල නෑ.
අපේම හිටපු නායකකාරකාදීන් මොනතරම් බින්දු ගැහැව්වත් ඒ අයව එලියෙන් තියලත් නෑ. එලියෙන් ඉන්න හිතලත් නෑ.එහෙව් ජංජාල අස්සෙ උඹව T20 එකේ නායකකමිනුත් අයින් කරලම එලියෙන් තියන්න තරම් උවමනාවක් තිබ්බෙ කාටද කියල දැනගන්න අපට ඕනත් නෑ.
කොහොම උනත් උඹ ක්රීඩාවෙ මහතැන් එක්ක පයුරු පාසානම වැඩියි කියල හුඟදෙනෙක් තරහින් කියලනම් පත්තරවල තියෙනව දැක්ක. ඒක ඇත්ත වෙන්න ඕන. ඒ නිසාම උඹට වෙච්චි දේ ගැන සැක සංකාවක් නෑ.
පෙර හිටපු නායකයො මොනතරම් බිංදු ගැහැව්වත් රිදුනෙ නැති ශ්රීලංකාවාසී ජනතාවක් උඹව එලියෙන් තියන්නම ඕන කියල කෑ ගහනව මේ එලකිරියෙත් දැක්ක.ඒවටත් විවිධාකාර වූ හේතූන් මතිමතාන්තර ඇති.
මොනදේ උනත් උඹට කල වැඩේනම් අන්තිමම සවුත්තු වැඩක්.උඹේ හිතට ඒ වෙලාවෙත් වගේම තාමත් දැනෙන දුක මොනතරම් ඇද්ද? ලංකාවට ආවට පස්සෙ තිබ්බ ප්රවෘත්ති සාකච්ජාවෙදි උඹට තිබ්බෙ T20 වල නායකකමෙන් ඉල්ලා අස්වෙන්න.ආත්ම ගෞරවය කියනදේ බේරගන්න පුලුවන් වෙන්නෙ එහෙම කලානම් කියලයි මටනම් හිතෙන්නෙ.ටෙස්ට් වලින් වගේම එක්දින තරඟවලිනුත් උඹට යන්න පුලුවන් දුර බොහෝමයි. ඒ ඉතින් මට පේන විදිය. කාලයත් එක්ක උඹ T20 වලටත් හැඩ ගැහෙයි.
උඹට කලදේ ගැන හදවතින්ම දුක් වෙනව වගේම ගොඩාක් දුර යන්න ශක්තිය ධෛර්යය ලැබේවා! කියලත් ප්රාර්ථනා කරන්නෙත් හදවතින්මයි.

Last edited: