Vacancies for technician and cashier - Kandy

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මහනුවර නගරයේ පිහිටි පරිගණක අලෙවි සහ අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන ආයතනයක පහත සඳහන් ඇබෑර්තු සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.

    01. කාර්මික ශිල්පීන්
    02. වෙළඳ සහායක
    03. මුදල් භාරකරු


    01. කාර්මික ශිල්පීන් (පිරිමි)-

    * පිළිගත් ආයතනක පාඨමාලාවක් හදාරා ඇති හෝ හදාරමින් සිටින
    * අවම වශයෙන් පරිඝනක ක්ෂේත්‍රයේ වසරකවත් අත්දැකීම් සහිත
    * පරිඝනක උපාංග පිළිබඳව හසල දැනුමක් සහිත
    * පරිඝනක සහ Laptops motherboard අලුත් වැඩියා කිරීම පිළිබඳව දැනුමක් සහිත
    * Electronic විද්‍යාව පිළිබඳව හොඳ දැනුමක් සහිත විය යුතුයි.
    * Infrared Workstation වැනි නවීන අලුත්වැඩියා උපකරණ පිළිබඳව මුලික දැනුම ප්‍රමාණවත් වේ (පුහුණු).

    (මීට අමතරව පරිඝනක වල software troubleshooting, System installation පිළිබඳව ඇති දැනුම / රියදුරු බලපත්‍ර සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.)

    02. වෙළඳ සහායක (පිරිමි)-

    * පරිඝනක ක්ෂේත්‍රයේ වසරක අත්දැකීම සහිත
    * නවතම පරිඝනක උපාංග වල තාක්ෂනය සහ ඒවා පිලිබඳ දැනුම සහිත
    * පාරිභෝගියන් සමඟ සුහදශීලීව කටයුතු කල හැකි
    * ඉංග්‍රීසි සිංහල භාෂා හැසිරවිය හැකි
    * පරිඝනක වල software troubleshooting, System installation පිළිබඳව හසල දැනුමක් සහිත අයෙකු විය යුතුයි.
    (රියදුරු බලපත්‍ර සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.)

    03. මුදල් භාරකරු (ගැහැණු)-

    * AAT හෝ මුල්‍ය ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය පාඨමාලාවක් සහිත/ දැනට හදාරන අයෙකු විය යුතුයි.
    * මුල්‍ය කටයුතු පිළිබඳව විශ්වාසනීයව කටයුතු කල හැකි අයෙකු විය යුතුයි.
    * බැංකු කටයුතු පිළිබඳව දැනුමක් සහිත විය යුතුයි.

    ඉහත සඳහන් සියලුම ඇබෑර්තු සඳහා ඉල්ලුම කරන පුද්ගලයින් මහනුවර අවට ප්‍රදේශ වලින් වියයුතු වන අතර
    01. කාර්මික ශිල්පීන්
    02. වෙළඳ සහායක
    යන ඇබෑර්තු සඳහා රියදුරු බලපත්‍ර සහිත වීම විශේෂ සුදුසු කමක් වෙයි.
    ඉක්මනින් බඳවා ගැනීම් සිදුකරන අතර වැටුප් මට්ටම් පිළිබඳව සාකච්ඡ කරගත හැක.


    ඔබගේ අයදුම් පත් පහත ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න. ඔබ මහනුවර අවට නම්, සුදුසුකම් සපුරා ඇත්නම් පහත දුරකතන අංකය අමතා සම්මුඛ පරීක්ෂණයට දිනයක් වෙන් කර ගත හැකිවේ.

    081- 2236939
    0777- 676 3222

    [email protected]

    Infinity Arcade
    No 108,
    D.S.Senanayake Street,
    Kandy.
     
    • Like
    Reactions: prageeth119lk

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැකි‍යාවට රැකි‍යාවක්.....
    37.gif


    BUMP
     
    • Like
    Reactions: kandyan

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ටිකෙන් ටික දියුණු වෙන්නත් එපයි මචන්.....

    Bump වලට බොහොම ස්තුතියි....!


    අපි ඉතින් ඕපනින් එකට ගියොත් එහෙම තමා
    ජයම වේවා...:):)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අපි ඉතින් ඕපනින් එකට ගියොත් එහෙම තමා
    ජයම වේවා...:):)

    ආයෙත් අහල......ඊළඟ අවුරුද්ද ජයටම කන්න හිතාගෙන තමයි වැඩ ඇල්ලුවේ.....


    අපරාදේ..... උඹලා වෙනුවට පප්ප‍යි මම‍යි ‍යන්න තිබුනේ......:lol:

    එකනේ උඹල දෙන්නට කියන්න බැරි උනානේ...... මගේ ඊළඟ branch එක දාන දවසට කියන්නම් අනිවාර්යෙන්.....
     
    • Like
    Reactions: nagaya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා...... ඉන්ටර්වීව් කරහම පිස්සු හැදෙයි පුටේ..... :dull:

    මම ඕවට ඉන්ටර්වීව් කරලා... එන්නේ කලින් මෙලෝ ජොබක් කරලා නැති උන්.... ඒ උනාට පඩි ඉල්ලන්නේ 25,000/=න් 30,000/= න් එහා....... :lol: කනට ගහලා එලියට ඈදලා දාන්න මල ඉතින් මට...... :angry: හරියට සුදුසුකම්වත් නෑ..... ඒත් ලොරි ටෝක්....... :angry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    part time ewa nadda ban :D

    තනි නොතනියට වරෙන් එහෙනම්......
    හැබැයි අර මල් පප්පි සහ රෙක්ස් වගේ කන්න බොන්න නම් දෙන්න බෑ.....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හෆ්ෆා...... ඉන්ටර්වීව් කරහම පිස්සු හැදෙයි පුටේ..... :dull:

    මම ඕවට ඉන්ටර්වීව් කරලා... එන්නේ කලින් මෙලෝ ජොබක් කරලා නැති උන්.... ඒ උනාට පඩි ඉල්ලන්නේ 25,000/=න් 30,000/= න් එහා....... :lol: කනට ගහලා එලියට ඈදලා දාන්න මල ඉතින් මට...... :angry: හරියට සුදුසුකම්වත් නෑ..... ඒත් ලොරි ටෝක්....... :angry:

    එක නම් ඇත්ත.... පළවැනි සැරේ එකටත් මාර කට්ටක් කෑවා.....
    මේ පාර ගන්න සෙට් එකත් ඉතින් බලන්න වෙනවා හොඳටම.
    ඔව් සුදුසු කම් නැතිව එන මිනිස්සු නම් කියල වැඩක් නැහැ.
    බැරිකම කියල training වෙන්න අහන ය ඉන්නවා. අන්න උන් අවංකයි ඒ අතින්.
    ඒ වගේ මිනිස්සුන්ට කැමති මම ඔය බොරු කරන උන්ට වඩා...
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොහොම හරි අපි ගිය අඩි පාරේ මල්ලි යන එක ගැන ගොඩක් සන්තෝසයි. හැම දේම හොඳින් සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා. :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනි නොතනියට වරෙන් එහෙනම්......
    හැබැයි අර මල් පප්පි සහ රෙක්ස් වගේ කන්න බොන්න නම් දෙන්න බෑ.....
    :growl:

    මේ සිකුරාදා විවෘත‍යිද.....හිටුකෝ මං එන්නම් දවසම කාබාසිනි‍යා කරලා දාන්න.......:angry: