මං දන්නෙ නෑ සමහරු මොන පදනමකින් කියන ඒවාද කියලා, ඒත් ට්රෑල් එක දවසට මේ දේවල් හරියටම කරපං,
වෑන් එකේ ගමන් ආරම්භය වෙන්නෙ ගියර් , හෑන්ඩ් බ්රේක් , කන්නාඩි , සිග්නල්. ඒක කරන්නෙ, මුලින් සීට් බෙල්ට් එක දාගෙන ක්ලච් එක අඩියටම පාගලා ගියර් එක එකට දාලා හෑන්ඩ් බ්රේක් පාත් කරලා දකුණු පැත්තෙ කන්නඩිය බලලා දකුනු පැත්තෙ සිග්නල් එක වාහන නැති වෙලාවක් බලලා පාරට දාපං,
එක්සැමිනිනර්ට ගියර් 3ක් පෙන්නන්න ඕනා, ටයිමින් එකට ගියර් දාලා(උබට දැනෙනවා එක ගියර් එකෙන් උපරිම යන්න පුලුවන් වේගය) ගියර් තුන දාලා හිමින් පලයන්, වෙගෙන් නම් යන්න එපා එක්සැමිනර්ලා කැමති නෑ වේගෙන් යනවට, 30ට ගියාම හොදටම ඇති,
හොද එක්සැමිනර් කෙනෙක් හම්බුනොත් හොදයි. එපා කරපු උනුත් ඉන්නවා ,
එකදවසින්ම ගන්න හොදට පුරුදු වෙලා පලයන්, මේ සතියෙ එක දිගට පලයං,
ත්රී වීල් එක පැදපං හොදට , ගියර් දාන ඒවා ඒකෙ 1 වෙනි එක දාලා නිවුටල් එකත් පන්නලා තමඉ දෙවැනි එකට දන්න ඕන, රිවස් එක එහෙම ගහපං ත්රී වීල් එකේ ලේසි, හැබැයි ක්ලච් බැලන්ස් නම් ඕනෙ පුතෝ.
වෑන් එකේ කන්නඩි බලල රිවස් කරන්න ඕනා, රිවස් කරනකොට අපේ ලර්නර්ස් කාරයා කියයි සමහර විට කියයි කරන්න ඕනා විදිය,
බයික් එක නම් කජු, නිකං ඔහේ රේස් කරන් යන්න තියෙන්නෙ, ඒකේ 8 ගහන්න ගහන්න ආසයි. ඕවා තමයි ඉතින් කියන්න තියෙන්නෙ මාර්ග නීති මාර්ග සංඤා ඒ විදියටම අනුගමනය කරපං,
එක්සැමිනර් නවත්තන්න දෙන්නෙ ලේසි තැන්වල නෙමෙ හැමතිස්සෙම, බස් හෝල්ට් ලග කහ ඉරි ලග , ඔය වගේ තැන් වල තමා, අවදානෙන් පලයන් හොදට , සිග්නල් බලනවා හොදට,
ඒ වගේම නවත්තන්න ඕන සිග්නල් දාලා දෙවැනි ගියර් එක දාලා තමයි, ඊට පස්සෙ ගියර් නිව්ටල් කරලා හෑන්ඩ් බ්රේක් ඇදලා බැහැපං, බයික් ත්රී වීල් එකෙ බහින්න නගින්න ඕනා වම් පැත්තෙන්, බයික් එකෙ නම් බ්රේක් එකෙන් නවත්තලා තියපං ඒකෙ ගියට් මාරු කරන්න මුකුත් නෑ,
ඔයටික තමා කියන්න තියෙන්නෙ, උබ මේ ටික හරියට කරොත් අනිවාර්යෙන් පාස් වෙනවා, තව කියන්න දෙයක් නෑ.
උබ පාස් උනොත් අපිටත් කියපං,
ජය!!