පොඩි කාලේ කරපු ගොන් වැඩ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ හොඳයි බං, මම සුපර් මෑන් වෙන්න කියල හිතාගෙන තුවායකුත් පිටේ එල්ලගෙන වහලෙට නැගල බිම තිබුන වැලි ගොඩකට පැනල විලුඹ තලා ගත්ත, ඒ මදිවට තාත්ත දුන්න කනට දෙකක් ඒ වෙලාවෙ මට කලිසමේ හුජ්ජ් ගියා බං. :(

    මමත් ඒ කාලේ thunder cat බලලා ලී කඩුවක් අරන් කෑ ගහනවා thunder... thunder... thunder cat hooo... කියලා ඒක දික් වෙයි කියල හිතාගෙන... :lol::lol::lol::lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    උඹ හොඳයි බං, මම සුපර් මෑන් වෙන්න කියල හිතාගෙන තුවායකුත් පිටේ එල්ලගෙන වහලෙට නැගල බිම තිබුන වැලි ගොඩකට පැනල විලුඹ තලා ගත්ත, ඒ මදිවට තාත්ත දුන්න කනට දෙකක් ඒ වෙලාවෙ මට කලිසමේ හුජ්ජ් ගියා බං. :(
    Adooo Uba Yakage Dial Ekakne....... Math Issara Zorro Wage Kalu Adagena, Reddak Pite Ellagena, lee walin hadapu kaduwakut aran ge wate duwanawa.. zorro sinhala theme song eka kiya kiya... :lol::lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Adooo Uba Yakage Dial Ekakne....... Math Issara Zorro Wage Kalu Adagena, Reddak Pite Ellagena, lee walin hadapu kaduwakut aran ge wate duwanawa.. zorro sinhala theme song eka kiya kiya... :lol::lol:

    ලොල්. උඹ හොදයි තව. මම ඉස්සර ටාර්සන් බලලා, අමුඩයකුත් ගහගෙන ගේ ළග කැළෑවෙ රවුම් ගහනවා :rofl:

    :rolleyes::lol:
     
    • Like
    Reactions: rx_storm_aight

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    Adooo Uba Yakage Dial Ekakne....... Math Issara Zorro Wage Kalu Adagena, Reddak Pite Ellagena, lee walin hadapu kaduwakut aran ge wate duwanawa.. zorro sinhala theme song eka kiya kiya... :lol::lol:

    අසිපත අතගත් අසරුව සෝරෝ...

    සිරා බන් මමත් කාලයක් ඕකම කලා, ආයෙත් කලෙක රොබින් හුඩ්, ඔය ඔක්කොටම හපන් මම දවසක් තාත්ත ගෙනත් හංගල තිබුන අරක්කු බෝතලේක ඉතුරු වෙලා තිබුන අරක්කු කාලක් විතර ඇදල ඇරිය.. ටික වෙලාවකින් දඩ බඩාස්! කොල්ල පුටු දෙකකුත් පෙරලගෙන කුස්සියෙ බිම. බඩු බනිස්!! :rofl:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Adooo Uba Yakage Dial Ekakne....... Math Issara Zorro Wage Kalu Adagena, Reddak Pite Ellagena, lee walin hadapu kaduwakut aran ge wate duwanawa.. zorro sinhala theme song eka kiya kiya... :lol::lol:

    අසිපත අත ගත් අසරුවා සෝරෝ... සෝරෝ සෝරෝ// :rofl::rofl:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම අපේ නංගිගේ කකුලට උදැල්ලෙන් කෙටුවා. එදා මට හම්බ උනා අම්බානක.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹලත් පොඩි කාලේ කරපු මේ වගේ ගොන්කම් තියෙනවා නම් දාපන්කෝ

    අපි උබ වගේ ගොන්නු නෙවේනෙ ඉතින් දාන්න දෙයක් නෑ... :lol:.

    Mama podi kale Computer class ekakata giya, Mario, dave, commandos, mortal combat, nfs 2 owa thama class gihin kale, passe mama pc ekak gattata passe Floppy disk ekak aragena me game hama ekakma dagena gedara awilla baladdi wada akranne na :( :sorry:
    Shortcut tika copy karan awilla tiyenne :rofl:

    අනේ උබ වගේ හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්..... :rofl:
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මටත් දවසක් පොඩි කාලේ පියාබන්න ආස හිතුන.:rolleyes:

    ඉතින් උඩ තට්ටුවේ ඉදන් ලොකු කුඩයක් ඉහළගෙන පැන්න කියහන්කෝ බිමට :oo::oo:

    මගදී කුඩේ අනිත් පැත්ත ගැහුවා, වෙලාවට පැන්නේ වැලි ගොඩකට නැත්තම් මම කපෝති :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :D මට පොඩි කාලෙ මාර උණක් තිබ්බ වහලෙට නඟින්න.. :D ව්අහලෙ දකිද්දි ආසාවෙ බෑ නඟින්නමයි හිත,, :D එක දවසක් කැඩිච්ච උළුකැටයක් හදන්න තාත්තත් එක්ක නැග්ගට පස්සෙ තමා ඔය අමාරුව හැදුවෙ.. මට ඉනිමඟ තනියම උස්සගන්නත් ඒ කාලෙ හයියක් නෑ :D දෙක වසරෙ තුන වසරෙ වගේ.. තනියකඩ ඉනිමඟක්.. යකඩ රීප්ප බට නෙමේ.. ඉතිං මං මගෙ සුපිරි මොලෙන් කල්පනා කල්ල කල්පනා කල්ල ආව සුපිරි අයිඩියාවක්.. ගෙදර තියෙනව බස්නාහිර පැත්තට වෙන්න වහලෙ මට්ටමටම වගේ කන්දක්.. ඒ කන්ද ගාවම මීටර් පහක් විතර දුරින් කන්දෙ මට්ටමට පොඩි මඩු කෑල්ලක වහලෙ.. :D මං කොලේ හොඳ වේලිච්ච පොල් අත්තක් ඇදං ඇවිල්ල දැම්ම කන්දයි වහලෙයි අතරෙ :D දැන් පොල් අත්ත ඒ දණ්ඩ ඈ.. ගියා කියහංකො පොල් අත්ත දිගේ වහලෙට.. මුළ හරිය අවුලක් නෑ කඳ මහතයිනෙ :P අඟිස්ස හරියට යද්දි මගෙ බර දරාගන්න බැරුව පොල් අත්තත් එක්කම බිම.. :P ආබාධයක් නං වුනේ නෑ.. එදයින් පස්සෙ පොල් අතු භාවිතා කල්ල වහලෙට නඟින්න ගියෙ නෑ..

    ඉනිමඟ ගන්න ගිහිං තවත් සුපිරි වැඩක් වුනා.. ඒක පස්සෙ දාන්නං.
     
    අඩෝ ඒකත් දාපන්. :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩේ.. මේ ත්‍රෙඩ් එක අපරාදෙ බං යට ගිහිං තියෙන්නෙ.. :(
    ආයෙම උඩට ගන්නත් එක්ක මේ දැන් මතක් වෙච්චි පොඩි කාලෙ කරපු සිරා සිද්ධියක් දාමි :D

    ඔන්න දාසක් දා අපේ මහප්ප ආව අපේ ගෙදර... (නිතරම යනව එනව)..
    ඉතිං ඔහොම ආපු දාසක ඒ කාලෙ කොමක් අරගෙනත් නොතිබුනු හන්ද ගෙදර කොරන්න දේකුත් නැති එකේ මාත් මහප්පත් එක්ක යන්න පිටත් වුනා මහප්පලෑ ගෙදර.. :D
    බස් එකෙන් බෑල වෙල් යායක් දිගේ තමා ශෝට්කට් එක තියෙන්නෙ..
    ඉතිං ඔහොම එන අතරෙ වෙල හරියට එන්න කලින් පාරෙ තියෙන කඩේකිං අරං දුන්න රටකජු පැකැට් එකක්..
    රටකජු කිව්වෙ අර පොතු ගහල සුද්ධ කල්ල තියෙන එක නෙමේ..
    අර මහත පොත්තත් එක්කම තියෙන එක :v
    මං ඒ ජාතියෙ රටකජු ඊට කලින් කාලම නෑ..
    පොතු අරින්න ඕනෙ කියල දන්න එකක්යැ.. ගොනා වගේ කෑව එකක් පොත්ත පිටිංම.. අම්මට හුඩු යකෝ ඒකෙ රහ.. නිකං දරකෑලි කනව වගේ.. හැබැයි අපරාදෙ කියන්න බෑ දර කෑලි රහ අස්සෙ රටකජු ඇටේ හැපිල ඔඳ රටකජු රහකුත් ආව... ඒත් අවට සිරි නරඹ නරඹ එන අතරෙ මට මීටර් නෑ මේ රටකජු රහ කියල.. අමාරුවෙන් ගිල්ල..
    දාගත්ත තව එකක් කටේ... ඒකත් අමාරුවෙන් හපල හපල ගිල්ල.. :3
    රටකජු පොතු පැකැට් එකක්ම කන්න බෑනෙ බං :P ඉතිං ටික දුරක් එද්දි ඔන්න පැකැට් එකෙන් බාගයක් විතර කාල චුට්ටක් ගිලල පොතු ටික කෙල ගහනව.. :3
    ඔහොම භාගයක් විතර කකා එනකොට මහප්පට මීටර් වුනා දිගටම කෙලගගහ එනව කියල :3
    ඊට පස්සෙ තමා බැලුවෙ මොකෑ කියල.. :v
    බැලින්නං මං රටකජු පොතුත් එක්කමයි කාල තියෙන්නෙ..
    ඔන්න ඊට පස්සෙ එකක් පොතු ඇරල පෙන්නුව ඇතුලෙ තියෙන්නෙ රටකජු ඇට කියල.. ලෝල්....
    නිකං ඉන්න වෙලාවල් වලට තාමත් ඕක මතක් කර කර හිනාවෙනව :v
    දැන් මතක් වුනේ වැස්ස අස්සෙ රටකජු පැකට් එකක් කන්න අහුවුනා :D ඒක කනකොටයි..

    මේ ත්‍රෙඩ් එකට මැරෙන්න දෙන්න එපා බං.. මේකෙ ඉන්න හැම එකාටම ළමා කාලයක් තිබ්බනෙ.. මොන මොනා හරි දාල මේක උඩට ගනිල්ල.. :/
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මේක පොඩි කාලේ ඈත්තටම උන දෙයක් ,අපේ එහා වත්තේ තියෙන්නෙ කෑලෑවක් , පොල් ගස් තියෙනව , අයිති කාරයොත් ඉන්නව .

    මේ සිද්දිය උන දවස් වල මම 5-6 වසරේ වෙන්න ඕන . මට ඒ දවස් වල ගහල තිබ්බේ සල්ලි හොයන පිස්සුව , ඒකටම හරියන යාලුවෙකුත් හිටිය . මෙහෙම ඉද්දි එහා වත්තෙ පොල් කඩන්න ගත්ත . ඉතින් අපිට මෙහෙම ඉද්දි ආව ගනදෙවි නුවන :ඩී .

    අපි අරුන් පොල් කඩල ඉවර වෙනකම් ඉදල කෑලේ ගිහින් හෑන්ගුනා . ඔන්න දෑන් උන් පොල් එකතු කරන වෙලාව . උන් සෙට් එක පොල් ටික විල් බෑරෝ එහෙක දාල ගෙදරින් දාල ආයේ එනව ඉතුරු පොල් ගෙඩි ටික ගන්න ආයෙ තඩි කෑලෑවට එනව . ඔහොම එන්න විනාඩි 5ක් වත් අඩුම යනව . අරුයි මායි ඔය විනාඩි 5 දි පොල් 1-2ක් උස්සල හන්ග ගන්නවා . එකත් කරන්නේ අහු වෙන් නෑති වෙන විදිහට :lol: .

    ඔහොම පොල් ගෙඩි ටිකක් එකතු කර ගත්තා කියමුකෝ ඊලග අමාරුම වෑඩේ ඕව ලෙලි ගහ ගන්න එක . අරුයි මායි දන්නේ නෑ ඕව ලෙලි ගහන විදිහ . ඔන්න ඔතනිදි තමයි තව බුලට් එකක් ගේමට එන්ටර් වෙන්නේ . ඌ ඈවිත් ලෙලි ගහල දුන්න . දීල ලාබෙන් කොටසකුත් ඉල්ලුවා :lol: .

    ඊලග අමාරු වෑඩේ ලෙලි ගහපු පොල් කඩේට දාන එක .:lol: . එකෙක්වත් කෑමති උන් නෑ කඩේට ගිහින් පොල් ගන්නවද කියල අහන්න . ඉතින් මට සිද්ද උන ඕක අහන්න . යන කොට සාම්පල් එහෙකුත් ගෙනිච්ච . මුලින්ම ගියේ ගේ ලග කඩේට්ට . ගියාම මෙන්න මිනිහ පොල් ඔක්කොම ගේන්න කියුව ? . අපිටත් ෆුල් හෑපී . ඔන්න මම සුභ ආරන්චිය අනිත් උන්ට කියන්න එනව . අවිත් ගෙවල් ලගට ගිහින් කතා කරාට එකෙක් එලියට බහින් නෑ . ඔහොම ඉද්දි මට අහෙනව අපේ ගෙවල් පෑත්තෙන් භායානක සද්දයක් " වි****" . බයේ බයේ ගියේ ගිහින් බෑලින්නම් වෑඩේ මාට්ටු . අපි පොල් හන්ගනව ගෙදර කෙනෙක් හොරෙන් බලන් ඉදල තාත්ත ආවාම කියල . ගුටියක් දෙකක් කාල මට සිද්ද උනා ඉතින් පොල් අයේ අයිති කාරයන්ටම දෙන්න ඕව දෙන අතරෙ එකෙක් දෙන්නෙක් අනම් මනම් නොකියුවත් නෙමෙයි .

    ඈත්තටම මට ඒ කාලෙ ඕනෙ උනේ මගෙම දෙයක් කරන්න . ලමයෙක්ට නිදහසක් තියෙන්නෙ ඕනෙ තමන් කෑමති දේ කරන්න . හොද නරක ගහල කියල දෙනවට වඩා එයාල විසින්ම තෝරා බේර ගත්තාම අයේ ඒ නරකයි කියල කියන ඒවා කවදාවත් කරනේ නෑ .

    මම කරපු මීට වඩා හොද සිද්දි තියෙනව . පස්සෙ දාන්නම් (අම්මව වට්ටපු එක ,වේලෙන්න දාල තිබ්බ කොටන් ඈලේ පා කරල යවපු එක , කම්පුටර් පිස්සුව , කෑට පිස්සුව , අයිස් පෑකට් )
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    @joshmiller

    නෑ මේක නං පිළිගන්නම බෑ.. :O උඹට මෙච්චර හරියක් කරන්න පුළුවන් වෙන්න විදිහක් නෑ.. :O අනික උඹේ රචනා ශෛලයත් මීට වඩා වෙනස්.. මේක නම් උඹ ගෙඩිපිටිං උස්සපු පෝස්ට් එකක්.. ඔව්.. කොහෙන්ද ඉස්සුවෙ කියලත් ලින්ක් එක දාපං.. එහෙම දැම්ම නං තවත් හොඳයි.. :3 ඕනෙ කෙහෙම්මලක් කියල ඔන්න රෙප් තුනක් දෙනව !
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    @joshmiller

    නෑ මේක නං පිළිගන්නම බෑ.. :O උඹට මෙච්චර හරියක් කරන්න පුළුවන් වෙන්න විදිහක් නෑ.. :O අනික උඹේ රචනා ශෛලයත් මීට වඩා වෙනස්.. මේක නම් උඹ ගෙඩිපිටිං උස්සපු පෝස්ට් එකක්.. ඔව්.. කොහෙන්ද ඉස්සුවෙ කියලත් ලින්ක් එක දාපං.. එහෙම දැම්ම නං තවත් හොඳයි.. :3 ඕනෙ කෙහෙම්මලක් කියල ඔන්න රෙප් තුනක් දෙනව !

    අම්ම පල්ලයි මේක මම ලියුවෙ බොල