සැටලයිට් රෝහිතයා ආපහු හප්පගෙන
ජනපති පුතාගේ සුපිරි රථය ත්‍රී රෝද රියක ගැටේ
Friday, 02 May 2014 15:27 0 Comments
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ රථ ගොන්නේ එක් රථයක් ඊයේ (01) බොරැල්ල නාරාහේන්පිට පාරේ දී ත්‍රී රෝද රියක ගැටී ඇත. ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන ෂෙල්බි ජි ටී 500කාරයක් වන මෙය අධි සුඛෝපභෝගී වාහන ගොන්නට අයත් ය.
අනතුර සිදු වී පැයක් ඉක්ම යාමට ප්‍රථම පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ අදාල රථය වාහනයක පටවා ගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා ඇත.
රිය අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියැදුරුගේ කකුල කැඩී ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. අධි සුඛෝපභෝගී රථයේ රෝදයක් ගැලවී ගොස් ඇති අතර, ඩිකියට ද හානි සිදු වී ඇත. අදාල රථයේ ලියාපදිංචි අංකයක් හෝ ගරාජ් අංකයක් හෝ සඳහන්ව තිබී නැත.
මෙවැනි අධි සුඛෝපභෝගී කාරයක ඇමෙරිකාවේ මිල ඩොලර් 55110 ක් පමණ වන අතර, එය ලංකාවේ මුදලින් රුපියල් 7274520 පමණ වේ. නමුත් මෙවැනි කාරයක ලංකාවේ වටිනාකම කෝටි 05කට අධික වේ.
(ඡායාරූප - ලංකාදීප)