Cost Of Living Thread

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දැනට විදේශ රටවල පදිංචි වෙලා ඉන්න සහ හිටපු අයත් එක්ක එකතු වෙලා පොඩි වැඩක් කරන්න හිතුවා.Cost of Living එහෙමත් නැත්තන් එක එක රටවල් වල ජිවත් වීම සඳහා යන වියදම් සංසන්දනාත්මකව බැලීමක් තමයි මේ කරන්න යන්නේ :)

    ආසියාවේ ආශ්චර්යය හමුවේ නොසැලී ඉදිරියටම යන අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් වෙන වෙන රටවල් වලට සංක්‍රමණය වීමට උනන්දු වෙනවා:dull: මම හිතන විදිහට ඒකට ලොකුම හේතුව තමයි රුපියල් 2500ක් වැනි සොච්චම් මුදලකින් මාසයක් ජිවත් වීමට ඇති දැඩි අකමැත්ත:oo: කොහොම හරි ඉතින් වෙන රටකට යනවා කියමුකො. ඒත් අපි කොහොමද ඒ රටේ වියදම් ගැන අදහසක් ගන්නෙ?:( අදුරන කෙනෙක් ඉන්නවා නම් ඔන්න වැඩේ ලේසියි. ඒ උනාට හැමෝටම එහෙම නෑනෙ:( එළකිරියේ පහුගිය දවස් වල මම දැක්ක වෙන වෙන රටවල් වල වියදම් ගැන අහල ත්‍රෙඩ් දාල තිබ්බ. අන්න ඒක නිසා මම මේ උත්සහ කරන්නේ එළකිරියේ රට යන්න බලන් ඉන්න අයට පොඩි හෙල්ප් එකක් දෙන්නයි:)

    හැබැයි මේකේ වැඩි කොටසක් කරන්න තියෙන්නෙ දැනට විදේශ රටවල පදිංචි වෙලා ඉන්න සහ හිටපු අයට. වැඩේ වෙන්නේ මෙහෙමයි. මම ෆෝම් එකක් හදල තියෙනවා රටක සාමාන්‍යයෙන් ජිවත් වෙනකොට අපිට එදිනෙදා යන වියදම් ගැන ප්‍රශ්න අහල. ප්‍රධාන ප්‍රශ්න 15ක් තියෙනවා. මම මේකට තව දාපු නැති ගොඩක් දේවල් තියෙනවා. මොකද මනුස්සයෙක්ගෙන් උදව්වක් ගන්නකොට සීමාවක් තියෙන්න ඕනිනේ. ඒක නිසා වැදගත් දේවල් ටිකක් විතරයි මම අහල තියෙන්නේ. මේ අහල තියෙන ප්‍රශ්න වලට අමතරව දෙයක් කියන්න තියෙනවා නම් මම ඒවට කොටු වෙන් කරලා තියෙනවා.

    පුළුවන් තරම් ලඟින් යන උත්තර දෙන්න බලන්න. දන්නේ නැත්තන් උත්තර නොදී ඉන්න. ඒකට හම්බෙන උත්තර ඔක්කොම මම වෙන වෙනම මේ ත්‍රෙඩ් එකේ දානවා. උත්තර දීපු අයගේ නම් ගම් දාන්න බලාපොරොත්තුවක් නෑ මොකද එකෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා. ඉතින් විදේශ රටවල පදිංචි වෙලා ඉන්න සහ හිටපු සාමාජිකයෝ හැමෝටම ආරාධනා කරනවා පුළුවන් විදිහට තමන්ගේ සහයෝගය දක්වල යන්න කියල:)

    මේ ලින්ක් එකෙන් ගිහින් ෆෝම් එක පුරවන්න. මචන්ලා ඕක පුරවද්දී ෆෝමල් වෙන්න ඕනි නැහැ විශේෂයෙන් කියන්න වැදගත් දෙයක් තියෙනවා නම් ඕනිම කොටුවක ලියන්න:)

    මේ වෙද්දී කීපදෙනෙක් විස්තර දාල තියෙනවා. ත්‍රෙඩ් එක ඉස්සරහට බලන් යන්න මම එක එක දාන්නම්. පුළුවන් කමක් තිබ්බොත් මේ පෝස්ට් එකේම අප්ඩේට් කරන්නම්

    Cost of Living ගැන මෙතන නැති විස්තරයක් ඕනි නම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. විස්තර වැරදියි කියල හිතෙනවා නම් අපිව අප්ඩේට් කරන්න.


    එන්න අපි කතා කරමු ජිවන වියදම ගැන :)

    අනිත් අය ඉතින් බම්ප් එකක් වත් දාල යන්න.

    දැනට ලැබී ඇති විස්තර මෙහෙමයි. පෞද්ගලික අත්දැකීම් මත උත්තර දීපු නිසා මේවා වල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒත් දල අදහසක් ගන්න බැරි වෙන එකක් නෑ. ඒක නිසා වැරද්දක් තියෙනවා නම් පෙන්නුවට කමක් නෑ. හැබැයි කරුණාකරලා විවේචනය කරන්න යන්න එපා. මොකද මේ අයගේ වටිනා කාලය කැප කරලා අපිට උදව්ව්වක් කරලා තියෙන්නෙ.



     
    Last edited by a moderator:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    happy8se.gif
     
    • Like
    Reactions: d_lucifer

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ammata udu mekata anuwa nam Lankawa hodaine Aussie USA walata wada :p
    http://www.numbeo.com/cost-of-living/gmaps.jsp

    prasnaya tiyenne mehe labena income eka.. hodama wede pita ratakata gihin hodata earn karan awit mehe settle wena eka :)

    lankawe amaru geyak hadanna hoda car 1k ganna..
    free education free health care tiyanawa... 30000-50000 salary ekak athi (without housing or car loan)