ඈ බොල.. ආගම් වලට අපහාස කිරීම ම්ලේච්ඡ් ක්‍රියාවක් වෙන්නෙ කොහොමද ? ආගම දිහා එක එක්කෙනා දකින්න එක එක කෝනෙන්... අපිට ආගම කියන්නෙයි, එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නෙයි එකම කුලකයේ අවයව දෙකක්.. ආගමෙයි දේශපාලන පක්ෂෙකයි අපිට ඒ හැටි වෙනසක් නෑ.. තමන් කැමති දේශපාලන පක්ෂෙට පණ දීල අදහන මිනිස්සු ඉන්නව වගේ ආගමටත් පණ දීගෙන අදහන මිනිස්සු ඉන්නව.. එහෙම මිනිස්සුන්ට රිදුනට අපිට කරන්න දෙයක් නෑ, ඕනෙම දේශපාලන පක්ෂයක් විවේචනය කිරීමේ, බයිට් එකට ගැනීම ප්රජාතන්ත්රවාදී අයිතියක්...
ඥානසාරනං අමු කපටියෙක්.. උන්දැ පැත්තකිං තියමුකො.. නලීන්ද සිල්ව කොහෙද මිනිස්සු මෝඩ කරන්නෙ ? හිටි ගමං තමන් දරණ මතවාදෙ අන්තෙටම ගිහිං අන්තවාදී, තමන් හරි අනික් ඔක්කොම වැරදියි වගේ මෝඩ කතා කියනව තමා.. එක එක පුද්ගලයගෙ හැඟීම් පාලනය කරගැනීමේ සීමාවන් එක සමාන නෑනෙ.. ඒකෙන් කොහොමද නලීන්ද සිල්ව මෝඩයෙක් වෙන්නෙ ?
නලීන්ද සිල්වගෙ දේශපාලන දැක්ම සමඟ නම් 99%ක්ම විරුද්ධයි.. දේශපාලනය ගැන නෙමේ, අනෙක් ඒව ගැන සැලකුවොත් නලීන්ද සිල්ව කිව්ව මෝඩ කතා මොනාද කියල පෙන්නන්න පුළුවන්නම් වටිනව.. (බුද්ධාගම ගැනයි, විද්‍යාව බටහිරමයි කීමයි ඇරෙන්න)