machan mata podi prashnayak..
danne nathi hindai ahanne.. dain ubalage buduhamuduruwo.. budathwaya pathwela dain deviyek wath sathak wath mokuth wela naha ne.. ey kiwe ita pase athmayak naha kiyana eka neda machan?? ey kiyanne no longer kiyanwa wage da?? dain ubala kiyanwa vidihata minihak hari sathak hari marunama ilaga athmayak thiyanwa.. dain ubalage buduhamuduruwota ehema ekak naha.. eya ge life eka eya pin karala iwara kara gatha.. ehenamm ei ban ubala eyage pilima walata vadinne?? vanda kiyala ubalata pin hamba wenneth naha.. eyata pin denneth naha.. ubala kiyana vidihata mey lokey hari kohey hari buduhamudurwo inda baha neda .. ithin eyage margayen yanda nathuwa nikan eyage pilima walata wada wada idala hari yanne naha neda ban?? deviyanda vadinwa wenama deyak.. eth mata therenne naha ban.. puluvin namm podak pahadili karapan koo simple vidihata..
හරියට හරි, කිසිම තේරුමක් නෑ. බුදුහාමුදුරුවෝ ඒකාලේ වදිද්දී කියල තියෙනවා මේ කුණු කයට වදින්ඩ එපා කියල.
දැන් මිනිස්සු ඒවා අහන්නේ නෑ. මිනිස්සුන්ට ඕන හැම දේම ලේසියෙන් කරන්ඩ. ඒ ගොල්ලෝ හිතන් ඉන්නවා ඔය පොඩ්ඩක් වනදාට නිවන් යැයි කියල. ඒ උනාට ඇත්ත තමා ඔය එක්කෙනෙක්ට වත් නිවන් යන්ද තියා ලබන ආත්මේ හොද තැනක ඉපදෙන්ද වත් බෑ. මැරෙන වෙලාවේ ලොබයක්, ද්වේශයක්, මෝහයක් අවොත් අනිවා අපායේ හරි භූතයෙක් හරි වෙලා දුක් විදින්ද වෙනවා. අපායේ ආයුෂ කල්පයයි. භුතයෙක්ගේ ආයුෂ අවරුදු දහස් ගානක්. වයසට යනකම් තුෂ්නාධික දේවල් කරකර ඉදල මැරෙන වෙලාවේ ඒවට අසා නොවී ඉදි කියල කියන්ඩ බෑ. බුදුහාමුදුරුවේ බුදු උනේ පින් කරලම නෙමේ.
ගොඩක් තේරුම් අරන්. ඒක කාටවත් ඉබේ හම්බ වෙන දෙයක් නෙමේ. හැබැයි ඒක හම්බ උනොත් අය වෙන දේවල් කිසි දෙයක් ඒවගේ කෙනෙක්ට වැදගත් නෑ. මම මේ කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන විතරක් නෙමේ. නිවන් දැකපු හැමෝම ගැන. මොනම වාසියකට වත් කිසිම කෙනෙක් රවටන් නැති, ඇත්ත දැනගන්ඩ විතරක් ඕන, බොරු සෝබන නැති, කෙනෙක්ට විතරයි ඒ මාර්ගයේ යන්ද හිතෙන්නේ.
නිවන් දැකපු කෙනෙක් උපදින්නේ නැත්තේ ඒ අයට කිසිම ඇලීමක් ගැටීමක් නැති නිසා.
උදාහරණයක් විදියට නිවන් නොදැකපු කෙනෙක් car එකක් දැක්කොත් (car එක කියන්නේ රුපයක්) වේදනාව් ඇති වෙනවා (අපේ ඇහේ එක එක පාටවල් වලට දැනීම් ඇති වෙනවා ඇහැ ඇතුලේ), ඊට පස්සේ මේක car එකක් කියල අදුර ගන්නවා. ඊට පස්සේ මේක හරි සැපයි හරි දුකයි හරි කියල හිතනවා. ඊට පස්සේ එකට ආසාවක් හරි වෛරයක් හරි ඇති වෙනවා. ඔන්න ඔය ඇතිවෙන දේ නිසා තමා මිනිස්සු / සත්තු / හැමදෙනාම ඉපදෙන්නේ (අයෙ අයෙත් ඒවා බලන්ඩ).
හැබැයි රහත් වෙච්ච කෙනෙක් car එකක් කියල අදුර ගන්නවා විතරයි. ඒක සැපක් ද දුකක්ද කියල හැගීමක් නෑ. එකට අසා කරන්නේ නෑ. වෛර කරන්නෙත් නෑ. එහෙම නොකර ඉන්ඩ හැමෝටම බෑ. එකට ගොඩක් දේවල් තේරුම් ගන්ඩ ඕන. මේ car එක බාහිර දෙයක්, මගේ ඇසුත් බාහිර දෙයක්, ඒවා මම නෙමේ කියල කරුණු කරනා ඇතිව දැනගන්ඩ ඕන. එතකොට ආසාවක් හිතන්නේ නෑ. ඔන්න ඕක පුරුදු කරන එක තමා බුද්ධාගමේ මුලිකම දේවල්. මේවා නැතුව වැඳ වැඳ හිටියට කිසිම තේරුමක් නෑ.