මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උත්තර නොදී කොහොමද තව කෙනෙක් වටහ ගන්නේ.හරියට ඔයා exam 1ට ගිහින් ප්‍රශ්න ඔක්කොම කියවල එක ප්‍රශ්නෙකට දන්නා විදියට උත්තර දීල ලකුණු විදියට A එකක් බලාපොරොත්තු වෙනවා වගේ වැඩක් කරලා තියෙන්නේ.:rofl::rofl::rofl::rofl::rofl:..

    ආයේ පාරක් කියවල බලන්න බින්දු නම් සමහර දේවල් වලට මට තේරුම් ගන්න පුළුවන් විදියට උත්තර දීල තියනවා.:):):)

    මචං උබ මුස්ලිම් ද
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එතොකොට මචන් බුදුන් වහන්සේ ඇත්තටම 550ක් ඉපදුනේ නැද්ද. මැරුණට පස්සේ ඉපදෙන්නේ නැද්ද.ඒවා කතාන්දර සහ මිනිසුන්ට පැහැදිලි කරන්න කියපු ගොතල කියපු කතාවල් නම් ඇත්තටම මැරිලා ඉපදුන කතාවල් කිව්වෙත් නැත්නම්.මැරිලා ඉපදෙනවා කියන එක පිළිගන්න කොහොමද මොන සාදක මතකද අපි මැරිලා වෙන විදියට ඉපදෙනවා කියන එක පිළිගන්නේ. පෙර ආත්ම කතා ඇත්ත නම් ඇයි බුදුන් වහන්සේ කලින් ඉපදුන ආත්ම ගැන කතා නොකර කතන්දර විතරක් කිව්වේ. මට තේරෙන්නේ නැහැ මචන් කතාව ඔතනදි.

    අපේ බෝසතාණන් වහන්සේ එක් අවස්ථාවක රජකෙනෙක්ව ඉපදුනා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතුමාගෙ ඇත්හලේ ඇතුන් හික්මවන ඇත් ගොව්වා උනා. දිනක් රජු ඇතා පිට යද්දි ඇතාට ඇතින්නියකගේ ගද දැනී කැලයට පැන දිවූ අතර රජු ගසක එක්ලී බේරුනි.
    මින් චෝදනාව ආවේ ඇත් ගොව්වාටය. ඇතුන් ඔහුට අවනත නැතිබව රජු විසින් දෝෂාරෝපණය කරන ලදි. ඇතා දින කිහිපයකින් සිය අවශ්‍යතා සපුරාගෙන නැවත ආවේය. ඒ අවස්ථාවේත සිට ඉතා කීකුරුව ඇත්ගොව්වා සමග කටුයුතු කලේය. ඇත්ගොව්වා සිය ඇතා කීකරු බව පෙන්වීමට රජු කියන සෑම දෙයක්ම ඇතා ලවා කර පෙන්වීය. එහෙත් රජු සෑහීමට පත් නොවීය. අවසානයේදී ගිණිගෙන දිලිසෙන යකඩ ගුලියක් ඇතාට හොඩයෙන් ගන්නට කීවේය. ඇතා ඇත්ගොව්වාගේ අණ පරිදි කදුලු පිරි දෙනෙතින් එයද කලේය. හොඩ චිරි චිරි යන හඩින් පුපුරද්දිත් ඉවසා සිටියේය. ඒ සැනින් රජු වහා එය බිම දැම්මවීය.
    මෙහි විපාක ලෙස ඇත්ගොව්වා මෛත්‍රී බුදුන්ද විපාක ලබයි. එනම් මහා කාශ්‍යප හිමියන්ගේ සිරුර ආදාහනය කරන්නේ මෛත්‍රී බුදු හිමියන් විසින්. ඒ ආදාහනය කරන්නේ ශ්‍රී හස්තය මත තබාගෙනයි. එහි ගිණි සැරට බුදුහිමියන්ගේ ශ්‍රී හස්තය දැවී ඒ මත දිය බුබුලක් පැන නගිනවා
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උඹ අදහස් කරන්නේ පෘතග්ජන අයට කරන්න පුලුවන්ද කියලද?
    ඔවු පුළුවන් ප්‍රශ්නයක් නෑ. අනාපනාසතිය වඩන්න.
    ධ්‍යාන 8ක් තියනවා මචන්. 4 - 8 වෙනකම් මම කියපු එක oky. මගේ දැනුම අනුව.
    හැබැයි 8 තමා සුපිරිම level එක. උඹට ඕනේ නම් පෘතුවියෙන් එලියට උනත් යන්න පුළුවන්.. සුර්යා ගාවට උනත් යන්න පුළුවන්... විශ්වයේ සැරිසරන්න පුළුවන්.. ආලෝක වේගයට වඩා ඉතා විශාල වේගයකින්.. :yes:
    හැබැයි එතරම් ලොකු වැඩ කළා කියලා දැනට records තියෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ තමයි.. :yes:
    එත් මචං ඒවගේ දෙකට යන්නත් කවුද බන්
    අපිව මග පෙන්වන්න ඉන්නේ :(:(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එතොකොට මචන් බුදුන් වහන්සේ ඇත්තටම 550ක් ඉපදුනේ නැද්ද. මැරුණට පස්සේ ඉපදෙන්නේ නැද්ද.ඒවා කතාන්දර සහ මිනිසුන්ට පැහැදිලි කරන්න කියපු ගොතල කියපු කතාවල් නම් ඇත්තටම මැරිලා ඉපදුන කතාවල් කිව්වෙත් නැත්නම්.මැරිලා ඉපදෙනවා කියන එක පිළිගන්න කොහොමද මොන සාදක මතකද අපි මැරිලා වෙන විදියට ඉපදෙනවා කියන එක පිළිගන්නේ. පෙර ආත්ම කතා ඇත්ත නම් ඇයි බුදුන් වහන්සේ කලින් ඉපදුන ආත්ම ගැන කතා නොකර කතන්දර විතරක් කිව්වේ. මට තේරෙන්නේ නැහැ මචන් කතාව ඔතනදි.

    1. 550ට වඩා ගොඩක් ඉපදුනා. ගෞතම බෝධිසත්වයෝ බුදුවෙන්න කලින් කල්ප ගාණක් පෙරුම් පිරුවා. ( කල්පයක් කියන්නේ කොච්චර දිග කාලයක් ද කියන එක මේ ත්‍රෙඩ් එකේ තියෙනවා )
    2. මේවා ගොතපු කතන්දර නෙවෙයි. "තමන්ගේ පෙර භව වල අත්දැකීම්, සිදු වුන දේවල්" තමංගේ ශ්‍රාවකයන්ට හොඳ නරක තේරුම් කරලා දෙන්න දේශනා කරේ. ඒත් ඉන්දියාවේ ජීවත් වෙන මනුස්සයෙක්ට හොඳ නරක තේරුම් කරලා දෙන්න ග්‍රීන්ලන්තේ ඉපදුන කාලේක සිදුවීම් කියලා වැඩක් නැති නිසයි ඉන්දියාවේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදියට, ඒ හා අදාලා ප්‍රදේශයක ඉපදුන භව වල සිදුවීම් දේශනා කරේ.
    3. බුදුහාමුදුරුවෝ බුදුවෙලා ජීවත් වුනේ අවුරුදු 45 :) ඉතින් ඒ අවුරුදු 45 ඇතුලත ජාතක කතාවක් මාර්ගයෙන් හොඳ නරක කියලා දෙන්න අවස්ථාවක් ආවම විතරයි එහෙම කියලා දුන්නේ.
    4. සාධක නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලම බලන්න ඕන තරම් හම්බෙයි. හැබැයි ඉතින් නැවත ඉපදීමක් ගැන විශ්වාසයක් නැති කෙනෙක්ට කොහොමත් බුද්ධාගම තේරුම් ගන්න බැරි වෙයි. බුදුහාමුදුරුවෝ බණ කියපු කාලෙත් වෙන වෙන ආගම් 64ක් අදහපු ලක්ශ ගණන් මිනිස්සු ඉන්දියාවේ හිටියා. හැමෝටම දේවල් කියලා දුන්නට තේරෙන්නේ නෑ. එහෙම පුලුවන් නම් හැමෝම අයින්ස්ටයින්ලා වෙයි :P:P:rolleyes::rolleyes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපේ බෝසතාණන් වහන්සේ එක් අවස්ථාවක රජකෙනෙක්ව ඉපදුනා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතුමාගෙ ඇත්හලේ ඇතුන් හික්මවන ඇත් ගොව්වා උනා. දිනක් රජු ඇතා පිට යද්දි ඇතාට ඇතින්නියකගේ ගද දැනී කැලයට පැන දිවූ අතර රජු ගසක එක්ලී බේරුනි.
    මින් චෝදනාව ආවේ ඇත් ගොව්වාටය. ඇතුන් ඔහුට අවනත නැතිබව රජු විසින් දෝෂාරෝපණය කරන ලදි. ඇතා දින කිහිපයකින් සිය අවශ්‍යතා සපුරාගෙන නැවත ආවේය. ඒ අවස්ථාවේත සිට ඉතා කීකුරුව ඇත්ගොව්වා සමග කටුයුතු කලේය. ඇත්ගොව්වා සිය ඇතා කීකරු බව පෙන්වීමට රජු කියන සෑම දෙයක්ම ඇතා ලවා කර පෙන්වීය. එහෙත් රජු සෑහීමට පත් නොවීය. අවසානයේදී ගිණිගෙන දිලිසෙන යකඩ ගුලියක් ඇතාට හොඩයෙන් ගන්නට කීවේය. ඇතා ඇත්ගොව්වාගේ අණ පරිදි කදුලු පිරි දෙනෙතින් එයද කලේය. හොඩ චිරි චිරි යන හඩින් පුපුරද්දිත් ඉවසා සිටියේය. ඒ සැනින් රජු වහා එය බිම දැම්මවීය.
    මෙහි විපාක ලෙස ඇත්ගොව්වා මෛත්‍රී බුදුන්ද විපාක ලබයි. එනම් මහා කාශ්‍යප හිමියන්ගේ සිරුර ආදාහනය කරන්නේ මෛත්‍රී බුදු හිමියන් විසින්. ඒ ආදාහනය කරන්නේ ශ්‍රී හස්තය මත තබාගෙනයි. එහි ගිණි සැරට බුදුහිමියන්ගේ ශ්‍රී හස්තය දැවී ඒ මත දිය බුබුලක් පැන නගිනවා

    මෙච්චර මුලාශ්‍ර කොහෙන්ද :shocked:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බින්දු;16671624 said:
    1. 550ට වඩා ගොඩක් ඉපදුනා. ගෞතම බෝධිසත්වයෝ බුදුවෙන්න කලින් කල්ප ගාණක් පෙරුම් පිරුවා. ( කල්පයක් කියන්නේ කොච්චර දිග කාලයක් ද කියන එක මේ ත්‍රෙඩ් එකේ තියෙනවා )
    2. මේවා ගොතපු කතන්දර නෙවෙයි. "තමන්ගේ පෙර භව වල අත්දැකීම්, සිදු වුන දේවල්" තමංගේ ශ්‍රාවකයන්ට හොඳ නරක තේරුම් කරලා දෙන්න දේශනා කරේ. ඒත් ඉන්දියාවේ ජීවත් වෙන මනුස්සයෙක්ට හොඳ නරක තේරුම් කරලා දෙන්න ග්‍රීන්ලන්තේ ඉපදුන කාලේක සිදුවීම් කියලා වැඩක් නැති නිසයි ඉන්දියාවේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදියට, ඒ හා අදාලා ප්‍රදේශයක ඉපදුන භව වල සිදුවීම් දේශනා කරේ.
    3. බුදුහාමුදුරුවෝ බුදුවෙලා ජීවත් වුනේ අවුරුදු 45 :) ඉතින් ඒ අවුරුදු 45 ඇතුලත ජාතක කතාවක් මාර්ගයෙන් හොඳ නරක කියලා දෙන්න අවස්ථාවක් ආවම විතරයි එහෙම කියලා දුන්නේ.
    4. සාධක නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලම බලන්න ඕන තරම් හම්බෙයි. හැබැයි ඉතින් නැවත ඉපදීමක් ගැන විශ්වාසයක් නැති කෙනෙක්ට කොහොමත් බුද්ධාගම තේරුම් ගන්න බැරි වෙයි. බුදුහාමුදුරුවෝ බණ කියපු කාලෙත් වෙන වෙන ආගම් 64ක් අදහපු ලක්ශ ගණන් මිනිස්සු ඉන්දියාවේ හිටියා. හැමෝටම දේවල් කියලා දුන්නට තේරෙන්නේ නෑ. එහෙම පුලුවන් නම් හැමෝම අයින්ස්ටයින්ලා වෙයි :P:P:rolleyes::rolleyes:
    :(:(:(
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අපි හිතමු මට පිළිකාවක් හැදිලා මැරෙන්න යනවා කියලා....ඒ මම ගිය ආත්මේ කරපු පව් නිසා කියල .....මට ආදරේ වෙන කෙනෙකුට මන් වෙනුවෙන් මේ ආත්මේ පිං කරලා ..ඒ පව් මකන්න පුලුවන්ද ??? එහෙම පව් වෙනුවට පිං කරලා සමබර කරන්න පුලුවන්ද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උත්තර නොදී කොහොමද තව කෙනෙක් වටහ ගන්නේ.හරියට ඔයා exam 1ට ගිහින් ප්‍රශ්න ඔක්කොම කියවල එක ප්‍රශ්නෙකට දන්නා විදියට උත්තර දීල ලකුණු විදියට A එකක් බලාපොරොත්තු වෙනවා වගේ වැඩක් කරලා තියෙන්නේ.:rofl::rofl::rofl::rofl::rofl:..

    ආයේ පාරක් කියවල බලන්න බින්දු නම් සමහර දේවල් වලට මට තේරුම් ගන්න පුළුවන් විදියට උත්තර දීල තියනවා.:):):)

    දැන් මොකද්ද දැන ගන්න ඕන බුදු හාමුදුරුවො 550 ඉපදුනේ නැද්ද කියලද ආත්ම බොරුද කියලද..

    1. ආත්මයක් කියල එකක් නැහැ.. ඒ කියන්නෙ උබ මරුනහම උබේ ඇගෙන් ආත්මය වෙන් වෙලා ගිහින් වෙන තැනක උපදින්නෙ නැහැ.. ඒ උපදින්නෙ උබත් නෙවේ වෙන කෙනෙකුත් නෙවෙයි..

    බුදු හාමුදුරුවො දේශනා කලේ 550 විතරක් නෙවේ නෙ බන් ඉපදිලා තියෙන්නෙ..

    අපේ තියන සරල දැනුමෙන් මේ උත්තර දෙන්නෙ.. මීට වඩා ගොඩක් ගැබුරු උත්තර හොයාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව

    අප ගෞතම අමාමෑණියන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 7 ක්‌ තිස්‌සේ 125,000 ක්‌වූ (එක්‌ ලක්‌ෂ විසිපන්දහසක්‌) බුදුපියාණන් වහන්සේ හමුවෙත්, අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 9 ක්‌ තිස්‌සේ 387,000 ක්‌ වූ බුදුපියාණන් වහන්සේ හමුවෙත්, අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 4 ක්‌ 'තණ්‌හංකර බුදුපියාණන් වහන්සේගේ' පටන් කාශ්‍යප බුදුපියාණන් වහන්සේ දක්‌වා වූ 27 නමක්‌ බුදුවරුන් හමුවෙත් පෙරුම් දම් පුරා ඇත.

    :):):)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපි හිතමු මට පිළිකාවක් හැදිලා මැරෙන්න යනවා කියලා....ඒ මම ගිය ආත්මේ කරපු පව් නිසා කියල .....මට ආදරේ වෙන කෙනෙකුට මන් වෙනුවෙන් මේ ආත්මේ පිං කරලා ..ඒ පව් මකන්න පුලුවන්ද ??? එහෙම පව් වෙනුවට පිං කරලා සමබර කරන්න පුලුවන්ද ?

    එතැනදී වෙන්නේ පව් පින් වල බලවත් කම් අනුව
    උදා කටින චීවර පුජාවක් කියන්නේ සෑහෙන්න වටිනා පිනක්
    පිතෘ ගාතනය සෑහෙන්න විශාල පවක් එකේ බලවත් කම අනුව තමයි
    :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :(:(:(
    උත්තරයක්????

    http://sinhala.mahamevnawa.lk/sermons/dhamma_sermons_1/sutra-deshana/

    මේ link එකේ සහ site එකේ ඔබට වුවමනා වෙන හැම දේම තියනවා.. වෙලාව තියන වෙලාවට අහලා බලන්න. සක්කාය දිට්ටිය ප්‍රහාණය වෙනවා කියන්නේ සෝවාන් වෙනවා. එකට ඉතින් සුදුසු සමත භාවනාවක් මුලින් ප්‍රගුණ කරලා , ධ්‍යාන වැඩුනට පස්සේ ධ්‍යානයට සම වැදිලා විදර්ශනාව වඩන්න ඕනේ. සුදුසු භාවනාව කියවලා, අහලා බලලා ගුරු උපදේශ සහිතව තොර ගන්න. එහෙම කරගෙන යන කොට මම කියලා විසි ආකාරයට සිදු වී ඇති රැවටීමෙන් ඔබ දවසක නිදහස් වේවි. අන්න එදාට ඔබට ආර්ය දර්ශනයක් පෙනේවි.. අන්න එදාට සක්කාය දිට්ටියෙන් නිදහස්. ඔබට පසක් වෙයි ඔබ සෝවාන් කියලා... :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි හිතමු මට පිළිකාවක් හැදිලා මැරෙන්න යනවා කියලා....ඒ මම ගිය ආත්මේ කරපු පව් නිසා කියල .....මට ආදරේ වෙන කෙනෙකුට මන් වෙනුවෙන් මේ ආත්මේ පිං කරලා ..ඒ පව් මකන්න පුලුවන්ද ??? එහෙම පව් වෙනුවට පිං කරලා සමබර කරන්න පුලුවන්ද ?

    වෙන කෙනෙක් කරන පිං සමාදන් උනොත් පිං ලැබෙනවා නේද?
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචං ලා මට පොඩි හෙල්ප් එකක් ඕන
    කාමයේ ආදීනව පිළිබව තියෙන හොද පොතක් කියන්නකෝ
    බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේ රාගය කියන්නේ
    ගින්නක් කියලා

    ?????
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    එතැනදී වෙන්නේ පව් පින් වල බලවත් කම් අනුව
    උදා කටින චීවර පුජාවක් කියන්නේ සෑහෙන්න වටිනා පිනක්
    පිතෘ ගාතනය සෑහෙන්න විශාල පවක් එකේ බලවත් කම අනුව තමයි
    :)

    ම්ම්...තේරුනේ නෑ මචන් .....මම budhist නෙමේ .....සරල විදියට ...මිනිසුන්ට ,සතා සිව්පාවට උදව් කරලා පිං කරන්න බැරිද ..??​
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    http://sinhala.mahamevnawa.lk/sermons/dhamma_sermons_1/sutra-deshana/

    මේ link එකේ සහ site එකේ ඔබට වුවමනා වෙන හැම දේම තියනවා.. වෙලාව තියන වෙලාවට අහලා බලන්න. සක්කාය දිට්ටිය ප්‍රහාණය වෙනවා කියන්නේ සෝවාන් වෙනවා. එකට ඉතින් සුදුසු සමත භාවනාවක් මුලින් ප්‍රගුණ කරලා , ධ්‍යාන වැඩුනට පස්සේ ධ්‍යානයට සම වැදිලා විදර්ශනාව වඩන්න ඕනේ. සුදුසු භාවනාව කියවලා, අහලා බලලා ගුරු උපදේශ සහිතව තොර ගන්න. එහෙම කරගෙන යන කොට මම කියලා විසි ආකාරයට සිදු වී ඇති රැවටීමෙන් ඔබ දවසක නිදහස් වේවි. අන්න එදාට ඔබට ආර්ය දර්ශනයක් පෙනේවි.. අන්න එදාට සක්කාය දිට්ටියෙන් නිදහස්. ඔබට පසක් වෙයි ඔබ සෝවාන් කියලා... :)

    බොහොම පින් සහෝදරයා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපි හිතමු මට පිළිකාවක් හැදිලා මැරෙන්න යනවා කියලා....ඒ මම ගිය ආත්මේ කරපු පව් නිසා කියල .....මට ආදරේ වෙන කෙනෙකුට මන් වෙනුවෙන් මේ ආත්මේ පිං කරලා ..ඒ පව් මකන්න පුලුවන්ද ??? එහෙම පව් වෙනුවට පිං කරලා සමබර කරන්න පුලුවන්ද ?

    ජීවත් ව ඉන්න කෙනෙකුට කොහොමද බන් පින් අනුමෝදන් කරන්නෙ.. එහෙම කරන්න බැහැ.. උබ මැරිල පින්ගන්න පුළුවන් තැනක හිටියොත් ඒ කරන පින් උබට ලැබෙනව..

    කුසල් අකුසල් මෙහෙමයි පඩිසන් දෙන්නෙ

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය - මේ ආත්මයේ කරන ලද කර්මයකට මෙහිදීම විපාක දීම

    උප්පජ්ජ වේදනීය කර්මය - ඊලග භාවයේ පල දෙන කර්ම

    අපරාපරිය වේදනීය කර්මය - කවදා හෝ පඩිසන් දෙන කර්ම..

    මෙහෙම දෙයක් තියනව තව අහෝසි වෙලා යන කර්මත් තියනව..

    පව් කරල කරලා පින් කරපුවාම පව් කැපෙන්නෙ නැහැ

    :):)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ම්ම්...තේරුනේ නෑ මචන් .....මම budhist නෙමේ .....සරල විදියට ...මිනිසුන්ට ,සතා සිව්පාවට උදව් කරලා පිං කරන්න බැරිද ..??​

    පුළුවන් උබ නොපෙනෙන ජීවීන් විශ්වාස කරනවද ?
    සමහර ජීවීන් ඉන්නවා පින් ගන්න පුළුවන් සමහර ජීවින් ඉන්නවා පින්
    ගන්න බැරි උබ මැරුණට පස්සේ යන තැන ඉතින් අපි දන්නේ නෑනේ
    එකනේ ප්‍රශ්නේ උබ පින් ගන්න පුළුවන් තැනක හිටියො හරි
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අපි මරුනහම උපදින්නෙ තමනුත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක්

    මෙහෙම වුනොත් බුද්ධාගමේ සම්පුර්ණ පදනමටම ප්‍රශ්නයක් වෙනවා..මම හිතන්නේ මේක වැරදි.. :no::no:
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    බින්දු;16671624 said:
    1. 550ට වඩා ගොඩක් ඉපදුනා. ගෞතම බෝධිසත්වයෝ බුදුවෙන්න කලින් කල්ප ගාණක් පෙරුම් පිරුවා. ( කල්පයක් කියන්නේ කොච්චර දිග කාලයක් ද කියන එක මේ ත්‍රෙඩ් එකේ තියෙනවා )
    2. මේවා ගොතපු කතන්දර නෙවෙයි. "තමන්ගේ පෙර භව වල අත්දැකීම්, සිදු වුන දේවල්" තමංගේ ශ්‍රාවකයන්ට හොඳ නරක තේරුම් කරලා දෙන්න දේශනා කරේ. ඒත් ඉන්දියාවේ ජීවත් වෙන මනුස්සයෙක්ට හොඳ නරක තේරුම් කරලා දෙන්න ග්‍රීන්ලන්තේ ඉපදුන කාලේක සිදුවීම් කියලා වැඩක් නැති නිසයි ඉන්දියාවේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදියට, ඒ හා අදාලා ප්‍රදේශයක ඉපදුන භව වල සිදුවීම් දේශනා කරේ.
    3. බුදුහාමුදුරුවෝ බුදුවෙලා ජීවත් වුනේ අවුරුදු 45 :) ඉතින් ඒ අවුරුදු 45 ඇතුලත ජාතක කතාවක් මාර්ගයෙන් හොඳ නරක කියලා දෙන්න අවස්ථාවක් ආවම විතරයි එහෙම කියලා දුන්නේ.
    4. සාධක නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලම බලන්න ඕන තරම් හම්බෙයි. හැබැයි ඉතින් නැවත ඉපදීමක් ගැන විශ්වාසයක් නැති කෙනෙක්ට කොහොමත් බුද්ධාගම තේරුම් ගන්න බැරි වෙයි. බුදුහාමුදුරුවෝ බණ කියපු කාලෙත් වෙන වෙන ආගම් 64ක් අදහපු ලක්ශ ගණන් මිනිස්සු ඉන්දියාවේ හිටියා. හැමෝටම දේවල් කියලා දුන්නට තේරෙන්නේ නෑ. එහෙම පුලුවන් නම් හැමෝම අයින්ස්ටයින්ලා වෙයි :P:P:rolleyes::rolleyes:

    මම රතු පාටින් පාට කරපු දේවල් ආයේ පාරක් බලන්න.ඔය කියන කතාවල් පොඩ්ඩක් පරස් පර විරෝදී වගේ හිතෙන්නේ නැද්ද උඹට.උඹ කියන හැටියට මුළු කතාවම තේරුම් ගන්නත් හැකියාව තියනවා ,එකෙන් අදහස් කරන දේත් තේරුම් ගැනීමේ හැකියාව තියන කෙනෙක් ට රට ගැන තේරුම් ගැනීම මහා ලොකු ප්‍රශ්නයක් ද? එතන පොඩ්ඩක් පරස් පර විරෝදී ගතියක් තියනවා. මොකද ජාතක කතා ගත්තම ඒවා කියල තියන හැටියට ඉන්දියානු සම්ප්‍රදායන් සහ ඉන්දියානු වත් පිළිවෙත් චාරිත්‍ර ගාවගෙන තියෙන්නේ.ඉන්දියාවේ රජවරු තනිකර ඉන්දියාව සම්බන්ද දේවල් විතරයම්යි කියල තියෙන්නේ.බුදුන් වහන්සේ ඊජිප්තුවේ හෝ වෙන යම් දේශයක් ඉපදුනා නම් ඔය කියන කතාව ඔක්කොම වෙනස් නේද මචන්.එතොකොට බුදුන්වහන්සේගේ පෙර ආත්මයේ සිදුවීම සම්පුර්ණයෙන් ම විකුර්ති කරලා වෙනස් දෙයක් නේ කියල තියෙන්නේ.එක කොහොමද මචන් පිළිගන්නේ.පොඩ්ඩක් හිතල බලපන් මම කියන කතාව. අනිත් එක බැරි වෙලාවත් මේ ලෝකේ නෙමේ වෙන ලෝකෙක පිටසක්වලක ජීවියෙක් වෙලා ඉපදෙන්නත් හැකියාව තියෙන්න පුළුවන් නේද.එතොකොට ඒ කතාවල් .. මට නම් මචන් පොඩ්ඩක් පැටලිලි සහගතයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ජීවත් ව ඉන්න කෙනෙකුට කොහොමද බන් පින් අනුමෝදන් කරන්නෙ.. එහෙම කරන්න බැහැ.. උබ මැරිල පින්ගන්න පුළුවන් තැනක හිටියොත් ඒ කරන පින් උබට ලැබෙනව..

    කුසල් අකුසල් මෙහෙමයි පඩිසන් දෙන්නෙ

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය - මේ ආත්මයේ කරන ලද කර්මයකට මෙහිදීම විපාක දීම

    උප්පජ්ජ වේදනීය කර්මය - ඊලග භාවයේ පල දෙන කර්ම

    අපරාපරිය වේදනීය කර්මය - කවදා හෝ පඩිසන් දෙන කර්ම..

    මෙහෙම දෙයක් තියනව තව අහෝසි වෙලා යන කර්මත් තියනව..

    පව් කරල කරලා පින් කරපුවාම පව් කැපෙන්නෙ නැහැ

    :):)

    අර විශාකා සිටු දියණියගේ යාළුවා එහෙම පිනක් සමාදන් වෙලා දිව්‍ය සැප ලබපු කතාවක් තියෙනවා නේද?