Kollada_වැරදි_kellada?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    කොල්ලද වැරදි කෙල්ලද???:angry:



    girl1.jpg



    අලුත් සම්බන්ධය නතර කරන්නේ නෑ කීවා
    දුක වේදනාව සමග ඇතිවූ කෝපයට පිහියෙන් ඇන්නා



    ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව ඇයට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා. ඇය ඒ සම්බන්ධය නතර කරන්නේ නැහැ කියලා කීවා. මට දැනුණු කෝපය නිසා මම ඩිමාෂාට පිහියෙන් ඇන මරා දැම්මා. පසුව මට ඇය ගැන දුක සිතී ඇගේ මළ සිරුර බදාගෙන ඇඬුවා"

    කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ තල්ගස්‌වල, නියාගම, ජය සුදම් නිවසේ පදිංචිව සිටි කොටගොඩ හෙට්‌ටි ඩිමාෂා ගයන්ති ත්‍රිමානට (22) පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ 4 වැනි ගැමුණු හේවා බළ ඇණියේ සාමාන්‍ය සෙබළ තරිඳු ඉන්ද්‍රජිත් අතුකෝරල (26) නමැත්තා පෙරේදා (24 වැනිදා) ඇල්පිටිය පොලිසියට පාපොච්චාරණය කරමින් එසේ පැවැසීය.

    මෙම සිසුවිය පෙරේදා (24 වැනිදා) අලුයම ඇල්පිටිය බස්‌ නැවතුම්පළ පිටුපසදී සැකකාර යුද හමුදා සෙබළා විසින් පිහියකින් ඇන මරා දමා තිබිණි.

    ඇල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක වී.එස්‌. ඩී. විදානගේ මහතා ඉදිරියේ තවදුරටත් පාපොච්චාරණය කළ සැකකරු මෙසේද කීය.

    පාසල් යන කාලයේ සිටම ඇසුරු කළ ඩිමාෂා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ දින සිටම මම ඇයට අවශ්‍ය සියලු වියහියදම් දැරුවා. මා පණමෙන් ඇයට ආදරය කළා. දැනට වැඩිදුර පුහුණුවක්‌ සඳහා තන්තිරිමලේ හමුදා කඳවුරේ රාජකාරි කටයුතු කරන මා මැයි මාසයේ වැටුප අරගෙන ඩිමාෂා හමුවෙන්න කොළඹ ඇවිත් ඇගේ අතට රුපියල් 21,000 ක්‌ ලබාදීලා ඈ සමග 20, 21 යන දින දෙක කොළඹ පුද්ගලික නවාතැනක ගත කළා. පසුව මා යළි හමුදා කඳවුරට ගියා.

    පසුව මා ඩිමාෂාගේ හෑන්ඩ් ෆෝන් එකට කෝල් කළත් ඈ එයට ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැහැ. පසුව මා ඩිමාෂාගේ යාළුවකුට කෝල් කළාම ඇය බෝඩිමේ සිටින බව කිව්වා. මට මේ නිසා ඩිමාෂා ගැන සැක හිතුණා.

    ඩිමාෂාගෙන් මා ප්‍රශ්න කළ විට ඈ තවත් අයකු සමග සම්බන්ධයක්‌ ඇති බව කිව්වා. මේ නිසා මා ජංගම දුරකථනයෙන් ඇය සමග රණ්‌ඩු වුණා. පසුව මම ඇයට කිව්වා මගෙන් ලබාගත් රුපියල් 21,000 ඕනි කියලා. ඇය 24 වැනිදා උදේ 3.15 ට කොළඹ යැම සඳහා බසයෙන් ඇල්පිටියට එන බවත් ඒ ආවිට මුදල් දෙන්නම් කියලත් ඈ පොරොන්දු වුණා.

    මා 23 වැනිදා තන්තිරිමලේ කඳවුරෙන් සවස පිටවීම සටහන් කර කොළඹට ඇවිත් පිටකොටුවේ පේමන්ට්‌ කඩයකින් රුපියල් 100 කට පිහියක්‌ අරගෙන රාත්‍රියේ අම්බලන්ගොඩට ආවා. එතකොට වෙලාව අලුයම 1.00 ට ඇති. පසුව ඇල්පිටියට යැමට බස්‌ නොතිබුණු නිසා අම්බලන්ගොඩ ඉඳලා ඇල්පිටියට පයින්ම ආවා. අලුයම 2.30 ට ඇල්පිටියට ඇවිත් ළඟ තිබුණු කඩේකින් බියර් එකක්‌ බීලා ඩිමාෂා එනකම් බලාගෙන සිටියා. අලුයම 4.15 ට විතර ඩිමාෂා ඇල්පිටියට ආවා. මා ඇය සමග ටිකක්‌ කතා කරන්න ඕන කියලා බස්‌නැවතුම්පළ අසල පාළු ගොඩනැඟිල්ලට ඈ එක්‌කර ගෙන ගියා.

    මා ඇයගේ කකුල් දෙක අල්ලා වැඳ කිව්වා අපි පසුගිය දේවල් අමතක කර දාමු මට ඔයාව නැතුව බෑ මට එදා වගේ ආදරයෙන් ඉන්න කියලා. පසුව ඇය මට මුදල් දී ඔන්න තමුසෙගේ සල්ලි මගේ සම්බන්ධය නවත්වන්න තමුසෙට බෑ. මින් පසු මගේ පස්‌සේ එන්න එපා කියා ඈ කිව්වා. එවිට මට ඇතිවූ දුක වේදනාව වාවාගන්න බැරුව ගියා. ඒ සමගම මට ඈ සමග දැඩි කෝපයක්‌ ඇති වුණා.

    එවිට මගේ සාක්‌කුවේ තිබුණු පිහිය අරගෙන ඇය බිත්තියට හේත්තු කරලා ඇගේ බෙල්ලට පිහියෙන් ඇන්නා. ඈ කෑගසාගෙන ගොඩනැගිල්ල ඇතුළට දුවන කොට නැවත මම ඇගේ පපු ප්‍රදේශයට පිහි පහර දෙකක්‌ ඇන්නා.ඒ පිහි පහරින් ඇය බිම වැටුණු පසු පිහි තලය ඇදවුණා. නැවත පිහි තලය කෙළින් කර බිම වැතිර සිටි ඇගේ පිට ප්‍රදේශයට තවත් පිහි පහර තුනක්‌ ඇන්නා. පසුව මට ඇය ගැන දුක හිතී ඇගේ මළ සිරුර බදාගෙන ඇඬුවා.

    පසුව මා ලේ තැවරුණු පිහිය නාකන්දල ඇළට විසි කළා. පසුව මා ගෙදර ගොස්‌ ලේ තැවරුණු සපත්තු දෙක සෝදා තබා ලේ තැවරුණු කලිසම හා කමිසය බෑග් එකක දාගෙන ඇල්පිටිය ආවා. නායකන්ද ඇළ ළඟට ඇවිත් ලේ තැවරුණු ඇඳුම්වලට මා ගිනි තබා නැවත ඇල්පිටිය නගරයට ආවා.

    " ඒ එනවිට සිද්ධිය වූ ස්‌ථානයේ සෙනග සිටියා. මා මොනවත් නොදන්නවා සේ එතනට ඇවිත් බලන් සිටියා. මේ වෙලාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉව අල්ලමින් සිටි පොලිස්‌ නිල සුනඛයා මගේ ඇඟට දෙවරක්‌ම පැන මගේ කලිසමින් දෙවරක්‌ම ඇද්දා. එවිට මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.



    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, කේ. සී. විදානආරච්චි - ඇල්පිටිය, ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල

    source:divaina newspaper
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වුන කියල පිහියෙන් ඇන්න කියල වෙන්නේ ජීවිත 2ක් නාස්ති වෙන එක . කෙල්ලත් දැනගන්න ඕන සම්භන්දයක් නවත්තද්දී එක හරි විදියකට නවත්තන්න . ඒ නැතත් මෙහෙම කෙල්ල අත්හැරිය කියල හැමෝම පිහියෙන් අනින්න ගියොත් දවසකට මරණ 10ක් වත් වාර්තා වෙයි .
    pouting.gif

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කෙල්ලො බහුතරයක් වාසියට හැමදේම වෙනස් කරගන්න අය. දිට්ට දම්ම වේදනීය කර්මය තමයි ඔය පඩිසන් දුන්නෙ
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    methana kolla kiyana kathawa boru kiyalai matanam hithenne...ane manda aparade jiwitha 2ma ....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේකත් දැන් ජනප්‍රිය සිද්ධියක්.... කොල්ලට කියල වියදම් කරගෙන තමන්ගේ තත්වය හදාගත්තට පස්සේ ඌ දාල ගිහිල්ල වෙන එකෙක් එක්ක යනවා.
    දැන් කැම්පස් වල සුලභව දකින්නට ලැබෙන සිද්ධියක් ඕක.

    මොන දේ උනත් මිනිහෙක් මරණ එක සාධාරණ දෙයක් නෙවෙයි. මොකද කිසිම මිනිහෙකුට කොහෙත්ම අයිතියක් නැහැ තවත් කෙනෙකුගේ ජීවිතයකට අයිතිවාසිකම් කියන්න.
    ඒ නිසා එච්චර කරපු කොල්ලත් අතැරලා දාපු කෙල්ලත් වැරදි, එහෙමයි කියල කෙල්ලව මරපු කොල්ලට් වැරදි..

    දැන් ඔය දෙන්නටම ලැබිල තියන්නේ එකට දඬුවම.
    කෙල්ල මැරිලා ගියා එක එතනින් ඉවරයි නමුත් කොල්ලට ජීවිත කළෙම විඳවන්න වෙයි.....
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    "ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව ඇයට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා "

    eeya mona ponnayekda mey , mu pirimi sanhathiyatama nindawak
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැරැද්ද කෙල්ලගේ .....දඩුවම කොල්ලාගෙන් ....කොල්ලට දඩුවම නීතියෙන්....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව ඇයට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා "

    eeya mona ponnayekda mey , mu pirimi sanhathiyatama nindawak

    උබට මැරුම් කන්න ඕනිද? කොටුවෙන් ගත්ත පිහියකින් :rolleyes:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    "ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව ඇයට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා "

    eeya mona ponnayekda mey , mu pirimi sanhathiyatama nindawak

    කොමාන්ඩෝ සෙබලෙක් ය කියන්නේ...:lol::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    මේකත් දැන් ජනප්‍රිය සිද්ධියක්.... කොල්ලට කියල වියදම් කරගෙන තමන්ගේ තත්වය හදාගත්තට පස්සේ ඌ දාල ගිහිල්ල වෙන එකෙක් එක්ක යනවා.
    දැන් කැම්පස් වල සුලභව දකින්නට ලැබෙන සිද්ධියක් ඕක.

    මොන දේ උනත් මිනිහෙක් මරණ එක සාධාරණ දෙයක් නෙවෙයි. මොකද කිසිම මිනිහෙකුට කොහෙත්ම අයිතියක් නැහැ තවත් කෙනෙකුගේ ජීවිතයකට අයිතිවාසිකම් කියන්න.
    ඒ නිසා එච්චර කරපු කොල්ලත් අතැරලා දාපු කෙල්ලත් වැරදි, එහෙමයි කියල කෙල්ලව මරපු කොල්ලට් වැරදි..

    දැන් ඔය දෙන්නටම ලැබිල තියන්නේ එකට දඬුවම.
    කෙල්ල මැරිලා ගියා එක එතනින් ඉවරයි නමුත් කොල්ලට ජීවිත කළෙම විඳවන්න වෙයි.....

    aniwara me sinduwath oya wage seen ekak