මස් මලුත් කන එක නවත්තනවා

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මස් මාලු නොකා හිටියම පවක් සිද්ධ වෙන්නෙ නෑ.මම කිව්වේ අනිත් ඔක්කොම පව් කර කර මස් මාලු නොකා ඉන්න එක නෙමෙයි.සත්තු මරන්නේ මස් කන්න කැමති අය ඉන්න නිසා.මිනිස්සු මස් මාලු නොකා ඉන්නවනන් සත්තු මරන්න ඔනේ වෙන්නේ නෑ.ඉල්ලුමට සැපයීමක් තමා වෙන්නේ.ඒ නිසා එක්කෙනෙක් හරි මස් මාලු වලින් වැලකෙනවා කියන්නේ එක්කෙන්ක්ට අවශ්‍ය වෙන මස් ප්‍රමාණය අඩු වෙනවා කියන එකයි.ඔයාට සතුටු වෙන්න පුලුවන් ඔයා වෙනුවෙන් මරන සතා ජීව්ත් වෙනවා කියලා හිතලා.ඒ වගේමයි බුද්ධාගමට නාවත් ඔයා බුදුදහමට අනුකූලව ජීවත් වෙනවනන් හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්. :)
 

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    තෙරුවන් සරණයි !
    :)

    පස් පව් වලින් වැළකෙනවා වගේම භාවනා කරන්නත් පටන් ගන්න. වෙනස උබටම දැනෙයි.. තෙරුවන් සරණයි මචන් :):)

    ඔව් මචන් .....පොත් ටිකක් හම්බවුනා ...දැන් ටික ටික ඉගෙන ගන්නවා:)
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔව් භාවනාවෙන් ඉතාම අඩු කාලයකදි යහපත් ප්‍රතිඵල ගන්න පුලුවන්. ඉගෙන ගන්න කෙනෙක් වුනත්, රැකියාවක් කරන කෙනෙක් වුනත් මනස අව්ල් කරගන ඉන්නෙ නැතුව භාවනා කලා නම් හිත නිදහස් කරගන්න පුලුවන්. මෙලොව වගේම පරලොව යහපතට එය ඉවහල් වෙයි.

    theruwan saranai


    :)
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මස් මාළු කන/නොකන එක ඔයාගේ පෞද්ගලික රුචිකත්වය අනුව තියාගන්න... නොකා හිටියා කියලා සිද්දවෙන පවක්වත්/පිනක්වත් නෑ.

    ඔයගැන දාපු threads ගොඩක් පහුගිය කාලේ ගියා නේ! මෙන්න එහෙම එකක්...

    මස් කන එක පවුද?

    බැලුව මචං
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මස් මාලු නොකා හිටියම පවක් සිද්ධ වෙන්නෙ නෑ.මම කිව්වේ අනිත් ඔක්කොම පව් කර කර මස් මාලු නොකා ඉන්න එක නෙමෙයි.සත්තු මරන්නේ මස් කන්න කැමති අය ඉන්න නිසා.මිනිස්සු මස් මාලු නොකා ඉන්නවනන් සත්තු මරන්න ඔනේ වෙන්නේ නෑ.ඉල්ලුමට සැපයීමක් තමා වෙන්නේ.ඒ නිසා එක්කෙනෙක් හරි මස් මාලු වලින් වැලකෙනවා කියන්නේ එක්කෙන්ක්ට අවශ්‍ය වෙන මස් ප්‍රමාණය අඩු වෙනවා කියන එකයි.ඔයාට සතුටු වෙන්න පුලුවන් ඔයා වෙනුවෙන් මරන සතා ජීව්ත් වෙනවා කියලා හිතලා.ඒ වගේමයි බුද්ධාගමට නාවත් ඔයා බුදුදහමට අනුකූලව ජීවත් වෙනවනන් හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්. :)

    හරියටම හරි සහෝ :)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    ඔව් භාවනාවෙන් ඉතාම අඩු කාලයකදි යහපත් ප්‍රතිඵල ගන්න පුලුවන්. ඉගෙන ගන්න කෙනෙක් වුනත්, රැකියාවක් කරන කෙනෙක් වුනත් මනස අව්ල් කරගන ඉන්නෙ නැතුව භාවනා කලා නම් හිත නිදහස් කරගන්න පුලුවන්. මෙලොව වගේම පරලොව යහපතට එය ඉවහල් වෙයි.


    aniwa machan.. :):)
     

    handyandy

    Member
    Sep 19, 2011
    89
    15
    0
    කවුද කිව්වෙ ඇග හදාගන්න ඔය මලකුනු කන්න ඕන කියල? මේ මගේ බ්ලොග් එකක් නෙමෙය්. මේක බැලුවොත් ඇත්ත මොකක්ද කියල තෙරේවි. තෙරුවන් සරණය්!


    vidya-gaweshana.blogspot.com/2013/07/blog-post.html?m=1
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ප්‍රායෝගික නැහැ...

    මස් මාලු නොකා හිටියම පවක් සිද්ධ වෙන්නෙ නෑ.මම කිව්වේ අනිත් ඔක්කොම පව් කර කර මස් මාලු නොකා ඉන්න එක නෙමෙයි. සත්තු මරන්නේ මස් කන්න කැමති අය ඉන්න නිසා. මිනිස්සු මස් මාලු නොකා ඉන්නවනන් සත්තු මරන්න ඔනේ වෙන්නේ නෑ.ඉල්ලුමට සැපයීමක් තමා වෙන්නේ .ඒ නිසා එක්කෙනෙක් හරි මස් මාලු වලින් වැලකෙනවා කියන්නේ එක්කෙන්ක්ට අවශ්‍ය වෙන මස් ප්‍රමාණය අඩු වෙනවා කියන එකයි.ඔයාට සතුටු වෙන්න පුලුවන් ඔයා වෙනුවෙන් මරන සතා ජීව්ත් වෙනවා කියලා හිතලා.ඒ වගේමයි බුද්ධාගමට නාවත් ඔයා බුදුදහමට අනුකූලව ජීවත් වෙනවනන් හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්. :)

    කන සතාගේ මරණයට සෘජුවම දායක වෙන්නම ඕනේ පවු පිරෙන්න. චේතනාවයි කර්මය.

    පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
    2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
    3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
    4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
    5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ


    source:http://www.elakiri.com/forum/showthread.php?t=1615496#8



    කෘමි නාශක ඉහලා, කෘමියෝ මරලා එළවලු වවන්නෙත් එළවලු කන්න කැමති අය ඉන්න නිසා නේ! එතකොට ඔය විදිහට එළවලු කෑවම ඒ කෘමීන්ගේ මරණයට වග කියන්න වෙන නිසා එළවලු කෑමත් පවක්ම වේවි නේද?.

    සත්ව තෙල් ගන්න සත්තු මරනවා - ඒ නිසා ඒ තෙල් පාවිච්චි කරලා හදන රුප ලාවන්‍ය බඩු, කෑම වර්ග, බෙහෙත් වර්ග, ෂැම්පු වර්ග, ඇඟේ ගාන තෙල් වර්ග, චිත්‍ර අඳින සායම් වර්ග වගේ දේවලුත් පාවිච්චි නොකර ඉන්න වෙයි.

    සම් ගන්න සත්තු මරනවා:
    1. ඒ නිසා සපත්තු, සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග් වගේ දේවල් භාවිතයේදී සැලකිලිමත් වෙන්න වෙයි නේද?.

    2. වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් එක එහෙම පාවිච්චි කරන කොටත් පවු සිද්ද වෙන්න පුළුවන් නේද?.

    3. සංගීත භාණ්ඩ හදන්නත් ගන්නවනේ! බෙරයක් වත් ගහන්න වෙන්නේ නෑ පවු පිරෙන්න පුළුවන් නේද?

    පර්යේෂණ වලට සත්තු මරනවා - ඔය බෙහෙත් වර්ග හොයාගෙන ඒවා පරික්ෂා කිරීමේදී, ඒ බෙහෙත් හදන අමුද්‍රව්‍ය විදිහටත් සත්තුන්ට මැරෙන්න සිද්ද වෙනවා... ඒ නිසා බෙහෙත් බොන එකත් නවත් වන්න වෙන්නේ.. එහෙම ගත්තම බෙහෙත් බිවුවත් පවු පිරෙන්න පුළුවන් නේද?

    සමහර සිගරට් බොන, මත්පැන් ගන්න අය පවු කියලා අනුකම්පාවෙන් මස් නොකා ඉන්නවා.. ඒ අය දන්නේ නෑ ඒ සිගරට් ටෙස්ට් කරන්න කොච්චර සත්තු මැරෙනවද කියලා, ඒ ඇතැම් මත්පැන්/මත්ද්‍රව්‍ය හදන්න කොච්චර සත්තු මැරෙනවද කියලා...


    ඒ නිසා සහෝදරිය, මස් කන්නේ මස් කන්න කැමති අය. එළවලු කන්නේ එළවලු කන්න කැමති අය. එළවලු කෑවත්, මස් කෑවත් සත්තු මැරෙනවා. මරාගෙන කෑවොත් තමා ප්‍රාණඝාතය සිද්ද වෙන්නේ. මැරිච්ච මළකුණක් කෑවට නෙවේ. පව පැත්තක තියලා සත්ව අනුකම්පාව ගැන නම් ඔයා කියන්නේ, අපිට මම අර උඩින් කියලා තියන ඔක්කොම ඒවා නොකර ඉන්න තමා වෙන්නේ. අර අන්තිම කරුණ ඇරුනම අනිත් ඒවා නොකර හිටියොත් ඉතින් අපිටත් මැරෙන්න තමා වෙන්නේ... ඉතින් ඔයා කියන එක ප්‍රායෝගික මදි නේද? :D
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මාත් අවුරුදු 14ක් තිස්සේ මස් මාලු කන්නේ නැහැ , , මිනිස්සුන්ට වගේම හැම සතෙක්ටම වේදනාව කියන එක තියන්වා ,, පින් පව් කෙසේ වෙතත් තවත් සතෙක්ට දුකක් දීලා අපෙ කුසගින්න නිවානේ මොකටද ?මස් මාලු නැතුව අපට කෑමට ඕනෑ තරම් දේවල් තියනවා .. Vegetarian කඩ කොලබ නගරය තුල විශාල ප්‍රමානයක් තියනවා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    "මස් නොකා එළවලු කෑම", සත්ව හිංසාව නැවැත්වීමටත්, සත්ව ඝාතන නැවැත්වීමටත්, මස් කන අයට වඩා උසස් වීමටත් කිසිම විශේෂ point එකක් නෙවේ මිත්‍රයිනි. :D මොකද ඔබලා භාවිතා කරන අනෙක් දේවල් නිසා සත්තු දහස් ගණනක් මැරෙන නිසා... :rofl: