රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමාව ඉවත් කළ යුතු බවට ප්‍රංශයේ පිහිටි යුනෙස්කෝ සංවිධානයට රජයේ ඇමැතිවරයකු විසින් ලිඛිතව දැනුම් දී තිබේ. මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමියන් මේ පිළිබඳව පසුගියදා ප්‍රකාශ කළේ තමන්වහන්සේ පසුගියදා ප්‍රංශයට ගිය වෙලාවේ මෙම ඇමතිවරයා විසින් යුනෙස්කෝවට ලියූ එම ලියුම දුටු බවයි. "මේ ප්‍රදේශයේම අය මේ කටයුතු වලට බොහෝ සෙයින් විරුද්ධයි. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙතනින් ඉවත් කරන්න කියලා එක්තරා ඇමතිවරයෙන්, ඒ වගේම පුරාවිද්‍යා ලේකම්වරියකුත් කියලා තියනවා යුනෙස්කෝවට. මම ප්‍රංශයට ගිය වෙලාවේ ප්‍රංශයේ ඉන්න මහත්මයෙක් මට ඒ ලියුම් ෆයිල් එකම ගෙනවිල්ලා පෙන්නුවා." රංගිරි දඹුළු විහාරය හා නිතරම ගැටුම් ඇතිකරගන්නා මෙම ඇමතිවරයා වන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් බවයි ගොසිප්බුක් වෙත වාර්තා වන්නේ. ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් දේශපාලන බලය හා මංත්‍රී වරප්‍රසාද යොදාගනිමින් නීති විරෝධී ලෙස රංගිරි දඹුලු රජමහා විහාරය සතු ඉඩමක් තමා සන්තක කරගෙන බුක්ති විඳිමින් සිටින බවට රංගිරි දඹුලු මහනායක ඉනමලුවේ සුමංගල හිමියන් විසින් මීට පෙර කොළබ අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුවට ලිපියක් යවමින් දැනුම්දී තිබුණි. රංගිරි දඹුලු විහාරස්ථානයේ ඉඩම් අන්‍යාගමිකයන් වෙත පවරාදීමක් වෙනුවෙන් මීට පෙරද ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාට විරුද්ධව පසුගිය කාලයේ චෝදනා එල්ල විය. දඹුල්ල පූජා භූමි ඉඩම් වල සිටිනා ඉවත් කල යුතු තෝරාගත් පුද්ගලයන්ට විකල්ප ඉඩම් ලෙස දඹුල්ල රජමහා විහාරයට අයත් ඉඩම් කට්ටි 71ක් ලබා දීමට අවශ්‍ය කටයුතු දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබුනද ජනක බණ්ඩාර තෙන්නකෝන් එම කටයුත්ත නවතා දමන ලෙස ප්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් දීම නිසා එම කටයුතු නවතා දමා තිබූ බවටද පසුගිය කාලයේ වාර්තාවිය.
ජනක බණ්ඩාර තෙන්නකෝන්
අදාළ පිළිමවහන්සේ
විශාල කරන ලද ඉදිරිපස මුහුණුවරින් යුත් ඡායා රූපයක් නැරඹීම සඳහා පිවිසෙන්න http://3.bp.blogspot.com/_rYVQu1hVaJ4/TFKXjGjuYyI/AAAAAAAAAAY/jCtiiUO1uA0/s1600/DSC00357.JPG
ජනක බණ්ඩාර තෙන්නකෝන්
අදාළ පිළිමවහන්සේ
විශාල කරන ලද ඉදිරිපස මුහුණුවරින් යුත් ඡායා රූපයක් නැරඹීම සඳහා පිවිසෙන්න http://3.bp.blogspot.com/_rYVQu1hVaJ4/TFKXjGjuYyI/AAAAAAAAAAY/jCtiiUO1uA0/s1600/DSC00357.JPG
Last edited:






uba meke ungen puka palaganna widiya dakkama ube amma wate yana yama hithaganna puluwan. lmaoffffff 